121 Views  
විවාහයෙන් පසුව ඔබ දෙදෙනා වෙනම ගෙදරක පදිංචි විය යුත්තේ ඇයි?
අපගේ ආයතනයේ උපදේශන සේවයේ යෙදෙන උපදේශකවරු දිනකට කාන්තාවෝ ගොඩකගේ ප්‍රශ්න විසදගන්න උදවු වෙනවා. ඒ ප්‍රශ්න අතරින් බහුතරයකගේ ගැටළු මතු වෙන්නේ ස්වාමියාගේ පවුලේ උදවියගෙන්. විශේෂයෙන්ම නැන්දම්මා ලේලි ප්‍රශ්නය බොහෝ තැන් වල තිබෙනවා. සමහර පවුල්වල අම්මලා පිටින් එන ලේලිට තමන්ගේ දරුවෙක්ට වඩා සලකනවා. නමුත් බොහෝ තැන වල මේ ගැටුම වැඩි වෙලා. එළිපිට රණ්ඩු නැතත් කාර්යාලයක ඔට්ටු වෙන ලේලිලා තමන්ගේ සැමියාගේ ගෙදර නැවතුනහම ගෙදර ගිහිල්ලත් ලොකු පීඩනෙකින් ඉන්නේ. මේ ප්‍රශ්නය දුර දිග ගිහින් දික්කසාදය දක්වා වැඩ සිද්ධ වෙන වෙලාවත් අනන්තවත් අපට හමු වෙනවා.

අතීතයේ පවුල් වල ළමයි කීප දෙනෙක් හිටපු නිසා විවාහ වෙන දරුවෝ ගෙදරින් පිට වෙනවා. පිට රටවල නම් දරුවෝ අවුරුදු 18 වෙද්දී වෙනම තැනකට යාම සිරිතක්. නමුත් කියන්න කනාගාටුයි අපේ සමාජයේ දරුවෝ කියන සංකල්පය ඉතාම අවාසිදායක විදිහට තමයි අපි මෙහෙයවන්නේ.

පුතෙක් උපන් දවසේ ඉඳල බොහෝ අම්මලා තමන්ගේ සැමියාට වඩා තැනක් පුතාට දෙනවා. පුතා මුළු ජීවිතේම කර ගන්නවා. එතනින් පසු කොන් වෙන පියා ඒ ආදරේ ලබන්න වෙන වෙන නරක දේට යොමු වෙන්නත් මේ තත්වය හේතු වෙනවා. ඉන් පසු පුතා ලොකු වුනාම බිරිඳක් අරගෙනවත් ඒ බිරිඳට ඔහුව අයිති කරගන්න දෙන්නේ නැහැ. ඔවුනට වෙනම ගෙදරකට යන්න එපා කියල බල කරනවා. මේකේ භයානකම තත්වය තමයි මේ පුතාල බොහෝ විට මානසිකව අම්මට බොහොම ලැදියි. අම්මගේ වරද දැක දැකත් බිරිඳව ආරක්ෂා කරන්නේ නැහැ.

අපි හැම විටම පවුල් වුන යුවලකට මුල සිටම වෙනම පදිංචි වෙන්න කියල බල කරනවා. එයට හේතු මොනවද විමසල බලමු.
fb- like-beg
1) විවාහයෙන් පසු ඔබ දෙදෙනා වෙනම පවුලක්

දෙදෙනක් විවාහ වුනාම ඔබ දෙදෙනා වෙනම පවුලක් වෙනවා මිසක කිසිම විටක අම්මලාගේ පවුලේ දරුවෝ වෙන්නේ නැහැ. මෙහි අදහස ඔබේ ජීවිතේ තීරණ ගැනීම ඔබ දෙදෙනා ස්වාධීනව කළ යුතුයි. අවාසනාවට අද බොහෝ අම්මලා විශ්වාස කරන්නේ ඇයගේ සහ පියාගේ පවුලට තව ගැහැණු දරුවෙක් පුතා පිටතින් ගේනවා කියලයි. අම්මල බලාපොරොත්තු වෙනවා ලේලි තමාට වුවමනා විදිහට සේරම කරගෙන ජීවත් විය යුතුයි කියල. ස්වාමියා වන ඔබට මෙහිදී ලොකු වගකීමක් තිබෙනවා. ඔබේ අම්මා ඇගේ පවුල් ජීවිතය පියා සමග ගෙවුවා. එම නිසා ඔබේ බිරිඳට ඔබ සමග ඇගේ පවුල ගෙන යාමට ඉඩ ලබා දිය යුතුයි. එය ඇගේ අයිතියක්.
2) ඔබේ බිරිඳ සහ ඔබ ජීවිතයට මුහුණ දෙන්න ඉගෙනගත යුතුයි

විවාහයෙන් පස්සෙත් අම්මලා එක්ක ඉන්නවා කියන්නේ තවමත් ඒ පවුලේ ගෘහ මූලිකයා තාත්තා. බඩු ගෙන එන්නේ ඔහුයි. අම්මා තමයි ඒ පවුලේ ගෘහණිය. උයන පිහන දේවල් , යන එන තැන මේ හැමදේම තීරණය කරන්නේ අම්මා. නමුත් ඔබ සහ ඔබේ බිරිඳ සූදානම් විය යුතුයි යම් දිනක ඔවුන් නැති කාලෙක ජීවිතේ දේවල් වලට තනියම මුහුණ දෙන්න. එම තත්වය අවාසි දායක වෙන්නේ ඔබටයි. සියලු කටයුතු ඔබ දෙදෙනා තනියම කළ යුතු බව මතක තබා ගන්න.
3) මුල් කාලේ ඇතිවෙන පොඩි පොඩි ආරවුල් වලට ගෙදර අය මැදිහත් වෙනවා

විවාහය කියන්නේ ලොකු කඩඉමක්. අමතක කරන්න එපා වෙනම පරිසර දෙකක හැදුන දෙන්නෙක් එක වහලක් යටට ඇවිත් එක ජීවිතයක් ගොඩ නගනවා. මුල් වසර දෙක තුල ආරවුල් වෙන්නේ නැහැ කියනවා නම් ඒක අමූලික බොරුවක්. දෙන්න දෙමහල්ලෝ තියන වලියක් සෙට්ල් කරගන්න ඉගෙන ගන්න බැහැ අම්මල එක්ක එක ගෙදර ඉද්දි. බොහෝ දෙමාපියන්ට අමතකයි ඔවුනුත් මුල් කාලේ දබර කර ගත්තා කියල. දරුවන්ට ප්‍රශ්න විසදගන්න නොදී ඔවුනුත් ඒවාට මැදිහත් වෙනවා. බොහෝ විට ලේලි වැරදි කාරයා කරලා පුතාගේ පැත්ත ගන්නවා. එම නිසා ලේලි අසරණ වෙනවා. තව ගෙයි ඇතුලේ ගින්න පිටට යනවා.

“බලන්නකෝ මේ කෙල්ල අපේ දරුවට නිතරම බනිනවා. මට දුකේ බැහැ. “ ඔවැනි ප්‍රකාශ නොහිතම අම්මල පිට අයට කියනව.

එවිට පිට මිනිස්සු අපිට හිනා වෙන්න තමයි බලන්නේ.

දෙන්න දෙමහල්ලෝ එකිනෙකා තේරුම් අරගෙන ඔය පොඩි පොඩි ආරවුල් සමනය වෙන්න වසර දෙකක්වත් යනවා. මේ කාලය තනිවම ජීවත්වීම ශක්තිමත් අනාගත ජීවිතයකට මග පාදනවා.
4) එදා පරම්පරාවයි අද පරම්පරාවයි හාත්පසින් වෙනස්

ඔබේ අම්ම සහ බිරිඳ කියන්නේ පරම්පරා දෙකක ගැහැණු. උදාහරනෙකට මගේ පියා පමණයි රැකියාවක් කලේ. අම්මා ගෙදර හිටියේ. එම නිසා ගෙදර වැඩට සහ දරුවන් හැදීමට පියා එතරම් වෙහෙසක් දැරුවේ නැහැ. නමුත් ඉපයීමට රැකියාවක් කරන මමත් වෙහෙසෙනවා. එම නිසා මගේ සැමියා දරුවන් හැදීමට සහ ගෙදර වැඩට ලොකු දායකත්වයක් දෙනවා. මේ තත්වය නැන්දම්මා කෙනෙක්ට පෙන්නේ තමාගේ පුතාගෙන් වැඩ ගැනීමක් ලෙසයි.

ඒ වගේම නවීන පරම්පරාවේ අපේ පුරුදු සහ පසුගිය පරම්පරාවේ සිරිත් වෙනස්. අපි හැම දෙයක්ම සැලසුම් කරන්නේ ජංගම දුරකථනය හරහා. ඒය නොදන්නා නැන්දම්මා හිතනවා අපි නිතරම දුරකථනය ඔබමින් පිට අය සමග සම්බන්ධකම් පවත්වනවා කියල.

තව අපි අඳින පළඳින විදිහ නැන්දම්මලට දිරවන්නේ නැහැ. අපි කකුල් තියාගෙන ඉන්න විදිහ හරියන්නේ නැහැ.
ඔබ තේරුම් ගත යුත්තේ අම්මගේ ජීවිතේ පවුල ගෙවිලා ඉවරයි. ඔබේ බිරිඳට සැහැල්ලුවෙන් නිදහසින් ඉන්න වෙනම තැනක පදිංචි විය යුතුයි.
5) දරුවෝ ඉපදුනහම ඔවුන් ආච්චිට සීයට වැඩියෙන් ඇලුම් කරනවා

දෙමාපියන්ගේ ගෙදර ඉද්දි දරුවෝ ඉපදිලා ඔබ වැඩට යනවා. දරුවාගේ සේරම දේවල් උපන් දවසේ සිට කරන්නෙ අත්තම්ම සහ සීය. ඇතැම් දරුවෝ නිදන්න යන්නෙත් අත්තම්ම ගාවට. මෙවැනි දරුවෝ බොහොම නරක වෙනවා. මොකද අත්තම්ම සහ සීය සුරතල් කරනවා වැඩි නිසා. ඔවුන් පාලනයක් නැතුව හැදෙන්න බලනවා. මේ තත්වේ දරුවන්ටත් ඔබටත් හොඳ නැහැ.
6) ප්‍රයෝගික විසඳුමක්

දෙමාපියන්ගේ සතුට ගැන සලකලා ,ඔබ ඔවුන් සමග විවාහයෙන් පසුත් පදිංචි වී සිටීම නම් වාසි වලට වඩා අවාසි වැඩි තත්වයක්. මෙහි සටහන් වෙන්නේ නැහැ දෙමාපියන්ට සලකන්න එපා කියල කොයි මොහොතකවත්. එයට නිසි ක්‍රමයක් තිබෙනවා. ඔබ සැමියා ලෙස දෙමාපියන්ට කිට්ටුවෙන් පදිංචි වීම තමයි සුදුසුම. එක්කෝ මහගෙදර වත්තේම වෙනත් ගෙයක් ඉදි කිරීම. නැත්නම් විනාඩි කීපයකින් ලඟා වෙන්න හැකි තැනක පදිංචි වීම.

දෙමාපියන්ට ආහාර ගැනීමට ඔබේ ගෙදරට ආරාධනා කිරීම වගේ උපක්‍රම යොදද්දී පාර්ශව දෙකම එයින් ප්‍රතිලාභ ලබනවා.

ඒ වගේම ඔබේ දෙමාපියෝ තනිව යැපෙන්න බැරි තරම් රෝගී වුනාම , මහලු වුනාම අන්න නියම වෙලාව ඔවුන් ඔබේ වහලය යටට අරන් කුඩා දරුවෝ වගේ නොපැකිල රැක බලා ගන්නට. ඒ කාලේ එද්දී ඔබේ බිරිඳත් පැසුන , ලොකු දරුවෝ ඉන්න මවක්. ඔබ දෙන්න අතරෙත් බැඳීම කායික බැඳීම් ඉක්මවලා මුල් ඇදලා. අන්න එක තමයි දෙමායියෝ එක්ක එක වහලක් යටට එන්න නියම වෙලාව.

goodhousekeeping.lk



Wmqgd .ekSu weiqfrks
o