ඔබේ ජීව විද්‍යාත්මක වයස මනින අපූරු ක්‍රමයක්

2018-12-12 09:33:00       126
feature-top
"ආනේ එයාට හැටක්ද? මම හිතුවේ පනහක්වත් නැතිව ඇති කියලා" අපි කෙනෙක් ගැන එහෙම කියන අවස්ථා තියෙනවා.

එහෙම නැත්නම්

"එයාට තවම තිහයි. ඒ වුණාට බලන්නකෝ ඉන්න හැටි. හතළිහත් පැනපු කෙනෙක් වගේ"
මේ විදියට අපි අපි ගැන තීරණය කරන්නත් සමාජය අපි ගැන තීරණය කරන්නත් වයස තීරණාත්මක සාධකයක් කරගෙන තියෙනවා. ඇත්තටම අපි වයස කියලා කියන්නේ මොකකටද? අපි ඔක්කොම පෘථිවිය උඩ නැඟලා ඉර වටේ එක වටයක් කරකුණාම අවුරුද්දකින් වයස යනවා. ඉතින් මේ වයස යෑම අපි ඔක්කොටම එක සමානද?

මේ ඔස්සේ විද්‍යාත්මකව හිතන සංකල්ප රැසක් බිහි වෙලා තියෙනවා.

ඒ අනුව වර්ග කිහිපයක් තියෙනවා.

01. කාලානුරූප වයස (ඛ්ඩපධදධතධඨඪජචත චඨඥ) අපි කවුරුත් දන්න විදියට ලෝකය ඉර වටේ කැරකීම අනුව ගණන් ගන්නා වයස.

02. ජීව විද්‍යාත්මක වයස (ඕඪධතධඨඪජචත චඨඥ) අපේ ශරීරය සැදී ඇති අනුක මට්ටමෙන් හා සෛල්‍ය මට්ටමෙන් ඇති ක්‍රියාකාරිත්වය අනුව ගණනය කරන වයස

03. මානසික වයස (ර්ථීඵරජඩධතධඨඪජචත චඨඥ)

04. ක්‍රියාකාරී වයස (ජ්භදජබඪධදචත චඨඥ) ඉහත තුනම එකට සලකා බැලූ විට යමකුගේ ක්‍රියාකාරී වයස ගණනය කර ගත හැකිය.

කෙනකුගේ ජීව විද්‍යාත්මක වයසට බලපාන සාධක

01. ජීවන පිළිවෙත

ව්‍යායාම පුරුදු, ආහාර පුරුදු, ආතතියෙන් පෙළෙන්නේද? මත්පැන් පානය, අධ්‍යාපන තත්ත්වය, නින්ද ලබන ප්‍රමාණය, ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවල තත්ත්වය
2. ආරය (පරම්පරාවෙන් ගෙන එන ආයුෂ එනම් ජානමය තත්ත්වයන්)

03. ඔබ ජීවත් වන ස්ථානය (පරිසරය සහ සංස්කෘතිය)
මේ කරුණු ඔක්කෝම බලපානව අපේ ශරීරයේ තුළ තිබෙන අවයවවල ක්‍රියාකාරිත්වයට ඔබට පෙනෙනවා ඇති හැරුණම ගොඩක් දේ තියෙන්නේ අපේ අතේ බව. අපි අපව ජීවත් කරවන ශරීර අභ්‍යන්තර අවයව ඉක්මනට දිරාපත් කරගෙන වයසට යවා ගන්නවාද නැත්නම් අඩු වයසකින් පවත්වා ගන්නවාද කියන දේ රැඳී තියෙන්නේ අපේ අතේ.

මෙහි අංක 3 එනම් පරිසරය ඉතා වැදගත් වගකීමක්. පරිසරය ආශි්‍රත රෝග නිවාරණයට නිසි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරලා. බය නැතිව හුස්ම ගන්න පුළුවන් වාතය ලබා දීලා, විස රහිත ආහාර ලබාදීලා, ශබ්ද දූෂණය අඩු මානසික ආතතිය අඩු, සතුටින් ජීවත් විය හැකි, ජනතාව යහපත් පරිසරයක් ලබා දීම රට කරවන ඇත්තන්ගේ වගකීම. එහෙම හොඳ රටක් අපට ලබා දෙන අයව පාලකයන් ලෙස පත් කර ගැනීම ජනතාවගේ වගකීම.

ජීව විද්‍යාත්මක වයස මනින්නේ කොහොමද?

ගණන් මිනුම් ඇතිව මනින දේවල් විවේකී හදගැස්ම, රුධිර පීඩනය, ඇස් පෙනීම හැරුණම කොතරම් පහසුවෙන් දවසේ වැඩ කර ගන්නවාද, මාංසපේශීවල ශක්තිය ආදියත් සලකා බලනවා. හෘදය මොළය, අක්මාව, වකුගඩු, පෙණහලු ආදී ජීවිතය පවත්වා ගැනීමට නැතිවම බැරි අවයව වල ක්‍රියාකාරී තත්ත්වය පරීක්‍ෂණවලින් මැන බලන්න පුළුවන්.

ඉතින් අපි වයස්ගත වීම ගැන කනස්සලු නොවී ජීව විද්‍යාත්මක වයස හැකි තරම් අඩුවෙන් පවත්වා ගැනීමට නම් දැන් ඉඳලම දුම්බීම නැවැත්වීම, මත්පැන් පානය නැවැත්වීම, පලතුරු, එළවළු, ජලය වැඩිපුර ගැනීම, නින්ද පැය 7, 8 නින්දක්, ව්‍යායාමය වගේම මානසික ආතතිය අඩුකරන ගැඹුරු ලෙස හුස්ම ගැනීම, භාවනාව, සංගීතයට සවන් දීම, පොත් පත් කියවීම රසවින්දනය, ආදියත් ජීවිතයට එකතු කර ගනිමු.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »