ඩොලර් මිලියන ගණන් වටිනා සිතිජයෙන් පෙරාගත් මුතු ලතාවක වලාකුළු සිත්තම

2018-12-11 09:14:00       568
feature-top
එඩ්වර්ඩ් මන්ච් නම් චිත්‍ර ශිල්පියා විසින් අඳිනු ලැබ 'ද ස්ක්‍රීම්' (ඊඩඥ ඉජපඥචථ) (මොරගෑම) යනුවෙන් නම් කෙරුණු චිත්‍ර නිර්මාණය සඳහා ඔහුට ආවේශය ලැබී ඇත්තේ විස්මයදනවන අන්දමින් එක්රැස්වුණු වලාකුළු ගොන්නකින් යැයි පර්යේෂකයෝ පිරිසක් ප්‍රකාශ කරති. නෝර්වීජියානු ශිල්පියාගේ එම චිත්‍රය 2012දී පැවැත්වුණු වෙන්දේසියකදී ඩොලර් මිලියන 19.9කට අලෙවි වුණු නමුත් එය නොයෙක් මතභේදවලට පාදක වී තිබේ. 1883දී ක්‍රැකටෝ ගිනි කන්ද පිපිරීමෙන් නැඟුණු ගිනි ජාලාවේ පැහැයට සමානව, හිරු බැස යන අවස්ථාවකදී බටහිර අහසෙහි දිස්වන රත් පැහැය දක්වන නිර්මාණයක් බව සමහරුන් ප්‍රකාශ කරන අතර එම චිත්‍රයෙහි දැක්වෙන තරංගාකාර වලාකුළුවලින් ස්වභාවයෙන් නැඟෙන තියුණු ඝෝෂාවක් පිළිබිඹු වෙතැයි තවත් ඇතැමෙක් කියති.

'මුතුමාතා වලාකුළු යනු මොනවාද?

මුතු පැහැති වලාකුළු ඇතැම් විටෙක 'මුතු මාතා වලාකුළු' (ර්ධබඩඥප ධට ර්ථීඥචපත ඛ්තධභඤඵ) යනුවෙන් හැඳින්වෙයි. පහළ ස්තර ගෝලයට මීටර 15 _ 25ක් පමණ ඉහළින් හා පරිවර්තී ගෝලයට බොහෝ ඉහළින්ද පිහිටි අධික සීත කලාපයෙහි එම වලාකුළු නිර්මාණය වෙයි. හිරු බැස යෑමෙන් පසු හා හිරු උදාවට පෙරද එම වලාකුළු රැඳී තිබෙන උස මට්ටමේදී ඒවාට සූර්යාලෝකය වැටෙන හෙයින් ඒවා ඉතා දීප්තිමත් වර්ණයකට හැරෙයි. වායු ගෝලයෙහි පවත්නා මීතේන් වායුව ඕසෝන් ස්තරය සමඟ ප්‍රතික්‍රියා කිරීම ඊට හේතුවය.

නෝර්වේ උතුරෙහිදී නිතර දක්නට ලැබෙන මුතු පැහැති වලාකුළු හෙවත් 'මුතු මාතා වලාකුළු' එඩ්බර්ඩ් මන්ච්ගේ 'ද ස්ක්‍රීම්' චිත්‍රයට ප්‍රස්තුත වී ඇතැයිද එම චිත්තාකර්ෂණීය දර්ශනයෙන් ලත් ආවේශය විසින් මන්ච් එම චිත්‍ර නිර්මාණය සඳහා පොලඹවන ලදැයිද නිව්බ්‍රන්ස්වික්හි රට්ගර්ස් විශ්වවිද්‍යාලයේත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ ලන්ඩන් විශ්වවිද්‍යාලයේත් විද්‍යාඥයෝත් විශ්වාස කරති. ඔවුන්ගේ අධ්‍යයනය පිළිබඳ විස්තර ඇමෙරිකා කාලගුණ විද්‍යා සංගමයේ පත්‍රිකාවක පළ කරන ලදී.

චිත්‍රයේ 'ස්ක්‍රීම්' යන නාමයෙන් දැක්වෙන්නේ අහසින් නැඟෙන ඝෝෂාවක් බවත් චිත්‍රයෙහි දක්නට ලැබෙන පුද්ගලයා ඔහුගේ හෝ ඇගේ දෙකන් මත දෑත් තබාගෙන සිටින්නේ එම ඝෝෂාව කන් තුළට නොවැදෙනු පිණිස බවත් රට්ගර්ස් විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ මහාචාර්ය හා මෙම අධ්‍යයනයේ සම කර්තෘ ඇලන් රෙබොක් ප්‍රකාශ කළේය. චිත්‍රය පිළිබඳ පළමු වැනි අර්ථ නිරූපණය 1893දී ප්‍රකාශයට පත් විය.

1893දී තෙල් සායමෙන්ද එම වසරේදීම යළිත් කේ‍ර්යන් හුනු කූරුවලින්ද 1895දී පැස්ටල් මාධ්‍යයෙන් හා 1910 යළිත් තෙල් සායමෙන්ද මෙම චිත්‍රය හතර වරක් නිර්මාණය කරන ලද අතර 1895දී පැස්ටල් මාධ්‍ය චිත්‍රය ලියොන් බ්ලැක් නමැත්තා විසින් ඩොලර් මිලියන 120කට මිලට ගන්නා ලද්දේය. ක්ෂිතිජයට පහළින් විහිදෙන ආලෝකයෙන් ස්තර වලාකුළු හෙවත් මුතු පැහැති වලාකුළු ගොන්න ආලෝකවත් වෙයි. මන්ච්ගේ චිත්‍රයේ දැක්වෙන අහසේ වර්ණ හා රටා ඉර බැස යන අවස්ථාවේ දක්නට ලැබෙන මුතු පැහැති වලාවල වර්ණයට හා ඒවායේ රටාවටත් හොඳින්ම ගැළපේ යැයි ඇලන් රොබොක් ප්‍රකාශ කළේය. චිත්‍රය සම්බන්ධයෙන් පැවැත්වුණු නවතම අධ්‍යයනය 2017 පැවැත්වුණු අධ්‍යයනය පදනම් කොට ගැනුණු අතර මුතු පැහැති වලාකුළු පිළිබඳ සංකල්පය මුල් අධ්‍යයනයෙන්ද ඉදිරිපත් විය.

පිපිරෙන අග්නිභූදරයකින් නික්මෙන ගිනි ජාලාවක පැහැය අහසෙහි මවමින් හිරු බැස යන අවස්ථාවක් හා මුතු පැහැති වලාකුළුද ඇතුළත් ඡායාරූප කෙරෙහිද මනා අවධානයක් යොමු කරමින් මන්ච්ගේ චිත්‍රය අධ්‍යයනය කළ පර්යේෂකයෝ ඒ පිළිබඳව දීර්ඝ හා විද්‍යාත්මක විස්තර ප්‍රකාශයට පත් කළහ.

භාව ප්‍රකාශක චිත්‍ර ශිල්පී එඩ්වර්ඩ් මන්ච් 1893 සිට 1910 දක්වා කාලය තුළ නිර්මාණය කළ චිත්‍ර හතරම නම් කළේ 'ද ස්ක්‍රීම්' (ඊඩඥ ඉජපඥචථ) යන ජනප්‍රිය පාඨයෙනි. ඔහු ඊට යෙදූ ජර්මන් නාමය 'ච්ඥප ඉජඩපඥඪ' යන්නය.

එයින්ද දැක්වෙන්නේ 'ස්වභාවධර්මයේ ඝෝෂාව' යන අර්ථයයි. රැලි නංවන වලා රොදවල් සහිත ළා රතු පැහැති අහස පසුබිම් කොටගත් භූමි දර්ශනයකින් නික්මෙන ආවේගශීලී භාව ප්‍රකාශනයක් එම නිර්මාණවලින් දැක්විණි. චිත්‍ර පිළිබඳ නවතම විශ්ලේෂණය නිවැරැදි වන්නේ නම් මන්ච්ගේ නිර්මාණය මුතු පැහැති වලා ගොනු පිළිබඳ පැරැණිම නිර්මාණවලින් එකක් වනු ඇතැයි අධ්‍යයනයෙහි යෙදුණු පර්යේෂකයෝ ප්‍රකාශ කරති.

මන්ච් සියැසින්ම දුටු දේ චිත්‍රයට නැඟුවේදැයි ස්ථිරවම කිව නොහැකි නමුත් ක්‍රැකටෝ ගිනි කන්ද පිපිරීමේ දර්ශනයෙන් හා මුතු පැහැති වලාකුළු ගොන්නේ දර්ශනයෙන් ලත් අත්දැකීම අනුව මන්ච් ඒ දෙකම එක්කොට චිත්‍රය නිර්මාණය කරන්නට ඇතැයිද සිතිය හැකි යැයි රොබොක් සහ අනෙක් පර්යේෂකයෝද පැවැසූහ.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »