දාන­යට එළ­වළු තමන්ම වවා ගන්නා මෙහෙ‍ණි­යක්

2018-11-21 10:26:00       130
feature-top
* පන්ස­ලට වෙහෙ­රක් ලැගුම් ගෙයක් නෑ
* ගමේ දාය­ක­ය­න්ටත් කන්න නැති දාට එළ­වළු ආරා­ම­යෙන්
* හම් පාසලේ දරු­වන් ඉගෙන ගන්නේ ගස් යට.

සම­හරු බුද්ධා­ල­ම්භන ප්‍රීතිය නිමි­ත්තෙන් විවිධ දේ කරති. බුදු දහමේ හරය ලොවට කියා­පා­මින් දහ­මින් පෝෂිත දරු­ප­ර­පු­රක් බිහි­ක­ර­ලීමේ පර­මා­ර්ථය මුදු­න්පත් කර­ගනු සඳහා සම්මා වෑය­මක යෙදෙන එක්තරා මෙහෙ­ණින් වහන්සේ නමක සොයා අප පසු­ගිය දිනෙක පුත්ත­ලම දිස්ත්‍රි­ක්කයේ තවත් දුෂ්කර ප්‍රදේ­ශ­යක් කරා ගියෙමු. පුත්ත­ලම කොළඹ ප්‍රධාන මාර්ගය ඔස්සේ හලා­වත දෙසට යද්දී අපට පළ­මුව හමු­වන ප්‍රධාන මංස­න්ධිය පාල­විය මංස­න්ධි­යයි. එය පසු­කර කිලෝ මීට­රක් පමණ යද්දී දකුණු දෙසට දිවෙන මාර්ග­යත් සමඟ අපට හමු­වන්නේ දුම්රිය හරස් මාර්ග­යකි. එය පසු කරද්දී අප පා තබන්නේ වන්නි­තිව්ව නම් වූ සුන්දර ගම්පෙ­ත­ටය.

මේ පළාතේ ජන­තාව කෘෂි කර්මා­න්තය, ධීවර කර්මා­න්තය හා ලුණු කර්මා­න්තය ප්‍රධාන වශ­යෙන් සිය ජීවි­කාව කර ගෙන සිටින අතර තවත් පිරි­සක් එදි­නෙදා කුලි­යක් මලි­යක් කර­ග­නි­මින් වේල පිරි­මසා ගනිති. පවුල් 65ක් පමණ පදිංචි මෙම ප්‍රදේ­ශයේ සිංහල, දෙමළ හා මුස්ලිම් යන ජාතීන් සම­ගි­යෙන් ජීවත් වන අතර වැඩි දෙනෙක් අඩු ආදා­යම් ලාභි­හුය.

සදා­චාර සම්පන්න දැහැමි සමා­ජ­යක් ගොඩ­න­ගනු වස් 2016 වර්ෂයේ මුල් භාගයේ ආරම්භ කරන ලද පාල­විය, වන්නි­තිව්, ශ්‍රි අභි­න­වා­රම විහා­ර­ස්ථා­නය ප්‍රදේ­ශ­වාසී බෞද්ධ සැදැ­හැ­ව­තු­නට පිනක් දහ­මක් කර ගැනී­මට ඇති එකම ස්ථාන­යයි. මාව­නැල්ලේ ධම්ම සුදේ­ශිකා මෙහෙ‍ණිය මෙම විහා­ර­ස්ථා­නයේ විහා­රා­ධි­ප­ති­කා­රි­ත්වය දර­මින් වැඩ වාසය කර­න්නීය.

අඩු ආදා­ය­ම්ලාභී දාය­ක­යන් විශාල ප්‍රමා­ණ­යක් සිටීම නිසා විහා­ර­ස්ථා­නයේ අභි­වෘ­ද්ධිය උදෙසා මූල්‍ය­මය වශ­යෙන් දායක වීමට නොහැකි තර­මට ඔවුන් ආර්ථි­ක­මය වශ­යෙන් අපො­හො­සත්ය. පළාතේ ජන­තා­වට මෙන්ම කුඩා දරු­වන් නිසි මඟ යව­මින් විහා­ර­ස්ථා­නයේ අඩු­පාඩු පිරි­මසා ගැනී­මට මෙහෙ­ණි­යන් දර­න්නාවූ උත්සා­හය සුළු­පටු නොවේ. බෝසත් ළමා සමා­ජය නමින් පළාතේ බෞද්ධ හා කතෝ­ලික දරු­වන්ගේ එක­මු­තු­වෙන් ළමා සමා­ජ­යක් පිහි­ටුවා සාමය හා සහ­ජී­ව­නය සංකේ­ත­වත් කර­මින් ආග­මික සහ­ජී­ව­නය නංවා­ලී­මට එතු­මිය ජාතික මෙහෙ­ව­රක නිර­තව සිටි­න්නීය.

විහා­ර­ස්ථා­න­යට ඉල­ක්ක­ගත ආදා­යම් මාර්ග­යක් නොමැති අතර ඇතැම් දින­වල එදි­නෙදා වේල පිරි­මසා ගැනී­මද අප­හසු වන්නේ දායක පවු­ල්වල දුගී දුප්ප­ත්කම හේතු­වෙනි. පන්ස­ලට දානය නොලැ­බෙන අවස්ථා එමට වුවත් දුගී දුප්පත් ජන­තා­වක් වෙසෙන පළා­තක් බැවින් සුදේ­ශිකා මෙහෙ‍ණිය ඇල් දිය වීදු­රු­වෙන් සැනසී සියලු අඩු­පාඩු උපේක්ෂා සිතින් විඳ දරා ගන්නීය.

“මේ පළාත වැස්ස කලෙට නිත­රම ගංව­තු­රට යට වෙනවා. ඒ වගේම පායන කාලෙට දරුණු ලෙස නිය­ඟ­යෙන් බැට කනවා. විහා­ර­ස්ථා­න­යට ගොවි­තැ­නක් කර ගන්න තරම් ඉඩ­ක­ඩක් නැති වුණත් දාන­යට අවශ්‍ය එළ­වළු පන්සල් භූමියේ හැකි තර­මින් වවා ගැනී­මට මං උත්සාහ දර­නවා. මේ පළාතේ පස සරු නොවු­ණත් උත්සා­හ­යෙන් කෙසේ හෝ බව­භෝග ටිකක් හදා ගන්නවා. ඇතැම් වෙලා­වට එදා­වේල සපයා ගන්න බැරි දාය­ක­ය­න්ටත් ඒ ගොවි­තැ­න්වල ඵල­දාව පිහි­ටක් වෙනවා.” සුදේ­ශිකා මෑණි­යන් පව­සන්නේ සිය කුඩා ගොවි­පොළේ වගා­වන්ට සාත්තු සප්පා­යම් කරන අත­ර­තු­ර­දීය.

විහා­ර­ස්ථා­නයේ ස්ථීර සංඝා­වා­ස­යක් නොමැත. මෙහෙ­ණි­යන් සිය ආවාස පහ­සු­කම් සපයා ගන්නේ කුඩා ඉඩ ප්‍රමා­ණ­ය­කය. විහා­ර­ස්ථාන දහම් පාසලේ දරුවෝ තිහ­කට අධික සංඛ්‍යා­වක් ඉගෙ­නුම ලබති. ඒ දරු­වන්ට උග­න්ව­න්නේද මෙහෙ­ණි­යන් වැඩ වසන කුටි­යේ­දී­මය. ඉන් දහම් පාසල් දරු­වන් මෙන්ම මෙහෙ­ණි­යන් ද දැඩි අප­හ­සු­තා­වට පත් වුවත් කළ හැකි යමක් නොමැත. ඩෙස් බංකු ඇත්තේ කීප­යකි. දරු­වන් වැඩි දෙනකු දහම් අධ්‍යා­ප­නය ලබන්නේ ගස් යටය.

බෝධීන් වහන්සේ නමක් හැරු­ණු­විට විහා­ර­ස්ථා­න­යක් සතු ප්‍රධාන අංග කිසි­වක් එහි නැත්තේය. සංඝා­වා­ස­යක්, බහු­කාර්ය ගොඩ­නැ­ගි­ල්ලක්, ගිනි­හල් ගෙයක්, නාන කාම­ර­යක්, වැසි­කිළි හා කැසි­කිළි පහ­සු­කම් කිසි­වක් මෙහි නැත.

එම අඩු­පා­ඩු­කම් සපුරා ගැනී­මට බෞද්ධ පින්ව­න්ත­යන් ඉදි­රි­පත් වන්නේ නම් එය මහඟු පුණය කර්ම­යක් වනු ඇත්තේය. විහා­ර­ස්ථා­නයේ ඉහත කී අඩු­පාඩු සපුරා දීමෙන් ප්‍රදේ­ශ­යට ආග­මික වශ­යෙන් විශාල මෙහෙ­ව­රක් සිදු කිරී­ම­ටත් සදා­චාර සම්පන්න දැහැමි සමා­ජ­යක් බිහි­කි­රී­ම­ටත් හේතු වනු ඇත්තේය.

“අපි අති දුෂ්කර ප්‍රදේ­ශ­යක ජීවත් වෙන්නෙ. පළාතේ ජාතීන් තුනම මිශ්‍රව ජීවත් වෙනවා. බහු­ත­ර­යක් ඉන්නේ මුස්ලි­ම්ව­රුන්. දෙමළ ජාති­ක­යන් සුළු පිරි­ස­කුත් ඉන්නවා. මගේ සතර පේරුවේ දාය­ක­යන් ලෙස පවුල් 65ක් පමණ ඉන්නවා. ඒ අය ජීවත් වන්නේ ඉතා දුෂ්ක­රතා මැද්දෙයි.

ඒ අය වෙනු­වෙ­නුත් මේ සම්බුද්ධ ශාස­නය වෙනු­වෙ­නුත් අපට කරන්න පුළු­වන් සිය­ලුම ආග­මික හා සමා­ජීය කට­යුතු අපි ඒකා­න්ත­යෙන්ම සිදු­ක­ර­ගෙන යනවා. දහම් පාස­ලට ගොඩ­නැ­ගි­ල්ලක් නෑ. ඩෙස් පුටු නැහැ. අපට ලැගුම් ගෙයක් නෑ. ආග­මික වතා­වත් කරන්න චෛත්‍ය­යක් නැහැ. ඔන්න ඔය කියන අඩු පාඩු සපු­රලා දෙන­වා­නම් සම්බුද්ධ ශාස­න­යට කර­ගන්නා වූ මහත් පුණ්‍ය කර්ම­යක්” සුදේ­ශිකා මෙහෙ­ණිය පැව­සු­වාය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »