කොරෝනා මඩින දුම් තැටිය මෙන්න!

2020-04-17 09:11:00       757
feature-top
පළමු කොරෝනා රෝගියාගෙන් රෝගය බෝ නොවුණේ පවුලේ හැමෝම ප්‍රතිකාර ගත් නිසා

දුම් හට්ටියට දකුණු කොරියාවෙන් පැසසුම්

අයි.ඩි.එච්. රෝහලේ කාර්ය මණ්ඩලයත් මෙය පාවිච්චි කරනවා

එක දුම් හට්ටියක් දවස් හතක් පාවිච්චි කළ හැකියි

 

මා බාල කාලයේදී කැස්සක් හෙම්බිරිස්සාවක් සෑදුණු විට පත්පාඩගම්, කොත්තමල්ලී තම්බා බීමට දුන්නේ එදා අද මෙන් පෙති,කරල්,ගිල දැමීමේ සිරිතක් නොතිබුණ නිසාය.මේ ප්‍රතිකාරයට අමතරව දෙහිකොළ,පාවට්ටා,කොළ තැම්බූ හැළියකින් දුම් ඇල්ලීමත් අනිවාර්ය අංගයක් විය.රෙද්දකින් සිරුරම ආවරණය කරගෙන කොළ මුට්ටියට හිස නමා දුම් ආග්‍රහණය කිරීම මහත් වදයක් වූ නිසාම හිස පහත් නොකර සිටීන විට මගේ මව බලහත්කාරයෙන්ම හිස නැමූ අයුරු තවමත් මට මතකය.කාලයත් සමග දුම් ඇල්ලීම අපෙන් ඈත් වී ගියද කොරෝනා වසංගතයත් සමග දුම් මුට්ටියට නව පණක් ලැබී තිබේ.ඒ හෙළසුවයේදුම්හට්ටිනිසාය.

හෙළ සුවසංවිධානයේ දුම් හට්ටිය කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසයට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයක් ලෙස ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරසිංහ පවා පූර්ණ අවසරය ලිඛිතව ලබා දී ඇත,එහෙත් මෙය ආයුර්වේද හෝ බටහිර වෛද්‍ය ප්‍රතිකාරයට අයත් ක්‍රමයක් නොවේ. හෙළ නිල වෙදකමට අදාළ ප්‍රතිකාර ක්‍රමයකි. නමුදු මේ දුම් හට්ටී ප්‍රතිකාරය හදුන්වා දෙනු ලබන්නේ බටහිර වෛද්‍යවරුන් සිව්දෙනකු විසිනි.එය මෙහි ඇති සුවිශේසත්වයයි. වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම,වෛද්‍ය කුමුදු දහනායක,වෛද්‍ය සුජීවා වික්‍රමසිංහ සහ වෛද්‍ය මාලින් බටගොඩ යන අය හෙළ සුව දුම් හට්ටි ප්‍රතිකාරයේ නිර්මාත්රූවරුවෙති.

“කෝවිඩ් 19 වසංගතය අද බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පාලනය කළ නොහැකි රෝගී තත්ත්වයක් වී අවසන්.මෙය දුප්පත් පෝසත්,බාල මහලු,ලොකු පොඩි කිසිම තරාතිරමක් කිසිම ජාතියක්,කිසිම ආගමක් නැතුව පැතිරෙනවා.සංවර්ධිත රටවල් තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙනවා.ඒත් ඒත් මෙය පාලනය කරගන්න හෝ සුවපත් කරගන්න කිසිම ප්‍රතිකාරයක් නැහැ.ඒනිසාඅපි කට්ටිය අපේ රටේ අනාදිමත් කාලයක ඉදල පැවතගෙන ආ හෙල නිලවෙදකමට අයත් ප්‍රතිකාර ක්‍රම ගැන විමසිලිමත් වුණා.හෙළසුව සංවිධානයේ නිර්මාතෘ ප්‍රියන්තා සේනානායක වෛද්‍යවරිය සමග කතා කළා.ඒ අනුව තමයි දුම් හට්ටි ප්‍රතිකාරය කෙරෙහි අපේ අවධානය යොමු වුණේ.” යනුවෙන් බටහිර වෛද්‍යවරුන් මේ කෙරෙහි යොමු වූ ආකාරය ගැන විස්තර කළේ නිරෝෂ් සමරවික්‍රම ය.

අඩංගු ද්‍රව්‍ය:- කොහොභ කොළ, මොනරකුඩුම්බිය, අට්ටික්කා කොළ, කරපිංචා කොළ, ෆැෂන් කොළ, කුප්පමේනියා දලු, මදටිය කොළ, රතු වෙරළු දලු, වල් කොත්තමල්ලි, ගස්පේර කොළ, මුහුදු පැළෑටි, වෙනිවැල්ගැට, මදටිය, කොළ මන්නොක්කා කොළ, කරාබු නැටි, කරද ඇට, ඕලු මල්, ඇතුළු ඔව්ෂධ වර්ග 130 ක් අඩංගුය.

පාවිච්චි කරන ආකාරය :- ඉහත සදහන් ඔව්ෂධ වියළා පැකැට්ටුවක් ලෙස තිබේ.සහල් කිලෝ 1 ½ ක් පිස ගත හැකි මැටි මුට්ටියක් ගෙන පැකැට්ටුවේ ඇති ඔව්ෂධ වර්ග දමා මුට්ටියේ කරළගට ඇල් වතුර දමා හොදින් නටන තෙක් උණු කරන්න. මේ සදහා මැටි මුට්ටියක් පමණක් භාවිතා කළ යුතු බවට උපදෙස් දෙනු ලබන්නේ ඇලුමිනියම් මුට්ටියක් භාවිත කිරීමෙන් වෙනත් ප්‍රතික්‍රියා සිදුවිය හැකි බැවින් ඒවා වළක්වාගැනීමටය.මේ ඔව්ෂධ ළිපේ තබා උණු කරනවිට උතුරා ඔව්ෂධ පිටතට යෑමට ඉඩ නොදිය යුතුය.හොදින් උතුරන විට ළිපෙන් ඉවතට ගත් මුට්ටිය,බිම තබා බංකුවක ඉදගෙන මුට්ටිය සහ මුළු සිරුරම වැසෙන සේ කපු රෙද්දකින් පොරවාගෙන දුම් අල්ලන්න.දුම් පිටතට යන්න ඉඩ නොදෙන්න.මෙහිදී දුම් හොදින් ආග්‍රහණය කළ යුතු අතර මුළු සිරුරටම දුම් වදින සේ ඇල්ලිය යුතුය.දුම් ඇල්ලූ පසු කපු රෙදි කැබෙල්ලකින් කොදු නාරටී ප්‍රදේශය,සන්ධි සියල්ල හොදින් තවන්න.

උපදෙස් :- *කෝවිඩ් 19 වෛරසය ආසාදිත අයකු නම් පැය ½ න් ½ ට දුම් ඇල්ලිය යුතුය. ඉන්පසුව දෙවැනි දිනයේ පැය 1 න් 1 ට දුම් අල්ලන්න. තෙවෙනි දිනයේදී පැය 1 ½ න් පැය 1 ½ ට දුම් ඇල්ලිය යුතුය.සුව වූ පසුව දිනකට 4 වතාවක් දුම් ඇල්ලිය යුතුය.

*සාමාන්‍ය පුද්ගලයකු නම් දවසකට 3 වතාවක් දුම් ඇල්ලීම සුදුසුය.

*මේ බෙහෙත් වතුර මුට්ටිය දින7 ක් පාවිච්චි කළ හැකිය. පාවිච්චියට පෙර හොදින් උතුරවා ගන්න.

*සාමාන්‍ය නිරෝගී පවුලකට මේ ඔව්ෂධ අඩංගු මුට්ටිය පොදුවේ භාවිතා කළ හැකිය. එක් එක් අයට වෙන් වෙන්ව මුට්ටි තම්බා ගැනීම අවශ්‍ය නැත.

*දුම් අල්ලන අවස්ථාවේදී මුට්ටියේ බෙහෙත් වතුර අඩු වී තිබේ නම් වතුර එකතු කර හොදින් නටන තෙක් උණු කර පාවිච්චියට ගත හැකිය.

*දුම් ඇල්ලු පසුව රෙදි කඩකින් මුට්ටියේ කට බැද වසා තබන්න.

*මේ ඔව්ෂධීය දුම් අල්ලන සෑම අවස්ථාවකදීම ජලය හොදින් පානය කරන්න.හෙළසුව කැද වර්ග,පොල්කිරි කැදසහ ලුණු කැද පානය කිරීම ඉතාමත් සුදුසුය.

මේ ඔව්ෂධීය දුම් හට්ටිය අල්ලන විට ඔව්ෂධ තුළ ඇති ඔව්ෂධීය රසායනික සංඝටක පෙනහලු තුළට ගමන් කරන අතර සම හරහා විසරණය වීමෙන් ශරීරයේ ප්‍රතිශක්කිකරණය ඉහළ යන බව වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම සදහන් කරයි.

එසේම වෛරස් නාශකය සහ ක්‍ෂුද්‍ර ජීවී නාසනයද සිදුවේ.ශරීරය තුළ වෛරස් රෝග ඇති වීම සහ ප්‍රතික්‍රියා කිරීම නවතී. “කෝවිඩ් 19 වසංගතය පැතිරුණු මොහොතේ මේ ඔව්ෂධ පැකට් දකුණු කොරියාවට යවන්න අවස්ථාවක් අපට ලැබුණා. එහේ කට්ටිය පැකට්ටුවේ සදහන් කර ඇති විදිහට දුම් අල්ලලා සුවපත් වුණා.මේ ප්‍රතිකාරය බොහෝ පෙනහලු ආසාදන සහ වෛරස් රෝග වලට ඉතාමත් සුදුසු බව ඔවුන් පර්යේෂණාගාරවල පරික්ෂාවට ලක් කර තහවුරු කර තිබෙනවා. ඒ පිළිබදව දැන්ව අපට ලියුමක් එව්වා.

ඒ ලිඛිත සාක්ෂිය අපළග තිබෙනවා. අයි.ඩි .එච්. රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ට සමහර වෛද්‍යවරුන් මෙම ඔවෂධිය දුම් ඇල්ලීමේ ප්‍රතිකාරය ලබාදෙනවා.

ඒ රෝගීන් දවස් තුනෙන් සනීප වෙනවා. ලංකාවෙන් වාර්තා වුණු පළවෙනි කොරෝනා රෝගියා වන ජයන්ත රණසිංහටත් මෙම ප්‍රතිකාරය ලබා දුන්නා. ඔහුගෙන් ඔහුගේ පව්ලේ කිසි කෙනෙකුට රෝගය බෝ නොවුණේ ඔහුගේ පවුලේ සාමාජිකයනුත් මත්තේගොඩ ජනතාවත් මෙම ඔව්ෂධ ප්‍රතිකාරය ලබා ගත් නිසා.

ජයන්ත රණසිංහගේ බිරිය ඒ බව සදහන් කරලා අපට ස්තුති කරලා ලිපියක් ඒවා තිබෙනවා. අයි. ඩි. එච්. රෝහලේ සමහර වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ ය මෙම බෙහෙත් දුම් අල්ලන නිසා කොරෝනා රෝගීන් එක්ක භය නැතිව වැඩකරනවා කියලා අපිට පුද්ගලිකව කියලා තිබෙනවා.යනුවෙන් විස්තර කළේ වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රමය. ඔහු වැලිසර ශ්වසන රෝග පිළිබද ජතුක රෝහලේ සේවය කරන බටහිර වෛද්‍යවරයෙකි.විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක සව්ක්ය අමාත්‍යාංශයේ සේවය කරයි.

මාලින් බටගොඩ මාතර මහ රෝහලේ ද සේවය කරන බටහිර වෛද්‍යවරුන් දෙදෙනෙකි. මේ ප්‍රතිකාරයේ එති විශේෂත්වය වන්නේ ද බටහිර වෛද්‍යවරුන් හෙළ වෙදකම සමග පර්යේෂණ සිදු කිරීමයි.

මේ අනුව කොරෝනා වැලදුණු රෝගීන්,සැක සහිත රෝගීන් සහ උගුරේ ආසාදන,ශ්වසන අපහසුතා ඇති රෝගීන් දුම් හට්ටිය භාවිතා කිරීමෙන් පූර්ණ සුවය ලැබූ බව සනාථ කර තිබේ. රජයේ අනුමැතිය සහිතව මෙම ඔවුෂධ පැකැට්ටු පුද්ගලික මට්ටමින් බෙදාහැරීමට මෙම වෛද්‍යවරුන් කටයුතු කරන්නේ එබැවිනි.

නිස්චිත ප්‍රතිකාරයක් නොමැතිව ලෝකයේ ජනතාව මරණයට බිලි වෙද්දී ලෝකයේ තිතක් තරම් පුංචි රටකින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීය හැකි ප්‍රතිකාරයක් සොයාගැනීම සැබවින්ම අගය කළ යුතුය.මෙම ප්‍රතිකාරය රටපුරා ප්‍රචලිත කර බෙදාහැරීමට කටයුතු කරන්නේ නම් අඩුම වශයෙන් කොරෝනා වසංගතයට ගොදුරු වන අය ඉන් මුදවා ගත හැකිය.කොරෝනා මරණ වළක්වා ගත හැකිය.එහෙත් හෙළ සුව නිපැයුමක් වන ඔව්ෂධිය දුම් හට්ටිය ගෙන එතරම් එතරම් ප්‍රසිද්ධියක් ලබා නොදී අප්‍රසිද්ධව ප්‍රතිකාර සදහා යොදා ගැනීම කනගාටුවට කරුණකි.

මේ වන විට ලංකාවේ දෙවැනි කොරෝනා මරණයත් සමග නිරෝධායනයට ලක්ව සිටින මීගමුව රෝහලේ කාර්යමණ්ඩලයටද මේ දුම් හට්ටි ප්‍රතිකාරය යොදාගන්නා බව දැනගන්නට ලැබිණි.එහෙත් තවමත් මේ ඔව්ෂධිය දුම් හට්ටිය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

බොහෝ දෙනකු විසින් කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හදුන්වනු ලබන්නේ සොබා දහමට එරෙහිව ගිය මිනිසාට සොබා දහම ලබා දුන් දඩුවමක් ලෙසටයි.හෙළ සුව සංවිධානයේ මේ ඔව්ෂධිය දුම් හට්ටිය අපට හැදින්වීමට සිදු වන්නේ සොබා දහම ලබාදුන් දඩුවමට සොබා දහමෙන්ම පිළිතුරු සෙවීමක් වශයෙනි. කුෂ්ඨ රෝගයෙන් පෙළුණු රජෙක් වනගත වී සිටි කාලයේදී වනයේ කොළ,පොතු,ගෙඩි ආහාරයට ගැනීමත් සමගම කුෂ්ඨ රෝගය සුව වූ බව අප බණකතා වලින් අසා ඇත්තෙමු. බුදුන් දවස විසු ජීවක වෛද්‍යවරයා බෙහෙතකට ගත නොහැකි ගස්,කොළ,පොතු,වැල්,මුල් කිසිවක් නොමැති බව පවසා තිබෙන්නේ ද සොබාදහමෙන් ලැබෙන සම්පත් දිව ඔසු වන නිසාය.

එබැවින් ගස්වල කොළ වර්ග,මල්,ඇට වැනි ද්‍රව්‍ය යොදා සකස් කළ මේ ඔව්ෂධිය දුම් හට්ටිය පල රහිත දෙයක් යැයි පවසා ප්‍රතික්ෂේප කළ නොහැකිය. කොරෝනා වසංගතය අපව අතීතයට කැදවාගෙන යන වසන්ගතයක්දැයි විටක මට සිතෙන්නේ දුම් හට්ටිය ඇල්ලීමත් බෝවන රෝගවලට ගොදුරු වූ විට අද නිරෝධායනය යැයි පවසන දින 21 ක් කාමරයට කොටුවී සිටීමත් අපට හුරුපුරුදු ක්‍රම නිසාය.

අතීතය තුලින් අපට පාඩම් ඉගෙන ගත හැකි වුවද අප පාඩම් ඉගෙනගන්නවාදැයි සිතන්නට සිදුවන්නේ අනෙකුත් රටවල්වල කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යනවිට අප රටේ ඇදිරි නිතිය කඩ කරන පිරිස ඉහළ යන නිසාය.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »