ළමා විය සංවර්ධනය
"මාකට්‌" කරන්නේ මෙහෙමයි

2017-09-04 10:43:00       601
feature-top
ළදරු අවදියේ කාලය ගත වීම සමඟ ළදරුවාගේ මාංශ පේශි වල ශක්‌තිමත්භාවය වැඩි වන විට හිස කෙළින් කර ගැනීමට හැකි වෙයි. පළමුව වාඩි වීමටත්, ඉන් පසුව සිට ගැනීමටත් හැකි වෙයි. අලුත උපන් දරුවකුගේ ශරීරයේ ප්‍රාථමික ප්‍රතික්‍රියා කිහිපයක්‌ (චරසපසඑසඩැ රුෙකැංes) ඇතිවන අතර, වයස වැඩි වීම සමඟ මේවා නොපෙනී යා යුතුය. මාස 06 ක්‌ පමණ වන විට දරුවා වාඩි වී සිටිමට පුරුදු වෙයි.

කායික හා මානසික වර්ධනය සිදු වන විට දරුවාගේ සියුම් චලන සිදුවීම ආරම්භ වෙයි. ඇස විවිධ චලනය වන වස්‌තූන් දෙස යොමු කරන අතර, අතේ ඇඟිලි වලින් කුඩා වස්‌තූන් අල්වා ගනියි. තවත් කාලය ගත වන විට එක්‌ අතකින් තවත් අතකට වස්‌තුන් හුවමාරු කරයි.

ළමා විය සංවර්ධනය කෙරෙහි ඔහුට උරුමවන ජානමය පදනම මෙන්ම, පාරිසරික සාධක ද එකලෙස බලපානු ලැබෙයි. වර්ධනය වන මොළයේ සෛල කෙරෙහි මෙම ද්වි සාධකයම එකලෙස බලපානු ලැබෙයි.

ළමා මනසේ වර්ධනය කෙරෙහි ජානමය පදනම සෘජුවම බලපාන අතර, මෙම බලපෑම වෙනස්‌ කිරීමට පාරිසරික සාධකවලට හැකියාවක්‌ ඇත. ළමයාගේ අනාගතය කෙතෙක්‌ දුරට වර්ධනයවේද ඔහු කොතෙන් දුර ගමනක්‌ යන්නේ ද යන්න තීරණය කිරීමට පරිසරයට හැකියාවක්‌ ඇත. වඩා සාර්ථක දරුවකු නිර්මාණය වීම කෙරෙහි ළමයාගේ කායික හා මානසික පරිසරය උපරිම ලෙස දියුණු වීමට හැකි ලෙස හිතකර පරිසරයක්‌ ගොඩනැඟිය යුතුය.

කුඩා දරුවාගේ වයස අනුව මෙම කායික සහ මානසික වර්ධනය කෙරෙහි බලපාන සාධක වෙනස්‌ වෙයි. වයස අවුරුද්දට අඩු ළදරුවන්ගේ ලෝකය ප්‍රධාන වශයෙන්ම දෙමාපියන් විසින් නිර්මාණය කර දෙන පරිසරය මත රඳා පවතියි. ළදරුවන්ට නිදහසේ තම කායික ක්‍රියා සිදුකිරීමට අවස්‌ථාවක්‌ නැත.

ප්‍රාථමිකව පාසල් යන වයස වන විට නිදහසේ තම කායික ක්‍රියා සිදුකිරීමට දරුවනට අවස්‌ථාව සැලසෙයි. සමාජය සමඟ බද්ධ වීමට මෙමගින් අවස්‌ථාව ලබාගනියි.

තවදුරටත් වයස ගතවීම සමඟ මෙම කායික ක්‍රියා වර්ධනය වන අතර, සංකීර්ණ අවශ්‍යතා ඇති වෙයි. ළමයකුගේ වර්ධනයේ ප්‍රධාන අංශ සතරක්‌ සම්බන්ධව වෛද්‍ය විද්‍යාව අවධානය යොමු කරයි.

1) දැඩි කායික ක්‍රියා (Gross motor)

2) සියුම් කායික ක්‍රියා සහ දෘෂ්ටිය (fine motor)

3) කථනය, භාෂාව, සහ ශ්‍රවනය

4) සමාජීය ආකල්ප සහ චර්යා රටා ලෙසිනි.

දරුවකු වර්ධනය වන විට අපට පැහැදිලිව පෙනෙන්නේ දෘඩ කායික ක්‍රියාවන්ය. දරුවා නැගිටීම, පෙරළීම ඇවිදීම ආදිය මෙයට අයත්ය. දරුවාගේ අතේ ඇඟිලිවලින් යම් යම් දේ ඇල්ලීම ආදිය සියුම් චලනයට අයත්ය. මෙම සියුම් චලනයන් සඳහා දෘෂ්ටිය ශ්‍රවනය ඉතා වැදගත් වෙයි. කථනයද මෙයට අයත් වෙයි.

