ගමන දුෂ්කර වුවත් නොදැක බැරි එලි­ෆන්ටා ගුහා

2018-11-12 12:04:00       79
feature-top
ප්‍රබෝ­ධ­මත් ගම­නා­න්ත­යක් සනි­ටු­හන් කර­මින් මුම්බායි හි ජාත්‍ය­න්තර ගුවන් තොටු­ප­ළට අප රැගත් ජෙට් ගුවන් යානය සැපත් වෙද්දී උදෑ­සන අටට ආස­න්නය. අපේ අස­ල්වැසි රට­වන ඉන්දි­යාවේ නිල සංචා­ර­යක් සඳහා ඇරැ­යුම් ලැබ පැමිණි අපට එහිදී ලැබුණේ උණු­සුම්ම පිළි­ගැ­නී­මකි. සුව­ඳ­වත් පිච්ච මලින් ගෙතූ මල්මාලා ගෙල පලඳා අප පිළි­ගත්තේ සුන්දර යුව­ති­යකි. ආග­න්තුක රට­කට පැමිණි විට දැනෙන තනි­කම හා පාළුව පර­ය­මින් ලැබුණු ඒ ආග­න්තුක සත්කා­රය හා උණු­සුම් පිළි­ගැ­නීම කොතෙ­ක්දැයි විස්තර කළ නොහැකි වුවද එය එක් අත­කට අපේ වෙහෙස හා තනි­කම සම­නය කර­න්නට සමත් විය.

අප එලෙස මුම්බායි ගුවන් තොටට ගොඩ බැස්සේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොම­සා­රිස් කාර්යා­ලයේ ඇරැ­යු­ම­කට අනු­වය. අනා­දි­මත් කාල­යක් පුරා දෙරට අතර වූ මිතු­දම ශක්ති­මක් කිරීමේ තවත් පිය­ව­රක් වශ­යෙන් ශ්‍රී ලාංකීය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය­වේ­දීන් වෙනු­වෙන් එම සංචා­රය සංවි­ධා­නය කරනු ලැබ තිබිණි. සූදා­නම් වීමට තරම් කාල­යක් නොති­බු­ණත් ඉන්දීය මහ කොම­සා­රිස් කාර්යා­ලයේ කැප­වී­මෙන් සෑම­දේම විධි­මත්ව සංවි­ධා­නය වී තිබුණේ අප පුදුම කර­ව­මිනි. ගොඩ­බට වහා ගුවන් තොටු­පොළ සිසාරා අප කැටුව ගියේ මුම්බායි හි ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළේ සුන්ද­ර­ත්වය අත්වි­ඳී­මට ඉඩ­හ­සර සල­ස­මිනි. ඉන්දි­යාවේ බාහිර කට­යුතු අමා­ත්‍යං­ශයේ හා බාහිර ප්‍රචා­රක අංශයේ සහ­යෝ­ග­යෙන් මුම්බායි හි ජාත්‍ය­න්තර ගුවන් තොටු­පළ පාල­නය වන ජී.වි.කේ. ආය­ත­නය මගින් එය සංවි­ධා­නය කර තිබිණි.

පුළුල් පරා­ස­යක් පුරා විහි­දුණු මුම්බායි ගුවන් තොට ඉන්දීය අන­න්‍ය­තාව හා රටේ විවිධ ජන සංස්කෘ­තින් පිළි­ඹිබු කෙරෙන නන්විධ කැට­යම්, මූර්ති හා අත­ක­ම්ව­ලින් විසි­තුරු කර තිබිණි. රටට ඇතු­ළු­වන විදේ­ශි­ක­යින්ට එරට සංස්කෘ­තිය හා දේශී­ය­ත්වය පිළි­බඳ කිසි­යම් අව­බෝ­ධ­යක් ලබා දීම ඉන් කදි­මට සිදුවේ. ගුවන් තොටු­පොළ රාත්‍රී කාලයේ විදුලි එළි­යෙන් ඒකා­ලෝක වෙද්දී මොන­ර­පි­ලක හැඩය ඉස්මතු කරයි. එය බලන්න ලස්සන දර්ශ­න­යකි. මහත්මා ගාන්ධි දර්ශ­න­යෙන් පොහො­සත් ඉන්දි­යාවේ ගාම්භී­ර­ත්වය විද­හා­පාන මුම්බායි ගුව­න්තොටේ දකින දකින අත ඇත්තේ ඉන්දි­යා­නු­වන්ගේ ඇඟිලි තුඩින් නිමැ­වුම් සුන්දර අත්කම්, මූර්ති හා කැට­යම් නිර්මා­ණය. එය මේ ගුවන් තොටු­පො­ළට විශේ­ෂ­යකි. නවීන තාක්ෂ­ණ­යත් දේශී­ය­ත්ව­යත් එක්තැන් වූ මුම්බායි ගුවන් තොට විවි­ධ­ත්ව­යෙන් යුතු ඉන්දීය ජන සම්භ­වයේ ප්‍රති­මූ­ර්ති­යක් වැනි­යැයි මට සිතිණි.

මොහො­තින් මොහොත කාලය වේග­යෙන් හඹා­යයි. මුම්බායි ගුවන් තොටු­ප­ළින් ඔබ්බට අපි පිවි­සි­යෙමු. ගුවන් තොටින් ඔබ්බට ඇත්තේ ඉන්දිය ජන ජීවි­තයේ ඇති නැති පර­ත­ර­යයි. ගුවන් තොටින් එළි­යට බට අපට ඒ සියල්ල දෙනෙත් ඉදි­රියේ මැවී පෙනෙයි. සිය ජීවි­තය ආර­ම්භයේ පටන්ම දුක හඳු­නා­ගත් පිරි­සක් එක් පසෙ­කත්, සැප සම්ප­තින් අනූන පිරි­සක් තවත් තැන­කත් දිවි ගෙවති. ඇති නැති පර­ත­රය ඉතා හොඳින් පෙන්නුම් කරන ඉන්දීය ජන ජීවි­තය එක් අත­කට පුදුම එළ­ව­න­සු­ලුය. ඉටි රෙදි නාවා­තැනේ සිට මහා විසල් මැදුරු දක්වා දර්ශ­නය වන මුම්බායි නග­රය ඉන්දි­යාවේ ජනා­කීර්ණ නගර අතර ප්‍රමු­ඛ­ස්ථා­නය ගනී. මුම්බායි ගුව­න්තොටු පොළින් මුම්බායි සංචා­රක පුර­ව­ර­යට කැටුව ගිය අපට නවා­තැන් සපයා තිබුණේ ඉන්දී­යාවේ අභි­මා­නය පෙන්නුම් කරන ‘ඉන්දියා ගේට්වේ’ නමින් යුතු දොර­ටුව අභි­යස පිහිටි සුවි­සල් ‘ටජ් මහල් ටවර්’ නම්වූ හෝට­ල­යේය.

මුම්බායි නග­රය දහ­ව­ලේදී මෙන්ම රාත්‍රි­යේ­දීද අති­ශ­යින් කාර්ය බහු­ලය. මුම්බායි නග­රයේ මුහුදු මායි­මත් කල­පු­වත් ආස­න්නයේ පිහිටි විසි වන සිය­වසේ නිමැ­වුම් වු ඉන්දියා ගේට්වේ දොර­ටුව මුම්බායි නග­ර­යට පිවි­සෙන සංචා­ර­ක­යින්ගේ තෝතැ­න්නකි. රාත්‍රි­යේදි අලං­කාර වර්ණ­යෙන් දිස්වන මේ දොර­ටුවේ දර්ශ­නය මුම්බායි නග­රයේ රාත්‍රිය ගත කර­න්නෙ­කුට සිය ජීවි­තයේ විඳි­න්නට ලැබෙන අපූරු අත්දැ­කී­මකි. අලං­කාර ඡායා­රූ­ප­යන්ට මෙන්ම අම­ර­ණීය මත­ක­යන් අත­රට එක්ක­ර­වන මුම්බායි නග­රයේ රාත්‍රිය වර්ණ­වත් කර­න්නට මේ ගේට්වේ ඉන්දියා දොර­ටුව සමත්ය. මහා රාෂ්ට්‍ර ප්‍රාන්ත­යට ඇතු­ළු­වීමේ දොර­ටු­වක් වශ­යෙන් අතී­ත­යේදි ඉන්දි­යානු ජන ජීවි­තයේ වැද­ගත් සන්ධි­ස්ථා­න­යක් වු මේ දොර­ටුව අඩි 85 කින් උසය.

දිවා කාල­යේදී සංචා­ර­ක­යි­න්ගෙන් පිරී යන ‘ඉන්දියා ගේට්වේ’ දොර­ටුව තවත් සංචා­රක ගම­නා­න්ත­යක ආර­ම්භ­යක් සනි­ටු­හන් කර­න්නකි. අපේ ගමනේ පෙර මං කරු­වන් වූයේ ආචාර්ය රාජු පත්තෝ­ඩ්කාර් මෙන්ම එෆ් ඒ අහ­මද් ය. උප­රීම ආර­ක්ෂා­වත්, නිර­න්තර සත්කා­ර­යත් වෙනු­වෙන් මේ දෙපෙල අපට නිර­න්ත­ර­යෙන්ම සමීප විය. මුම්බා­යිහි ගත­කළ දෙවැනි දිනය තර­මක් වෙනස් වන්නට විය. ‘එලි­ෆන්ටා කේව්’ මුම්බා­යිහි තවත් සුන්දර සංචා­රක ගම­නා­න්ත­යකි. ‘ඉන්දියා ගේට්වේ’දොර­ටු­වෙන් එහා නෙපෙ­නෙන මහ මුහුදේ බල­න්නට තවත් දේ ඇතැයි සිත­න්නට නොහැ­කිය. එහෙත් කිසිදු හැඟී­ම­කින් තොරව මහ මුහුදේ නවතා ඇති සංචා­රක බෝට්ටු­ව­ලට බොහෝ සංචා­ර­ක­යින් ගොඩ වන්නේ එලි­ෆන්ටා දූප­තේවූ අපූරු ගුහා මූර්ති සිතු­වම් නැර­ඹී­ම­ටය.

මහ මුහුදේ කිලෝ මීටර් දහ­යක පමණ දුරක් පැය එක­හ­මා­රක් පමණ එක දිගට යන ගම­නේදී ඈතට දිස්වන මුම්බායි නග­රය දැකු­ම්ක­ලුය.දූපතේ ජැටි­යට ගොඩ වුණද අප මේ යන්නේ කොතැ­න­ට­දැයි යන්න ගැන කිසිදු අව­බෝ­ධ­යක් අපට නැත. දෙප­සින් හම­න්නාවූ මුහුදු සුළ­ඟින් ගතට කිසිදු වෙහෙ­සක් නොදැ­නෙයි. බැලූ බැලූ අත දූපත පාළුය. යුනෙස්කෝ ලෝක උරුම යට­තට ගැනෙන මේ ගුහා නැරැ­ඹී­මට යන ගමන තර­මක් දුෂ්ක­රය. ගල්පඩි නැඟ බසි­මින් එක් එක් අතට විහි­දුණු මාවත් හරහා යන දුෂ්කර වුවද මුම්බායි නග­ර­යට පැමි­ණෙ­න්නකු මෙය නරඹා නොයෑම අනු­ව­ණ­ක­ම­කැයි රාජු පැව­සීය. මේ ගුහා නැර­ඹී­මට යන විදේ­ශි­ක­යින්ගේ පහ­සුව සල­ස­න්නට වෙහෙ­සෙන්නේ මේ එලි­ෆන්ටා දූප­තේම වැසි­යන්ය. බීමට සිසිල් පාන­යක්, හප­න්නට අඹ මල්ලක් නැති­නම් රස­වත් පල­තු­රක් සුළු මුද­ල­කට විදේ­ශ­ක­යන්ට ලබා දෙන්නට මඟ දෙපස ඉදිවූ කඩ­පිල්ය. ගුහා නර­ඹ­න්නට අප­හසු විදේ­ශි­ක­යන්ට ගමන් පහ­සුව සල­ස­න්නට තැනින් තැන හැර­මිටි කඩය. ඒ සියල්ල මුද­ල­ටය. එසේම ඇවිද යෑමට නොහැ­කි­නම් පුටු­වක හිඳුවා කර තබා­ගෙන යන්නට මඟ දෙපස ගම්මු බලා සිටිති. ඒ ද මුද­ල­ටය.

දූපත හරහා පැයක පමණ ගම­න­කින් පසු අප එළැ­ඹියේ දිගු පඩි­පෙ­ළ­ක­ටය. ගුහා­වට ඇතු­ළු­වී­මට ඒ පඩි­පෙළ ද නැඟ යා යුතුය. එතැ­නින් පිවි­සෙන්නේ විශාල ලෙන්ව­ලින් පිරි පරි­ශ්‍ර­ය­ක­ටය. එහි තැනින් තැන පිහිටි විශාල ගුහා කීප­යකි. මේ ගුහා ඇතු­ළත ඉතා පැරැණි මූර්ති හා කැට­ය­ම්ව­ලින් ශිව දෙවි­යන්ගේ පිළිරූ නිමවා තිබේ. ඊට අම­ත­රව අපේ පන්ස­ල්වල මෙන් විවිධ ආකෘ­තියේ බෝසත් පිළිම බොහො­ම­යකි. මේ මූර්ති පස්වැනි සිය­ව­සට අයත් යැයි පැව­සු­ණද එය නිශ්චිත නැත. කල­කට පෙරදී මෙතැන වූ පිළිම බොහො­ම­යක් විනා­ශවී ඇති අතර ඉන්දීය පුරා විද්‍යා ආය­ත­නය මගින් මේවා ලෝක උරුම ලෙස සංර­ක්ෂ­ණය ආරම්භ කර ඇත්තේ 1970 වස­රෙන් පසු­වය.

මුම්බා­යිහි ගත­කළ දින කිහි­පය අපට බොහෝ අත්දැ­කීම් එක් කළේය. බී.ඒ.ආර්.සී හෙවත් බාබා න්‍යෂ්ටික පර්යේ­ෂ­ණා­ගාර සංකී­ර්ණය එහිදී අප දුටු තවත් එක් වැද­ගත් ස්ථාන­යකි. සංස්කෘ­තික වශ­යෙන් පම­ණක් නොව නවීන තාක්ෂ­ණ­යෙන්ද පොහො­සත් ඉන්දි­යාවේ ඉදිරි ගමන් මඟ වේග­වත් කරන මෙන්ම ඔවුන් ලෝකයා හා කරන ගනු­දෙ­නු­ව­ලදී භාවිත කරන නවීන මෙව­ලම් නිප­ද­වෙන්නේ මෙම ස්ථාන­යේය. භෝග කල්තබා ගැනීමේ ක්‍රම­වේද මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් භාවිත කෙරෙන නවීන මෙව­ලම් නිප­ද­වෙන්නේ ද මෙතැ­නය. ඉන්දි­යාව නවීන තාක්ෂ­ණය අතින් ලෝකයේ ඉදි­රි­යට ගෙන­යන බොහෝ උපාංග නිප­ද­වන්නේ මෙම පර්යේ­ෂ­ණා­ගා­ර­යේය.

බොම්බේ කොටස් වෙළෙඳ පොළ මෙන්ම එක්සීම් බැංකු ගනු­දෙනු පිළි­බ­ඳ­වද ජන­මා­ධ්‍ය­වෙ­දීන්ට මෙහිදී පුළුල් දැනු­මක් ලබා ගැනී­මට හැකි­විය.

මුම්බායි නග­රය හා නගර වැසි­යන් ඒ දින­වල යුහු­සු­ලුව සිටියේ දීවාලි උත්ස­වය සැම­රී­ම­ටය. එනිසා නග­රය මෙන්ම කඩ සාප්පුද ජනා­කී­ර්ණය. දිවා රාත්‍රී කඩ­සාප්පු ජන­යා­ගෙන් පිරී ගොසිනි. හින්දු ජන­යාට විශේෂ වූ දීවාලි උලෙළේ සැර­සි­ලි­ව­ලින් අප නැවතී සිටි හෝටල් පරි­ශ්‍රය මෙන්ම මඟ­තොට ද අලං­කා­රවී තිබිණ.

අලුත් අත්දැ­කීම් ගොන්නක් අපට එක්ක­ර­මින් නිමා වූ මුම්බායි නග­ර­යෙන් අප සමු­ගත්තේ බුද්ධ­ග­යාව හා එතැ­නින් දිල්ලිය කරා යෑම­ටය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »