101 Views  
බිඳුන සම්බන්ධය නැවත හරිගස්වා ගන්න ක්‍රම 10 ක්
මේ ලෝකේ තියෙන හිත් වේදනා වලින් ලොකුම වේදනාවක් තමයි ඔබේ පෙම්වතා , සැමියා නැත්නම් සහකරුවා ඔබෙන් වෙන්වීම. කවුරු මොන විදිහට උපදෙස් දුන්නත් එහි ඇති වේදනාව නිසාම තමයි මේ ලෝකේ ගොඩක් සුන්දර විරහ ගී නිර්මාණය වෙලා තියෙන්නේ. සම්බන්ධය බිඳුනට පස්සේ ස්වාමියාව නැත්නම් පෙම්වතාව නැවත සමීප කර ගන්න ගැහැණු අපි කැමතියි. අපට හිතෙනවා හැමදේම අලුතින් පටන් ගන්න, පෙර කරපු අත්වැරදි නැවත නොකරන්න, ඔහු සමග සතුටින් ජීවත් වෙන්න ඔබේ හිත හඬා වැටෙනවා.

ඔබත් අනිවාර්යයෙන්ම මෙවැනි සිදුවීම් වලට අතීතයේ මුහුණ දීල ඇති. නැවත වරක් එවැනි දෙයක් සිද්ධ නොවේවි කියල කියන්න පුලුවන් කාටද ? එහෙනම් ඒ වගේ වෙලාවක බුද්ධිමත්ව කටයුතු කරලා නැවත ඔබගේ කැදැල්ල ශක්තිමත් කර ගන්න හැටි මම ඔබට කියා දෙන්නම්.

fb- like-beg
1) ඔහු පසුපස යාමෙන් වළකින්න

සම්බන්ධය නැතිවීම ඔබට පමණක් නෙවෙයි ඔහුටත් දැනෙනවා. ඇතිවුන කම්පනය දරා ගන්නට කෙටි කලක් දින කීපයක් ඔහුට අවශ්‍යයි. මේ කාලේදී හඬමින් ඔහු පසුපස යාම කරන්න එපා.
2) වරද ඔබේ නම් සමාව ගන්න

සම්බන්ධතාවය බිඳුනේ ඔබ කළ වරදක් නිසා නම් ඒක ප්‍රතික්ෂේප කරන්නට, ඔහුට බැන වදින්නට යන්න එපා. නිහතමානීව වරද පිළිගන්න. අවන්කවම සමාව ඉල්ලන්න.
3) හේතුව ගැඹුරින් සිතා බලන්න

ඔහු ඔබ සමග සම්බන්ධය නැවැත්තුවේ මොන කාරනේකටද කියල අධ්‍යනය කර බලන්න. සමහරු නිකන්ම රණ්ඩු වෙලා පොඩි දේකට දෙන්න තරහ වෙනවා. තව සමහරු සම්බන්ධය පැවැත්වීම අනාගතේට අහිතකර නිසා සම්බන්ධය නවත්වනවා. උදාහරණෙකට එකිනෙකා ගැලපෙන්නේ නැත්නම් වෙන්වීම කියන්නේ හොඳ දෙයක්.
සියල්ලම අධ්‍යනය කරලා පොඩි දේකට නම් නැවත පිළිසකර කර ගැනීමේ බලාපොරොත්තුව ඇති කර ගන්න. එහෙම නැත්නම් දෙන්න සම්බන්ධය නැවැත්වීමෙන් ඔබ දෙදෙනාටම වෙන්නේ යහපතක් නම් ඉරණම කෙරෙහි විශ්වාසයෙන් ඉදිරියට යන්න. ජීවිතේ අලුතින් පටන් ගන්න.
4) ඔබට ආදරය කරන අය සමග කල් ගෙවන්න

මෙවැනි අමාරු කාලයක් ගත කළ යුත්තේ කාමරේ වැදිලා දොර වහගෙන නෙවෙයි. පිරිමියෙක්ට ආකර්ෂණීය වෙන්නේ සතුටින් ඉන්න ගැහැනියක් පමණයි. දුකෙන් මානසික පීඩනයෙන් ඉන්නේ නැතුව ඔබ ආදරය කරන අයත් එක්ක එකතු වෙලා සතුටු දායක ක්‍රියාකාරකම් වල යෙදෙන්න. අම්ම එක්ක කොහේ හරි ඥාති ගෙදරක යන්න. යාලුවෝ එක්ක ෂොපින් පාරක් දාන්න යන්න. ඔබ බැබලෙනවා දකිද්දී නැවත ඔහුටම හිතේවි ඔබ වෙත එන්න.
5) ඔහුට කෝල් කරන්න එපා

ඔහු කෝල් නොකලොත් ඔහුට කතා කරන්න SMS යවන්න හදන්න එපා. ඔහුට පාඩුවේ ඉන්න දෙන්න. ඔහු කතා කළොත් පමණක් උත්තර දෙන්න. හැකි නම් ගණන් නොගෙනම ඉන්න. එවිට ඔහුට ස්වභාවිකවම ඔබ පසු පස එන්න පෙළඹීමක් ඇති වෙනවා.
6) තර්ජන කිරීමෙන් වළකින්න

ගොඩක් ගැහැණු කරන දෙයක් තමයි “ඔයා නැවත සම්බන්ධය පටන් නොගත්තොත්, මම මැරෙනවා, කැම්පස් එකෙන් ඩ්‍රොප් වෙනවා, ඔයාලගේ අම්මට කෝල් කරලා කියනවා…. වැනි දේවල් වලින් තර්ජනය කරන එක. සමහර භාර්යාවෝ තර්ජනය කරනවා දරුවෝ දෙන්නව මරනවා වැනි බිහිසුණු දේවල් වලින් පවා. මෙවැනි දේවල් වලින් ඔහුගේ හිත වෙනස් වීම කෙසේ වෙතත් ඔබ කෙරෙහි ලොකු පිළිකුලක් ඇති වෙලා නැවත කවදාවත් සම්බන්ධය ඇති නොවෙන තැනට වැඩ සැකසේවි. ඔබ කොතරම් වේදනාවෙන් හිටියත් මේ අයුරින් තර්ජන කිරීමෙන් වලකින්න විශේෂයෙන්ම මතක තියා ගත්තොත් හොඳයි.
7) කරුණාවන්ත වීම

දික්කසාදයකදී හරි සම්බන්ධයක් බිඳ වැටීමකදී හරි අපේ රටේ ගොඩක් කාන්තාවෝ තරහ , පළිගැනීම , වෛරය වගේ ඍණාත්මක මනෝ භාවයන් ඇති කර ගන්නවා. මෙවුවා මගින් දෙන්න දෙපැත්තට හයිය පෙන්වන්න පටන් ගත්තහම කිසි කෙනෙක් දිනන්නේ නැහැ . අන්තිමට ඉවර වෙන්නේ යලි පිළිසකර කරවන්න බැරි වෙන්නම එකිනෙකා එපා වීමයි.
8) ඔබ ඔබම වෙන්න

ඔහු ඔබ කෙරෙහි වරක් ආදරෙන් බැඳුනා. ඒ මොන හේතු වලටද? ඒ හේතු වලට නැවතත් ඔහු ඔබ සමග ආදරෙන් බැඳෙන්න පුලුවන්. එම නිසා ඔබ හොඳින් ජීවත් වෙන්න. ඔහු එවිට ඔබ නැති අඩුව තේරුම් ගනීවි. ඔබ නැති වේදනාව නිසා නැවත ඔබ වෙත පැමිණේවි.
9) ඔබව හොඳින් බලා ගන්න

කන්නේ නැතුව ඉඳීම, හෝ වැඩියෙන් කාලා මහත් වීම කියන්නේ කිසිම දෙයක් වෙනස් කරන්න සමත් හැසිරීම් නෙවෙයි. මෙවැනි නරක කාලෙකදී ඔබ වඩා සැලකිලිමත් විය යුතුයි නියමිත ලෙස ආහාර ගැනීමට සහ ව්‍යායාම වල නිරත වීමට. ව්‍යායාම කියන්නේ මානසික ආතතියෙන් මිදෙන්න කරන්න පුලුවන් හොඳම ප්‍රතිකාරයක්.
10) සුදුසු පිරිමි මිතුරන් දැන හඳුනා ගැනීම ප‍ටන් ගන්න

ඔහු වෙනුවෙන් බලාගෙන ඉන්න අතරේ අලුත් යහළුවන් ඔබ වෙත එනවා නම් ප්‍රතික්ෂේප කරන්න එපා. යාළුවො වගේ කතා බැහැ කරන්න. තේ, කෝපි ටිකක් බොන්න යන්න. එවිට ඔබේ හිතේ ඇති කාන්සිය දුරු වෙලා යනවා. ඔබ වෙනත් යහළුවෝ එක්ක ඇසුරු කරද්දී ඔහුගේ හිතේ ඇතිවෙන ඉරිසියාව කියන්නේ ඔහුට දුවගෙන ඔබ වෙත එන්නට ලොකුම පෙළඹීමක්. මේ දේවල් දහය කරොත් සිකුරුයි ඔහු නැවත එනවා.

සමහර විට නොඑන්නත් පුලුවන්. ජීවිතේ හැටි ඔහොමයි. අලුත් අය ජීවිතේට එද්දී ඔබටම හිතේවි පරන සම්බන්ධය බිඳ වැටුන එක දාහෙන් සම්පතක් කියල.

goodhousekeeping.lk


Wmqgd .ekSu weiqfrks
o