දූප­තක කොටු වී ජීවිතේ හොයන ඉර­ණ­තිව් මිනිස්සු

2019-09-30 09:40:00       92
feature-top
කිලි­නො­ච්චියේ ඉර­ණ­තිව් දූපත යළිත් ක්‍රම­යෙන් ජනා­වාස වෙමින් පවතී. යුද සම­යට පෙර එම දූපතේ පවුල් පන්සී­ය­කට ආසන්න පිරි­සක් ජීවත් වී සිටි­යහ. මහා යුද සම­යේදී ඔවුහු දූපත අත­හැර වෙනත් පළා­ත්ව­ලට පදිං­චි­යට ගියහ. දැන් යළිත් මේ දූපතේ පදිං­චිය සඳහා පවුල් එක­සිය හැටක පමණ පිරි­සක් පැමිණ සිටිති. ඒ කතාව අපට කියන්නේ ධීවර කාන්තා­වක් වන ජෙසී පිග­රාඩෝ ය. ජෙසීට වයස අවු­රුදු පනස් තුනකි. ඇයට ඉර­ණ­තිව් දුපතේ වර්ත­මා­නය මෙන්ම අතී­ත­යත් හොඳට මත­කය.

 

“අපි දූපත දාලා ගියේ 1992 වර්ෂයේ. දැන් අපේ අය ටික ටික එන්න පටන් අරන් තිය­නවා. දූපත දාලා ගිහින් මේ වෙන කොට අවු­රුදු විසි අටක් විතර ඇති. ඒ නිසා පර­ණම අය නෑ. ඒ අය මිය ගිහිල්ලා“ ඇය කිය­න්නීය. දේශ­පා­ල­ක­යන් සියල්ල ලබා­දෙ­න්නට පොරොන්දු වී උන් හිටි තැන්ව­ලින් ගෙන්වා­ගත් ඒ අහිං­සක මිනිස්සු අද අන්ත අස­ර­ණය.

ඔවුන්ට බොන්නට වතුර නැත. ඉර­ණ­ති­වුහි පිහිටි පැරණි ජනා­වා­ස­වල පැවති පානීය ජලය සහිත ළිං සියල්ල කාල­යත් සමඟ වැසී ගොස්ය. බීමට වතුර පොදක් රැගෙන ඒම සඳහා බෝට්ටුව පැද­ගෙන කිලි­නො­ච්චි­යට යා යුතුය. බොන්නට වතුර ටිකක් හදි­සි­ය­කට ඉල්ලා ගන්නට ඇත්තේ උතුරේ දේශ­පා­ල­ක­යන් විසින් මේ මිනි­සුන් ලවා පන්නා­ගැ­නී­මට උත්සාහ කළ නාවික හමුදා කඳ­වු­රෙනි.

මුහු­දෙන් වට වුණු දූප­ත්වල ඇති ප්‍රධා­නම ප්‍රශ්නය පානීය ජල ප්‍රශ්නය ය. උතුරේ ඇතැම් දූපත් තව­මත් ජන ශුන්‍ය දූපත් බවට පත් වී ඇත්තේද මේ පානීය ජල ප්‍රශ්නය නිසා­මය. උතුරු පළාතේ ඇති දූපත් අත­රින් විශා­ලම දූපත ඩෙල්ෆ්ට් දූප­තයි. නමුත් ඒ දූපතේ පානීය ජල ප්‍රශ්න­යක් නැත. ඉතාම පිරි­සුදු පානීය ජලය එහි වෙයි. කිලි­නො­ච්චියේ ඉර­ණ­තිව් දූප­තේද එදා ඉතා පිරි­සුදු පානීය ජලය සහිත ළිං තිබී ඇත.

“දූපතේ අයට ආයෙත් ළිං ටික හදා­ග­න්නයි බොන වතුර ටික සපයා ගන්නයි කවුරු හරි උදව් කරන්න කිය­ලයි අපි ඉල්ලන්නේ.'' ජෙසී කිය­න්නීය. ඇය ඊළ­ඟට පව­සන්නේ අමු­තුම කතා­වකි.

''ඉස්සර මේ දූපතේ මෙහෙම ප්‍රශ්න­යක් තිබුණේ නැහැ. දැන් හැම තැන­කම බලු මැක්කන් වගේ ජාති­යක් ඉන්නවා. උන් අනි­නවා. එහෙම ඇන්නම ඇඟ කස­න්නට ගන්නවා. ඒ කසන තැන්වල තුවාල හැදෙ­නවා.”

“සම­හරු මේ ඉන්නේ වැලි මැක්කන් කිව්වට අපි දන්න විදි­හට මේ ඉන්නේ වැලි මැක්කන් නෙමෙයි. අපි දන්න හැම දෙයක්ම කළා. ඒ මොන­ව­ට­වත් මේ මැක්කන් විනාශ වෙලා ගියේ නැහැ. දැන් ඉර­ණ­මඩු දූපතේ මිනි­ස්සුන්ට විඳින්න වෙලා තියන ලොකුම ප්‍රශ්නය මේකයි .''

ඉර­ණ­තිව් දූපතේ ඉන්නේ පාර­ම්ප­රික ධීව­ර­යෝය. ඔවුන් තව­මත් මේ කර්මා­න්තය සංවි­ධා­නා­ත්ම­කව හෝ නවීන තාක්ෂ­ණය සහි­තව කරන්නේ නැත. ධීවර රස්සාව කර­ගෙන යන්නට අවශ්‍ය ජැටි­යක් තබා ප්‍රමා­ණ­වත් බෝට්ටු­වත් නැත. අඩුම තර­මින් දූපතේ ධීවර සමි­ති­ය­ක්වත් නැත. ධීව­ර­යන් අතර ප්‍රධා­නි­යෙක් ඔවුන් විසින් පත් කර­ගනු ලැබ සිටී. ඔවුන් ඒ නාය­කයා පත් කර­ගෙන ඇත්තේ වයස හා ධීවර රැකි­යාවේ නිර­තව සිටි කාලය යන මූලික කාරණා දෙක ගැන අව­ධා­නය යොමු කිරී­මෙන්ය. ඔහු සෙල්ව­මුත්තු නාග­ලිං­ගම්ය.

ඉර­ණ­තිව් මිනි­ස්සුන්ගේ කතාව නාග­ලිං­ගම් අපට කියයි. යුද්ධ­යෙන් වින්දි­ත­යන් වූ ඒ අස­ර­ණ­යන් උතුරේ දේශ­පා­ල­නයේ අව­ශ්‍ය­තා­වට අනුව අව­භා­විත වූ අයුරු ඔහු අපට නොකියා කියයි.

“අපි මේ දූපතේ ඉස්සර ඉන්න­කොට මාළු ඇල්ලුවා. ඉතුරු වෙන මාළු කර­වල කළා. මාළු ටිකයි කර­වල ටිකයි කිලි­නො­ච්චියේ වෙළෙන්දෝ බෝට්ටු­ව­ලින් මේ දූප­ත­ටම ඇවිත් අරන් ගියා.”

“හැබැයි මේ රස්සාව කර­ගෙන එදා අපි ඉර­ණ­තිව් දූපතේ ඉන්න­කොට මේ දූපත මීට වඩා ගොඩාක් දියු­ණුයි. ගමට ඉස්කෝ­ල­යක් තිබුණා. අපේ ළමයි ඒ ඉස්කෝ­ලෙට ගියා. දැන් අපි පදිං­චි­යට ඇවිත් හිටි­යට දූප­තට ඉස්කෝ­ල­යක් නැහැ. ළම­යින්ට දැන් ඉගෙන ගන්න තැනක් නෑ. ඉර­ණ­තිව් දූපතේ පදිං­චි­යට ආව පවු­ල්වල ළමයි ඔහේ ගෙද­රට වෙලා ඉන්නවා. පදිං­චි­යට එන්න හිතා­ගෙන ඉන්න පවුල් දරු­වන්ගේ අනා­ග­තය ගැන කල්පනා කරලා ඒ අද­හස අත්හැ­රලා හිටපු තැන්ව­ලම ජීවත් වෙනවා.”

“ඉස්සර මේ දුපතේ තැපැල් කාර්යා­ල­යක් විශාල පල්ලි­යක් වාට්ටු දෙකක ඉස්පි­රි­තා­ල­යක් තිබුණා. දොස්තර මහ­ත්තයා පවා පදිංචි වෙලා හිටියේ මේ දූප­තේ­මයි. දූපතේ සේරම මිනි­ස්සුන්ට ස්ථිර නිව­සක් තිබුණා. ළිං වැසි­කිළි හැම­දේම මේ ගෙව­ල්වල තිබුණා. යුද්ධය මේ සේරම වෙනස් කළා. අපි­වත් අපේ ජීවි­තත් විත­රක් නෙමෙයි අපේ ළම­යින්ගේ අනා­ග­ත­යත් විනාශ කළා.”

“යුද්දේ වැඩි වෙන කොටම අපි ඉස්සර වෙලාම පැනලා ගියේ මන්නා­ර­ම­ටයි. මොකද කිලි­නො­ච්චි­යට යන්න බය හිතුණා. එහෙ යුද්දේ දරුණු නිසා. මන්නා­ර­මට වෙලාම සම­හ­රුන් හිටියා. තවත් සම­හර අය ඒ අයගේ නෑදෑයෝ හිටපු වෙන පළා­ත්ව­ලට ගියා.”

“අපේ මේ ඉර­ණ­තිව් දුපතේ හිටිය අය­ගෙන් මේ වෙන­කල්ම ඇහැ­ක­ට­වත් දැක්කේ නැති පවු­ලුත් ඉන්නවා. ඒ අය ඉන්න­වද මැරු­ණද කියලා දන්නේ නැහැ. සම­හරු ඉන්දි­යා­ව­ටත් ගිහින් ඉන්නවා. මේ හැමෝම එන්නේ නැත්තේ ඉර­ණ­තිව් දූපතේ පහ­සු­කම් කිසිම දෙයක් නැති හන්දයි.”

“අපි මේ වෙන­කල් හිටියේ අනුන්ගේ තැන්ව­ලයි. මන්නා­ර­මෙත් තවත් තැන්ව­ලත් හිටියේ අපේම ගෙව­ල්වල නෙමෙයි. යාන්ත­මට කුලි­යක් ගෙවා ගන්න පුළු­වන් ගෙවල් හොයා ගෙන මන්නා­රමේ මුහුදු රස්සාව කරලා තමයි අපි ජීවත් වුණේ. ඔහොම ඉන්න­කොට දෙමළ ජාතික සන්ධා­නයේ මන්ත්‍රී­ව­රුන් තමයි අපිට මීට අවු­රුදු හත­ර­කට ඉස්සර වෙලා කිව්වේ ඔයාලා ආය ඉර­ණ­තිව් දූප­තට යන්න. අපි සේරම පහ­සු­කම් අර­ගෙන දෙන්නම් කියලා.”

“ඉතින් අපිට හිතුණා මැරෙන කාලෙ­ට­වත් අපි ඉප­දුණු හැදුණු වැඩුණු ඉර­ණ­තිව් දූප­තට එන්න ඕනේ කියලා. අපි මන්නා­රමේ පදිංචි වෙලා හිටපු තැන් දාලා මේ දූප­තට එන්න ආවා. ඒත් නාවික හමු­දාව ඒ වෙලාවේ අපිට දූප­තට එන්න දුන්නේ නැහැ. ඒ අය කිව්වේ දැන් ඉර­ණ­තිව් දූපතේ ලොකූ කඳ­වු­රක් තිය­නවා... ඒක නිසා ඔයා­ලට එහෙ ගිහින් දැන්ම ඉන්න බැහැ. ආණ්ඩුව අපිව යැව්වම ඔයාලා ඇවිත් පදිංචි වෙන්න කියලා. මේ වේලා­වෙදී අපිට යන්න එන්න තැනක් නැති වුණා.”

“කිලි­නො­ච්චියේ දේශ­පා­ල­න­ඥ­යන් එකතු වෙලා අපිට මඩු­වක් හදලා දුන්නා. ඒ මඩුවේ ඉඳන් අපේ ඉර­ණ­තිව් දූපතේ ඉඩම් ඉල්ලලා උද්ඝෝ­ෂ­ණය කරන්න කිව්වා. අපිත් එහෙම කළා. අපිට කන්න දුන්නා. එක එක සංවි­ධා­න­ව­ලින් ඇඳුම් බඩු වගේ දේවල් දුන්නා. අවු­රුදු එක­හ­මා­රක් ඒ විදි­හට ඉඩම් ඉල්ලලා කෑ ගැහුවා. එත් අපිට ඉඩම් ලැබුණේ නැහැ.”

“ඊට පස්සේ කිලි­නො­ච්චියේ මන්ත්‍රී­ව­රුයි ආග­මික නාය­ක­යොයි ලොකූ රැස්වී­මක් තියලා අපිට කිව්වා අද රෑම ඉර­ණ­තිව් දූප­තට යන්න ලෑස්ති වෙන්න කියලා. අපිත් සූදා­නම් වුණා. අපි හිතුවා අපිට ඉඩම් ලැබෙ­නවා තමයි කියලා. බෝට්ටු සීය­කට වඩා ඒ ගම­නට ලෑස්ති කරලා තිබුණා.”

“ඉස්ස­ර­හම බෝට්ටු­වල ආග­මික නාය­ක­යන් ගමන් කළා. ඊට පස්සේ දේශ­පා­ල­න­ඥයෝ ගියා. අපි දූප­තට කිට්ටු වෙන කොටම නාවික හමු­දාව අපේ බෝට්ටු නතර කළා. ආග­මික නාය­කයෝ තත්ත්වය පැහ­දිලි කළා. අපිට මොන­වත් කළේ නැහැ. අපි මහා පාන්දර ඉර­ණ­තිව් දූප­තට ආවා.”

“පහු­වදා උදේ ඉඳලා නාවික හමු­දාව එක පැත්ත­කයි අපි එක පැත්ත­කයි ජීවත් වුණා. හැබැයි ඒ අය ළම­යින්ට බිස්කට් කන්න දෙනවා. බීම දෙනවා. ඔහොම ඉන්න­කොට නාවික හමු­දා­ප­ති­තු­මයි කිලි­නො­ච්චිය දිසා­ප­ති­තු­මයි ඇවිත් අපිට කිව්වා ඉර­ණ­තිව් දූපතේ අපිට ඉන්න කියලා. අක්කර අටක්ද දහ­යක්ද කොහෙද නාවික හමු­දා­වට තියා­ගෙන අපිට දූපතේ අනෙක් හරියේ ඉන්න දුන්නා.”

“දැන් ඒ අය ඉතාම සහ­යෝ­ගෙන් අපිත් එක්ක ඉන්නවා. අපේ කර­දර වලට එයාල මැදි­හත් වෙනවා හොයලා බල­නවා. ඒ අය අපිට කියන්නේ වෙන පිට අය මේ දූප­තට එක්කන් එන්න එපා කියලා විත­රයි.’’

නාවික හමු­දාව එසේ කීමට විශාල හේතු­වක් තිබේ. ඉර­ණ­තිව් දූපතේ වැසි­යන්ට මේ දූපත නිකම්ම නිකන් දූප­තක් වූවත් රටේ ආර­ක්ෂා­වට මේ දූප­තෙන් සිදු වන්නේ විශාල කාර්යකි.

ඒ පිළි­බඳ නාවික හමුදා නිල­ධා­රීන් කියා සිටින්නේ මේ අන්දමේ කතා­වකි.

''ශ්‍රී ලංකා නාවික හමු­දාව ඉටු කරන්නේ ජාතික ආර­ක්ෂාව පිළි­බඳ වූ විශාල වග­කී­මක්. මේ ඉර­ණ­තිව් දූපත නාවික හමු­දා­වට නිරී­ක්ෂණ මධ්‍ය­ස්ථා­න­යක් වශ­යෙන් ඉතාම වැද­ගත් වෙනවා. දූපත පිහිටි ස්ථානය අනුව මෙතැන සිට අවට මුහුද ඉතා හොඳින් නිරී­ක්ෂ­ණය කළ හැකියි. මේ අව­ශ්‍ය­තාව ඕනෑම රටක නාවික හමු­දා­වට ඉතාම වැද­ගත් වන අතර එය රටේ ආර­ක්ෂා­වට ඉතාම වැද­ගත් වෙනවා.”

“ඉන්දීය ධීව­ර­යන්ගේ යාත්‍රා හා ශ්‍රී ලාංකික ධීව­ර­යන්ගේ යාත්‍රා මේ දූප­තේදී හමු වීමට තියන ඉඩ­කඩ වැඩියි. හොර බඩු ජාවා­රම වගේම මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් රට බේර­ගන්න කරන මෙහෙ­යු­මට මේ ස්ථානය ඉතාම වැද­ගත්. අපි කරන නිර­න්තර මෙහෙ­යුම් සිදු වන්නේ මේ නිරී­ක්ෂණ මධ්‍ය­ස්ථාන පද­නම් කර­ගෙ­නයි. ඉර­ණ­තිව් දූපත නාවික හමු­දා­වට වැද­ගත් වන්නේ එය ඉතාම තීර­ණා­ත්මක නිරී­ක්ෂණ මධ්‍ය­ස්ථා­න­යක් නිසා. ”

ඒත් මේ දූප­ත්වාසී මිනි­ස්සුන්ට ජාතික ආර­ක්ෂාව වැනි බර­සාර ගැට­ලු­ව­ලට වඩා මුලින් ස්වකීය කුස ගින්න නිවා­ගැ­නීමේ අර­ග­ල­ය­ටත්, මූලික පහ­සු­කම් සහි­තව මිනි­සුන් සේ ජීවත් වීමේ අයි­ති­ය­ටත් අව­ධා­නය යොමු කර­න්නට සිදු වී තිබේ.

“ අපි එදා ඉඳලා දැන් අවු­රු­ද්දක් වගේ පැල්පත්, කූඩා­ර­ම්වල ජීවත් වෙනවා. තවම ගෙවල් නැහැ. මේ ළඟදි කච්චේ­රියේ මහ­ත්වරු වග­යක් ඇවිත් ගෙවල් ලැබෙයි, හැබැයි ඉක්ම­නින් නම් ලැබෙන්නේ නැති වෙයි කිව්වා. මේ ළඟදි අපි කිලි­නො­ච්චි­යට ගිහින් දෙමළ ජාතික සන්ධා­නයේ මන්ත්‍රී­ව­රුන් හමු වුණා. මොකද සේරම පහ­සු­කම් ගන්න පුළු­වන් කියලා ඉර­ණ­තිව් දූප­තට එන්න කියලා අපිට මීට අවු­රුදු තුන­කට කලින් කිව්වේ ඒ අයයි. එයාලා කිව්වා මේ ගැන ආණ්ඩු­වත් එක්ක කතා කර­ලයි තියෙන්නේ කියලා.''

දූප­තක හුද­කලා වූ මේ මිනි­සුන්ගේ ආර්ථි­කය ශක්ති­මත් කිරීම සඳහා අවශ්‍ය මූලික වැඩ­පි­ළි­වෙ­ළ­ට­වත් උතුරේ දේශ­පා­ල­නය තවම ප්‍රායෝ­ගි­කව මැදි­හත් වී නැත. රටේ ආර­ක්ෂා­වත් අස්ථා­වර කරන අශුද්ධ දේශ­පා­ලන ව්‍යාපෘති වෙනු­වෙන් මේ අස­ර­ණ­යන්ගේ ජිවිත අව­භා­විතා කළා හැර මහ­පො­ළොවේ ප්‍රශ්න­යට ඔවුන් උත්තර දෙන්නේ නැත. එය විස­ඳු­ණ­හොත් ඔවුන්ට මේ අශිෂ්ට දේශ­පා­ල­නය කර­ගෙන යන්නට ඉඩක් ලැබෙන්නේ නැති බැවිනි.



More News »