හෙළ විකුම් ගොළුවතින් පවසන ඇම්බැක්කේ දේවාලය

2018-07-12 02:31:00       600
feature-top
ගම්පොළ යුගයේ විසූ හෙළ කලාකරුවන්ගේ අසහාය දස්කම් විස්කම් කෙබඳු මට්ටමක තිබිණි ද යන්න ඉතා මැනැවින් විදහා දැක්වෙන අපූර්වතම නිර්මාණයක් ලෙස, කන්ද උඩරට පිහිටි 'ඇම්බැක්කේ දේවාලය' හැඳින්විය හැකිය.

ලෝක ප්‍රසිද්ධියට පත්වී ඇති මේ ගොඩනැගිලි සංකීර්ණය, එදා ගෘහ නිර්මාණ ශිල්පයේත්, ලී කැටයම් කලා‍වේත් මන බන්දනීය සම්මිශ්‍රණයකි. ඇම්බැක්ක ග්‍රාමය පිහිටා ඇත්තේ දවුලාගල ගම ආසන්නයේ ය.

කොළඹ-මහනුවර මහා මාර්ගයේ පිලිමතලාවෙන් හැරී, දවුලාගල මාර්ගයේ කිලෝ මීටර අටක් පමණ ගමන් කිරීමෙන් පසු , රමණීය පරිසරයක් දායාද කර ගත් දේවාල භූමිය වෙත ළඟා විය හැකි ය. එම දුර ප්‍රමාණය පසු කරන අතරවාරයේදී, එම යුගයේම නිර්මිත තවත් අලංකාර පුදබිම් දෙකක් වන ‘ලංකාතිලක විහාරය ' සහ ‘ගඩලාදෙණිය විහාරය' මෙන් ම, සරුසාර කෙත්වතු, කඳුවැටි ද නෙත ගැටේ.

ඇම්බැක්ක දේවාලයට ඇතුළු වන ස්ථානයේ ප්‍රථමයෙන් ම දැකිය හැක්කේ, අපූරු නිමැවුමක් වන දෙවොලේ වාහල්කඩ ය. එය පසු කරත්ම, දේවාලයේ ‘දික්ගේ‘ යනුවෙන් හැඳින්වෙන රංග ශාලාව දැකගත හැකි ය. එය අඩි 52 ක් දිගින් ද, අඩි 26 ක් පළලින් ද යුක්ත ය.

මේ ගොඩනැගිල්ල තැනීමේදී, අත්තිවාරම් පාදයේ ගිල්වන ලද කෙටි ගල් කණු මත කැටයම් කළ විසිතුරු ලී කණු 32 ක් සවිකර, වහලය ගසා තිබෙන බව කියැවේ. මේ දෙවොල සදහා පාවිච්චි කර ඇති දැව වර්ග අතර ගම්මාළු, ගිනිසපු, නා සහ පිහිඹිය ද වෙයි.

ක්‍රිස්තු පූර්ව1371-94 තෙක් ගම්පොළ යුගයේ රජ කළ 111 වැනි වික්‍රමබාහු නිරිඳුන්ගේ පාලන සමයේ , නුවර මැද පළාත කෝරළේ ඇම්බැක්ක ගමේ ඉදි කරවන ලද මේ දේවාලයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ, දේවෙන්ද්‍ර මූලාචාරී නම් වූ එවකට සිටි අති දක්ෂ ශිල්පියකු බව සඳහන් ය.මෙය ලී කැටයම් ශිල්පින් තිදෙනකුගේ විස්කමක් බවට ද විශ්වාසයක් පවතී.පසු කාලීනව මහනුවර රජ කළ රජවරුන් මෙය වරින් වර පිළිසකර කර ඇත.

වික්‍රමබාහු රජුගේ හෙන්කන්ද බිසෝ බණ්ඩාර නම් වූ බිසවට කතරගම දෙවියන් සිහිනෙන් පෙනීසිට, තමා වෙනුවෙන් දේවාලයක් කරවන ලෙස බිසවගෙන් කරන ලද ඉල්ලීමකට අනුව, එම සිහිනයම දුටු බව කියන ‘ රන්ගම ‘නම් වූ බෙර වයන්නා ද සමඟ මේ

දෙවොල ඉදි කළ බව කියැවේ. මහසෙන් හෙවත් කතරගම දෙවියන් උදෙසා මේ දේවාලය තනා ඇත.

කොටස් තුනකින් යුක්තව තිබූ දෙවොල, ඈත අතීතයේදී දෙමහල් ගොඩනැගිල්ලක්ව තිබී ඇතත්, කාලය සමඟ එය ගරා වැටෙන්නට ඇතැයි ද මතයක් පවතී. මෙහි ඇතුල් විහාරයේ දේව ප්‍රතිමාවක් ද තිබී ඇත.‘දික්ගෙය‘ට නුදුරින් පිහිටියේ රංග ශාලාව ය.මෙහි වෙනත් බෙර වැයුම් ශාලාවක් ද ඇත. පසු කාලීනව රජ කළ රජවරුන්, මේ දේවාලය වරින් වර පිළිසකර කරවන ලද බව කියැවේ.

මෙහි වර්ග 125 ක සැරසිලි මෝස්තර ඇතුළත් ය. ළියවැල් ආශ්‍රිත නිර්මාණ 256 ක් ද, නෙළුම් මල් ආශ්‍රිත නිර්මාණ 64 ක් ද, වහළ මෝස්තර 30 ක් ද මෙයට ඇතුළත් ය. මෝස්තර වර්ග සියල්ලේ එකතුව 514 කි.

කින්නර, අර්ධ පක්ෂී සහ අර්ධ කාන්තා රූප මෙහි ඇත. හිස් දෙකේ භේරුණ්ඩ පක්ෂියා, සිංහ, ඇත්, රාජාලි, දෙමුහුන් ගජසිංහ, මකරා, අංගම් පොර සහ කිරිදෙන මව යන නිර්මාණ වඩාත් කැපී පෙනේ. මේ නිර්මාණ එවකට ඉතා මටසිලිටි ලෙස ඔපදමා තිබෙන්නටඇතැයි උපකල්පනය කළ හැකි ය. කණුවල අඟල් 9 x 9 කොටු වල මේ කැටයම් කපා තිබේ. මෙහි ඇති වඩාත්ම ජන අවධානයට ලක්වන ප්‍රධානතම දැව නිර්මාණය ‘මඩොල් කුරුපාව‘ නමින් හැඳින්වේ. මෙය දැවැන්ත පරාල 26 ක් එකට සම්බන්ධ කෙරෙන පරිදි නිමවන ලද, විශාල දැවමය කූඤ්ඤයක් වැන්න. මේ නිර්මාණය වෙන කිසිම තැනක දක්නට

නොලැබෙන, ශ්‍රී ලංකාවටම සීමා වූ නිර්මාණයක් බව ‘යුනෙස්කෝ‘ ආයතනය මඟින් ද සනාථ කර ඇත.

මෙහි ‘ගර්භය‘ යනුවෙන් වැහැරෙන කොටස බුදු කුටියකි. හේවිසි මණ්ඩපය යනුවෙන් ද කොටසක් මෙහි ඇත.මෙහි පූජා යනාදියට අවශ්‍ය ධාන්‍ය වර්ග තැන්පත් කර ඇත්තේ, වී අටුව නමැතී ලී කොටන් මත දේවාල බිමේ ඉදි කර ඇති වී බිස්සක් වැනි වෙනම ගොඩනැගිල්ලක ය. එවකට දේවාලයේ දෛනිකව පූජා වාර තුනක් පවත්වා ඇතැයි කියැවේ.

දෙස්, විදෙස් සංචාරක පිරිස් දෛනිකවම මෙහි පැමිණෙති. පැරැණි හෙළ කලාකරුවන්ගේ කලා කෞශල්‍යයේ මහිමය දැක මවිතයට පත් වෙති.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »