කොටි­යකු පරදා හාවෙක් ජය ගනී

2019-03-27 11:00:00       686
feature-top
මොනර හඬින් වැර­දුණු කොටි කුරු­මා­නමක්

වනා­න්ත­රය යනු නිශ්චිත වු සිදු­වීම් පෙළක් යළි යළිත් සිදු වෙතැයි යනු­වෙන් නිවැ­රදි වු අර්ථ­ක­ථ­න­යක් සැප­යිය නොහැකි ස්ථාන­යක් බව මා සඳ­හන් කරන්නේ ඒ සම්බ­න්ධ­යෙන් ලද ප්‍රායෝ­ගික වු අත්දැ­කීම්ද අනු­සා­ර­යෙනි. ගහ - කොළ සතා සීපාවා නියෝ­ජ­නය කරනා වන­පෙ­තෙහි නිර­න්ත­ර­යෙන්ම සිදු වන්නේ දුබ­ලයා බල­ව­තාට යටත් වීමය. දින­යක උදාවේ සිට අව­සා­නය දක්වා සහ රාත්‍රිය පුරා­ව­ටත් සිදු­වන්නේ එවන් සිදු­වීම් සමු­දා­යකි. කුසට අහ­රක් මූලික කර ගත් මෙකී සංග්‍රා­ම­යන් අව­ස­න්වන්නේ එක් පාර්ශ්ව­යක් පරා­ජය වීමෙන් පසු­වය. ගසක් පසු පස සිට මානම ගෙන එක් වනම කඩා පනි­මින් යකඩ කොකු හා සමැවූ දත් අතරේ සිර කර ගන්නා ගොදුරු සතාගේ සුසු­ම්ලෑම් අව­සන් කර­මියි සිත­මින් තම ග්‍රහ­ණය තද කරනා රුදුරු සතුන් වෙතත් කරු­ණාව දයාව ඇතැයි සඳ­හන් කළොත් ඇතැ­මෙක් ඊට එකඟ නොවී­ම­ටද පුළු­වන.

වනා­න්ත­රයේ භයං­ක­ර­ත්වය කොටියා යැයි යළි­ත්කි­ව­යු­තු­මද? අපේ රටේ වෙසෙනා බිළාල පවු­ලට අයත් මාංශ භක්ෂක දැවැ­න්තයා කොටි­යාය. තම ආහාර දාම­යට අයත් සියලු සත්ව­යින් අතරේ ආධි­පත්‍ය පතු­රුවා ගෙන ජීවත් වන කොටි­යාගේ දැකු­මින් මුළු මහත් වන­වා­සී­හුම භීති­යට පත්වෙති. කොටි රුවක් වනයේ ඇදී යන අයුරු ඇස ගැටුණු ඇසිල්ලේ මොන­රකු නඟනා ‘ක්වෑක් පී’ හෝන් නාද­යෙන් කල­බ­ල­යට පත්වන මුවන්ගේ ‘කෝව්’ ගෑමත්, ගෝනාගේ ‘ටං’ ගෑමත්, කුඩා වසු පැට­වුන් පෙරටු කර ගත් කුළු මී මව්ව­රුන්ගේ ඈගි­රී­යත්, වඳුරු - රිළා බුකු බුකු­වත් මුසු වූ ගාල­ගෝ­ට්ටි­යෙන් වනය පිරී ඉතිරී යන්නේ නිමේ­ෂ­ය­කිනි. එසේ වුවත් ඒ බවක් කන­කට හෝ ගන්නේ‍ ­කො­ටි­යා‍ ­නොවේ. තම සුපු­රුදු ගම­නින්ම දිය වළක් වෙත ඇදී ගොස් දිය පිපා­සාව අහ­වර කර ගෙන නැවත ගස් හෙව­ණ­කට වැදී විවේ­කීව පසු වන්නේ එළැ­ඹෙන රාත්‍රියේ වනය පුරා තම ආධි­ප­ත්‍යය පතු­රුවා හරින අටි­යෙනි.

පැට­වුන් සිටිනා කොටි දෙනක නම් නඟනා හීන් ගෙර­විලි හඬ­කින් තම පොඩි වුන් ඒ ආස­න්න­යේම රඳවා තැබූ සැඟ­වුම් පොළින් තමන් සමී­ප­යට ගෙන්වා ගැනී­මය. මෙතෙක් දෙනෙතේ රැඳුණු රුදුරු පෙනුම ක්‍රමා­නු­කූ­ලව සෙනෙහේ බරිත බැල්මෙන් පිරී ඉතිරී යාමට ගත වෙන්නේ සුළු වේලා­වකි. පුංචි වුන්ගේ දරු සුර­තල් අභි­මුව ගල් හිත මෙළෙක් කර ගනි­මින් කුඩා­වුන් දිවෙන් ලෙව කමින්, කිරි පොව­මින් ගත කරනා ඒ හෝරාවේ අහල පහළ දඩ­යම් සතකු ගැව­සු­ණද කොටි මවට නම් ඒ ගැන වගේ වගක් නැති­ත­රම්ය. මොකද බොහෝ අව­ස්ථා­වන් වළදී කුස ගිනි නිවා ගත් මොහො­තක මෙලෙස සැන­සිල්ලේ කල්ගත කළද සෑම විට­ක­දීම කොටින් මේ ආකා­රයේ සුව­දායි වට­පි­ටා­වක පසු­වනු දැකීම දුර්ල­භය. ජීවි­තයේ සිය­ල්ලම තීර­ණය වන්නේ කුස­ගිනි නිවා ගැනීමේ හැකි­යාව හෝ නොහැ­කි­යාව මතයි. ඇතැම් අව­ස්ථා­ව­ලදී රිසි ගොදු­රක් සොයා ගත නොහී දින ගණ­නක් කුස ගින්නේ ගත කරද්දී කොටියා වෙතින් පළ­ව­නුයේ නොරි­ස්සු­ම්ස­හ­ගත බවකි. එවැනි අව­ස්ථා­ව­කදී මවක වෙතින් පැට­වුන් කෙරෙ­හිද එල්ල වන්නේ රුවුම් ගෙර­වුම් සහිත නොරි­ස්සුම් සහ­ග­තවූ හැසි­රී­මකි. පැට­වුන් මව අස­ලක වෙයි නම් සුල­භව කරන්නේ මවගේ නගුට හා සෙල්ලම් කිරී­මයි. නමුත් මව රුදුරු වු කල ඒ බව වටහා ගන්නා පැටවු එවැනි කෙළි­ක­ව­ට­ක­ම්ව­ලට යොමු නොවෙති.

මාහට මෙවන් අපූරු අත්දැ­කී­ම­කට මුහුණ දෙන්න සිදු­වූයේ කොටින් ගැන අධ්‍ය­ය­නය සඳහා යාල වනෝද්‍යානයට වැදුණු යාමෙ­කය. රාජ­කාරි සඳහා කැලේ රිංගීම යනු වන­ජීවී සංර­ක්ෂණ නිල­ධා­රි­යෙ­කුගේ වෘත්තීය ජීවි­තයේ සාමාන්‍ය දෙයකි. වනය වූකලී දිනෙන් දින අලු­ත්වන සිදු­වීම් හරි අපූ­රු­වට තම දූ දරු­වන් වෙත දායාද කරන මවක හා සමා­නය. එවැනි සිදු­වීම් හරහා ඈ වනයේ ජිවත් විය යුත්තේ කෙබඳු ආකා­ර­යෙ­න්දැයි වටහා දෙන්නීය.

කොටියා කියන්නේ කැලේ චණ්ඩියා වූවාට ඒ චණ්ඩි­යාත් අව­ත­ක්සේ­රු­වට ලක්වෙන අව­ස්ථා­අ­න­න්ත­වත් වන­යේදි දැක බලා ගත හැකිය. කොටි­යාගේ කෑම ලැයි­ස්තුවේ හාවාට හිමි වන්නේ පහ­සු­වෙන් ගොදුරු කර ගත හැකි සත්ව­යින්ගේ කාණ්ඩ­යයි. දිගු පිමි පැන පැන දිව යෑමට සමත් වුවද හාවාට ඉතා ඉක්ම­නින් හති වැටේ. ඒ අව­ස්ථා­වෙන් ප්‍රයෝ­ජන ගෙන හාවා ගොදුරු කර ගැනී­මට කොටියා පුරු­දුව සිටී. එසේම හාවකු වැනි සතකු ගොදුරු කර ගැනී­මට කොටියා පෙල­ඹෙන්නේ ද නිසි ගොදු­රක් නොලැ­බු­ණොත් පමණි. හෝර්ට­න්තැන්නේ කොටින්ගේ ප්‍රධා­න­තම ගොදුරු බවට පත් වන්නේ ගෝනුන්ය. එම පාරි­ස­රික කලා­පයේ ගෝනුන්ගේ ආහාර සුලභ නිසා ඔවුන්ගේ ගහ­න­යද වැඩිය. හෝර්ට­න්තැන්න ආශ්‍රි­තව කොටි­යාගේ ව්‍යාප්තිය වැඩි­වී­මට ඒ කරුණ ද බෙහෙ­වින් බලපා ඇත. නමුත් තමන්ට සරි­ලන ආකා­රයේ ගෝනකු දඩ­යම් කර ගන්න බැරි වුණු විටදී කොටියා හාවකු දඩ­යම් කර ගනී. හාවා පහ­සු­වෙන් කොටි­යාට ගොදුරු වෙතැයි අප සිතා සිටි­යත් එය ඒ ආකා­ර­ය­ටම සිදු නොවන අව­ස්ථාද වන­පෙතේ කළ සංචා­රය අත­ර­තු­රදි අපට නිරී­ක්ෂ­ණය වී ඇත.කුමන ජාතික උද්‍යා­නය ආශ්‍රිත පාරි­ස­රික කලා­පයේ රාජ­කාරී කට­යු­ත්තක් සඳහා යමින් සිටි­යදී පසෙක වන­ලැ­හැබේ සිට විවෘත තණ බිමට දිව ආ හාවකු එක් වනම දෙප­යින් සිට ගනි­මින් වන ලැහැබ දෙස බලා සිටිනා ආකා­රය දුටු මගේ සිතේ ඇති­වූයේ කුකු­සකි.ඒ මොහොතේ සුළං අතද අපට වාසි­දා­යක ලෙස, එනම් හාවා දෙස සිට අප සිටි දෙසට සුළඟ හැමීම නිසා නිසො­ල්මනේ පසු වූ අප ගැන කිසිම ආග­න්තුක හැඟී­මක් හාවාට ඇති නොවීම ද අපගේ වාසි­යට හේතු­විය.

විවෘත බිමේ සිට වන ලැහැබ දෙස එක එල්ලේම නොසෙල් වී බලා සිටි හාවා හිටි වනම සිටියා විනා බිඳ­කුදු නොසෙල්වී සිටියේ සෙල්මුවා ප්‍රති­මා­වක් හා සමා­න­වය. එසේ ටික වේලා­වක් පසු වූ හාවා එක් වරම පිමි දෙකක් ඉදි­රි­යට පනි­මින් යළිත් වනය දෙස බලා සිටියේ අපේ අව­ධා­න­යද එදෙස යොමු කර­ව­මිනි. තණ­ප­ත්වල වූ සියුම් සෙල­වී­මක් මෙහිදී අපගේ විම­සුම් දෙනෙ­තට හසු­විය. ඒ දෙස හොඳින් බලා සිටි අපට පසක් වූයේ මොකෙකු හෝ හීන් සීරුවේ හාවා වෙත ඇදෙ­මින් ඇති ආකා­ර­යකි. පොළොවේ සිට අඩි දෙකක් - දෙක­හ­මා­රක් පමණ වු පර­ත­රය අතරේ දිගටි කහ පසු­බිමේ කළු පුල්ලි රටාව අනුව මේනම් ඒකා­න්ත­යෙන්ම හාවාට කුරු­මා­නම් ගනි­මින් පෙරට ඇදෙන කොටි­යකු බව අව­බෝවී ඉන්පසු සිදු­වන්නේ කුම­ක්දැයි හොඳින් දැක ගන්නා අටි­යෙන් අපි නිසො­ල්මන් වීමු.

පොළො­වට සමා­න්ත­රව යටි බඩ ගෑවෙන නොගෑ­වෙන මට්ටමේ තබා ගනි­මින් සහ දිගු නගුට ක්‍රමා­නු­කූ­ලව දෙප­සට වන­මින් එහි අගිස්සේ සිදු පැහැති තිත් ලකුණ විටෙක පෙන්ව­මින්, හංග­මින් පිය­ව­රෙන් පිය­වර මේ ආකා­ර­යට ළංවන්නේ හාවාට මානම ගෙන බව දැන් ඒකා­න්තය. හාවාගේ බැල්ම කොටියා වෙත යොමු වන බව කොටි­යාට දැනුණු ඇසිල්ලේ කොටි­යාගේ ගමන නවතී. නමුත් නගුට නම් පොළො­වට සමා­න්ත­රව සෙල­වීමේ අඩු­වක් නම් නැත. ඔය ආකා­ර­යට ටික වේලා­වක් ගත කළ කොටියා යළිත් තම සුපු­රුදු දඩ­යම් ගමන අර­ඹයි. දැන් නම් හාවාට ළංවී­මට කොටි­යාට ඇත්තේ පිය­වර කිහි­ප­යක් පමණි. මේ දැන්, කොටියා එක් වරම දිගු පිම්මක් හාවා මතට පනිනු ඇතැයි අපට සිතේ. නමුත්, කොටියා සුපු­රුදු පරිදි බිමට සමා­න්ත­රව බඩ හෝ බිම නොව­දින පරිදි සිරුර බිමට පාත් කර ගත් වනම පසු වෙයි. හාවා පසු­වන්නේ නොරි­ස්සුම් සහ­ග­ත­වය. එහෙත්, කොටි­යාගේ පැමි­ණිම නිශ්චිත කර ගත නොහැ­කි­වාක් මෙන් කොටියා පැමි­ණෙන දෙසම බලා හිඳියි. කොටි­යාද එක් වරම ගමන නවතා ඉදිරි සහ පසු පස දෙපා යුගළ ළං කර ගත්තේ ලොකු පිම්මක් පැනී­මට සිතා­ගෙන මෙනි. ඒත් සම­ඟම අවට නිහැ­ඬි­යාව බිඳ හෙළ­මින් කොහේදෝ සිට නැඟුණේ මොන­ර­කුගේ කඨෝර වූ ‘ක්වැක් පී‘ නාද­යයි. හෝන් හඩක්ය. ඒ විම­සුම් මොණ­රාගේ නෙතට දැන්නම් කල් මරා පලක් නැති බව වටහා ගත් කොටියා එක් වරම දිගු පිම්මක් හාවා වෙත පැන්නත්, ඊට සුදා­න­මින් සිටි හාවාගේ දිගු පිම්ම කොටි­යාට වඩා ඉක්මන් වුයෙන් පිමි දෙක තුනෙන් වන­යට පැන ගත් හාවාගේ ජීව­ත්වීමේ අයි­තිය ඒ දව­සට ඒ ආකා­ර­යෙන් විස­ඳිණි. හා මසක හෝ රස බැලී­මට පැය භාග­ය­කට ආසන්න කාල­යක් පුරා කල්මැරූ කොටියා අව­සා­නයේ හාවා පැන සැඟව ගිය වන පෙත දෙස හිස් බැල්මෙන් බලා සිට තණ බිම මතින් ඇදී ගියේ ලොකු ඈනු­මක් ද හරි­මිනි. ලෙහෙසි ගොදු­රක් අභි­මුව ලද පරා­ජය බාර ගෙන දිය පොද­කින් කුස පුරවා ගෙන යළිත් දඩ­ය­මක් සොයා ගනු විනා ඌ අන් කුමක් කර­න්නද? මොන­රාගේ කඨෝර නදින් අවදි වූ වන­පෙත පුරා පැතිර යන මුව, මී, ගෝණ, රිළා, වඳුරු හඬ මුසු වු කච­ක­චය අස­මින් තණ බිම මත අඩි තබ­මින් වන­යට වැදුණු කොටියා සැඟව ගියේ ලැජ්ජා­වෙන් බව නම් නිසැ­කය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »