ඉන්ලු­වෙන්සා පර්යේ­ෂ­ණ­ව­ලින් ආසි­යාවේ වීර­යකු වූ ශ්‍රී ලාංකික මහා­චා­ර්ය­ව­රයා මලික් පීරිස්

2018-07-04 03:33:00       65
feature-top
ඉන්ෆ්ලු­වෙ­න්සාව අද ඩෙංගු තර­ම­ටම බිය උප­ද­වන පොදු ලෙඩක් බවට පත්ව ඇත. මෙම රෝ බිය ඉප­දුණේ පසු­ගිය කාලය තුළ අපේ රටේ ඉන්ෆ්ලු­වෙන්සා වෛර­සය දකුණු ලක ප්‍රමුඛ පළාත් කිහි­ප­ය­කම ජන දිවිය අවු­ල­කට පත් කළ නිසාය. කලින් කලට තම මුහුණ වෙනස් කර ගන්නා ඉන්ෆ්ලු­වෙන්සා වෛර­සය තම මුහු­ණු­වර අමා­නු­ෂික මට්ට­ම­ක­ටම ගෙන එන්නේ මෙයට අවු­රුදු 10කට 12කට ඉස්ස­රය. විශේ­ෂ­යෙන් ආසි­යානු රට­වල් බිය ගන්වන අයු­රින් ඉන්ෆ්ලු­වෙන්සා වෛර­සය තම වේෂය මාරක ස්වරූ­ප­යට මාරු කිරීම වෛද්‍ය පර්යේ­ෂ­ක­යන් පවා අන්ද­මන්ද කර­ව­න්නක් විය. මේ කාලයේ මේ ගැන පර්යේ­ෂණ ඇස යොමු කළ ලෝ පුරා වෛද්‍ය පර්යේ­ෂ­ක­යන් අතු­රින් වීරයා වන්නේ ශ්‍රී ලාංකි­ක­යෙකි. ඒ හොංකොං සර­ස­වියේ වෛර­ස­වේද පර්යේ­ෂ­ක­යකු ලෙස සිටි මහා­චාර්ය මලික් පීරිස්ය. ඒ දින­වල ලෝක­යම හෙල්ලූ ඉන්ෆ්ලු­වෙන්සා වෛර­සය සම්බ­න්ධ­යෙන් සහ කලක් ලෝක­යම බිය කළ සාර්ස් නැමැති ස්වසන රෝග වසං­ග­ත­යට ‍හේතු වන වෛර­සය සොයා ගැනීම සහ ඒ සම්බන්ධ වෛද්‍ය විද්‍යා­ත්මක ව වැද­ගත් අනා­ව­ර­ණ­යන් රැසක් ලෝක­යට දුන්නේ ඔහුය. මේ නිසාම TIME සඟ­රාව 2006 වසරේ දී ආසි­යාවේ වීර­යකු ලෙස මහා­චාර්ය මලික් පීරිස් නම් කළේය. මේ අනා­ව­ර­ණය නිසා ඔහු ඒ මොහොතේ ලෝක­ය­ටම ඕනෑ වූ පුද්ග­ල­යකු බවට පත්ව සිටි­යේය.

දැනට හොංකොං විශ්වවිද්‍යා­ල­යයේ මහ­ජන සේවා පර්යේ­ෂ­ණා­ගාර අංශයේ වෛර­ස­වේද පර්යේ­ෂ­ණා­ගා­රයේ ප්‍රධා­නියා ලෙස මෙන්ම හොංකොං හි පිහිටා ඇති ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ ඉන්ෆ්ලු­වෙ­න්සාව පිළි­බඳ පර්යේ­ෂ­ණා­ය­ත­නයේ අධ්‍ය­ක්ෂ­ව­රයා වන්නේද ඔහුය.

සිළු­මිණ සමඟ කතා බහ­කට ඔහු අප සම්බන්ධ කර ගත්තේ මේ දින­වල ඉන්ෆ්ලු­වෙ­න්සාව පිලි­බ­ඳව රටම කතා කර­මින් සිටින මොහො­ත­කය. අප ඔහු සම්බන්ධ කර­ගත් පසු­ගිය බ්‍රහ­ස්ප­ති­න්දාම පළ වූ ලෝ ප්‍රකට ද නේචර් සඟ­රාවේ අලුත්ම කලා­පය මහා­චාර්ය මලික් පීරිස් ආසි­යාවේ දිදු­ළන තරු­වක් බවට නම් කිරී­මද විශේ­ෂ­ත්ව­යකි.

අපි අපේ කතා බහට ප්‍රවේ­ශ­යක් ගත්තේ මහා­චාර්ය මලික් පීරිස් ඉන්ෆ්ලු­වෙන්සා වෛර­ස­යට පව­තින සබ­ඳ­තාව ගැන යට­ගි­යා­වෙනි.

මම 2000 දශ­ක­යේදී හොංකොං විශ්ව විද්‍යා­ල­යයේ ඉන්ෆ්ලු­වෙන්සා වෛරස පිළි­බඳ පර්යේ­ෂ­ණ­ව­ලට යොමු වුණා. එහිදී විශේ­ෂ­යෙන් මිනි­සුන්ට සහ සතුන්ට වැල­ඳෙන ඉන්ෆ්ලු­වෙන්සා රෝග වෛර­සය ගැන පර්යේ­ෂණ කළා. එහිදී තමයි අපට වටහා ගන්නට පුළු­වන් වුණේ ඉන්ෆ්ලු­වෙ­න්සාවේ නව ආකාර දැකිය හැකි බව. ඒ වගේම මේවායේ සීඝ්‍ර වෙන­ස්වීමේ හැකි­යාව ගැනත් අපට නව තොර­තුරු අනා­ව­ර­ණය කර ගැනී­මට හැකි වුණා. මෙම පර්යේ­ෂණ ප්‍රති­ඵල ප්‍රකා­ශ­යට පත් කළාම ලෝක­යේම මේ තොර­තුරු ගැන කතා බහට ලක් වුණා. එයට හේතුව මෙතෙක් හෙළි නොවූ වෛද්‍ය විද්‍යා­ත්මක සහ සාය­නි­කව වැද­ගත් වන තොර­තුරු මෙයින් අනා­ව­ර­ණය වීම නිසයි.

ඉන්ෆ්ලු­වෙන්සා රෝගය පම­ණක් නොව ඊට පෙර 2003 වස­රේදී පමණ ලෝකයේ ඇතැම් රට­වල හිස එසවූ SARS ශ්වසන රෝග තත්ත්වය සම්බ­න්ධ­යෙන්ද ලෝක­ය­ටම වැද­ගත් තීර­ණා­ත්මක සොයා ගැනීම් කළේ මහා­චාර්ය පීරිස්ය. ටයිම් සග­රාව ආසි­යාවේ වීර­යකු ලෙස ඔහු නම් කර­න්නට මුල් වූයේද මෙම පර්යේ­ෂ­ණ­ය. 

ඒ පිළි­බ­ඳව මහා­චා­ර්ය­ව­රයා මෙසේ තම මත­කය අවදි කරයි.

මම හොකොං­ව­ලට ආවේ 1995 ව­සරේ. ඒ ඇවිත් මෙරට ක්වීන් මේරී රෝහලේ වෛර­ස­වේද පර්යේ­ෂ­ණා­ගා­රය අපි ස්ථාපිත කළා. වැඩි කලක් යන්නට මත්තෙන් හොංකොං­ව­ලින් H5N1 වෛරස වසං­ග­තය ඉස්මතු වුණා. ලෝකය කුරුලු උණ ලෙසින් නම් කළේ මේ වසං­ග­ත­යයි. එතෙක් ලෝක­යට නුහුරු නුපු­රුදු රෝග­කා­ර­ක­යක් වුණු මේ වෛර­සය ගැන අපිට දිවා රෑ නැතිව වෙහෙ­සන්න වුණා. පර්යේ­ෂණ කරන්න වුණා. මේ වෙහෙ­ස­කර පර්යේ­ෂ­ණ­ව­ලින් යම් නිද­හ­සක් ලැබෙද්දී යළිත් සාර්ස් කියන වසං­ගත රෝගය මතු වෙන්න ගත්තා. අපි නැවත පර්යේ­ෂ­ණා­ගා­ර­ව­ලට කොටු­වෙලා මෙම රෝගය ගැන සොයන්න බලන්න කට­යුතු කළා. කොහොම නමුත් වාස­නා­ව­කට අපට එයින් මෙම අලුත් රෝග කාර­කය ගැන බොහෝ තොර­තුරු ලෝක­යට දෙන්නට හැකි වුණා. ටයිම් සඟ­රාව ඇග­යී­මට ලක් කළේ මෙම පර්යේ­ෂ­ණයි. එතැන් පටන් දිගින් දිග­ටම සතුන් තුළ පැවතී මිනි­සුන් වෙත සංක්‍ර­ම­ණය වන විවිධ වෛරස රෝග ගැන අප පර්යේ­ෂණ කර­නවා.

ඔහුගේ වෘත්තී­ය­මය ජීවි­තයේ ස්වර්ණ­මය අව­ධිය ලබන්නේ හොංකොං දේශ­යේ­දීය. එහෙත් එහෙත් ඔහු ලෝකය තුළ බැබ­ළෙද්දී නිතැ­තින්ම ඔහුගේ ශ්‍රී ලාංකි­ක­ත්ව­යද බැබ­ළෙ­න්නට ගත්තේය. ඒ නිසාම අපි ඔහුගේ ශ්‍රී ලාංකික අක්මුල් ගැන විම­සු­වෙමු.

ඔහු ඉප­දුණේ මහ­නු­ව­රය. පාසල් ගියේ කටු­ග­ස්තොට ශාන්ත අන්තෝනි විද්‍යා­ල­ය­ය­ටය. 1976 දී පේරා­දෙ­ණිය විශ්ව විද්‍යා­ල­යයේ වෛද්‍ය පීඨ­යට ඇතු­ළත් වූ ඔහු වෛද්‍ය විද්‍යා­ල­ය­යෙන් පිට වෙන්නේ 1972දීය.

මම මහ­නු­වර ගත කළ ජීවි­තය මගේ වෘත්තිය ජීවි­තයේ සාර්ථ­ක­ත්වට පාර කැපුවා. විශේ­ෂ­යෙන් මම ඉගෙන ගත් පාසල ශාන්ත අන්තෝනි විද්‍යා­ල­යේ ගුරු­ව­රු­න්ගෙන් ලද නිසි ගුරු හරු­කම් සහ මඟ පෙන්වීම් මේ ගම­නට පාදක වුණා. අපිට ඒ දව­ස්වල උග­න්වපු ගුරු­ව­රුට විෂ­යා­නු­ගත දේව­ලින් පිට බොහෝ දේ ගැන කියා දෙන්න අත­දැ­කීම් ලබා දෙන්න වෙලාව තිබුණා. විශේ­ෂ­යෙන් විෂය බාහිර දේව­ල්ව­ලට අප යොමු කළා. ඔවුන් අපට පාඩම් කර­න­වාට වඩා හිතන්න පුරුදු කළා. අලුත් අලුත් දේ කරන්න පුරුදු කළා. මම හිතන්නේ ඇත්ත­ටම අධ්‍යා­ප­න­යේදී වැඩි­පු­රම වෙන්න ඕන ඒ ටිකයි. අපිට ඒ දේ නොඅ­ඩුව ලැබුණු නිසා අපි සාර්ථක වුණා.

රෝබෝලා සහ කෘත්‍රිම බුද්ධිය ගැන වැඩි­පු­රම යොමු වෙන වර්ත­මා­නයේ සඳහා අනා­ග­ත­යේදී අපේ අධ්‍යා­පන රටාව හැඩ ගැසිය යුත්තේද තමන් 60 දශ­කයේ ලද අධ්‍යා­පන ආභා­ස­යට අනුව බව මහා­චා­ර්ය­ව­රයා තදින් විශ්වාස කරයි. එවැනි පසු­බි­මක් තුළ ලෝක­යට අලුත් දෙයක් දිය හැකි අලුත් පර­පු­රක් බිහි කර ගත හැකි බව ඔහු පව­සයි.

ඔහුගේ මේ මත­කා­ව­ර්ජය තුළ තවත් දේ දැන ගැනීමේ කුහු­ලක් අපට ඉප­දිණ. මේ නිසාම අපි ඔහු­ගෙන් මේ පාසල් ජීවිත අත්දැ­කීම් ගැන තවත් විම­සීමු.

මට වෛර­ස­වේ­දය ගැන වැඩි උන­න්දු­වක් ඇති කළ සිදු­වී­මක් ගැන මතක් කර­න්නම්. ඒ මම වයස අවු­රුදු 15දී . මට පොතක් ලැබුණා ලුවී පාශ්චර් ගැන. ඔහු ගැන ලෝක­යම දන්නවා.ලුවී පාශ්චර් ක්ෂුද්‍ර ජීවීන් ගැන ඔහු කළ සිත් ගන්නා සුළු පර්යේ­ෂණ ගැන මම මේ පොතින් කිය­ව­න­කොට මට ඉබේම ඒ වගේ පර්යේ­ෂ­ක­යකු වීමේ ආශා­වක් ඇති වුණා.

ගුරු­ව­රුන් ගැන මතක් කර­නවා නම් මම එක් ගුරු­ව­ර­යකු ගැන සඳ­හන් කර­න්නම්. ඒ ප්‍රවීන විද්‍යා ප්‍රබන්ධ ලේඛක එස්.එම් බන්දු­සීල මහතා. ඔහු ඒ අව­දියේ අපේ සත්ත්ව විද්‍යා ආචා­ර්ය­ව­රයා. ඉගැ­න්වී­ම්ව­ලින් අම­ත­රව බොහෝ කාල­යක් ඔහු අප සමඟ කතා බස් කර­නවා. නමුත් ඒ සත්ත්ව විද්‍යාව ගැන නෙවෙයි. ඔහු ආතර්.සී ක්ලාක් ගැන, සිග්මන් ෆ්‍රොයිඩ් ගැන වගේම කාල් මාක්ස් ගැනත් අපිත් එක්ක කතා කළා. ආතර් සී ක්ලාක් මහ­තාගේ ලෝ පතල විද්‍යා ප්‍රබන්ධ සිය­ල්ලම පාහේ සිංහ­ල­යට නැඟුවේ ඔහුයි. තව­මත් ඔහු සමඟ මගේ සම්බ­න්ධය තිබෙ­නවා.ත මෑත­ක­දීත් ලංකා­වට ආවම මා ඔහු හමු­ වුණා.

අපිට ඔහු­ගෙන් මේ දින­වල ශ්‍රී ලංකා­වට තර්ජ­න­යක් ව ඇති ඉන්ෆ්ලු­වෙ­න්සාව වෛර­සය ගැන ද දැන් ගන්නට ඕනෑ විය.

ඉන්ෆ්ලු­වෙන්සා A වෛර­සයේ උප ආකාර දෙකක් තිබෙ­නවා. එකක් H1N1 අනෙක H3N2 . මෙයට අම­ත­රව ඉන්ෆ­ලු­වෙන්සා බී වෛර­ස­ය­කුත් තිබෙ­නවා. මෙම වෛරස ඕනෑම වෙලා­වක වසං­ගත ආකා­ර­යෙන් පැතිරී යෑමේ ඉඩක් තිබෙ­නවා. මෙම වෛර­සයේ පව­තින තවත් බර­ප­ත­ල­කම බවන්නේ එක් එක් කාලෙට එහි පැවැත්ම වෙනස් වීම. සම­හර වෛරස රෝග එක වරක් ආසා­ද­නය වුණාම කල­යක් යන තුරු එම වෛර­ස­යට ශරී­රය ඔරොත්තු දෙන ආකා­ර­යට ප්‍රති­ශ­ක්ති­යක් ගොඩ නඟා ගත හැකි වුණත් වෛර­සයේ මේ වෙනස් වීම නිසා එසේ සිදු­වෙන්නේ නෑ. පසු­ගිය දව­ස්වල ලංකාවේ ජන­තාව පීඩා­වට පත් වන ආකා­රයේ H1N1 පැති­රුණේ මේ වෛර­සය ඉක්ම­නින් තම ස්වභා­වය වෙනස් කර ගන්නා සුවි­හේෂී ලක්ෂ­ණය නිසයි. මේ වස­රේ­දීම ලංකාවේ පම­ණක් නොවෙයි මම ජීවත් වන හොංකොං­ව­ලත් ඇමෙ­රි­කා­ව­ටත් මෙම වෛර­සය පැතිරී ගියා.

මහා­චා­ර්ය­ව­රයා පව­සන්නේ ලෝකයේ මෙම රෝග වසං­ග­තය පැති­රෙන සෑම අව­ස්ථා­ව­කම පාහේ එය කලින් හට­ගත් ස්වරූ­ප­යට වඩා වෙනස් වීම අභි­යෝ­ග­යක් බවයි.

සැබැ­වින්ම ඉන්ෆ්ලු­වෙන්සා වෛර­සයේ H1N1 විශේෂ ආකා­රය සොයා ගැනීමේ ප්‍රබ­ලම දාය­ක­ත්වය දැක්වූ පුද්ග­ලයා වන්නේද මහා­චාර්ය මලික් පීරිස්ය. ඔහුට මෙම වෛර­සය සමඟ පව­තින පර්යේ­ෂ­ණා­ත්මක සමී­ප­ත්වය නිසාම අපි ඔහු­ගෙන් මෙම වසං­ග­ත­ය­කදී රටක් ලෙස අප කට­යුතු කළ ආකා­රය ගැනද විම­සු­වෙමු.

ඉන්ෆ්ලු­වෙ­න්සාව කියන්නේ කල­බල විය යුතු ලෙඩක් වසං­ග­ත­යක් නෙවෙයි. අද කාලයේ බොහෝ රට­වල් මේ වසං­ග­ත­යට මුහුණ දෙනවා. අනෙක හැදෙන හැම වෛරස උණක්ම පසු­පස ඉන්ෆ්ලු­වෙ­න්සාව නැහැ. සාමා­නයෙන් උගුරේ අමා­රුව, නාසය බුරු­ල්වීම දැඩි මාංස පේශී වේද­නාව සමඟ තද උණ එනව නම් බොහෝ විට එය ඉන්ෆ්ලු­වෙ­න්සාව විය හැකියි. දැඩි උණක් නැතිව එන උතුරේ අමාරු හෝ නාසයේ බුරුල් වීම් ඉන්ෆ්ලු­වෙන්සා ලෙස වටහා ගැනීම වැර­දියි. මෙම රෝගය සම්බ­න්ධ‍යෙන් කට­යුතු කිරී­මේදී අප දැන ගත යුතු තවත් දෙයක් තමයි, එය පහ­සු­වෙන් පැති­රීමේ හැකි­යාව. විශේ­ෂ­යෙන් වැඩි­හිටි නිවාස, ළදරු පාසල් දිවා සුරැ­කුම් මධ්‍ය­ස්ථාන වගේ තැන්ව­ලදී මෙම රෝගය වේග­යෙන් පැති­රෙන්න පුළු­වන්. රෝගය වඩාත් බර­ප­තල වෙන්නේ කුඩාම දරු­වන්ට, වැඩි­හි­ටි­යන්ට සහ ගැබිනි මව්ව­රුන්ට.වසං­ගත අව­ස්ථා­ව­කදී ඔවුන් සම්බ­න්ධ­යෙන් කවු­රුත් වැඩි අව­ධා­න­යක් දැක්විය යුතුයි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »