දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ගුණ සමරුව අද

2017-09-26 09:19:00       813
feature-top
ශ්‍රී ලාංකේයීය සමාජයීය සංස්කෘතික හා දේශපාලනික ක්ෂේත්‍රවල යුග පෙරළියක නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 58 වැනි ගුණානුස්මරණ උත්සවය අද (26) උදේ 8.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නිට්ටඹුව පිහිටි බණ්ඩාරනායක සමාධිය අභියසදී අභිමානවත්ව පැවැත්වේ.

බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික ආගමික නායකයින්ගේ ආශිර්වාදය හා සහභාගීත්වය සහිතව පැවැත්වෙන මේ අභිමානව්ත අවස්ථාවේදී ලොව ප්‍රථම අගමැතිණිය වූ දිවංගත සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මැතිණියගේ හිටපු ඇමැති දිවංගත අනුර බණ්ඩාරනායක මහතාගේ ද ගුණ සිහි කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිනිය වූ  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රධාන බණ්ඩාරනායක පවුලේ ඥාතීහු මේ ගුණානුස්මරණ පින්කමට එක් වෙති.

සඟ වෙද ගුරු ගොවි කම්කරු ප්‍රධාන පංච මහා බලවේගය ගොඩනඟා 56යේ යුග පෙරළිය සිදු කළ දිවංගත බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ගුණ සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊට අනුබද්ධිත සියලු සමිතිවල ප්‍රධානීහු සාමාජික සාමාජිකාවෝ ගම් මට්ටමින් විවිධ සමාජ සුබසාධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත. ඒ යටතේ පුරා දින පහක් ශ්‍රීලනි පක්ෂයේ තරුණ සම්මේලනයද විවිධ ක්‍රියාකාරකම් ඉටු කරන බව එහි සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.



Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks

More News »