156 Views  
සාර්ථක ගැහැනියක් වීමේ මග – 01 කොටස
සාර්ථක කාන්තාවක් යනු කවුද?

    එක දවසක මම මගේ යෙහෙළියෝ කිහිප දෙනෙක්ට කිවුවා සාර්ථක ගැහැනියකට උදාහරණයක් දෙන්න කියලා. එකිනෙකා විවිධ උත්තර දුන්නා. ඒ හැම උත්තරයකටම අනික් යෙහෙළියෝ විවිධ අදහස් දරුවා. එක්කෙනෙක් සාර්ථක කාන්තාවක් ලෙස නම් කලේ පෙප්සි කෝලා සමාගමේ ජාත්‍යන්තර ප්‍රධාන විධායක නිලධාරිනිය ඉන්ද්‍රා නූරි මහත්මිය. තව කෙනෙක් නම් කළා ඇමරිකාවේ ඉන්න බලවත්ම කාන්තාව වන ඕප්‍රා වින්ෆ්රි මහත්මිය. තව කෙනෙක් කිවුවා හැරී පොටර් පොත් මාලාව ලියපු JK රෝලින්ග්ස් කියල.

    ඒ තුන් දෙනාම ගැන හැමෝම සාකච්චා කලත් අපට එකඟතාවයකට එන්න බැරි වුනා. එකිනෙකා දරපු මත මේ විදිහට සාරාංශ ගත කරන්න පුළුවන්.

fb- like-beg
ඕප්‍රා වින්ෆ්‍රී

අපෝ එයාට සල්ලි තියනවා. ප්‍රසිද්ධයි. හැබැයි බැඳලා නැහැ. දරුවෝ නැහැ. මම නම් හිතන්නේ නැහැ එයා සාර්ථකයි කියල.
ඉන්ද්‍රා නූරි

එයාම කියනවනේ එයාගේ ස්වාමියා ගැන බලන්න දරුවෝ බලන්න එයාට වෙලාවක් තිබ්බේ නැහැ කියල. වැඩ විතරනේ. ලොකුවට නම තිබුනට මොකද එයාගේ ජීවිතේ කිසිම සතුටක් නැතුව ඇති. ඒ නිසා එයා සාර්ථකයි කියල කියන්න බැහැ.
JK රෝලින්ග්

අන්න එයා නම් පාඩුවේ හොඳට සතුටින් ඉන්නවා වගේ. හොඳටම පොහොසත්. හම්බ වෙන සල්ලිත් ගොඩක් පිනට දෙනවා. හොඳ පවුලක් තියනවා.

මේ මතවාද ඔවුන් තුන් දෙනා විවිධ විදිහට දැරුවත් මම එකවරම කල්පනා කළා සාර්ථකයි කියල අපට කිසිම කෙනෙක් පෙන්වන්න බැහැ නේද කියල. ඔවුන්ගේ මත කොහොම වුනත් සමහර විට ඔප්රා වින්ෆ්‍රී මහත්මිය ඇගේ ජීවිතේ ගෙවන විදිහ ගැන ගොඩක් තෘප්තිමත් ඇති. සමහර විට නැතුවත් ඇති. ඒ එක්කම ඉන්ද්‍රා නූරි මහත්මිය තමන් වුර්තීය ජීවිතේ ගියපු සාර්ථකත්වය ගැන තමන්ගේ මහන්සිය ගැන ගොඩක් තෘප්තිමත් ඇති. පවුල සහ දරුවන් වුර්තියට සාපේක්ෂව වැදගත්කමෙන් අඩු දෙයක් වෙන්න ඇති ඇයට.

මෙතනින් මා වටහා ගත්ත පාඩම තමයි අපි ඉක්මන් වෙනවා අනුන්ගේ ජීවිත වල සාර්ථකත්වය මනින්න. නමුත් එහෙම සාර්ථක මනුස්සයෙක් කියල පෙන්වන්න කෙනෙක් අපිට නැහැ. ඒ අනුව කෙනෙක් සාර්ථකද නැද්ද කියල තීරණය කරන නිර්ණායකය වන්නේ ඒ පුද්ගලයාමයි.

මම පසු දවසක මගේ මහලු අත්තම්මා හම්බ වුනා. ඇගෙන් ඇහුවා ඔයා ගෙවුන ජීවිතේ ගැන සතුටුද? ඔයා සාර්ථක කෙනෙක් කියල හිතනවද කියල. ඇය දරුවෝ දොළහක් හිටපු ගොවියෙක්ගේ බිරිඳක්. ඇයගේ මූනේ බොහොම ලස්සන හිනාවක් මතු වුනා.

“ඔවු පුතේ. සීය අසනීප වෙලා මැරුනේ මගේ අත් දෙක උඩමයි. මම සීයට හොඳට සැලකුවා. මගේ දරුවෝ ඔක්කොම හොඳින් ඉන්නවා. මගේ මුණුබුරෝ මී මුණුබුරෝ පුතාල ඔක්කොම මාව බලන්න එනවා. හැමදාම එක්කෙනෙක්. එච්චරට මගේ මුණුබුරෝ ගාන ලොකුයි. තව වෙන මොනවද පුතේ? දැන් ඇහැ පියාගන්නකම් සන්තෝසෙන් මම ඉන්නවා.”

සාර්ථකත්වය කෙනාගෙන් කෙනාට වෙනස් දෙයක්. අපේ ආච්චි ලොකු සමාගමක ප්‍රධාන විධයක නිලධාරිනිය වුනේ නැහැ. ඇය ගෙවිලියක්. ඇය ජීවිතේ 100%ක්ම සාර්ථකයි කියල හිතනවා. මට කියන්න ඕනේ වුනේ නැහැ ඇය සාර්ථක නැහැ කියල. අඩුම ගානේ මම එහෙම හිතුවේ වත් නැහැ.

ඒ අනුව තමන්ගේ සාර්ථකකම ගැන තීරණය ගත යුත්තේ තමන්ම නෙවෙයිද? එකිනෙකාගේ සාර්ථකත්වය තව කෙනෙක්ට අසාර්තකත්වයක් විතරක් වෙන්න ලොකු ඉඩක් තිබෙනවා. මොකද එකිනෙකා ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල් විවිධයි.
ඔබේ සාර්ථකත්වය යනු කුමක්ද තීරණයකට එළඹෙන්න

ඔබට ජීවිතේ අවශ්‍ය මොනවාද? ඔබම තීරණයකට පැමිණිය යුතුයි. ජීවිතේ තෘප්තිය වෙනුවෙන් අංශ කීපයක් සම්පූර්ණ විය යුතුයි. ගැහැනියක් කියන්නේ තව දුරටත් පිරිමියා වෙත ප්‍රධාන තැන ලබා දී පිටු පසට වෙන චරිතයක් නොවේ. විසි වෙනි සියවසේ අපේ රෝල් එක නැත්නම් භූමිකාව වෙනස් වෙලා.

ඉස්සර කාන්තාවෝ කලේ පිරිමියා උපයා දෙන දේ පවුල වෙනුවෙන් පිළියෙළ කර දීම සහ ගෘහය ආශ්‍රිත වැඩ සහ දරුවන් හැදීම වගේ භූමිකාවක්. නමුත් දැන් කාලය වෙනස් බහුතර කාන්තාවෝ ඉපයීම සහ ගෙදර වැඩ කටයුතු යන දෙකම කරට අරගෙන නූතන ආර්ථික තත්වය සමග පෙරට ඇදෙනවා. ඔබ තීරණය කල යුතුයි ඔබේ භූමිකාව විය යුත්තේ කුමක්ද කියා.
තෘප්තිමත් ජීවිතයකට සම්පූර්ණ විය යුතු යයි සම්මත කරුණු කීපයක් තිබෙනවා.

    ජීවන අරමුණක් – වුර්තීය/ පවුල් ජීවිතය / සමාජ
    ආර්ථික නිදහස – ඉපයීම/ අහලට යාම / ඉතිරි කිරීම/ ආයෝජනය
    පවුළ සහ පුද්ගල සම්බන්ධතා  – කලත්‍රයා / දරුවන්/ දෙමාපියන්
    නිරෝගී තාවය – කායික / මානසික
    සමාජය – වටිනා පුරවැසියෙක් වීම / වැඩදායී පුරවැසියෙක් වීම

ඉදිරියේදී අපි මේ සේරම කොටසින් කොටස කතා කරමු.

goodhousekeeping.lk


Wmqgd .ekSu weiqfrks
o