92 Views  
ධනවතුන්ගේ ආයු කාලය ඉහළට...
දුප්පතුන්ගේ ආයු කාලය පහළට...

*  ලෝක යුද්ධයෙන් පසු ප්‍රබල වෙනස්‌කම් රැසක්‌
* සර්ව සම ලෙස බලය බෙදී ගිය සමාජ ක්‍රමය විනාශ වේ.
* සමාජයේ අසමානතාවත් වැඩීවමට බලපා ඇත්තේ "මුදල්" ය.


ලොව පුරා උතුරු දකුණු හෝ දුප්පත් පෝසත් භේදය හෝ ධනවාදය සමාජවාදය ලෙස දේශපාලන වෙනස්‌ කම් ඇති වී තිබෙන්නේ බලය ධනය ආදී බෙදීයැමේ අසාමාන්‍යතාව නිසාය. මෙම අසාමාන්‍යතාව inequality ලෙස හඳුන්වන අතර ලොව පුරා සැබෑ ලෙසම වඩා ධනවතුන් සිටින්නේ ජනගහනයේදී 1% පමණ ප්‍රමාණයකි. එහෙත් මේවා 1% ප්‍රමාණය ලෝකය සම්පූර්ණයෙන්ම පාලනය කරනු ලබයි. මේ අසාමාන්‍යතාවේදී බෙදීයැම අවසානයේ පුද්ගලයන්ට සෞඛ්‍ය සඳහා ද බලපානු ලැබෙයි.

ලෝක සංවර්ධන යාන්ත්‍රණවලින් 40% ආසන්න ප්‍රමාණයක්‌ හිමිවන්නේ ලෝකයේ පුද්ගලයන්ගේ 1% ප්‍රමාණයකටය. මෙය ඇමරිකා එක්‌සත් ජනපදය වැනි රටවල සිට අනෙක්‌ රටවලට ද පොදු වූ සත්‍යයකි. මේ වන  විට ලොව පුරා සිටින බිලියන පතියන් සංඛ්‍යාව 1226 ක්‌ බව Forbes සඟරාව පෙන්වා දෙයි. මේ බොහෝ දෙනකුට පරම්පරාවෙන් උරුම වූ ධනය වතුපිටි ඉඩකඩම් හිමිවූවන්ය.

මෙම ධනය බෙදී යැම අකුරාදී ප්‍රස්‌ථාර ස්‌වරූපයට සිදු වී ඇත. දෙවැනි ලෝක යුද සමය වන විට ආර්ථිකය දැඩි ලෙස බිඳ වැටීමකට ලක්‌වූ අතර 1970 දක්‌වා මෙය දක්‌නට ලැබුණි. ආර්ථික නැඟීසිටීම ඇරඹුණේ ඉන් අනතුරුවය. දැනට ලොව පුරා ඉහළම ධනයකට හිමිකම් කියනුයේ ව්‍යාපාරිකයන් ඉහළ රැකියාවල නිරත වූවන්ය. නව පරම්පරාවල උරුමකරුවන්ට වැඩි ස්‌ථානයේ හිමිකම් නැත. බ්‍රිතාන්‍ය තුළ ඉහළ වැටුප් දරන පුද්ගලයන්ගෙන් තුනෙන් දෙකක්‌ම වාණිජ අංශයේ රැකියාවල නිරත වන අතර, ඇමරිකා එක්‌සත් ජනපදය තුළ මෙම ප්‍රතිශතය 14% ප්‍රමාණයකි. තවත් 16% ප්‍රමාණයක්‌ වෛද්‍ය අංශයේ රැකියාවල නිරත වූවන් ය.

වසර දස දහස්‌ ගණනකට පෙර සියලු මිනිසා සම හිමිකම (eqalitarian) භුක්‌ති විඳින ලදහ. වසර 5000 පමණ කාලයක සිට මිනිසා වඩා සමාජ ගත වීමට පුරුදු පුහුණු වූ අතර මෙම සමාජවල වඩා වරප්‍රසාද ලත් පුද්ගලයන් වටා සමාජය සංවිධානය විය. කෙසේ වුවත් මීට පෙර කාලයේ දී සියලු මිනිසුන්ට අනෙකාට වඩා බලය ආයුද ආභරණ ආදිය අත්පත් කර ගැනීමට අවස්‌ථාව නොලැබුණු අතර එසේ වැඩි බලයක්‌ අත්පත් කරගැනීමට අනෙකාට ඉඩ නොසලසන ලදී.

ආරම්භක සමාජවල නායකත්වය බලය විමධ්‍යගත කර තිබුණි. තනි නායකයකු නොවීය. පුද්ගලයන් අතර මාරාන්තික සටන් ඇවිලුන නමුත් ග්‍රෝත්‍ර සංවිධාන අතර කණ්‌ඩායම් වශයෙන් ගැටුම් ඇති නොවිණි. පෞද්ගලික ඉඩකඩම් නොවූ බැවින් වැට කොටු සීමා මායිම් ආරක්‍ෂාකර ගැනීමක්‌ නොවීය. මෙම සමාජවල කාන්තාවන් වඩා බලවත් විය. දරුවන් වැදීම ප්‍රධාන කාර්යය විය. විවාහය එක්‌ භාර්යා හෝ එක්‌ පුරුෂ (monagomans) විය.

දඩයම ප්‍රධාන ආහාර මාර්ගය වූ අතර ආහාර සුරක්‍ෂිත කර ගැනීමක්‌ සිදු නොවීය. මේ නිසා දඩයමේ යන සමහර දිනවල හිස්‌ අතින් පැමිණීමට සිදු වෙයි. ගෙන එන ආහාර බෙදාගෙන අනුභව කළ යුතුය. යමෙකු වැඩිපුර කොටස්‌ හංගා ගැනීමට හෝ ඉහළ තත්ත්වයට පත්වීමට උත්සාහ කළේ නම් ඔහුව කණ්‌ඩායමේ සමච්චලයට ලක්‌ කරන ලදී. මේ අන්දමට සෑම දෙයක්‌ම බෙදීයන ලෙස මානව පරිණාමය ආරම්භයේදී සිදුවිය.

සමාජ මානව ජීව විද්‍යාඥ ක්‍රිස්‌ටෝපර් බෝගෙට්‌ පවසන්නේ මෙම හැසිරීම නිසා පුද්ගලයන් අතර සමාජ අවබෝධයක්‌ සහ සහයෝගයක්‌ ඇති වූ බවයි. මේ අතර සමාජ මිනිස්‌ කොට්‌ඨාස නව වාසස්‌ථාන සොයා ප්‍රදේශ හරහා ගමන් කරන්නට වූහ. මිනිසාගේ පැවැත්මට සහ සාර්ථකත්වයට මෙය උපකාරී විය.

පුද්ගලයන්ට තමන්ට වෙන්වූ ඉඩම (Private property) අත්පත් කරගැනීම සහ සමාජය තුළ අසාමාන්‍යතාව පැතිර යැම ආරම්භ විය. සමාජය තුළ බලය ඇති වන ලෙස බෙදී යාම සම්බන්ධව නව මානයන් 20 වන ශත වර්ෂයේ මැද භාගය වන විට මානව විද්‍යාඥයන් වන ජුලියන් ලෙස්‌ලි වයිට්‌ සහ රොබර් කසේරියන් විසින් ඉදිරිපත් කරන ලදහ.

ජනගහනය වැඩි වීම සමඟ වැඩි වශයෙන් ආහාර අවශ්‍ය විය. ආහාර වැඩි වශයෙන් සපයා ගැනීමට කෘෂිකර්මයේ බහුල ලෙස නිරත වීමට සිදුවිය. කෘෂිකර්මයේ බහුල ලෙස පැතිරයාම සමඟ එය අධීක්‍ෂණයට කළමනාකරුවන් අවශ්‍ය විය. මෙහි ප්‍රතිඵලය ලෙස සමාජයේ පංති බෙදීමක්‌ ඇති විය. අපට වැඩි වැඩියෙන් ස්‌වභාවික සම්පත් භාවිතා කිරීමට අවශ්‍ය විය. මේ නිසා පුද්ගලයන් අතර ගැටුම ඇති විය. ස්‌වභාවික සම්පත් බහුල ප්‍රදේශවල පුද්ගලයන් අධිපති භාවය පැතිර වීමට පටන් ගනී.

ආරම්භයේදී මෙම පුද්ගලයන් තම පහළ වැසියන්ට විවිධාකාර තිළිණ ලබා දෙමින් තමන්ගේ උසස්‌භාවය රැකගැනීමට උත්සාහ ගත් අතර, පසුව වඩා බලවත් ලෙස බලය පැතිර වීමට වූහ. එසේම කම්කරු පංතියක්‌ ඇති වීම සිදුවිය. මෙය බලය අසාමාන්‍ය ලෙස බෙදීයැම වඩා තිවූ විය. ක්‍රමාණුකූලව වෙළෙඳපොළ වැඩි වර්ධනය වීම සමඟ සංකීර්ණ ආර්ථික රටා ඇති විය. මේ කාලය තුළ බලය සඳහා අරගලය වැඩිවිය.

මේ අන්දමට බලය ඇතිs වීම සහ බලය ශක්‌තියට කාර්යක්‍ෂමතාව නව නිර්මාණ බිහිවීම පරිණාමයේ දී අපගේ පැවැත්ම තහවුරු වීම හේතුවෙන් ද වූ බව පිළිගත යුතුය.


සමාජය තුළ අසාමාන්‍යතාව පැතිර යැම සමඟ පරිණාමයේ නාමයෙන් සර්ව සම ලෙස බලය බෙදී ගිය සමාජ අභාවයට පත්වන්නට විය. සාමාන්‍යතාවයේ පැවති සමාජ සහයෝගීතාව පරමාර්ථයක්‌, පරාර්තචර්යාව (altrusism) සහ අඩු සපලතාවයකින් යුක්‌ත විය. අසාමාන්‍යතාව පැවැති සමාජවල තරගයක්‌ මෙන්ම ආත්මාර්ථකාමීත්වය හා සමාජයේ ඉහළට යැමේ තරගය ජනිත විය. මේ අනුව අසාමාන්‍යතාව සංස්‌කෘතික තේරීමක්‌ ද විය.

සමාජයේ අසාමාන්‍යතාව වැඩි කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ මුදල්ය. මුදල් වැඩිපුර පවතින විට වඩා සතුටින් ඉහළ තැනක සිටීමට හැකි වීම බව මෙයට හේතුවයි. අපට ඊට වඩා අඩු මුදලක්‌ සතුටින් සිටිය හැකිව තිබියදී වැඩි වැඩියෙන් මුදල් සොයා යන්නේ ඇයි විමසා බැලිය යුතුය.

අප වැඩිපුර ශක්‌තිය වැය කරන්නේ මුදල් සෙවීම සඳහාය. මුදල් වැඩිපුර පවතින පුද්ගලයන් තව තවත් මුදල් සෙවීමට උත්සාහ ගනියි. කෙසේ වුවත් බ්‍රිතාන්‍ය යුරෝපය ඇමරිකානු පර්යේෂකයන් ද පවසන්නේ වඩ වඩා මුදල් සොයන විට සතුට පලායන බවයි.

මිනිසුන් වශයෙන් අපි සෑම විටම අනෙකාට වඩා ධනය, බලය, ලස්‌සන, බුද්ධිය, උස හා බර සමාජ තත්ත්වයේ ඉහළ සිටීමට උත්සාහ ගනිමු. මේ සම්බන්ධව ලේඛකයකු වන මෙම එල්. වෙන්තක්‌ පවසන්නේ තමාගේ බිරිඳගේ සහෝදරියගේ ස්‌වාමියාට වඩා ඇමරිකානු ඩොලර් 100 ක්‌ පමණ උපයා ගත හැකි නම් මා ධනවතෙකු වන බවයි.

මුදල් වල විශේෂත්වය වන්නේ එය ගණන් කළහැකි වීමයි. මේ වයසට වඩා වැඩිපුර වැටුප් අප ලබන වසරේ දී බලාපොරෙත්තු වන්නේ රැකියාව දියුණු බව පෙන්වීමටය. අප විශාල නිවසක්‌ සහ විශාල රූපවාහිනි මිලදී ගන්නේ ද මේ නිසාය.

වායු තුළ අඩංගු අංශු වල (නැතහොත් පරමාණු අණුවල) ශක්‌තිය බෙදී යැම සිදුවන්නේ මැස්‌ක්‌වෙල් - බෝල්ග්වාන් මතයට අනුවය.

වායුඅණු එකිනෙක මුණගැසෙන විට එකට ගැටී ශක්‌තිය හුවමාරු කර ගන්නා ලෙසටම ධනවතුන්ව මුණගැසෙන විට ධනවතුන් එකිනෙකා මුදල් හුවමාරු කර ගැනීම සිදු වෙයි.

විද්‍යාඥයන් පවසන්නේ අසාමාන්‍යතාව සම්පූර්ණයෙන් නැති කිරීම කළ නොහැකි බවයි. කෙසේ වුවත් තවමත් ලොව පුරා මිනිසුන් වැඩි දෙනෙකු විශ්වාස කරන්නේ මුදල් වැඩිපුර පවතින විට සතුට වැඩිපුර ඇතිවන බවයි. ඒ කෙසේ වුවත් පර්යේෂණවලින් පෙනී යන්නේ මුදල් වැඩිපුර පවතින පුද්ගලයන්ගෙන් වඩා සතුටින් පසුවන්නේ ද 9% පමණ ප්‍රමාණයක්‌ බවයි.

මුදල් අත ගැවසෙන පුද්ගලයන් ඒකාකාරී ජීවිත ගත නොකර වෙනස්‌ අසාමාන්‍ය දේ සිදුකළ යුතුය. සතුට උදාවන්නේ එවිට බව පර්යේෂකයෝ පවසති. විශේෂයෙන් ඔබ වෙනුවෙන් මුදල් වෙන්කරන අතරම පරිත්‍යාගය ඉතා වැදගත් බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

ලොව වඩා ධනවත් වීම සමඟ පරිසර පද්ධතියට ඔවුනගේ දැඩි බලපෑමක්‌ ඇත. මෙහිදී වඩා වැදගත් සොයාගැනීම වන්නේ වඩා ධනවත් වීම සමඟ පරිසරයට හිතකර ලෙස ඔවුනගේ ජීවන රටා හැඩ ගැසී පැවතීමයි. ඔවුන් පරිසරයට මුදාහරින්නේ ඉතා අඩු කාබන් ප්‍රමාණයකි. මෙයට එකී හේතුව වන්නේ ලොව වඩා ධනවත් පුද්ගලයන් තම ගමන් බිමන් සඳහා පෞද්ගලික ගුවන් යානය භාවිතා කරයි. ඔවුන් වනාන්තර, උයන් පවත්වා ගෙන යති. නිරන්තරව පරිසරයේ පිරිසිදු බව කෙරෙහි උනන්දු වෙති.

සමාජයේ ධනවතාට අසාමාන්‍ය ලෙස බෙදී යැම සමාජයේ සෞඛ්‍ය කෙරෙහි ද දැඩි ලෙස බලපා ඇත. ඉහළ යන අපරාධ සමඟ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ වෙනස්‌වීම ද සමාජ පරිහානිය ද සිදුවීම වාර්තා වී ඇත. සමාජයේ කොටසක්‌ ධනවත් වීම සමඟ තවත් කොටසක්‌ දුප්පත් වීම සිදුවෙයි. මේ සමඟ මෙම දුප්පත් වන කොටසට පෝෂණීය ආහාර වෙත යැම දුෂ්කර වෙයි. එනිසාම සෞඛ්‍ය පහසුව සඳහා උයන විට අපහසු වෙයි. අධ්‍යාපන ක්‍රමවේදය පාසල් කටයුතු බිඳ වැටෙයි.


ආර්ථික, අධ්‍යාපන, සමාජ අවධියේ අසාමාන්‍යතා බෙදීයැම අවසානයේ සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ අසාමාන්‍යතාවන් ඇතිකරයි. මෙහිදී ප්‍රධානතම රෝගී ආකාරය මානසික ආතතියයි. දිනෙන් දින ඉහළ යන කායික සහ මානසික පීඩනයක්‌ අසාමාන්‍යතාව සමඟ ඇතිවෙයි. අපගේ ශරීරයේ අභ්‍යන්තර පද්ධතියක්‌ පවතින අතර, මානසික ආතතිය සමඟ මේ ආරක්‍ෂක යාන්ත්‍රණය බිඳ වැටෙයි. සාමාන්‍ය අවස්‌ථාවකදී හදිස්‌සියක්‌ සිදුවුවහොත් ග්ලූකෝස්‌ නිකුත් වීම ඉහළ ගොස්‌ ශක්‌තියට අවශ්‍ය ශක්‌ති ප්‍රමාණය නිකුත් කරයි. මෙහිදී හෘද ස්‌පන්දන වේගය වැඩි වෙයි. රුධිර පීඩනය ඉහළ යයි. ශ්වසන රිද්මය වැඩි වෙයි. මානසික ආතතිය අඩු වූ විට මේ තත්ත්වය පහත වැටී සාමාන්‍ය ස්‌වරූපයට පත්වෙයි.

එහෙත් යම් පුද්ගලයකු මේ මානසික ආතතියේ දිගින් දිගටම පෙළෙන අවස්‌ථාවලදී ඉහත ප්‍රතික්‍රියා මාලාව නතර නොවී අඛණ්‌ඩව ක්‍රියාත්මක වෙයි. මෙහි ප්‍රතිඵලය ලෙස රුධිරගත ග්ලූකෝස්‌ මට්‌ටම ඉහළ යයි. නිරන්තරව රුධිර පීඩනය වැඩිවෙයි. මේ නිසා රුධිර කැටි ඇතිවීමේ ඉඩකඩ ඉහළ යයි. ලිංගික ආශාව අඩු වෙයි. ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය බිඳ වැටෙයි.

මානසික ආතතිය නිසා ශරීරයේ තුළ ක්‍රියාත්මක වන හෝමෝනවලට නිරන්තරව ලක්‌වීම නිසා මොළය මනසේ ස්‌නායු සෛලවලට බලපාන අතර, මෙය පුද්ගලයාගේ හැසිරීම වෙනස්‌ කරයි. ඔබ සමාජ සංවිධානවල පහළට ගමන්කරන විට අසාමාන්‍යතාවයට වැඩි වශයෙන් ගොදුරු වන විට මෙම පීඩනය සහ රුධිර පීඩන තත්ත්වය තවදුරටත් ඉහළ යයි. හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යයි.

මානසික ආතතියේ ප්‍රතිඵලයක්‌ ලෙස අධ්‍යයන රටාව ද බිඳ වැටෙයි. ළමයින් කුඩා අවධියේදී මානසික ආතතියට නතු වීම නිසා ළමයින්ගේ වැඩ කිරීමේ මතක ශක්‌තිය බිඳ වැටෙයි. රුධිර පීඩනය, ඇඩ්‍රනලින් සහ නොඇඩ්‍රනලින් හෝමෝනය ස්‍රාවය වේගවත් වීම හා ශරීර ස්‌කන්ධය දර්ශකය ඉහළ යැම ළමයින්ට අවදානම් සාධක වෙයි. මේ අවදානම් සාධක සියල්ලේ එකතුව allostatic local ලෙස හඳුන්වයි.

දුප්පත් ළමුන් තුළ මෙම අගය ඉහළ අගයකි. මෙවැනි දරුවන් පසු කාලීනව මධ්‍යසාර භාවිතයට ශ්වසන අපහසුතාව, හෘද රෝග සහ සියදිවි නසා ගැනීමේ හැකියාව ඉහළ නැංවීමට බලපායි. මොළයේ ආවේග පාලනය, හැඟීම් ඇතිවීම මානසික ක්‍රියා හමුවේ ශරීරය සූදානම් කිරීමට පෙළගස්‌වන මොළයේ Anterior cyngulate cortex ප්‍රදේශයේ පහළ සමාජ කොටස්‌වල පවතින්නේ අඩු පරිමාවකින් බව පෙනිසිල්විනියාවේ සීටර්සබර්ග් සරසවියේ පර්යේෂණ පිරිසක්‌ සොයා ගෙන ඇත.

පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට සමාජ අසාමාන්‍යතාව වැඩිවන ප්‍රමාණයට එහි අතුරු ප්‍රතිඵලද වැඩි වෙයි. මෙය සමාජ සහයෝගය හා බැඳීම බිඳ දමයි. ධනවතුන් සඳහා වැඩි සහන සමඟ වැඩි වරප්‍රසාද හිමිවන අතර දුප්පතුන් සඳහා වන වරප්‍රසාද පවතින්නේ අඩු මට්‌ටමක ය. මේ අනුව දුප්පතුන්ට තමන්ට වෙන්වූ ලෝකයක්‌ ද ධනවතුන් තමන්ට ආවේණික වූ ලෝකයද වෙන වෙනම ජීවත් වෙති.

මෙය සෞඛ්‍ය ක්‌ෂේත්‍රයට දැඩිව බලපායි ධනවතුන්ගේ ආයු කාලය බොහෝ විට වැඩිවන අතර දුප්පතුන්ගේ ආයු අපේක්‍ෂාව අඩු වෙයි. එහෙත් මුදල් එකතු කරන ප්‍රමාණයට මානසික තෘප්තිය නොලැබෙන නිසා මුදල් වැඩිපුර එකතු කිරීම නිරෝගී භාවයට හේතුවක්‌ නොවන බවත් සිතා සිටිය යුතුය.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව
දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ - හම්බන්තොට


Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks
o