Home / සිංහල ලිපි /
නියං සායට මැලවී ගියත් වැවෙන් ගොඩ එන ජීවිත...
වැව මිස අපට අන් සරණක් නැත
2018-01-09 10:20:00  ★ 113

ගැමියෝ සිය ප්‍රාණ සමානව වැවට පෙම් බැන්දෝය. කළ හැකි ඉහළම පුද සත්කාර කළහ. වැව කරා ආ විපත් අබිමුව සිය ප්‍රාණ දෙවැනි කොට පෙරට පැමිණියහ. රජරට ගමක් බිහිවුයේ යම් තැනක ද එහි නිත්‍ය වශයෙන් වැවක් ඉදි විය. මන්ද යත් වසර පුරා එකසේ වැහිපල නොලැබෙන වියළි කලාපයට කලට වැටෙන වැහිදිය රැස්කර නොගත හොත් යල, මහ දෙකන්නයේ වී ගොවිතැනේ නිරත විය නොහැකිය. එබැවින් ගම්මැද්දේ දිවි ගෙවීම හෙවත් ගැමි කාෂිකාර්මික ජනාවාස බිහිකර ගැනීමේ දී අත්‍යවශ්‍ය පාරිසරික සාධකයක් වූයේ වැව ය.
ඉපැරැණි රජරට ගැමියා වැව කේන්ද්‍ර කොටගෙන සිය දිවි පෙවෙත සරි කර ගත්තේය. ඔවුහු යල, මහ දෙකන්නෙහි වැවෙහි ඒකරාශි වන ජලයෙන් කෙත් වතු වපුරා, අටු කොටු සපුරා ගත්තෝය. එවක හැම ගැමි නිවෙසකම පාහේ ගව ගාලක් දැක ගත හැකි විය. ඒ බිම අස්වද්දන්නට මෙන්ම කොළ මැඩීම සඳහා ද ගවයින් අවැසි වු බැවිනි. රිසි සේ ගවයින් දිගේලි කිරීමට ඉඩකඩ වැව් තාවුල්ලේ විය. එහි සාරෙට වැවුණු තණකොල උලා කෑමට මේ සිවුපාවුනට කිසිවෙකුගෙන් හෝ බාධාවක් තිබුණේ නැත. ඇති තරමින් නෙළා ගත හැකි නේක පලා වර්ග තාවුල්ලේ තැන තැන වැවී තිබුණේය. මුකුණුවැන්න, කන්කුං, තැල්කොල ආදියෙන් මැල්ලුම් සහ රසවත් ව්‍යාංජන සැකසීමට ගැමිලිය මහත් සේ සමර්ථ වූවාය. නෙලුම් අල, කෙකටිය අල, ඕලු දඩු ආදිය මගින් ද ඇය මනාකොට ව්‍යාංජන සැකසුවාය.
දවසේ එක් වේලකට හෝ වැව් මාළු කෑල්ලක් සිය බත් පතට එකතු පහදු කර ගැනීමට ගැමියෝ අමතක නොකළහ. කාවයියා, ආඳා, තිත්තයා, ආරා, ලුලා, හිරිකනයා, මඩකනයා, රටපෙතියා, මස්පෙතියා, කණයා, තෙප්පිලියා, අංගුට්ටා, වැලිගොව්වා, කොකැස්සා, කොරළියා ආදි මෙරට ට ආවේනික මත්ෂ්‍ය සම්පතින් වැව් අමුණු සරුවිය. දුම් කරවල මෙන්ම ලුණු කරවල ද සැකසීමට ගැමියන්ට පිහිට වුයේ ගම්මැදි කොටු වැවමය. ඉතිරිවෙන මාළු පිරිසුදු කොට, ලුණු දමා දින කිහිපයක් අව්වේ වියළා ලුණු කරවල සැකසු ඔවුහු දුම් මැස්ස මත දිනක් හමාරක් මද ගින්නේ වියළා දුම් කරවල පිළියෙල කරගත්හ. රසින් සපිරි වැව් කරවල එවක ගැමියන්ගේ ආහාර වේලේ අනිවාර්ය අංගයක්ව පැවැතිණි.
සමහරෙක් වැව් දිය පීරා ඕලු, නෙළුම් ආදි මල් කඩා විත් බුදු පුදට ගෙන ගියහ. ඉඳහිට සමහරෙක් වන්දනාකරුවන්ට මල් අලෙවි කොට කීයක් හෝ උපයා ගත්හ. ගම්මැදි හැම වැවකම පාහේ වැව් දිය වසා පැතිර තිබු නෙලුම් වියන විචිත්‍ර වුවකි. පිපී රේණු හැළුණු මෝරා ආ නෙළුම් කලංකය පොඩ්ඩන්ට අනුව නම් නෙළුම් බට්ටන් රසවත් කෑමකි. මේරු, නොමේරු නෙළුම් බට්ටන්ගේ රස හොඳහැටි දත් පොඩ්ඩන් ගිනි මධ්‍යාහනේ වුව වැව් දිය සරනුයේ කොතැනකදී හෝ මතුව ආ හැකි අවදානම ද නොතකමිනි. වැව් දිය පිස හමාඑන සිහිල් සුළග ගැමි දිවියේ මතුව එන කටුක, නීරස අත්දැකීම් මොහොතකට අමතක කරවන සුලුය.
ස්නානයට පමණක් නොව ගැමියන් වරෙක පානීය ජලය සපයා ගත්තේ ද වැවෙන්මය. මෙනිසාම ගැමියෝ සිය ප්‍රාණ සමානව වැවට පෙම් බැන්දෝය. කළ හැකි ඉහළම පුද සත්කාර කළහ. වැව කරා ආ විපත් අබිමුව සිය ප්‍රාණ දෙවැනි කොට පෙරට පැමිණියහ. රජරට ගමක් බිහිවුයේ යම් තැනක ද එහි නිත්‍ය වශයෙන් වැවක් ඉදි විය. මන්ද යත් වසර පුරා එකසේ වැහිපල නොලැබෙන වියළි කලාපයට කලට වැටෙන වැහිදිය රැස්කර නොගත හොත් යල, මහ දෙකන්නයේ වී ගොවිතැනේ නිරත විය නොහැකිය. එබැවින් ගම්මැද්දේ දිවි ගෙවීම හෙවත් ගැමි කාෂිකාර්මික ජනාවාස බිහිකර ගැනීමේ දී අත්‍යවශ්‍ය පාරිසරික සාධකයක් වූයේ වැව ය. එහෙත් අද සියල්ල කණපිට පෙරැළී ඇත්තේ වැව් සංස්කෘතියට ද කණකොකා හඬා ඇති බැවිනි.
පැමිණි නියං සායෙන් රජරට ප්‍රධාන වැව් ගණනාවක සමස්ත ජල ධාරිතාවයි සීඝ්‍ර ලෙස පහත බැස, ග්‍රමීයව පවතින සුළු පරිමාණ වැව් සියයට අසුවක් පමණම දිය සීඳි ඉරිතලා ගියේය. පානීය සහ අනෙකුත් සනීපාරක්ෂක අවශ්‍යතා සඳහා ද ජලය සපයා ගැනීම ගැටලු සහගත විය. පිපාසිත වන සත්තු ද ලු ලු අත ගියහ. අන් කවරදාටත් වඩා වැව් අමුණුවල වටිනාකම දැනෙන්නට විය.
අවසන් සංගණන වාර්තාවලට අනුව මෙරට වැඩිම වැව් ගණනක් පිහිටි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති සමස්ත වැව් ගණන 2667 කි. ඒ මහා වාරිමාර්ග 13 ක්ද, මධ්‍යම ප්‍රමාණයේ වාරිමාර්ග 85 ක්ද, කුඩා ප්‍රමාණයේ වැව් හා ජලාශ 2569 ක්ද වන අන්දමිනි. එම වාර්තාවන්ට අනුව දිස්ත්‍රික්කයේ පිහිටි වගා කළ හැකි වාරි ඉඩම් ප්‍රමාණය අක්කර 319622 කි. ඒ මහා වාරිමාර්ග යටතේ අක්කර 146158 ක්ද, මධ්‍යම ප්‍රමාණයේ වාරිමාර්ග මෙන්ම කුඩා ප්‍රමාණයේ වැව් හා ජලාශ යටතේ අක්කර 135306 ක්ද වන පරිදිය. වර්ෂාව මගින් වගාවන් සිදුකළ හැකි අක්කර 38158 ක භුමිය ද මේ අතර වේ. ඉකුත් කන්නයේ මෙම වගා කළ හැකි භුමියෙන් සියයට අසුවක් පමණම පුරන්ව වල්වැදී හුදකලාව ගියේය. මිනිස් පුලුටක් නොපෙනුණු මූකලන් වැහී ගිය කෙත් යායවල දිස්වූයේ කිය නොහැකි තරමේ මුසල බවකි. විචිත්‍රවත් නෙළුම් වියන වියළී ගියේය. වැවෙන් නෙළාගත් ජීවිතය නියං සායට මැදිවී පණ අදින්නට විය. මේ හැම අතරවාරයේ සිදීගිය වැව් තාවලු මත සව්දිය පුරන පව්කාරයන් සිදුකරන්නට වු පරිසර විනාශය මහත්ම අභාග්‍යයක් විය.
ලක්දිව වැව් කර්මාන්තය ගැන විදේශිකයින් අද ද විමතියට පත්වන්නේ එහි වු සර්වකාලීන තාක්ෂණික භාවිතාවන් හේතුවෙනි. ගංගා, ඇළ, දොළ ආදිය අවුරා වේලි බැඳ ජලය රැස්කොට කෙත්වතු වෙත යැවීමේ ක්‍රමවේදය ඉපැරැණි ඉන්දීය ජන සමාජයේ ද දැකිය හැකි වුවත්, එක්රැස් කරගන්නා ජලය වසර පුරාම ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රමවේදය හෙවත් වැව් බැඳීම මුළුමනින්ම පාහේ ශ්‍රී ලාංකිකයින්ට ආවේණික වුවක්ය යන්න විද්වත් මතය වී තිබේ තිබේ. ඒ මහාර්ඝ සම්පත දීර්ඝකාලීනව රැකබලාගැනීම උදෙසා නිසි වැඩපිළිවෙළකඅවශ්යතාව අදට වඩා හෙට තවදුරටත් මුවහත්ව දැනෙන බව දැන් පැහැදිලිය.
දූවිලි අවුළුවන නියඟයේ එක් පසෙක ඇති යථාර්ථය එය බව නොකිවමනාය.
උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

සුපිරි නායකයට ඇමෙරිකාවෙන් ආව ඩොලර් 50,000 සන්තෝසම් මුදලට ලංකාවේ නිළිය විදලා
2018-04-26 04:24:00මරුවා සමඟ වාසය කල 700 ක් බේරා ගනී.
2018-04-26 04:21:00සයිටම් CEO ගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි
2018-04-26 04:19:00සරසවි විරෝධතාවය- භික්ෂුවක් සමඟ තවත් 9ක් අත්අඩංගුවට ගනී
2018-04-26 04:17:00පොලිස්පති නියමයෙන් පාතාල කල්ලි සාමාජිකයාගේ විවාහයට දැඩි පොලිස් ආරක්ෂාවක්.
2018-04-26 03:55:00මධ්‍යම කඳුකරයට තද වැසි-අකුණු සැර වැදී කම්කරුවන් 2ක් රෝහලේ
2018-04-26 03:48:00එජාපයේ නව නිලධාරී මණ්ඩලය ගැන එජාපය සුරැකීමේ සංවිධානයෙන් චෝදනාවක්
2018-04-26 03:26:00භික්ෂු බලමණ්ඩලය කඳුළු ගෑස්වලින් නා ගනී
2018-04-26 03:25:00විරෝධතාවයක් නිසා කොළඹ පුරහල අවට රථවාහන තදබදයක්
2018-04-26 03:01:00එජාපයේ දැවැන්තයෙක් කනගාටු වෙයි - ෆේස්බුක් එකට දාපු සටහනෙන් හෙළිවූ රහස මෙන්න
2018-04-26 02:42:00රවීට විරුද්ධ වී ජෝසප් ඉල්ලා අස්වෙයි
2018-04-26 02:39:0020 වන ව්‍යවස්ථා සංශෝධනයේ යටි අරමුණ ගැන ජනිපේ හෙළි කරයි
2018-04-26 02:29:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com