112 Views  
රැකියාවක් කරන කාන්තාවන්ට උපදෙස් – 1 කොටස
01) විවේචනයන් ඉවසීමට පුරුදු වන්න.

රැකියාව තුලින් ඉගෙන ගැනීම සඳහා එය ඉතා වැදගත් වේ.
02) ඔබට වඩා ඉහලින් සිටින නිලධාරීන්ව හොඳින් අධ්‍යයනය කරන්න.

ඔබ වටා ඉතා දක්ෂ කාන්තා නායකයින් සිටිය හැක. ඔවුන්ගෙන් ඔබට ගත හැකි උදාහරණයන්, වටිනාකම් සියල්ල ඉගෙන ගන්න.

fb- like-beg
03) හැකි සෑම විටම පුහුණු වීම් හා වැඩමුළු සඳහා සහභාගී වන්න.

ලබා ගත හැකි සියලු අත්දැකීම් ගන්න.
04) සේවා ස්ථානය තුලදී නිතරම නිර්මාණශීලී වන්න.

අලුත් විධියට සිතීමට පුරුදු වන්න. ඔබ තරුණ, කඩිසර කාන්තාවකි. ඔබේ නව අදහස් මගින් සාර්ථක වන්න.
05) කිසිදු ආකාරයේ කාර්යයක් සඳහා ඔබ නුසුදුසු යයි කිසිවිටෙක නොසිතන්න.

ඔබට ලැබෙන කාර්යයන් ඉටු කිරීමෙන් ඔබ ඔබ පිළිබඳවම පුදුමයට පත් වේවි.
06) අනෙක් අයගේ ගෞරවය ලබා ගැනීම සඳහා ඔබට කාන්තා ස්වභාවය අඩුවෙන් ඉස්මතු වන ලෙස ඇඳ පැළඳිය යුතු බව කවදාවත් නොසිතන්න.

ඔබේ රාජකාරී කටයුතු සඳහා ඔබේ බාහිර ස්වරුපය අදාළ නැත. එය ඔබගේ පෞද්ගලික අදහසයි. ඔබේ රැකියාවට සහ ස්ථානයට ගැලපෙන ලෙස අඳින්නේ නම් අනෙක් දේ ගැන වද විය යුතු නැත
07) සාමාන්‍ය ගැටළු වලදී ඔබේ බාහිර ස්වරුපය වැඩි බලපෑමක් ඇති කරනුයේ ඔබ කාන්තාවක් නිසා යැයි කිසිදා නොසිතන්න.

ඔබගේ ආත්ම විශ්වාසය සඳහා එය බාධාවක් කර නොගන්න.
08) යම් කෙනෙකුගෙන් උදව් ඉල්ලීමට බිය වීමෙන් හෝ ලජ්ජා වීමෙන් වලකින්න.
09) අවශ්‍ය වන සෑම වෙලාවකම ස්තුති කිරීමේ ලිපි හා ස්තුති කිරීමේ ඊ මේල් යවන්න.

එහිදී නිතරම අදාළ පාර්ශ්වය අගයමින් නිවැරදිව හා නිරවුල්ව් භාෂාව භාවිතා කරන්න.
10) හැකි සෑම විටම සුළු සුළු දේවල් වලින් පවා මුදල් ඉතුරු කිරීමට උත්සහ ගන්න.

පිටින් ආහාර ගැනීම වෙනුවට ඔබේ ආහාරය සකස් කරගෙන යන්න, ඔබට වාසි සලසන ක්‍රෙඩිට් කාඩ් ආදිය භාවිතා කරන්න. ඔබේ රැකියාව තුලින් ඔබ බලාපොරොත්තු වන්නේ මුදල් ඉතිරි කිරීම මිස අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් වියදම් කිරීම නොවන බව මතක තබා ගන්න.
11) ඔබේ සේවා ස්ථානයේ සියලු දෙනා සමගම සුහදශීලී වන්න, මිතුරු වන්න.

ඔබගේ රාජකාරියට සම්බන්ධ අය නොවුව ද ඔවුන් සමග ද මිතුරු වන්න.
12) ඔබ සමග හා ඔබ යටතේ ක්‍රියා කරන සේවකයන්ට කරුණාවන්ත වන්න.

එයින් ඔබටත් සතුටින් වැඩ කළ හැකි ධනාත්මක පරිසරයක් නිර්මාණය කරන අතරම ඔබේ රැකියාවේ සාර්ථකත්වට ද එය මනා පිටිවහලක් වේ.
13) ඔබගේ සේවා ස්ථානය හොඳින් තේරුම් ගනිමින් ඔබගේ අරමුණ කරා යාමට අධිෂ්ටානශීලී වන්න.

ඒ අතරම විවිධ ආරවුල් ඇති නොවන ලෙස කටයුතු කිරීමට වග බලා ගන්න. එමෙන්ම කිසිවකුගේ අයිතීන් හෝ අධිකාරිය හෑල්ලුවට ලක් කිරීමෙන් වලකින්න.
14) නම්‍යශීලීවන. ඔබගේ තනතුර වෙනස් විය හැක.

නව අත්දැකීම් යනු නව දැනුමකි. එයින් ඔබට ඔබේ ක්ෂේත්‍රයේ ඉහලටම යා හැක.
15) කිසිදා ඔබේ අධ්‍යාපනයේ වටිනාකම අවතක්සේරු නොකරන්න.

ඔබට ඉදිරියට අවස්තාව ඇත්නම් ඔබ අනිවාර්යයෙන්ම එය කල යුතුය.
16) සෑම විටම ඔබේ අධ්‍යාපනය සඳහා විශාල වශයෙන් වියදම් කිරීමේ අවශ්‍යතාවයක් නැත.

ඔබේ අධ්‍යාපනයේ ප්‍රතිලාභ ඔබ දැනටමත් ලබමින් සිටී. එනිසා ඔබට හැකි ප්‍රමාණය පමණක් වියදම් කර ඔබව දියුණු කර ගන්න.
17) හැකිතාක් ඔබේ පෞද්ගලික සම්බන්ධතා ඔබේ රාජකාරියට බාධාවක් නොවන ලෙස තබා ගැනීමට උත්සහ ගන්න.

ඒ නිසා ඔබට විවිධ ගැටළු ඇති විය හැක. පෞද්ගලික සම්බන්ධතා රාජකාරියට බලපෑම් කිරීමෙන් ඔබේ සාර්ථකත්වයට බාධා සිදුවේ. විශේෂයෙන් ඔබ සේවා ස්ථානයේ කෙනෙකු සමග ආදර සම්බන්ධතාවයක් පවත්වන්නේ නම් එය දෙදෙනාගේම කටයුතු වලට බාධාවකි.
18) ඔබගේ ක්ෂේත්‍රයට අදාළ නව සිදුවීම් පිලිබඳ විමසිලිමත් වන්න.

ලිපි සහ බ්ලොග් ආදිය කියවමින් නිතර ඔබේ දැනුම අලුත් කර ගන්න.
19) සෑම කෙනෙකුටම ගරු කරන්න.

ඔබ සමග වැඩ කරන සියලුම දෙනාට කැමති වීමේ අවශ්‍යතාවයක් නැත. එහෙත් ඔවුනට ගරුත්වයක් දැක්වීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි.

goodhousekeeping.lk


Wmqgd .ekSu weiqfrks
o