"බල්ලන්ගෙ සොහොන" ශ්‍රී ලංකාවේ ඒ අත්භූත ස්ථානය ගැන දන්නවාද?

2019-01-30 10:41:00       584
feature-top
බල්ලන්ට බලල්ලුන්ට ආදරේ කරන අය ලෝකෙ ඕන තරං ඉන්නවා.සමහරු පනටත් වඩා තමන්ගෙ හුරතලාට ආදරෙයි.එහෙම මිනිස්සු ලෝකෙ ඉන්නෙ අදක ඊයෙකෙ ඉඳලා නෙමෙයි.මේ වගේ ආදර නටඹුන් ලෝකෙ ඉතිහාසෙ සමහර තැන්වල තියෙනවා.
ඒව අද වෙන කොට ලෝක ප්‍රකට වෙලා,මිනිස්සු බලන්න එන යන තැන් වෙලා.
ඒ වගේම මිනිස්සු සත්තුන්ට සලකන්නෙ ආදරේ නිසාම නෙමෙයි.
ඇත්තටම සමහර විට මේ සත්තු මිනිස්සුන්ට සේවය කරනවා.සමහර විට ඒ සේවය කරනවාය කියන වචනෙ ඒ සේවයට නොතරම් වෙන්න පුලුවන් .ඒ නිසා අපි කියන්නෙ ඒක සේවය කිරීමක්ම නෙමෙයි.
මේ සත්තු අපිට කරන්න බැරි හරිය කරලා දෙනවා.ඒකයි ඇත්තම කතාව.
මේක අපි හිතන විදියට එහෙම සිදුවීමකට නෑදෑකම් කියන කතාවක්.
හැබැයි මේක මේ සත්තු ගැන කතාවක් නං නෙමේ.සත්තුන්ට අදාළ වෙනමම කතාවක්.
මේ කතාවෙ ඉතිහාසය අවුරුදු තුන්සිය අනූහතක් විතර පරණයි.වෙන විදියකට කියනවා නම් මේ ස්ථානය නිර්මාණය වෙලා තියෙන්නෙ එක්දහස් නමසිය හතලිස් තුනේ.එහෙම කිව්වම ඔබට තේරෙනවා මේ කියන්න යන්නෙ යටත් විජිත කාළෙ කතාවක් ය කියලා.

"ඔව්,
ඇත්තටම මේක යටත් විජිත අතීතියක කතාවක් තමයි...."

යටත් විජිත කිව්වම මේ කියන්නෙ එක්දහස් හයසිය විසිතුන නම් පෘතුගීසි යුගය.
කතාවක්.මේ ඉතිහාසයේ නිශ්චිත තොරතුරු අපිට කියන්න පුලුවන් .ඒකට හේතු වෙලා තියෙන්නෙ මේක දිනවකවානු සහිත කතාවක් නිසා.

"දින වකවානු....????"

අපි මේ විදියට එක එක ඒවා කිව්වම ඔබට හිතා ගන්න බැරිවෙනවා.මොකද ට්‍රැවල් කරන්න කැමති
කෙනෙක්ට

"බල්ලන්ට පූසන්ට ආදරය කිරීම......."

ගැන කතන්දර වලින් වැඩක් නෑ.
හැබැයි එහෙම කියලා බෑ.පරිස්සමට කියවන්න.ඇත්තටම ට්‍රැවල් කරනවා ය කියලා කියන්නෙ මෙහෙ ඉඳලා එහෙටයි,
එහෙ ඉඳලා මෙහෙටයි ඇවිදිල්ල නෙමෙයි.ඔබට පුලුවන් අතීතය හොයාගෙන ඇවිදින්න.මේක එහෙම වැඩක්.ඇත්තටම කියනවා නං කාළයත් ගහන රස්තියාදුවක් හැබැයි මේ ට්‍රැවල් එක අන්තිමට මාර තැනක නතර වෙන වැඩක් වෙයි.ඒ කියන්නෙ මිනිස්සුන්ගෙ හදගැස්ම තේරුම් ගන්න ඕන නම් එන්න මේ ගමන.
මේ ගමනේ මුල කොහෙ කොහෙ හරි වෙන්න පුලුවන් .ඒක තීරණය කරන්නෙ ඔබ.හැබැයි අග තියෙන්නෙ ත්‍රිකුණාමලේ.කොළඹින් පිටස්තර .ටිකක් ඈත.ටිකක් කිව්වට ටිකක්මත් නෙමෙයි.හුඟාක් ඈත.කොළඹ ඉඳලා කිලෝමීටර දෙසිය හැට පහක්
විතර .සාමාන්‍ය වේගෙන් අනතුරක් නොවෙන විදියට ඔබට වගේම අනුන්ටත් අනතුරක් නොවෙන විදියට මේ ගමන එනවා නං පැය හයක් හතක්වත් යනවා.හැබැයි බලන්න ඒවා ඕන තරං.
හරි මේකයි තැන.මෙතැන තියෙනවා යටත් විජිත කාළයේ පපෘතුගීසින් තමන්ගේ සුනඛයන් වෙනුවෙන් හදපු සොහොන.මේ සොහොන තියෙන්නෙ
.මේ සොහොන් කීපය අද වනවිට කාළය හමුවේ අසරණ වෙමිනුයි ඉන්නෙ.ඒ නිසා මේ මහලු වෙන මතකය මිය යන්න කලින් එන්න.මේක අපූරු කතාවක්.

"දැං සුනඛයො කවුද?"

කියන ප්‍රශ්නයත් ඔබට එනවා.ඒක අපිටත් ආවා.

"හුරතලේට හදපු අය වෙන්න ඇති..."

ඕක තමයි පළවෙනිම තර්කය.

"එහෙම වෙන්න පුලුවන් ද?"

ඒක හොයලා බැලුවම

"එහෙම වෙන්න බෑ...."

කියන එක අපිට පැහැදිළි වෙනවා.
මොකද සත්තු හුරතලයට හදන එක අදවගේම එදත් වෙන්න ඇති.
මොකද අපි අර කලිනුත් කිව්වා වගේම කුවේණිව දකින්නත් කලින් විජය දැක්කෙත් බල්ලෙක්ව ලු නෙ.ඒත් මේ සත්තුන්ට ආදරය කළා උනාට හැමෝම එහෙම විශේෂ විදියට සලකන්නෙ නෑ.
ඒ කියන්නෙ සාමාන්‍යයෙන් සතෙක් මැරුණම දාන දෙන්නෙ,පෙට්ටියක දාලා වළලන්නෙ එහෙමත් කෙනෙක්.ඒ නිසා මේවිදියට සුසාන භූමියක් හැදෙන්න විදියක් නෑ.මේක නිශ්චිත වැඩ පිළිවෙලක පප්‍රථිපලයක් වෙන්න ඇති.
ඒ විදියට ගත්තම ඉතාම පැහැදිළි වෙන කාරණයක් තමයි
ඒ කාළෙ බල්ලන්ට රාජකීය පිළිගැනීමක් තිබුණාය කියන එක.එහෙම රාජකීය පිළිගැනීමක් නිකම්ම හම්බෙන්නෙ නෑ නෙ.
බල්ලෙක් උනත් රාජජීය වැඩ කාරයෙක් වෙන්න ඕන.එතකොට මොකක් ද මෙයාලගෙ රාජකීය කම?
    රාජකීය කම තමයි මේ අය රජයෙ හමුදාවේ සේවකයන් වීම.

"බල්ලෝ...???"

ඔව්,මේ බල්ලො රජයෙර් හමුදාවේ සේවකයො ලු.ඒ කරපු සේවයට කරන ඇගයීමක් විදියටයි සොහොන් කොත් ඉදිවෙලා තියෙන්නෙ.හැබැයි දැං ඒවා කාළයත් එක්ක පරණ වෙමින් යනවා.අලුත් වැඩියාවක්‍ ය කියන්න තරමෙ දෙයක් වෙලා නෑ.හැබැයි කොහොම නමුත් ඔබ ත්‍රිකුණාමලය පැත්තට ඇවිදින්න එනවා නම් මේ බල්ලන්ගෙ සොහොනත් බලලම යන්න.
මොක ද මේක අපි දන්න හැටියට නං,ලෝකෙටම එකයි.
   හරියටම තැන කියන්නම්.හොයාගන්න අමාරු නෑ.මුලින්ම එන්න ත්‍රිකුණාමලයට.ඊටපස්සෙ යන්න ප්‍රකට ෆෙඩ්‍රික් කොටුව ට.එහෙම ගිහිල්ලා ෆෙඩ්‍රික් කටුව ඇතුලෙ හොයන්න.හම්බවේවි තැන.

More News »