සිංහල අළුත් අවුරුද්ද බෞද්ධ උළෙලක්ද?

2018-04-09 10:27:00       367
feature-top
අවුරුද්ද නිර්වචනය වී ඇත්තේ “අව්ව සැර දවස්” ලෙසටය. පෘථිවිය හිරුට ආසන්නව ගමන් කිරීමය.
‍ජ්‍යොතිෂය නැමති මිථ්‍යාව පිළිගන්නා බුද්ධි හීනයනට අවුරුද්ද මනෝමය චිකිත්සාවකි. මානසික විශෝධන ක්‍රියාවලියකි. වසරක් පුරාවට නොවිඳින සතුට එක් දිනයකට පමණක් වින්දනය කිරීමට සම්මුති කරගත් දිනයකි. මුළු වසර පුරාවටම විසිරී තිබූ අපේකම - ලෙංගතුකම -නෑදෑකම එදාට පමණක් රඳවා ගැනීමකි. කොහාගේ නාදයන්, එරබදු මල් පිපීම එම සංසිද්ධිය සංකේතවත් කෙරේ.
 
භක්ඛන්තං පතිමා නෙත්තං
අත්තෝධාලං උපච්චගා
අත්ථෝ අන්ථස්ස
භක්ඛන්තං කිං කරිස්සෙන්ති
(බුදුන් වහන්සේ)
 
“නැකත් බලමින් කළයුත්ත පසු කරන්නා මෝඩයකි. බලා‍පොරොත්තු ඉටුකර ගැනීමට ඉලක්කයක්  හා දැක්මක් තිබේ නම් නැකත, ග්‍රහ හා රාහු කාලය කිමකටද?”
නැකත් සිරිත් පවතින්නේ බුදු දහමටත් පෙර සිටය. මෙය බෞද්ධ චාරිත්‍රයක් නොවේ. දකුණු ඉන්දීය ගෝත්‍රික චාරිත්‍රයකි. වසර ලක්ෂ ගණනක් පැරණි ගෝත්‍රික චාරිත්‍ර මහා සම්ප්‍රදායක් බවට පත්වීමකි. පසුව එය සම්මුති සත්‍යයක් බවට පරිවර්තනය වී ඇත. පදනම හිරු, සඳු, වන්දනාවය. ආදි කල්පිත මිනිසා බිය  නිසා හිරු, සඳු, පර්වත, ප්‍රතිමා වන්දනා කළහ. සූර්ය  වන්දනාව, බෝධි පූජාව, ෙචෙත්‍ය ප්‍රතිමා වන්දනා  බවට පසුකාලීනව එය විකාශනය වී ඇත. 
තරු පිහිටීම අනුව එඩේරුන්, දඩයක්කරුවන් රාශි චක්‍රය සම්ත කරගෙන ඇත. වේද යුගයේ සිට පැවතෙන අවුරුදු සිරිත් පසුකාලීනව එයට ගලපා ගෙන ඇත. පුරාතන යුගයේ අවුරුද්ද පැවතියේ “කාමෝදවීපන” උත්සවයක් ලෙසටය. සම්මත ක්‍රීඩා හා අවුරුදු කුමරිය තේරීම් තරග සංවිධාන කර ඇත්තේ එම අරමුණ වෙනුවෙනි. මිනිසා 
ශිෂ්ඨ වීමත් සමගම පිළිගත්  චාරිත්‍ර එකම දිනයකදී ඉටු කිරීමේ සම්ප්‍රදාය ඇතිවිය. වෛදික යුගයේ පැවතෙන චාරිත්‍ර වලට බෞද්ධ ආ‍ලේපනයක් ඇතිවිය. කාම උත්සවයට ආගමික හා ජාතික ආදේශනයක් ඇතිවිය. කිරි ඉතිරවීමද හින්දු චාරිත්‍ර අනුගමයනය කිරීමකි. එයට භාවිත කළ යුත්තේ එළකිරි මිස ‍පොල්කිරි නොවේ.  බුද්ධ පරිනිර්වානයෙන් පසුව අනුරාධපුර යුගයේ අවසානය දක්වා ලංකාවේ පැවතියේ බෞද්ධ, සිංහල (ආර්යය) සංස්කෘතියකි. ජනතාව වාර්ෂිකව සැමරුවේ වෙසක් මංගල්‍ය සහ අලුත් සහල් මංගල්‍ය පමණි.

සිංහල ජාතියේ සහ බෞද්ධ ආගමේ මළගම සිංහල අවුරුද්ද සැමරීමයි. වසර 1500 පුරාවට මෙය වෙනස් කිරීමට සැබෑ සිංහල බෞද්ධ බලවේග කොතෙක් උත්සාහ ගත්ත ද මේ දක්වා එය අසාර්ථක විය. ජනවාරි 1 දාටත්, අප්‍රේල්  සිංහල අවුරුද්දටත්, “ශුභ අවුරුද්දක්” පතන මුග්ද - පරගැති සිංහලයන් සිටින රටක අපි ජීවත් වෙමු. පාරමි පරික - ජානගතව මිනිසුන් තුළ නිදන් ගතව පවතින ඇදහිලි - විශ්වාස වෙනස් කිරීමට අපහසුය. වර්තමානයේ අනුගමනය කරන චාරිත්‍ර පමණක් ශේෂ වී ඇත්තේ සිංහල - බෞද්ධ බලපෑමේ යහපත් ප්‍රතිඵලයක් නිසාය.
පංචාගය (ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා) සහ  ඉෂ්ඨ දේවතාවන්ගේ (අම්මා + තාත්තා) ශක්තිය ලබාගෙන මනස පුබුදුවා ගත යුතුය.

මීන රාශියෙන් මේෂ රාශියට පිවිසීමේ මතය බිය හා අවිචාරවත් බව නිසා පිළිගත් මිත්‍යා විශ්වාසයක් පමණි. විශ්ව ධර්මතාවය (ශක්තිය) පටිච්ඡ සමුප්පාදය හා සිතුවිලි (මනස) අතර පවතින අවිනියෝජන සම්බන්ධතාවය අවුරුදු (හෙළ) චාරිත්‍රවල අන්තර්ගතව ඇත.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »