123 Views  
සාර්ථක ගැහැනියක් වෙන්නේ කොහොමද?
අප වෙත උපදේශන සේවාව වෙත දිනපතා එන සේවාදායිකාවෝ අතරින් හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නයක්. ඒ තමයි කොහොමද සාර්ථක කාන්තාවක් වෙන්නේ කියන ගැටලුව. නමුත් ගොඩ දෙනෙක් දන්නේ නැහැ ඇත්තටම තමා මේ හඹා යන්නේ සාර්ථකත්වය කියල. බොහෝ ප්‍රශ්න වල මුල බලද්දී එය අවසානයට සම්බන්ධ වෙන්නේ පුද්ගල සාර්ථකත්වය නමැති ගැඹුරු සංකල්පය වෙතයි.

හැමෝම කැමති සාර්ථකව ජීවත් වෙන්න

මම අද වෙන තුරුත් දැකල නැහැ කිසිම කෙනෙක් අනේ මගේ එකම හීනය අසාර්ථක කාලකන්නි ජීවිතයක් ගෙවන එක කියල කියන. හැමෝටම ඕනේ ලස්සන වෙන්න. හැමෝටම ඕනේ නිරෝගී වෙන්න. සුන්දර පවුලක් තියාගන්න. තමාගේ ස්වාමියාගේ නැත්නම් පෙම්වතාගේ ලෝකේ ඉන්න හොඳම ගැහැණිය වෙන්න. ඒ වගේම ධනවත් වෙලා ඕනේ ඕනේ සැප සම්පත් භුක්ති විඳින්න. නිරෝගී සුවය ලබන්න. සමාජයේ ගෞරවයට පාත්‍ර වෙන්න.
සාර්ථකත්වය කියන්නේ සතුටයි

ඔබ ඔබේ ජීවිතය ගැන තෘප්තිමත් නම් වෙන අය ඔබේ ජීවිතේ ගැන කරන තක්සේරුවෙන් ඔබට වැඩක් නැහැ. ඔබ මහන්සි විය යුත්තේ ඔබේ සතුටට හේතු වෙන දේවල් කිරීමයි. එවිට ජීවිතේ ඉබේම සාර්ථකත්වය කරා යනවා. එලියට බබලවාගෙන, FB එකේ ලෝකේ ඉන්න ආදරණීයම යුවල ලෙස පෙන්වාගෙන ඉන්න බොහෝ අඹු සැමියෝ ගහ මරා ගනිද්දී, දුප්පත් පැලේ ඉදෙන බත් එක කාල අසීමිත සාමෙන් ඉන්න අයත් ඉන්නවා. ලෝකෙට පෙන්වන චිත්‍රය සහ සැබෑ සාර්ථකත්වය කියන්නේ දෙකක් මිස කොහෙත්ම එකක් නොවේ. ද්‍රව්යමය වශයෙන් මොනවගේ සාර්ථකත්වයක් අත්කර ගත්තත් ඔබ ඉන්නේ දුකෙන් නම්, අසතුටෙන් කලකිරීමෙන් නම් ඒ සාර්ථකත්වයේ කිසිම අර්ථයක් නැහැ.

ඔබේ දරුවා වෛද්‍යවරයෙක් කිරීම ඔබට අවශ්‍යයි සිතන්න. ඒ ඔබ දකින සාර්ථකත්වය එය නිසා. සමහරවිට ඔබේ දරුවා කැමති ඇත්තේ චිත්‍ර ශිල්පියෙක් වීමට. ඔහු හෝ ඇය අසතුටෙන් කුමන දෙයක් කරත් එය සාර්ථක දෙයක් ලෙස දකින්න බැහැ.
සතුට කියන දේ නොඅඩුව භුක්ති විදින්න නම් අනිවාර්යයෙන් අත් කර ගත යුතු අංග හතරක් තිබෙනවා.
1) කායික නිරෝගී කමට නිසි ආහාර සහ ව්‍යායාම

කායිකව නිරෝගී වීම දැන් දැන් අපේ තුලින් ඉවත් වෙනවා. වැරදි ආහාර පුරුදු සහ ව්‍යායාම මදකම තමයි හේතු වෙන්නේ. නිසි ලෙස ආහාර නිසි වෙලාවට ලබා ගැනීම කල යුතුයි. ඒ වගේම කෘතීම ආහාර, තෙල් සහ සීනි අධික ආහාර නිතරම ගැනීම සීමා කළ යුතුයි. නොවරදවා ව්‍යායාම වල දිනපතාම නිරත විය යුතුයි. එවිට බොහෝ ලෙඩ දුක් වලින් බේරෙන්න හැකියාව ලැබෙනවා.

මොන දේවල් ජීවිතේ තිබුනත් එද්වල් විඳගන්න කායික නිරෝගී කමක් නැත්නම් කිසිම වැඩක් නැහැ.
ලස්සන වෙනවට අමතරව ව්‍යායාම කිරීමෙන් ලැබෙන වාසි 8 ක්
2) මානසික නිරෝගී කම වෙනුවෙන් යහපත් පවුල් සම්බන්ධතා

මනුෂ්‍යයෝ කියන්නේ පවුල නමැති ආයතනය තුල හැදෙන සත්වයෙක්. පවුලේ එකිනෙකා අතර ඇති අන්තර් සම්බන්ධය නිරෝගී මනසක් ලබා ගැනීමට නිරන්තවම උපකාර කරනවා. වැඩ අධිකකම නිසා, තාක්ෂණික උපකරණ භාවිතය නිසා අපි නොදැනීම පවුලෙන් ඉවත් වෙලා. බොහෝ දෙනෙක් කයෙන් පවුලේ අය ළඟ හිටියට් හිතෙන් ඉන්නේ වෙන වෙන ලෝක වල, දුරකතනයේ බොත්තම් ඔබමින්. කොහේ හරි කන්න ගියොත්, පවුලේ අය එකතු වෙලා හිටියොත් එකිනෙකා ගැන කිසිම තැකීමක් නැතුව FB එකේ අප්ඩේට් කරමින් ඉන්නවා. මේ අය දකින විට මට නිරන්තරවම ඇති වෙන්නේ බලවත් කණගාටුවක්. අපි හිතලම මේ තත්වය වෙනස් කර ගත යුතුයි. රූපවාහිනිය, පරිඝනකය, ජංගම දුරකථනය සමග ඔට්ටු වෙවී ඉන්නේ නැතුව සැමියා, භාර්යාව, දරුවෝ , දෙමාපියෝ එක්ක සමීප සහ සම්බන්ධයක් පවත්වා ගැනීම අපේ සාර්ථකත්වයට ලොකු හේතුවක් වෙනවා.
ජීවිතය තෘප්තිමත්ව විඳිමින් ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න සරල පියවර කිහිපයක්.
3) සමාජයේ ගෞරවයට ලක් වීමට පෙරලා යමක් දෙන්න

අපි අද මෙතනට ආවේ ලෝකේ කී දෙනෙක්ගෙන් උදුව් උපකාර ලබාගෙනද? ළමයෙක් කුඩා කාලේ සිට ලොකු වෙන දවස වෙනකන් අනුන්ගෙන් බොහෝ උදවු උපකාර ලබනවා. අපි ඉපදෙන්න ඉද්දි බස් එකට ගොඩවෙන අම්මට සීට් එක දෙන මනුස්සයාගේ සිට අපේ මල කඳට එම්බාම් කරන තැන වෙනකන් කී දෙනෙක් නම් උපකාර කරලා ඇත්ද? ඒ උපකාර පෙරලා අපෙනුත් සමාජයට ලබා දිය යුතුයි. ඔබ හැම විටම අනුන් වෙනුවෙන් හැකි ලෙස උපකාර කරන්න. එවිට එහි ආශිර්වාදය ඔබ වෙතට එනවා.
4) අධ්‍යාත්මිකව නිවැරදි ආකල්ප ඇති කර ගන්න

ගොඩක් කාන්තාවෝ අතරේ සුලභව තිබෙන ප්‍රශ්න තමයි ආකල්පමය දරිද්‍රතාවය. එහා ගෙදරට කාර් එකක් ගෙනාවොත් තමන්ටත් ගෙන්න ඕනේ. බැරි නම් මානසිකව වැටෙනවා. යාළුවා වෙඩින් එක ලොකුවට ගත්තා නම් තැන ඊට වඩා ලොකුවට ගන්න බලනවා. මේ වගේ ලොකු තරඟයක් ඇති කරන එකිනෙකා හඹා යාමට උත්සහ කරද්දී ඔබේ සාර්ථකත්වය අඩපන වෙනවා විතරක් නෙවෙයි නිකන් සමාජයේ අපකීර්තියට ලක් වෙනවා.

ඒ වගේම ලෝකේ රට ගැන නිසි අවබෝධයක් දැනුමත් වීමක් නැහැ. කාර්යාලයයි, ගෙදරයි, රූපවාහිනියේ යන බොළඳ නාට්‍ය ටිකෙනුයි එහාට ගිහින් වැදගත් පොත් පත් කියවිය යුතුයි. තමා නොගිය ප්‍රදේශ දැක බලා ගත යුතුයි. චින්තනය පුළුල් කර ගත්තහම ජීවිතේ සාර්ථක වෙන්න පහසුයි. ප්‍රශ්නයක් ආවත් එයින් මිදෙන්න ලේසියි.

goodhousekeeping.lk


Wmqgd .ekSu weiqfrks
o