131 Views  
ලක්‌දිව සැපත් මුහුදු ගණන්කාරයා ඔමුරා
2017 පෙබරවාරි මාසයේ දිනක ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය ආශ්‍රිත මුහුදේදී අසාමාන්‍ය ලෙස වර්ණවත් වූ කුඩා බැලීන් තල්මසකු (Baleen whale) සාගර ජීවවිද්‍යාඥවරියක වන ආශා ඩී වොස්‌ මහත්මිය විසින් දැක ඇති අතර තල්මසාගේ රූපවිද්‍යාත්මක ලක්‌ෂණ අනුව එම තල්මසා ඔමුරා තල්මසා යයි Omura’s whale (Balaenoptera omurai) හඳුනාගෙන ඇත. එම හඳුනා ගැනීම ශ්‍රී ලංකාවේ හා මධ්‍යම උතුරු ඉන්දියානු සාගරයේ ස්‌ථිර කරණු ලැබූ පළමු දැක ගැනීම වනු ඇත. මේ වෙබ් අඩවියක සටහනකි.

තල්මස්‌හු සාගර ක්‌ෂීරපායින් වෙති. තල්මසුන්ගේ රූප විද්‍යාත්මක හා කායික විද්‍යාත්මක කරුණු සැලකීමේදී තල්මසුන් පරිණාමය වූයේ ගොඩබිම ජීවත්වූ ක්‌ෂීරපායින්ගෙනි. සිටේසියා (Cetacea) නම් ගෝත්‍රයට අයත් තල්මසුන් පරිණාමිකව හිපපොටේමස්‌ට පවා කිට්‌ටු නෑකමක්‌ දක්‌වයි. සත්ව විවිධත්වය අනුව සියලුම තල්මසුන් කුල 08 කට අයත් වේ. එම කුල වන්නේ Balaenopteridae" Balaenidae" Cetotheroidae" Eschrichtiidae" Monodontidae" Physeteridae" Kogiidae yd 'iphiidae'

තල්මසුන් හා ජන ජීවිතය

මුහුදේ සිට සැතපුම් ගණනාවක්‌ ඈත මුහුදේ ජීවත් වුවද තල්මසුන් හා අපගේ ජන ජීවිතය අතර ඉතා කිට්‌ටු සබඳතාවයක්‌ පවතී. නිදසුන් ලෙස බයිබලය වැනි ශුද්ධ වූ ආගමික කෘතිවල පවා තල්මසුන් පිළිබඳව සඳහන් වේ. ජාත්‍යන්තර සාහිත්‍ය කෘතිවල පවා තල්මසුන් පිළිබඳ සඳහන්වේ. විවිධ චිත්‍රපට තල්මසුන් අරමුණු කරගෙන නිෂ්පාදනය වී ඇත. වියට්‌නාමය හා ඝානා යන රටවල වෙරළාශ්‍රිත ජනතාව හා තල්මසුන් අතර විශේෂ සබැඳියාවක්‌ පවතී. තල්මසුන්ව දේවත්වයෙන් සලකන ඔවුහු තල්මසුන් මියගිය විටෙක අවමංගල උත්සව පැවැත්වීමටද කටයුතු කරති. තල්මසුන් නැරඹීමද විනෝදාස්‌වාදී කටයුත්තකි. සාගර දැවැන්තයකු දැක ගැනීමට හැකිවීම වාසනාවක්‌ ලෙස සැලකේ.

තල්මසුන් නැරඹීම (Whale watching) මේ වන විට ලෝකයේ විවිධ ජනයා අතර ජනප්‍රිය විනෝදස්‌වාදී සංචාරක කටයුත්තකි. සංචාරක වාර්තාවන්ට අනුව ලොව පුරා වසරකට මිලියන 20ක්‌ පමණ සංචාරකයෝ තල්මසුන් නැරඹීමේ නියෑළී සිටිති. ශ්‍රී ලංකාවේ තල්මසුන් නැරඹීමේ ගමනාන්ත/සුදුසු ස්‌ථාන වන්නේ කල්පිටිය, ත්‍රිකුණාමලය, මිරිස්‌ස, දෙවුන්දර, අඑත්ගම, අම්බලංගොඩ හා හික්‌කඩුව වේ. ඔමුරා තල්මසා වාර්තා වී ඇත්තේ දෙවුන්දර ආශ්‍රිතවයි.

චර්යාවන්

නොනිදන ක්‌ෂීරපායින් වන මෙම දැවැන්තයින්ට ජලය යට සැලකිය යුතු කාලයක්‌ ගිලී ජීවත්වීමට හැකි වුවද ස්‌වසනය සඳහා අවැසි වාතය ලබා ගැනීමට නිරන්තරයෙන් ඔවුන් සාගර ජලයෙන් ඉහළට මතුවේ. විශාල නාස්‌ පුඩුවලින් වාතය ඇද ගන්නා තල්මසුන්ට ශ්‍රොaජි මේකලාවන්ද ඇත. අපර ගාත්‍රා, අවල් (flippers) ලෙස විකරණය වි ඇත. මෙවැනි ලක්‌ෂණ තුළින් තවදුරටත් තල්මසුන් ගොඩබිම ක්‌ෂීරපායි පූර්වජයන්ගෙන් පරිණාමය වූ බවට විශ්වාස කළ හැක. අචලතාපීන් වන මොවුන්ගේ දේහයට යටින් ඝනකම් මේද තට්‌ටුවක්‌ද ඇත.

තල්මසුන්ගේ ශරීර ප්‍රමාණය දිගින් මීටර 2.6 (අඩි 8.5) සිට මීටර 29.9 (අඩි 98) ක්‌ දක්‌වාත් බරින් කිලෝ ග්‍රෑම් 135 (රාත්තල් 298) සිට ටොන් 210 ක්‌ පමණවේ. කුඩාම තල්මස්‌ විශේෂය Kogiidae කුලයට අයත් කුරු කෝමද තල්මසා (Dwarf sperm whale) වන අතර විශාලතම තල්මස්‌ විශේෂය වන්නේ Balaenopteridae කුලයට අයත් නිල් තල්මසාය (blue whale- Balaeoptera musculus). තවද නිල් තල්මසා මේ දක්‌වා සත්ව ලෝකයේ දක්‌නට ලැබෙන විශාලම සත්වයා වන අතර කෝමද හෝ කුඩා වරල කෝමද තල්මසා (Sperm
whale- Physeter macrocephalus) පෘතුවිය මත ජීවත්වන විශාලතම දත් සහිත විලෝපිකයා වනු ඇත. ඔවුන්ගේ ආහාරය බොහෝවිට කකුළුවන් හා දැල්ලන්ය.

සාමාන්‍යයෙන් ගැහැණු සතුන්, පිරිමි සතුන්ට වඩා දේහයෙන් විශාලය. නිල් තල්මසා ඇතුළුව Balaenopteridae" Balaenidae" Cetotheroidae" Eschrichtiidae යන කුලවලට අයත් තල්මසුන් Baleen whales ලෙස හඳුන්වති. ඔවුන්ට දත් නොමැති අතර උඩු හණුවේ කෙරටීන්වලින් නිර්මිත බුරුසුවක්‌/පෙනේරයක්‌ වැනි ව්‍යqහයක්‌ (Baleen) ඇත. මෙම ව්‍යqහය ජලය ඉවත්කර සාගරයේ වෙසෙන ප්ලවාංග හා කුඩා ක්‍රස්‌ටේසියාවන් (Krill) පෙරා බුදීමට භාවිතා කෙරේ.

Physeteridae" Kogiidae හා 'iphiidae කුලවලට අයත් තල්මසුන්ට කේතු ආකාර දත් ඇති අතර එම දත් මත්ස්‍යයින් හා ක්‍රස්‌ටේසියාවන් අල්ලා ගැනීමට භාවිතා කෙරේ. තවද මෙම තල්මසුන් සතුව ඉතා හොඳින් දියුණුවු ගන්ධ සංවේදනයක්‌ හා ශ්‍රවණ සංවේදනයක්‌ ඇත. ඔවුන් විසින් එම සංවේදනයන් සතුන් ගොදුරු කර ගැනීමට භාවිතා කෙරේ. විශේෂයෙන් කෝමද තල්මසුන්ට ක්‌ෂණයකින් මුහුදු පතුලට කිමිදී ගොදුරක්‌ ඩැහැ ගැනීමේ හැකියාවක්‌ ස්‌වභාවයෙන්ම උරුම වී ඇත.

ඉහත කරුණු අනුව තල්මසුන් උඩු හණුවේ බුරුසුවක්‌/පෙනේරයක්‌ වැනි ව්‍යqහයක්‌ සහිත තල්මසුන් (Baleen whales) හා දත් සහිත (Toothed whales) ලෙස කොට්‌ඨාශ 02 කට වෙන් කල හැක.

තල්මසුන්ට සාගර සැතපුම් 20ක්‌ (20 knots) පමණ පිහිනිය හැක. නිල් තල්මසුන් වැනි තල්මසුන්ට ආහාර නොගනිමින් කිලෝමීටර දහස්‌ ගණනක්‌ වුවද පිහිනා යා හැක. ලෝකය පුරා විශාල ව්‍යාප්තියක්‌ දැක්‌වුවද සාගර තල්මසුන් දකුණු හා උතුරු අර්ධ ගෝලයේ සීතල ජලයට කැමැත්තක්‌ දක්‌වයි. එම නිසා එම ප්‍රදේශයන්හි තල්මසුන් බහුලය. කෙසේවතුදු ප්‍රසූතියේදී ඔවුන් සමකය ආසන්නයට පැමිණෙයි.

ශබ්ද නැඟීමේ හැකියාවක්‌ පවතින තල්මසුන් එමඟින් සංනිවේදනයේ යෙදෙයි. මෙසේ ශබ්ද නැඟීම, ගීත ගායනා (Whale songs) කිරීම යයි විශ්වාස කෙරේ. පිරිමි සතකුට ගැහැණු සතුන් කිහිප දෙනකු සමඟ සෑම වසරකදීම සංසර්ගයේ යෙදිය හැකි මුත් ගැහැණු සතකු වසර දෙක තුනකට වරක්‌ පමණක්‌ සංසර්ගයේ යෙදේ. තල්මස්‌ පැටවුන් වසන්ත (Spring) හා ගිම්හාන (Summer) සෘතුවලදී බිහිවන අතර පැටවුන් ඇතිදැඩි කිරීමේ වගකීම ගැහැණු සතුන් වෙත පැවරේ.

ශ්‍රී ලංකාවේ තල්මසුන්

සියලු සාගරවලින් තල්මස්‌ විශේෂ 40ක්‌ පමණ හඳුනාගෙන තිබුණද ශ්‍රී ලංකා මුහුදේදී විශේෂ කිහිපයක්‌ පමණ වාර්තාවේ. මේ අය අතුරින් Blue Whale
(Balaenoptera musculus), Humpback Whale (Megaptera novaeangliae), Fin Whale (Balaenoptera physalus), Killer Whale (Orcinus orca), Minke Whale (Balaenoptera acutorostrata), Sperm Whale (Physeter macrocephalus), Pygmy Sperm Whale (Kogia breviceps), Dwarf Sperm Whale (Kogia simus), Bryde’s Whale (Balaenoptera brydei), Melon Headed Whale (Peponocephala electra), Cuvier’s Beaked Whale ('iphius cavirostris), Ginkgo-toothed Beaked Whale (Mesoplodon ginkgodens), Southern
Bottlenose Whale (Hyperoodon planifrons), False Killer Whale (Pseudorca crassidens), Pygmy Killer Whale (Feresa attenuata) yd Short-finned Pilot
Whale (Globicephala macrorhynchus) යන විශේෂ ප්‍රමුඛ විශේෂවේ. මේ අතුරින් සමහරක්‌ තල්මස්‌ විශේෂ කලාතුරකින් ශ්‍රී ලංකා මුහුදට පැමිණෙන අතර සමහරක්‌ විශේෂ ශ්‍රී ලංකා මුහුදේ ස්‌ථිරව පදිංචි වී සිටිති. ශ්‍රී ලංකාවේදී තල්මස්‌ විශේෂයන් බොහොමයක්‌ දැක ගැනීමට හැකි වන්නේ ඔවුන් අරාබි මුහුදේ සිට බෙංගාල බොක්‌ක වෙත සංක්‍රමණය වන අවස්‌ථාවන්හිදීය. දෙසැම්බර් සිට අප්‍රේල් කාල සීමාවේදී කෝමද තල්මසුන් (Sperm whale) හා නිල් තල්මසුන් (Blue whale) බොහෝමයක්‌ දෙවුන්දර මහා ද්වීපික තටකයේදී දැකගැනීමට හැකිය.

ඉහතින් සඳහන් කරන ලද 'iphidae කුලයට අයත් Ginkgo-toothed Beaked Whale (Mesoplodon ginkgodens) නමැති තල්මසා හොටක්‌ සහිත තල්මසුන්ගේ කුලයට (Beaked Whale) අයත්වේ. 1963 දී හමුවූ නිදර්ශකයක්‌ පදනම් කරගෙන එවකට ජාතික කෞතුකාගාර අධ්‍යක්‌ෂ පී. ඊ. පී. දැරණියගල මහතා විසින් එම තල්මසාව Mesoplodon hotaula ලෙස නම් කරණු ලැබ තිබිණි.

'ඔමුරා' තල්මසා

විද්‍යාඥයන් විසින් දක්‌වා ඇති පරිදි ඔමුරා තල්මසා මීට වසර මිලියන 17කට පෙර Balaenopteridae කුලයේ ආදී ස්‌වාධීන පෙළපතක සිට පරිණාමය වී ඇත. මීට පෙර මෙම විශේෂය වාර්තා වූයේ අග්නිදිග හා දකුණු අත්ලාන්තික්‌ සාගරයෙන් හා බටහිර පැසිපික්‌ හා නිරිත දිග ඉන්දියන් සාගරයේ මැඩගස්‌කරය ආශ්‍රිතවය. ඇය විසින් සඳහන් කරන පරිදි ඔමුරා තල්මසා වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළේ සිට කිලෝ මිටර 6.9 ක්‌ දුරින් මීටර 55 සිට 65ක්‌ පමණ ගැඹුරේදීය. ඒ අනුව ඔමුරා තල්මසා, ශ්‍රී ලංකා මුහුදට පැමිණි නවතම අමුත්තා වනු ඇත. නිල් තල්මසුන්ට මෙන් ඔමුරාටද දත් නොමැති අතර උඩු හණුවේ කෙරටීන්වලින් නිර්මිත බුරුසුවක්‌/පෙනේරයක්‌ වැනි ව්‍යqහයක්‌ (Baleen) තිබේ. මෙම ව්‍යqහය ජලය ඉවත් කර සාගරයේ වෙසෙන ප්ලවාංග හා කුඩා ක්‍රස්‌ටේසියාවන් (Krill) පෙරා බුදීමට භාවිතා කෙරේ.

ඔමුරාවන් හඳුනා ගැනීමට පහත රූපවිද්‍යාත්මක ලක්‌ෂණ උපයෝගි කරගත හැක.

පහළ හණුව අසමමිතිකව වර්ණ ගැන්වී ඇත. දකුණු හණුව ලා පැහැයෙන්ද ගැන්වී වම් හණුව තද වර්ණයෙන්ද වර්ණ ගැන්වී ඇත.

හිසෙහි ඉතා ප්‍රමුඛව දක්‌නට ලැබෙන නෞතල දාරයක්‌ ඇතිමුත් පාර්ශ්විකව නෞතල දාරයන් පැහැදිලිව නොපෙනෙයි.

ලා පැහැයෙන් වර්ණවත් වූ පටියක්‌ පෘෂ්ඨ§ය වරල දක්‌වා දිවයයි. එම පටි දේහය දෙපැත්තේම අසමමිතිකව දැකිය හැකි අතර වඩාත් ප්‍රමුඛව දකුණු පැත්තේ පටි දෙකක්‌ ලෙස දර්ශනය වේ.

පෘෂ්ඨ§ය වරල උල්වී පහළට වක්‌වී තිබෙනු දැකිය හැක.

තල්මසුන්ගේ කාර්ය භාරය

තල්මසුන්ගෙන් සාගරයේ සිදුවන විවිධ ක්‍රියාකාරකම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක්‌ ඇති වේ. විශේෂයෙන් කාබන් සංචිත කිරීමටත්, ආහාර දාම හා ආහාර ජාල නඩත්තුවටත් සාගර පරිසර පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ මට්‌ටම්න් පවත්වා ගැනීමටත් විශාල දායකත්වයක්‌ තල්මසුන්ගෙන් ලැබේ. මෙම දායකත්වයේ තරම අවම වශයෙන් එක්‌ එක්‌ සාගරය අනුව 66% සිට 90% දක්‌වා වේ. කලින් කලට සාගර පරිසර පද්ධතියේ ඇතිවන විවිධ ආතති තත්වයන්, තල්මසුන් විසින් සමනය කෙරේ. එසේම දේශගුණික විපර්යාස හමුවේ සාගර පරිසර පද්ධතියේ සිදුවන උෂ්ණත්වය ඉහළ යාම හා ආම්ලිකරණය යන තත්ත්වයන් හඳුනා ගැනීමේ දර්ශක විශේෂ ලෙසත්, සාගර පරිසර පද්ධතීන්ගේ ස්‌ථාවර භාවය (Sඒඉසකසඑහ) සම්බන්ධයෙන් අනාවැකි පළ කිරීමටත් තල්මසුන් යොදා ගත හැක.

තල්මස්‌හු සාගර පරිසර පද්ධතියේ පෝෂක ප්‍රතිචක්‍රීකරණයට දායක වන අතර ඒ හරහා ප්‍රාථමික නිෂ්පාදනය ඉහළ නැංවීමටද දායකත්වයක්‌ දක්‌වති. මුහුද ගැඹුරේදී ආහාර ගන්නා ඔවුන් මතුපිටට පැමිණ මලපහ කරයි. එම මල ද්‍රව්‍ය මඟින් ප්ලවාංග වර්ධනයට අවශ්‍ය පෝෂක කොටස්‌ සැපයේ. ඒ අනුව තල්මසුන්ගේ සංක්‍රමණ රටාවන් හරහා ඔවුන් විසින් පෝෂක ද්‍රව්‍ය සැතපුම් දහස්‌ ගණනක්‌ ඈතට ගෙනයනු ඇත. තල්මසුන්ගේ මියගිය දේහයන් තවත් විශේෂ සිය ගණනකගේ වාසස්‌ථානයක්‌ විය හැකි අතර සංචිත කාබන් ඔවුන්ගේ ආහාරයද වනු ඇත.

තල්මසුන්ට ඇති තර්ජන

ආක්‌ටික්‌ ධ්‍රැවාසන්නව ජීවත් වන පිරිස්‌ පාරම්පරිකව තල්මසුන්ගේ මාංශ, සමයට පවතින මේද තට්‌ටුව (Blubber) හා උඩු හණුවේ කෙරටීන්වලින් නිර්මිත පෙනේරයක්‌ වැනි ව්‍යqහයන් (Baleen) භාවිතා තම අවශ්‍යතාවයන් වෙනුවෙන් භාවිතා කෙරේ. ඒ වෙනුවෙන් තල්මසුන් දඩයම් කෙරේ.

ධ්‍රැවාසන්නව ජීවත් වන පිරිස්‌ වෙතින් Rජුවම තල්මසුන්ට තර්ජනයක්‌ ඇතිවුවද ධීවරයන් විසින් තල්මසුන් වෙත ඇති කෙරෙන තර්ජනයන් බොහෝ විට වක්‍රව සිදුවේ. බොහෝ විට මත්ස්‍ය දැල් මඟින් (gillnetting හා Seine netting) තල්මසුන් ධීවර දැල්වලට හසුවනු ඇත (by catch). ඇතැම් විටෙක මසුන්වෙත දමන විශාල බිලී කටු තල්මසුන් විසින් ගිල දැමීම නිසාද තල්මසුන් මිය යනු ඇත.

සාගර දූෂණයේදී කාබනික රසායනික ද්‍රව්‍ය, ආහාර දාම හරහා පැමිණ තල්මසුන්ගේ දේහයන්හි තැන්පත්වේ. ඒ අනුව ආහාර දාමයන්හි ඉහළ පෝෂණ මට්‌ටම්වල සිටින විලෝපික තල්මසුන්ගේ දේහයන් තුළ වැඩි වශයෙන් මෙලෙස පරිසර දූෂක තැන්පත්වේ. කුඩා පැටවුන් විසින් කිරි ඉරීමේදී ගැහැනු තල්මසුන්ගෙන් තම පැටවුන්ට විෂ ටොක්‌සීන Rජුව ඇතුළු වේ. විෂ ටොක්‌සින මඟින් ආමාශයික හා ආන්ත්‍රික පිළිකා ඇතිවේ. එසේම කැළි කසල හා ප්ලාස්‌ටික්‌ ගිල දැමීමෙන් එය තල්මසුන්ට විෂ විය හැක.

මේ හැර නාවික සෝනා (දෝංකාර දෙන උපකරණ) මඟින් තල්මසුන් අවපැහැ ගැන්වීම (Whale bleaching) ප්‍රේරණය කෙරෙන අතර තල්මසුන් පීඩාවට ලක්‌ කෙරෙයි.

තල්මසුන් සංරක්‌ෂණය

තල්මසුන් සාගරය පුරා අණසක පතුරුවාගෙන සිටියද ඔවුන් 'මුහුදු ගණන්කාරයන්' නොවනු ඇත. ඉහතින් දැක්‌වූ පරිදි තල්මසුන් සාගර පරිසර පද්ධතියේ අත්‍යවශ්‍ය පුරුකකි. ධ්‍රැවාසන්නව ජීවත්වන ජනතාවගේ ජීවන පැවැත්මට මෙන්ම සාගරයේ නිෂ්පාéතත්වය ඉහළ නංවා එහි ගුණාත්මකභාවය නඩත්තු කිරීමටත් ඔවුන් අත්‍යවශ්‍යය.

වාර්තාවන්ට අනුව තල්මස්‌ ගහණයන්ගේ විනාශ වීම 1946 පටන් කැපීපෙනෙන කාරණයකි. ඒ අනුව ජාත්‍යන්තර තල්මසුන් මැරීම පිළිබඳ කොමිසම (International Whaling Commission) පිහිටුවාලූ අතර එක්‌ එක්‌ රටකට අල්වා ගත හැකි තල්මසුන් සංඛ්‍යාවන්ද ඉදිරිපත් කරන ලදී. 2004 වනතුරු ආදීවාසීන් (Aboriginal communities) මෙම එකඟතාවයෙන් මුදා හැරිය මුත් මේවනවිට ඔවුන්ටද මෙය අදාළ වේ. නිදසුනක්‌ ලෙස 2015 වන විට ඇලස්‌කාව හා ග්‍රීන්ලන්තයේ බටහිර වෙරළේ ආදිවාසී ජනයාට bowhead whales 280 ක්‌ දඩයම් කර ගැනීමට අවස්‌ථාව හිමිකර දුනි.

ජාත්‍යන්තර තල්මසුන් පිළිබඳ කොමිසම විසින් තල්මසුන් වෙනුවෙන් අභය භූමි 02ක්‌ මේවනවිට ප්‍රකාශයට පත් කර ඇත. ඒ ඉන්දියානු සාගර තල්මස්‌ අභයභූමිය (Indian Ocean Whale Sanctuary වර්ග කිලෝමීටර 11,799,610) හා දකුණු සාගර තල්මස්‌ අභය භූමිය (Whale Sanctuary - වර්ග කිලෝමීටර 30,560,860). 2013 වනවිට ලෝක සංරක්‌ෂණ සංගමය (ෂඹCභ) විසින් සිටේසියේ විශේෂ 86ක්‌ හඳුනාගෙන ඇති අතර එයින් විශේෂ 40ක්‌ තල්මසුන් ලෙස සැලකේ.

ජාත්‍යන්තර නීති මඟින් තල්මසුන් ආරක්‌ෂා කෙරෙන අතර මේ වන විට North Atlantic Right Whale උය්කැ විශේෂයේ ගහණයන්ගේ අභාවය (Extinct) ඉතා ආසන්නය - ගහණ විශාලත්වය 450 ක්‌ පමණ වේ. එය බරපතළ තත්ත්වයකි. ලෝක සංරක්‌ෂණ සංගමය (IUCN) විසින් ශ්‍රී ලංකාවේ තල්මසුන් බහුලව වෙසෙන ප්‍රදේශයන් වනජීවී රක්‌ෂිත ප්‍රදේශයන් තල්මසුන්ගේ අභයභූමි ලෙස ප්‍රකාශයට පත් කිරීමට කාලය පැමිණ ඇත. එමඟින් අවම වශයෙන් සාගර තල්මසුන් දැල්වලට හසුවීම් වළක්‌වා ධීවර කටයුතු කළමනාකරණයටත්, සංචාරක කටයුතු හා සාගර දූෂණයන් වළක්‌වාලීමටත් හැකිවනු ඇත. පවත්නා නීති ප්‍රමාණවත්ය. අවශ්‍යවනුයේ ඒවා ක්‍රියාත්මක කිරීම වේ.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ
කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති
මහාචාර්ය වසන්ත රත්නායක
(හිටපු වනජීවි සංරක්‌ෂණ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ)


Wmqgd .ekSu Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks weiqfrks
o