79 Views  
කාන්තාවන්ට වෘත්තීය උපදෙස් 5 ක්
රැකියා ස්ථානයක ඉහල විධායක නිළධාරියෙක් වීම ලේසි දෙයක් නම් නෙමෙයි (විශේෂයෙන්ම කාන්තාවන්ට.) දැනට කර ඇති සමීක්ෂණ ගණනාවකටම අනුව, ලොව ප්‍රචලිත සමාගම්හි ජ්‍යේෂ්ඨ විධායක මට්ටමේ සිටින කාන්තා ප්‍රතිශතය 5%කටත් අඩුයි. නමුත්, මේ සමාගම් වල රැකියා කරන මුළු කාන්තා ප්‍රතිශය නම් 45%කටත් වැඩියි. හැබැයි මේ වැඩි කාන්තා ප්‍රතිශයෙන් ඉහල මට්ටමේ උසස්වීම් ලබන්නේ ඉතාම සුළු ප්‍රතිශතයක් වීම කණගාටුදායකයි නේද? කාන්තාවන් වන අපට නම් මෙය සතුටු දායක ආරංචියක් නෙමෙයි.

fb- like-beg

හැබැයි, කර ඇති අධ්‍යයන වලින් නම් කියවෙන්නේ වෙනස්ම කතාවක්. කාන්තාවන් වැඩි වශයෙන් රැකියා කරන ආයතන වල ඵලදායීතාවය ඉහල මට්ටමක තමයි පවතින්නේ. එම ආයතන වල මුළු ආදායම 41%කින් පමණ වැඩි බවත් මේ අධ්‍යයන වලින් තහවූරුවෙලා තියෙනවා. සාරාංශයක් වශයෙන් කීවොත්, ඉහල මට්ටමේ සිටින කාන්තාවන් නිසා ව්‍යාපාර දියුණුවෙනවා.

කාන්තාවන්ට කියාම වසරේ දිනයක් නම් වෙන් කෙරිලා තියන්වානේ. නමුත්, අපිට නිසි තැන හිමිවෙනවාද? දැන් අපි රැකියා ස්ථානය ගැන කතා කරමු. හාවඩ් ව්‍යාපාර විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන “රොබින් එලි” පවසන අන්ඳමට, රැකියා ආයතනයන්හි ඉහල මට්ටමේ සිටින කාන්තාවන් අනෙකුත් කාන්තාවන්ට උපකාර කරනවා. ඇය හුවා දක්වන මේ ලක්ෂණය කාන්තාවන් තුල ඇති උතුම් ගුණයක්. නමුත්, ඉහල මට්ටමේ සිටින කාන්තාවන් අනෙකුත් කාන්තාවන්ට උපකාර කරන්නේ කොහොමද කියා දන්නේ නැතිවීම නම් මහා ගැටළුවක්. ඉතින් මේ ලිපිය මඟින් විස්තර කෙරෙන්නේ, ඔබ රැකියා ස්ථානයක ඉහල මට්ටමේ සිටින කාන්තාවක් වශයෙන් අනෙකුත් කාන්තාවන්ගේ සාර්ථකත්වයට උපකාර කරන්නේ කොහොමද කියායි.
01) රැකියා ස්ථානයේ කාන්තාවන්ට සිදුවෙන වෙනස්කම් හා බාදාවන් හඳුනාගැනීම හා ඒවා වෙනුවෙන් කතා කිරීම.

ලිංග භේදය අද රැකියා ස්ථාන වල වැඩිවශයෙන් දක්නට නැතිවුණත්, යම් දුරකට හරි තාමක් ඉන් කාන්තාවන්ට වෙනස්කම් සිදුවෙනවා කියල කණගාටුවෙන් හරි කියන්න වෙනවා. කාන්තාවන්ට එල්ලවෙන ප්‍රධානම බාදාව වන්නේ රැකියා ස්ථානවල තමාට සුදුසු උසස්වීම් නොලැබීමයි. කාන්තාවන්ට සම අයිතිය තිබෙන බව යම් තැන්වල සඳහන් වුණත්, ප්‍රායෝගික ලෝකයේ නම් තත්වය වෙනස්. කාන්තවන් තවමත් අසාධාරණයට ලක්වෙනවා.

මේ තත්වය වෙනස්කිරීම සඳහා අපට ශක්තිමත්, බලපෑමට බිය නැති, හා ආත්ම විශ්වාසය ඇති නායිකාවන් අවශ්‍යවෙනවා. හැබැයි රැකියා ස්ථානවල කාන්තාවන්ගේ අයිතිය වෙනුවෙන් නැගීහිටින නායිකාවන්ටත් නොයෙකුත් කැපිලි එල්ලවීම තවත් ගැටළුවක්. කෙසේ නමුත්, රැකියා ස්ථානවල කාන්තාවන්ට සිදුවෙන බාදාවන් හා වෙනස්කම් හඳුනාගෙන ඒවා වෙනුවන් කතාකිරීම ඉහලපෙලේ “නිළධාරිණියන්ගේ” වගකීමයි.

මේ සඳහා කාන්තාවන් එක්ව නැගිටිය යුතුයි. ඔබ කැරළි ගැසිය යුතුයි කියන එක නෙමෙයි අපි කියන්නේ. තමාට රැකියා ස්ථානයේ සිදුවෙන වෙනස්කම් හා අත්දැකීම පිළිබඳව කාන්තාවන් එක්ව සාකච්ඡා කළ යුතුයි. ඔබ රැකියා ස්ථානයේ ඉහලට යනවිට ඔබට එක් විශේෂ කරුණක් වැටහේවි. ඒ, රැකියා ස්ථානවල ඉහල මට්ටමේ කාන්තා නියෝජනය ගොඩක් අඩුයි කියන කරුණ. ඔබට තනිව නම් මේ වෙනුවෙන් නැගී සිටින්න බෑ. ඔබ සැවොම එක්වන්න. රැකියා ස්ථානයේ ප්‍රතිපත්ති නිසා කාන්තාවන් වන ඔබට නිසි තැන අහිමිවෙනවා නම්, ඒ වෙනුවෙන් සටන් කරන්න.
2) ඔබ උපදේශිකාවක් වන්න, තරඟකාරියක නොවන්න

කාන්තා නියෝජනය අඩු සමාගමක සිටින ඔබ, ඉබේටම වගේ අනෙකුත් කාන්තාවන් හා තරඟ කරන තැනැත්තියක් බවට පත්වීමට පෙළබෙන්න පුළුවන්. නමුත් ඔබ එසේ නොවිය යුතුයි. එක් අයෙකුගේ ජයග්‍රහණය තව කෙනෙකුගේ පරාජය වන්නේ නෑ. ඔබ වගබලාගත යුත්තේ තරඟකාරියක් නොවී අනෙකුත් කාන්තාවන්ට උපකාරයක් වීමයි. හැබැයි එලෙස නොසිතන තරඟකාරී කාන්තාවනුත් ඔබට මුණගැසී ඇති.

උපදේශිකාවක් වශයෙන් ඔබ රැකියා ස්ථානයේ අන් කාන්තාවන්ට අවවාද හා අනුශාසනා දෙනවා වගේම, එම කාන්තාවන් මානසිකව පීඩාවට පත්ව සිටින විට ඔවුන්ට සහනයක් වෙන්නත් ඕනේ. එසේ කරන්න ඔබ එම ආයතනයේ ඉහල නිළධාරිණියක් වෙන්නම අවශ්‍ය නෑ. රැකියා ස්ථානයේ යම් උපදේශනයක් ඔබට අවශ්‍ය නම්, ඔබට වඩා “එක් පියවරක්” ඉහලින් ඉන්න කාන්තාවක් සමග එම ගැටළු සාකච්ඡා කරන්න. ඇය මෑතකදී උසස්වීමක් ලැබූ නිසා, ඇගේ උපදෙස් ඔබට ගොඩක් වටීවි.

ඔබ රැකියා ස්ථානයේ එක් උපදේශිකාවක් පමණක් තියාගන්න එපා. රැකියා ස්ථානය තුල විවිධ අත්දැකීම් ඇති උපදේශිකාවන් කීපයක් හඳුනාගන්න. විවිධ උපදේශිකාවන්ගෙන් ලබාගන්නා උපදෙස් ඔබට රැකියා ස්ථානයේ ඉහලට යන්න ගොඩක් උපකාරීවෙනවා. සමහර සමාගම් උපදේශන වැඩමුළු පවත්වනවා. ඔබේ රැකියා ස්ථානයේ එවැනි වැඩමුළු පවත්වන්නේ නැතිනම්, එවැනි වෙනත් වැඩමුළුවක් සොයාගෙන යන්න. රැකියා ස්ථානයේ සිටින ඔබට වඩා අත්දැකීම් වැඩි කාන්තාවන් හා කතා කිරීමට නිහතමානී වන්න.
3) කාන්තාවන්ට අනුග්‍රහය දක්වා ප්‍රවර්ධණය කරන්න

දැනට සිදුකර ඇති සමහර ඝවේශණ වලින් කියවෙන්නේ, කාන්තාවන්ට ප්‍රමාණවත් පරිදි උපදේශනය ලැබුණත් ඊට සමානව අනුග්‍රහය නොලැබෙන බවයි. ඇත්ත, උපදේශනයත් ඉතා වැදගත්, ඒවගේම රැකියා ස්ථානයේ කාන්තාවන්ට නිසි ප්‍රමාණයේ අනුග්‍රහය ලැබෙන්නත් ඕනේ.

මේ අනුග්‍රහය තමයි ඉතා වැදගත්. උපදේශිකාවක් ඔබේ ගැටළු විමසා ඔබේ මනසට හොඳ සහනයක් දෙනවා වෙන්න පුළුවන්. නමුත් කාන්තාවන්ට රැකියා ස්ථානයේ ඉහලට යාමට හොඳ අනුග්‍රහයකුත් අවශ්‍යවෙනවා. මේ අනුග්‍රහය දක්වන්නේ කවුද? ඔබ රැකියා ස්ථානයේ ඉහල මට්ටමේ සිටින තැනැත්තියක් නම්, ඔබට පුළුවන්නෙ අනෙකුත් කාන්තාවන්ට ඔබේ අනුග්‍රහය දක්වන්න.

අනුග්‍රාහකයාට ලොකු ව්‍යාපෘතියක් සඳහා කාන්තාවකගේ (ඔබේ) නම යෝජනා කරන්න පුළුවන්. නිසි අනුග්‍රහයක් ලැබුණු විට ඔබට ඉතා වේගයෙන් ඉහලට යන්න අවස්තාව හිමිවෙනවා. ඉහල මට්ටමේ නිළධාරිණියක් වන ඔබ සමගමේ නැගී එන තරුණියන් හඳුනාගන්න. ඔවුන් සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනගන්න. තරුණියන්ට අද සමාගමකට ඇතුළුවීම අපහසුයි, ඔබ ඒ සඳහා ඔවුනට උපකාර කරන්න. ඔබේ සමාගමේ තාරුණියන් කරන හොඳ ක්‍රියාවන් ඇගයීමටකට ලක්කරන්න. ඔබේ ඉහල නිළධාරිණියගෙන් උපදෙස් ලබාගැනීමට පසුබට වෙන්න එපා. ඔවුන් සමග කතා කරන්න. එමඟින් ඔබට හොඳ අනුග්‍රහයකට මගක් පෑදෙන්නත් පුළුවන්.
4) එකින් එකාට යම් බුරුලක් ලබාදෙන්න

අනුග්‍රහය හා උපදේශනය වගේම මෙයත් ඉතා වැදගත්. රැකියා ස්ථානයක ඉහලපෙළේ සිටින කාන්තාවන් හා පසුපෙළේ සිටින කාන්තාවන් අතර බෙදීමක් තියෙන්න බෑ. සමාගම්හි ඉහල නිළධාරිණියන් පසුපෙළේ සිටින කාන්තාවන්ට උපකාර කිරීමට පෙළඹෙනවා. නමුත්, පසුපෙළේ සිටින කාන්තාවන් එය සුභවාදී ලෙස භාරගන්නේ නෑ. මතකයේ තියා ගන්න, ඉහල පෙළේ සිටින නිළධාරිණියන්ට කියල කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඉතින් පසුපෙළේ සිටින ඔබ අධික බලාපොරොත්තු තියාගන්නත් එපා. ඉහලපෙළේ නිළධාරිණියනුත් අධික මානසික පීඩනයකින් තමයි ඉන්නේ.

ඔබට ඉහලින් සිටින කාන්තාවන් සුපිරි කාන්තාවන්ද කියා සිතන්නත් එපා. දෙපාර්ෂවයම එකිනෙකාට විවෘත වෙනවානම් හොඳයි. සමහර විට ඔබත් පසුපෙළේ සිටින කාන්තාවක් වන්න පුළුවන්. ඉතින් ඔබට සිතෙන්න පුළුවන් ඉහලපෙළේ සිටින කාන්තාවන් එම ස්ථානයට සුදුසු නෑ කියා. මේ වැරදි වැටහීම නැවතීම සඳහා සමාගම් කළයුතු එක් දෙයක් තියෙනවා. ඒ, ඉහළ නිළධාරිණියන් එම ස්ථානයට පැමිණියේ කොතරම් කැපකිරීමක් කරලාද යනවග අනිත් කාන්තාවන්ට වටහාදීම සඳහා අවස්තාව ලබාදීමයි.

ඉහළ නිළධාරිණියක් වන ඔබට මෙන්න හොඳ උපදෙසක්. ඔබ දැන් සිටින තත්වයට පැමිණීම සඳහා වසර ගණනාවක් කැපකිරීම කරන්න ඇති. හැබැයි ඔබ අනිත් කාන්තාවනුත් ඔබ තරම්ම කැපකිරීමක් කරලම ඔබේ තැනට පැමිණිය යුතුයි යන මතය අත්හරින්න. මේ මතයේ සිටින සමහර කාන්තාවනුත් පසුපෙළේ සිටින කාන්තාවන්ට ඉහලට යමට වැට බඳිනවා. ඔබ විඳි දුක වෙන කාන්තාවකට අත්නොවිදීමට උපකාර කිරීමයි ඔබේ වගකීම.
5) කාන්තාවන්ට උපකාර කිරීමට පුරුෂයින් බලගන්වා දැණුම ලබාදෙන්න.

කාන්තාවන් එකිනෙකාට සහයෝගය දැක්වීම පමණක් රැකියා ස්ථානයක් තුල ප්‍රමාණවත් වන්නේ නෑ. අදටත් රැකියා ස්ථානවල ඉහලපෙළේ වැඩි වශයෙන් සිටින්නේ පුරුෂ පාර්ෂවයයි. ඉතින්, පුරුෂ පාර්ෂවයත් මේ සඳහා ඔබට දායක කරගන්න වෙනවා.

ඉහළපෙළේ සිටින කාන්තාවන් සමාගමක ප්‍රතිපත්ති මාලාව, සියළුම කාන්තාවන්ට සනහය ගෙනදෙන එකක් ලෙස සැකසීම සඳහා තම කාර්යය කළ යුතුයි. ඔබ ඉහලට පැමිණීමේදී එල්ලවුණු බාදාවන් හා අමාරුකම් පිළිබඳව පුරුෂ පාර්ෂවයට වටහාදෙන්න. එවිට පමණයි රැකියා ස්ථානයක ඔබටත් සම අයිතීන් හා අවස්තාවන් ලබාගන්න පුළුවන් වෙන්නේ.



Wmqgd .ekSu weiqfrks
o