Ads here
340 x 60
Rs. 5000/-
0 Views  
දරුවාගේ අධ්‍යාපනයට දෙමාපියන් මැදිහත් විය යුත්තේ කෙසේද?

අපේ රටේ තියන අධ්‍යාපන ක්‍රමය ගොඩක් තරඟකාරියි. දෙමාපියෝ බලන්නේ කොහොම හරි තමන්ගේ දරුවා අනෙක් දරුවන්ට වඩා දක්ෂයෙක් කරන්න. ඒක ඇත්තටම සාධාරණයි. නමුත් දරුවන්ට උගන්වනවා කියන්නේ සීරු මාරුවට කළ යුතු දෙයක්. ඔවුන් තවම මොළකැටි දරුවෝ. වැඩිහිටියෝ වෙච්ච අපේ හැකියාවන්, සිතුම් පැතුම් ඔවුනට නැහැ. බුද්ධිමත් දෙමාපියෝ දරුවන්ගේ අධ්‍යාපනයට සුදුසු විදිහට සම්බන්ධ වෙනවා. ඒකෙන් දරුවාගේ ජීවිතේ සාර්ථක වෙනවා. ලොව පුරා අධ්‍යාපන මනෝ විද්‍යාඥයන් ඒ පිළිබඳව දක්වල තිබෙන දහස් කීපයක් අද ඔබට තිලින කරන්න අපි තීරණය කළා.

fb- like-beg
1) නිදහසේ ඉන්න වේලාවක්

උදේම පාසල් යන පොඩ්ඩා ගෙදර එන්නේ මහන්සි වෙලා. ඊට පස්සේ අමතර පන්ති. රාත්‍රියට පාසලෙන් දුන්න ගෙදර වැඩ. අමතර ක්‍රීඩා, සමිති සමාගම්, තරඟ…. දරුවට නිකන් ඉන්න මොහොතක් තියනවද කියල හිතල බලන්න. මේ තත්වය දරුවාගේ මානසික වර්ධනයට අහිතකරයි. හරි විදිහට නම් දරුවෙක්ට පැය හතරක් පමණ මුකුත් විශේෂ දෙයක් නැතුව නිදහසේ ඉන්න ලැබෙන්න ඕනේ. අසීමිත තරඟයකට දරුවාව තල්ලු නොකර යම් තරමක හරි නිදහස් වෙලාවක් විඳින්න ඉඩ දෙන්න.
2) ඔවුන් ලබන සාමාර්ථ වලට වඩා ඔවුන්ගේ හැඟීම් ගොඩක් වැදගත්

දරුවා ලබන ලකුණු වලට වඩා දරුවා ඉන්නේ සතුටින්ද කියන දේ ගොඩක් වැදගත්. පහේ ශිෂ්‍යත්වය සමත් නොවුනා කියල දරුවාව ගෙදරින් එලවපු දෙමාපියෝ පවා ඉන්න රටක් මේක. දරුවට හැම විටම තහවුරු කරන්න ලකුණු වැඩි නම් හොඳයි සහ අඩු වීම ගැටළුවක් නොවන බව. තර්ජන, තරවටු කිරීම් මගින් වෙන්නේ දරුවාගේ දක්ෂතා මොට්ට වෙන එකයි. ඒ වගේම ඔබ ඉගෙන නොගත්තා නම්, එහි වාඩුව දරුවා පිටින් යවන්න එපා. දරුවාගේ ජීවිතය දරුවට අයිතියි. කුඩා කළ අසතුටෙන් ඉන්න දරුවෝ තමයි ලොකු වෙලා ජීවිතේ විශාල බිඳ වැටීම් වලට ලක් වෙන්නේ. මාපියන් ලෙස ඔබේ කාර්ය භාරය විය යුත්තේ දරුවෝ හොඳ , ශක්තිමත් මිනිසුන් ලෙස ලෝකයට දායාද කිරීමයි.
3) දරුවා අදක්ෂ නම් හේතුව හොයන්න

සමහර දරුවෝ පාඩම් වැඩ වලට දක්ෂ නැහැ. ඒකට දරුවට බැන වැදීම හරි පන්ති ගෙනයාම හරි නෙවෙයි විසඳුම. නිහඩව දරුවා අධ්‍යනය කරන්න. සමහර දරුවන්ට අක්ෂි, කන් ආබාධ නිසා ගුරුවරු උගන්වන දේ වැටහෙන්නේ නැහැ. පේන්නේ නැහැ. තව සමහර දරුවන්ට intracranial pressure, hypertension, ADHD (attention deficit hyperactivity disorder) වගේ ආබාධ තිබෙන්න පුලුවන්. ළමා මනෝ විද්‍යාව පිලිබඳ වෛද්‍ය වරයෙක්ට පෙන්වීම ගොඩක් හොඳයි.
4) හැමදේටම වඩා දෙමාපිය දූදරු සම්බන්ධතාවය ගොඩක් වැදගත්

ටිකක් හිතන්න. ඔබ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතීඥයෙක් හරි වෙන ඕනෙම විදිහක ලොකු මනුස්සයෙක් කරා කියමුකෝ නමුත් ඒ දරුවා රහසිගතව ඔබට වෛර කරන්නට අරගන නම් එයින් වැඩක් තියනවාද? අද කාලෙ මහලු මඩමක අතහැරපු දෙමාපියෝ බලද්දී එතනින් බහුතරයකගේ දරුවෝ කන්න දෙන්න බැරි දුප්පත් මිනිස්සු නෙවෙයි. බොහොම ඉහල රැකියා කරන මිනිස්සු. මේ හැම වෙලාවකම මම මගෙන් ප්‍රශ්න කරනවා ඇයි මෙහෙම වෙන්නේ කියල. ඇත්තටම ඒක දෙමපියන්ගේම වරද විය යුතුයි. අධිකව පීඩනයට ලක් වෙලා, දෙමාපියන් කෙරෙහි හටගත් නොකැමැත්තෙන් ඉන්න දරුවෝ මොන ලොකු තනතුර දැරුවත් හැසිරෙන්නේ මේ පිළිවෙලට තමයි.

හැමවිටම අධ්‍යාපනික සාර්ථකත්වය ලකුණු වලින් මනින්න උත්සහ දරන්න එපා. ඔවුන්ගේ ළමා කාලය පීඩනයෙන් තොරව, ආදරය ප්‍රේමය විඳගෙන, හොඳ ආකල්ප ඇතිව සතුටින් ගෙවෙන්න දෙන්න. ඔවුන් හොඳ මනුස්සයෙක් හැටියට ලෝකෙට සේවයක් කිරීම තමයි මේ හැමදෙකම අවසාන අරමුණ වෙන්නේ.

goodhousekeeping.lk


Wmqgd .ekSu weiqfrks
Ads here
340 x 60
Rs. 4000/-