එදා කොල්ලන් පිස්සු වට්ටපු අදත් කාටත් නැතිවම බැරි ඩෙනිම ලැබුණේ මෙහෙමයි

2018-12-08 09:04:00       585
feature-top
ඩෙනිම් කලිසම අද කොයිතරම් ජනප්‍රිය දෙයක්ද කියතොත් එය ලෝකයට ඉදිරිපත් කළ පසුත් අද තවමත් විවිධ වෙනස්කම් මැද වුවත් නැතිවම බැරි ඇඳුමක් වී ඇත. තැනින් තැන පුලුස්සා, විවිධ වර්ණ ගන්වා, ළා පාට තද පාටට හරවා, තැනින් තැන කපා කොට කකුල් පෙන්වා, විසිතුරු බැජ් පැලන්දා, බොත්තම් පලන්දා එක එක විලාසිතා කළත් මුල් ඩෙනිම් බිහිවූ කතාව නම් හිතාගන්නවත් බැරි තරම් වූවක්.

ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ කොලොමාහි පිහිටි ජෝන්සටර්ගේ 'සටර්ස්' ලී මෝල අසලින් රත්රන් හමුවීම නිසා එය රහසක් වශයෙන් තබා ගැනීම දුෂ්කර විය. රන් මතුකර ගන්නටත් ඉන් ධන සම්පත් පාදගන්නටත් කවුරු කවුරුත් උනන්දුවන්නට වූයේ පිස්සුවෙන් වගේය. මේ කියන රන් නිධාන සොයා මෙම ප්‍රදේශයට පැමිණි පිරිස් නිසා එය එකම මුදල් සොයන ආර්ථිකය වෙනස් කරවන සිදුවීමක් බවට පත් විය. මෙය ඉතිහාසයේ සටහන් වන්නේ "කැලිෆෝනියානු රන් උන්මාදය" ලෙසය.

රන් සොයන, ඒ වෙනුවෙන් ධනය වැය කරන අය විතරක් නොවේ රන් ආකරවල වැඩ කරන කම්කරුවකු හැටියට එදා තිබුණු වැටුපට වඩා තුන් ගුණයක වැටුප් ලබන්නට කම්කරුවන් මෙම ප්‍රදේශ සොය සොයා පැමිණි යුගයක් නිර්මාණය වී තිබිණි. මේ රන් නිසා අතමිට සරු කාගෙ කාගේත් ආර්ථිකය වැඩි දියුණු වුණා සේම වෙහෙස වී එක දිගටම වැඩ කරන කම්කරුවන්ගේ ඇඳුමටත් ස්ථිරසාර ගැළපෙන පහසු දෙයක් ඕනෑ වී තිබුණේය.

ඇමෙරිකානු ආර්ථික ඉතිහාසයේ මතක හිටින සටහන් තබමින් 'ලෙවී ස්ටුවුස්' නම් බැවේරියානු වයස අවුරුදු 24ක තරුණයාද ඇමෙරිකාවේ බටහිර වෙරළේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය වෙත සේන්දු වන්නේ කැලිෆෝනියා රන් ආකරවල වාසනාව උරගා බලන්නටය. නමුත් හැමෝටම රන් ලැබුණත් ලෙවී ස්ටුවුස්ට නම් රන් ලැබුණේ නැත. ඔහුගේ දෛවය ලියාන තිබුණේ වෙතත් මඟක් ඔස්සේ යන්නටය. ඔහු ඇමෙරිකාවේ නැඟෙනහිර වෙළෙ¼දාමේ පිහිටි ඔහුගේම සොහොයුරුගේ තොග සිල්ලර වෙළෙ¼දසැලේ ශාඛාවක් සැන් ෆ්‍රැන්සිස්කෝවල පිහිටුවාගෙන වෙළෙදාමක් පටන් ගත්තේය. වසර 20ක් යද්දි හේ ධනවත් ව්‍යාපාරිකයකු වශයෙන් නැඟී සිටියේය.
මේ ව්‍යාපාර කටයුතු අතර ඔහු කපු රෙදි වෙළෙ¼දාමද කළේය. ඒ නිසා ඔහුට ජේකොබ් ඩේවිස් නම් ගනුදෙනුකරුවාද හඳුනාගන්නට ලැබුණේය. ජේකොබ් රෙදිපිළි මසන්නෙකි. ඩෙනිමේ කතාව පූර්ණ වන්නේ මේ කියන ධනවත් ව්‍යාපාරික ලෙවී ස්ටුවුස් හා ජේකොබි අතර සිදුවන තීරණාත්මක දෙයක් නිසාය.

දිනක් මසන්නා වෙත ආ රන් ආකරවල සේවයේ නියුතු කම්කරුවකුගේ බිරියක් තම සැමියාට "එල්ලා නොවැටෙන විදියේ කලිසමක් මසා දෙන්නැයි" ඉල්ලීමක් කෙරුණේය. එල්ලා නොවැටෙන විදියේ විශේෂිත කලිසමක් මසා දීම ජේකොබ් නම් මසන්නට අලුතෙන් යමක් හිතන්නට මඟ පෑදීය. ශරීරයේ ප්‍රමාණයට තදට කලිසමක් මැසූ ජේකොබ් එහි ඉක්මනින් ඉරෙන කලිසමේ සාක්කු ඇති තැන්වල විලාසිතා අංගයක් විදියට ලෝහමය රිවට් සහිත පදක්කම් වැනි විසිතුරු තහඩු සවි කළේය. එය අමුත්තක් ගෙන දුන්නත් බෙහෙවින්ම කතා බහට ලක්වූ අතර ඉක්මනින්ම එය ජනප්‍රිය ද වූයේය.

රත්රන් සල්ලි යහමින් අතපතගාන කම්කරුවන්ගෙන් මේ කියන මුල් යුගයේ ඩෙනිම් කලිසමට හිතාගන්නට බැරි තරම් ඉල්ලුමක් ලැබුණේය. ජේකොබ්ගේද අතමිට වෙනදාට වඩා සරු වූ නිසා ඔහු අනාගතය ගැන හිතා මෙම ඩෙනිම් කලිසමට පේටන්ට් බලපත්‍රයක් ගන්නට තීරණය කළේ එය මහා පරිමාණයෙන් කරන්නට හිතා ගෙනය.

එහෙත් මීට විශාල ධනයක් හා පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට විශ්වසනීය පදනමක් පෙන්වන්නට ඕනෑ වූයේය. ජේකොබ්ට සිහියට නැඟුණේ තමන් ගනුදෙනු කරන බැවේරියානු ධනවතා වූ ලෙවී ස්ටුවුස්වය. ලෙවීට අදහස කියූ ජේකොබ් එකඟතාවකට පැමිණ දෙදෙනාගේම නමින් ඩෙනිම් කලිසමේ පේටන්ට් බලපත්‍රය ලබාගන්නට කටයුතු කළේය. ලෙවීද ඊට අනාගතය ගැන හිතා කැමැත්ත දුන්නේය. පේටන්ට් බලපත්‍රයද ලැබුණේය. ඒ අනුව පේටන්ට් බලපත්‍රය ලබාගත් 1873 මැයි 20 වැනිදා නිල වශයෙන් ඩෙනිම් කලිසමට නිල වටිනාකම ලැබුණේය.

එතැන් පටන් රිවම් යෙදු ඩෙනිම් කලිසම් තොග ගණන් නිමා වූයේය. විකිණුනේය. තව තවත් වෙනස් වෙමින්, වර්ණවත් වෙමින් වැඩි දියුණු වූයේය. ඊටත් වඩා බාච්චු කලිසම් ඇඳගෙන උන්නු ඇමෙරිකානු තරුණයන් පමණක් නොව නන් දෙසින් රන් ආකාරවල සේවයට පැමිණි සකලවිධ වර්ගයාගේම කම්කරු තරුණයන් අතර මෙය විලාසිතාවක් තරමට පැතිරී ගියේය. නිතර වැඩ කරද්දී දුහුවිලි රැඳීම නොපෙනේනට ඩෙනිමට තද නිල් පැහැයක් දෙන්නට තීරණය වුණේ ඉන් පසුවය. ඊට ධ්දඤඪඨධටඥපච ඊඪදජබධපඪච නම් ශාකයෙන් ලබා ගත් ස්වාභාවික ඉන්ඩිගෝ වර්ණය භාවිත කරන්නට නියම වූයේ නිතැතිනි.

මේ නිසා ඩෙනිමේ තද වර්ණය ඉක්මනින් මැකී නොයන සේ යළි යළිත් වර්ණ ගන්වා අඳින්නට පුළුවන් වන තරමට මෙය කල්පවතින කලිසමක් වූවා පමණක් නොව අද වෙද්දී එය නවීකරණය වී ඇදෙන සුලු විලාසිතාවෙන් අනූන වන තරමට දියුණු වී නැතිවම බැරි කලිසමක් වී ඇත.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »