89 Views  
මන්දිරයට මසාඡ්
පෙට්‌ටි කඩයට ස්‌පා
ආයුර්වේදයට සම්බාහන

සම්බාහනය ගැන නොදත් කතාව මෙන්න
අන්තර්ජාලයේ "කපල් මසාඡ්"  දැන්වීම්...
සන්ක්‍රාන්ති ලිංගිකයන්ට පරපීඩා කාමුකයන් අතින් දරුණු වදහිංසා

මේ රටේ ඉන්නා හැම දෙනාම වෙදෙක්‌ කියා රොබට්‌ නොක්‌ස්‌ එදා හෙළදිවේ ලියා තිබුණේ එදා ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය විද්‍යාවේ දැනුම හැම තැනකම අක්‌මුල් බැස තිබුණ නිසාය. ආයුර්වේද සම්බාහනය යනු අපට එකී වෛද්‍ය විද්‍යාවේ දැනුමත් සොබාදහමත් එක්‌වී ලබාදුන් අපූරු ත්‍යාගයකි. රටේ අහේතුවටත් ජාතියේ අහේතුවටත් එකී අපූරු තෑග්ගේ නාමය භාවිතා කරමින් වෙන්නේ ලිංගික ශ්‍රම ව්‍යාපාරයයි. අන්තර් ජාලයේ SPA යෑයි ගැසූ පමණින් චීනයේ ආයුර්වේද සම්බාහනය ගැන තොරතුරුත්, ඊජීප්තුව, ඉංදියාව, ජපානය වැනි රටවල පාරම්පරික වෛද්‍ය විද්‍යාත්මක සම්බාහනය ගැන තොරතුරුත් ලංකාවේ නම ගැසූ සැනින් ලිංගික ශ්‍රම කඩ ගැන දැන්වීම් ලැබෙන්නේත් ඒ යථාර්ථය නිසාය.

අන්තර්ජාලය තුළත් රටේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ආයුර්වේදයෙත් සම්බාහනයෙත් නම කෙලෙසෙන හැටි ඇත්තෙන්ම ඛේදවාචකයකි. ලිංගික ශ්‍රමය විකිණීමේ ව්‍යාපාරය සම්බාහනයේ කඩතුරාවට මුවාවී කිරීම නිසා රටටත් අපේ මුතුන්මිත්තන්ගෙන් ලැබුණු අප්‍රමාණ වූ වෛද්‍ය දැනුමටත් වන අපහාස සුළුපටු නැත. මේ රටේ සියලුම වගකිවයුතු පාර්ශව නිදා සිටියදී බිම් මල් පිපෙන්නාසේ SPA බිහිව ඇත. පඳුරකට පයින් ගැසුවොත් තෙරපිවරුන් වරියන් සම්බාහිකාවන් සම්බාහකයින් 20 ක්‌ 30 ක්‌ වත් විසිවේ. SPA යනු ඇත්තෙන්ම පුස්‌ කා ඉහඳ පණුවන්ද ගැසූ ලිංගික ශ්‍රමික කේක්‌ එකට හොඳ අයිසිං එකක්‌ය.

ස්‌පා ආශ්‍රිතව සිටින ලිංගික ශ්‍රමිකාවන් විවිධ වයස්‌වල අයයි. අවුරුදු 16,17 සිට සමහරක්‌ විට අවුරුදු 40, 45 ආදී වයස්‌ සීමාවල අය මේ අතරවේ. SPA වල සිටින ලිංගික ශ්‍රමිකාවන් බොහෝවිට ක්‍ෂේත්‍රයේ පළපුරුදු අයවේ. එමෙන්ම ඔවුන් දුෂ්කර ගම්මානවලින් පැමිණි කාන්තාවන් හා තරුණියන්ය. ඔවුන් පූර්ණ කාලීනව හා අර්ධකාලීනව SPA ආශ්‍රිතව සිය රැකියාව කරයි. අර්ධ කාලීනව රැකියාව කරන අය සමහරක්‌ විට දහවල් කාලයේ ගාමන්ට්‌ ආශ්‍රිතව රැකියාවක්‌ කරයි. තවත් අය රාත්‍රී කාලයේ Night Club වල කටයුතු කර දහවලට SPA වලට ගොඩවෙයි. ඔවුන්ගේ අයකිරීම් විවිධය. එය රුපියල් 1000 සිට 15,000 දක්‌වා දොලනය විය හැකිය. SPA වල ලිංගික ශ්‍රමික වෘත්තීය ක්‍ෂේත්‍රයට අලුත් අය SPA එකකට එන කෝඩුකාරයන්ගෙන් මුදල් කඩා ගත්තද ප්‍රවීණ අය එසේ නොකරයි. ඔවුන්ගේ මතයට අනුව කෝඩුකාරයන්ට අත්දැකීම් ලබාදීම හොඳය. සමහර SPA වල Package ක්‍රමයට ලිංගික ශ්‍රමය ලබාගත හැකිය. මේ Package හා ඒවායේ මිල ගණන් SPA එකකින් SPA එකට මාරුවේ. විශේෂය නම් බොරැල්ලෙ හා ගාලු පාරේ දෙහිවලට යන තෙක්‌ මාර්ගයේ ගමන් කරන්නෙකුට ලංකාවේ SPA කෙරුවාවේ තරම බලාගත හැකිය. සමහරක්‌ SPA වල හැරෙන්නටවත් ඉඩක්‌ නැත. එහි ඇති අපිරිසිදු බවත් උෂ්ණත්වයත් ගැන කෙනෙක්‌ට සිතා ගන්නවත් බැරිය.

SPA ආශ්‍රිතව සිටින ලිංගික ශ්‍රමිකාවන් වීදි ලිංගික ශ්‍රමිකාවන්ට Night Club ආශ්‍රිත ලිංගික ශ්‍රමිකාවන්ට වඩා සාපේක්‍ෂව හොඳ ජීවිතයක්‌ ඇත. ඔවුන් වීදි ලිංගික ශ්‍රමිකාවන් මෙන් අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක්‌වීමේ අවදානම අවමය. එමෙන්ම පාතාලයේ මැරයන්ට ලිංගික ශ්‍රමය ලබා දීමට සිදුවන අවස්‌ථාව සාපේක්‍ෂව අවමය. ඒත් රුපියල් 500 ක්‌ වැනි අවම මුදලකට අලෙවි වන ඔවුන්ගේ ජීවිතය සැපදායක යෑයි ඉන් අදහස්‌ නොවේ.

SPA වල සිටින ලිංගික ශ්‍රමිකාවන්ට වෘත්තීය අත්දැකීම් විශාලය. එමෙන්ම ඔවුන් හොඳ මත් ලෝලීන්ය. ඔවුන් හම්බ කරනා තුට්‌ටු දෙක යළි මැඩම්ට පූජා කර මත් වෙයි. ඊළඟ දවසේ මත් පඩිය වෙනුවෙන් යළිත් සිය වෘත්තියට යයි. මොවුන්ගෙන් සමහරෙක්‌ SPA ආශ්‍රිතව වෘත්තියේ යෙදෙන්නේ Night Club එකක්‌ ලෙසය. තවත් අය SPA වලටම වී සිටින අතර ඔවුන්ගේ දුරකථනවලට එන ඇමතුම්වලට අවශ්‍ය තැන්වලට යයි.

සමහරක්‌ SPA වල ලිංගික ශ්‍රමිකාවන් ක්‍රියා කරන්නේ ඇත්තෙන්ම රාත්‍රියේය. දහවල් කාලයේ සිදුවන්නේ සම්බාහනයයි. ඔවුන් Customer ලාව හඳුනා ගැනීමටත් සම්බන්ධතා ගොඩනගා ගැනීමටත්, නීතියට වැලි ගැසීමටත් මෙම ක්‍රමය අනුගමනය කරයි. තවත් අය SPA පාරිභෝගිකයාගේ ඉහ මොළ සූරන් කයි. සම්බාහනය පටන් ගන්නේ රුපියල් 1000 කිනි. සම්බාහනය කරන්නිය ටිකෙන් ටික ඔහුගේ හැගීම් අවුස්‌සයි. එවිට ඔහු ලිංගික ක්‍රියාවන්ට එකඟවන ලෙසට ඇයගෙන් ඉල්ලා සිටියි. ඇය එක්‌ එක්‌ ලිංගික ක්‍රියාවට රුපියල් 1000 බැගින් අවසානයේ රුපියල් 15000, 16000 ක්‌ වත් ඔහුගෙන් කඩා ගනියි. සම්බාහනය මුවාවෙන් ලිංගික ශ්‍රමයේ යෙදෙන සමහරුන් SPA එකක පස්‌ පාගන්නේ නැත. ඔවුන් කරන්නේ ගෙදරට හෝ හෝටලයකට පැමිණ තමා සම්බාහනයේ යෙදෙන බව අන්තර්ජාලය හරහා සංනිවේදනය කිරීමය. FB හරහා මේ කටයුතු අති විශිෂ්ටව සිදුවේ.

SPA ආශ්‍රිතව ලිංගික ශ්‍රමිකත්වයේ යෙදෙන පිරිමි අයද සිටියි. මෙම ලිංගික ශ්‍රමිකයන් අතරද අවුරුදු 15-16 වයස්‌වල සිට අවුරුදු 40-45 වයස්‌වල පුද්ගලයින් සිටියි. ඔවුන්ගෙන් බොහෝමයක්‌ දෙනා SPA තුළ රැකියාව නොකරයි. ඔවුන් කරන්නේ තම නම ගම වයස සටහන් කර තමන් සම්බාහනය කරන බවද සඳහන් කර දුරකථන අංකද සමග එම තොරතුරු අන්තර්ජාලයට මුදාහැරීමය. මෙම ලිංගික ශ්‍රමිකයින් අතර විවිධ ප්‍රභේද දැකිය හැකිය. ඔවුන්ගෙන් සමහරු තම ලිංගික ශ්‍රමය ලබා දෙන්නේ කාන්තාවන්ටය. තවත් අය පුරුෂ පාර්ශවයටය. තවත් අය කාන්තා හා පුරුෂ යන දෙපාර්ශවයටම තම ලිංගික ශ්‍රමය ලබාදෙයි. තවත් අය සම්බාහනයේ නාමයෙන් ලිංගික ශ්‍රමය විකුණන්නේ විදේශිකයන්ටය.

කාන්තාවන් උදෙසා ලිංගික ශ්‍රමයේ යෙදෙන පිරිමි සම්බාහනය යන වචනය යොදා ගන්නේ සමාජයෙන් වහන් වීමටය. ධනවත් තනිකඩ ගැහැණුන් සැමියා විදෙස්‌ගතවූ කාන්තාවන් ව්‍යාපාර හිමි කාන්තාවන්. සුපිරි පැලැන්තියේ අවිවාහක යුවතියන් ධනවත් වැන්දඹුවන් ඉහළ මධ්‍යම පංතියේ ව්‍යාපාර හිමි කාන්තාවන් බොහෝ විට මෙම ලිංගික ශ්‍රමිකයන්ගෙන් ශ්‍රමය ලබා ගනියි. සමස්‌තයක්‌ ලෙස ලිංගික ශ්‍රමිකයින් ලිංගික ශ්‍රමිකාවන් මෙන් නිතර නිතර මුදල් ගන්නේ නැත. ඔවුන් මාසයකට සැරයක්‌ හෝ සති පතා ලෙස මුදල් ලබා ගනියි.

ලංකා සමාජයේ සම ලිංගික චර්යාවන් මේ වන විට ගම් නියම්ගම් පුරා පැතිර ඇත. මේ පිළිබඳව ලංකාවේ විධිමත් විශ්ලේෂණයක්‌ කර නැතත් කාන්තාවන්ට වඩා පුරුෂ පාර්ශවය අතර සමලිංගික ක්‍රියා ජනප්‍රියය. ස්‌වභාවිකවම නව යොවුන් වියේ දරුවන් ලිංගිකත්වය පිළිබඳ කුතුහලයෙන් පසුවන අතර ඔවුන් සමවයස්‌ මිතුරන් සමග ලිංගික ක්‍රියාවන්ට යොමුවේ. වයසින් වැඩෙන විට ඔවුන්ගෙන් බොහෝ දෙනා පෙම්වතියන් සොයාගෙන සම ලිංගික ක්‍රියාවන් වලින් ඉවත්වනමුත් සමහරුන් ඊටම ඇබ්බැහි වේ. තවත් අය කාන්තාවන් සමග සබඳතා පැවැත්වුවද ඉඳහිට හෝ සමලිංගික ක්‍රියා පැවැත්වීමට කැමැත්තක්‌ දක්‌වයි. සමහර පිරිමි අය කාන්තාවන් සමග ලිංගික හෝ වෙනත් සබඳතා පැවැත්වීමට බය නිසා සමලිංගික සබඳතාවන්ට හුරුවේ. SPA ඇතුළත සම්බාහනයේ මුවාවෙන් තමන් කැමති ඕනෑම ලිංගික ශ්‍රමිකයෙකුගේ පහස ලැබීමට ඉහතකී ඕනෑම අයෙකුට අද වන විට අවස්‌ථාව ඇත. මේ පිළිබඳව ඇති දැන්වීම් රැසක්‌ අන්තර්ජාලයේ සැරිසරන්නෙකුට දැකගත හැකිය. සම ලිංගික ලිංගික ශ්‍රමිකයන් අතර විවිධ වයස්‌ මට්‌ටම්වල විවිධ සමාජ මට්‌ටම්වල අය දැකිය හැකිය. ඔවුන්ගේ අය කිරීම් විවිධාකාරය. ගාන පොඩ්ඩක්‌ අඩුවැඩි විය හැකි වුවද ඔවුන් සාමාන්‍ය මිල රුපියල් 5000 සිට 2500 දක්‌වා මුදලක්‌ අය කරයි.

ඉහත කී ලිංගික ශ්‍රමිකයන් සියලු දෙනාම එක්‌කෝ කාන්තාවන්ට නැතිනම් පිරිමින්ට පමණක්‌ සිය සේවාව ලබාදෙයි. එහෙත් සම්බාහනයේ මුවාවෙන් කාන්තා හා පුරුෂ යන දෙපාර්ශවයටම ලිංගික ශ්‍රමය ලබාදෙන්නන්ද සිටියි. ඔවුන්ගේ අය කිරීම් විවිධ වන අතර ඔවුන් බොහෝ විට ඉන්නේ වෙරළබඩ කලාපයේ හා නගරාසන්න ප්‍රදේශවලය.

සම්බාහනයේ මුවාවෙන් ලිංගික ශ්‍රමය ලබාදෙන්නන් අතර විදේශිකයන් ඉලක්‌ක කරගත් පිරිසක්‌ද ඇත. ඔවුන් අතර කාන්තාවන් උදෙසා පිරිමින් උදෙසා කාන්තා හා පුරුෂ යන දෙපාර්ශවයම උදෙසා ලිංගික ශ්‍රමය ලබාදෙන පිරිස්‌ සිටියි. ඔවුන් සියලුම දෙනා පාහේ SPA වල වැඩ නොකරන අතර අන්තර්ජාලය හරහා Massage කරන බවට දැන්වීම් පළ කරන අතර විදේශිකයන්ද අන්තර්ජාලය හරහාම ඔවුන් හඳුනාගනී. ඔවුන්ගේ සාමාන්‍ය අය කිරීම අවම ඩොලර් 100 ක්‌ 150 ක්‌ වුවද රුපියල් 500 යට 1000 ට ද ලිංගික ශ්‍රමය ලබා දෙන්නන්ද මේ අතර ඇත. මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූවන් ඒ අවශ්‍යතාවය දැඩි වූ විට එවැනි අය කිරීම් සඳහා පෙළඹෙයි. ඔවුන් බොහෝ විට වෙරළබඩ කලාපවලත් නුවරඑළිය අනුරාධපුර වැනි සංචාරක පුරවර වලත් වැඩිපුර ගැවසේ. Beach Boys ලා ලෙස කටයුතු කිරීමෙන් වැලකී Part time job එකක්‌ ලෙස මේ ආකාරයෙන් ලිංගික ශ්‍රමය ලබාදීම අනවශ්‍ය ගැටලු අවම කරයි. සමහර ලිංගික ශ්‍රමිකයන්ගේ නිවැසියන් දෙමාපියන් පමණක්‌ නොව බිරිඳ පවා ඔහුගේ රැකියාව කුමක්‌දැයි දන්නේ නැත. සමහරුන් මේ පිළිබඳව දැනුවත්ය. සමාජ රෝගවලට බියෙන් බොහෝමයක්‌ දේශීය යුවතියන් Beach Boys ලා විවාහ කර ගැනීමට පෙළඹෙන්නේ නැත. නමුත් මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් ඔවුන්ට සිය රහස්‍ය භාවය ආරක්‍ෂා කරගත හැකිය.

SPA වල CAPPLE ලෙස ලිංගික ශ්‍රමය ලබාදෙන අයද සිටි නමුත් CAPPLE ලෙස වැඩිදෙනා ගනුදෙනු කරුවන් සොයාගන්නේ අන්තර් ජාලය හරහාය. ඔවුන් Home visit  Home visit, ලෙස හෝ සිය ශ්‍රමය ලබාදෙයි. මේ Capple බොහෝ දෙනා විවාහක අය නොවේ. ඔවුන් බොහෝ විට Field එකේ දී හඳුනාගත් ලිංගික ශ්‍රමිකයන් හා ශ්‍රමිකාවන්ය.

SPA තුළ අද වන විට සංක්‍රාන්තික ලිංගිකයන්ද දැකිය හැකිය. ඔවුන් තම ලිංගික ශ්‍රමය ලබා දෙන්නේ පුරුෂ පාර්ශවයටය. ලිංගික ශ්‍රමික ව්‍යාපාරය තුළ වැඩියෙන්ම අසරණත්වයට හා අතවරයට පත්වන්නේ සංක්‍රාන්තික ලිංගිකයන්ය. ඔවුන් සියලු දෙනාගේ පාහේ විලාසිතා කාන්තාවක්‌ ලෙස ඇති නිසා ඔවුන් නිරුවත්වන තුරු හඳුනාගැනීම අපහසුය. සමහරක්‌ සංක්‍රාන්තික ලිංගික ශ්‍රමිකයන් රුපියල් 50 ක්‌ 100 ක්‌ වැනි ඉතා අවම මුදලකට විකිණෙයි. සංක්‍රාන්තික ලිංගිකයන්ව බොහෝ විට ප්‍රයෝජනයට ගන්නේ පරපීඩා කාමුකයන්ය. සමහරක්‌ සංක්‍රාන්තික ලිංගිකයන් පරපීඩා කාමුකයන් අතින් මරණාසන්න වන තෙක්‌ වද වේදනා වින්දද ඒ ගැන සොයා බලන්නට කෙනෙක්‌ නැත.

SPA හි සිටින කාන්තා, පුරුෂ සංක්‍රාන්තික ලිංගික සියලු දෙනාම එක එක සමාජ මට්‌ටම්වල විවිධ හේතුනට එම වෘත්තියට පිවිසුන අයයි. ඔවුන් අතර පැල්පත් සමාජයේ සිට ඉහළ මධ්‍යම අය දක්‌වා සිටී. ඉහළ මධ්‍යම පංතියේ පිරිසට සිය අති සුපිරි ජීවිතයට අවශ්‍ය ඉස්‌තරම්ම මත් ද්‍රව්‍ය BEACH Party, Night Club එකී මෙකී නොකී දහසකුත් එකක්‌ අවශ්‍යතා ඇත. ඒ අවශ්‍යතා පියවා ගැනීමටත් ලිංගික සතුට ලබා ගැනීමටත් ඔවුන් ඒ සඳහා යොමු වී ඇත. යළි යළිත් අවධාරණයෙන් කිව යුත්තක්‌ ඇත. නූතනයේ සම්බාහනයේ මුවාවෙන් ලිංගික ශ්‍රමයේ යෙදෙන්නේ SPA වල සිටින පිරිසම පමණක්‌ නොවේ. ජීවිතයට SPA එකක පස්‌ නොපෑගූ අය අන්තර් ජාලය හරහා ඒ වැඩේ ගජරාමයට කරගෙන යයි. ඒවා ඇල්ලීමට නම් පොලිසියට වෙනමම පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවීමට සිදුවන බවට නොඅනුමානය. ඒ මොනව වුණත් පැවසීමට දෙයක්‌ ඇත. ලෝකයේ කාටත් කටුචිකිත්සාව කියූ සැනින් මතක්‌ වන්නේ චීනයයි. ඒත් නුදුරු අනාගතයේ යම් දිනක ලෝකයට ආයුර්වේද සම්බාහනය කියූ සැනින් මතක්‌ වන්නේ ලංකාවේ ලිංගික ශ්‍රමිකයන් නොවන තැනට වැඩ කිරීම ශ්‍රී ලංකා පොලිසියටත් පාර්ලිමේන්තුවටත් අයත් කටයුත්තකි.


Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks
o