සමාජීය හා චර්යාමය හැකියාවන් වර්ධනය කර ගැනීම ද මේ අතර වැදගත්ය. කාලය ගත වීම සමඟ ළමයා තමාගේ වර්ධනය සඳහා පරිසරයේ සාධකද, අවධානය දිනා ගැනීමට සමත් කිරීමද සිදු කරයි.

කුඩා ළමයකුගේ වර්ධනය ආවාට ගියාට සිදුවන්නක්‌ නොවෙයි. එය ක්‍රමානුකූලව සිදුවෙයි. මෙය developmental milestonesලෙස වෛද්‍ය විද්‍යාව හඳුන්වා දෙයි.

දරුවාගේ වයස වර්ධනය වීම සමඟ ඊට සමගාමීව මෙසේ වර්ධන පියවරවල් අත්පත් කර ගැනීම සිදුවෙයි. වයසට අනුරූපව වර්ධනය නොවේ නම් එය developmental delay ලෙස හඳුන්වන අතර, විවිධ කායික, මානසික, ජානමය හෝ පාරිසරික සාධක මෙසේ වර්ධනය අඩාල වීමට හේතු වෙයි. නිදසුනක්‌ වශයෙන් සාමාන්‍යයෙන් කුඩා දරුවකු වයස අවුරුද්ද පමණ වන විට ආධාරයක්‌ ඇතුව නැඟී සිට ඇවිදීමට පටන් ගත යුතුය. එහෙත් සමහර ළමුන් ඊට කලින් ද, තවත් සමහර ළමුන් වසර එකහමාරක්‌, දෙකක්‌ පමණ ගත වී මෙම වර්ධන පියවරට ළඟා වෙති. තවත් සමහර විට කිසිම කලක දරුවාට ස්‌වාධීනව ඇවිදිය නොහැකි වෙයි. එවැනි අවස්‌ථා වලදී වෛද්‍ය උපදෙස්‌ පැතිය යුතුය.

එකම පවුලක දරුවන් වුවද, එකම වර්ධන පියවරට විවිධ වයස්‌ කාණ්‌ඩ වලදී පත් වෙති. මේ සියල්ල සම්බන්ධව දෙමාපියන්ට අවබෝධයක්‌ තිබිය යුතුය. දරුවකු විවිධ වර්ධන පියවර ඔස්‌සේ ගමන් කිරීම පද ගැලපුන අපූර්ව කථාවක්‌ මෙනි.

ළදරු අවදියේ කාලය ගත වීම සමඟ ළදරුවාගේ මාංශ පේෂි වල ශක්‌තිමත්භාවය වැඩි වන විට හිස කෙළින් කර ගැනීමට හැකි වෙයි. පළමුව වාඩි වීමටත්, ඉන් පසුව සිට ගැනීමටත් හැකි වෙයි. අලුත උපන් දරුවකුගේ ශරීරයේ ප්‍රාථමික ප්‍රතික්‍රියා කිහිපයක්‌ (primitive reflexes) ඇතිවන අතර, වයස වැඩි වීම සමඟ මේවා නොපෙනී යා යුතුය. මාස 06 ක්‌ පමණ වන විට දරුවා වාඩි වී සිටිමට පුරුදු වෙයි.

කායික හා මානසික වර්ධනය සිදු වන විට දරුවාගේ සියුම් චලන සිදුවීම ආරම්භ වෙයි. ඇස විවිධ චලනය වන වස්‌තූන් දෙස යොමු කරන අතර, අතේ ඇඟිලි වලින් කුඩා වස්‌තූන් අල්වා ගනියි. තවත් කාලය ගත වන විට එක්‌ අතකින් තවත් අතකට වස්‌තුන් හුවමාරු කරයි.

කුඩා දරුවන් ශබ්දයට ඉතා සංවේදී වෙයි. කුඩා ශබ්දයට වුවත් වහා තිගැස්‌සෙයි. පළමුව තනි අකුරේ ශබ්ද නඟයි. පසුව තනි වචනයේ ශබ්ද පිට කරයි. මේ සඳහා වසරක පමණ කාලයක්‌ ගත වන අතර, වචන දෙකේ වාක්‍ය ප්‍රකාශ කිරීමට (අම්මා එන්න, ආදී ලෙස) වසර දෙකක්‌ පමණ ගත වෙයි.

සති හයක්‌ පමණ වන විට කුඩා දරුවන් සිනාසීමට පටන් ගනියි. තමන්ගෙන් සමුගෙන යන පුද්ගලයකුට 'බයි බායි' පැවසීමට මාස දහයක්‌ පමණ කාලයක්‌ ගත කරයි. මාස අටක්‌ පමණ වන විට ආගන්තුකයන් හඳුනා ගැනීමේ හැකියාව ලැබෙයි. අවුරුද්දක්‌ අවුරුදු එකහමාරක්‌ අතර කාලයේදී සෙල්ලම්බඩු සමඟ විනෝද වීමට පටන් ගනියි.

සෙල්ලම් කිරීම හරහා ඔවුන්ගේ මානසික ක්‍රියාවල වර්ධනය සිදු වන අතර අජීවී වස්‌තූන් සජීවී ලෙස උපකල්පනය කරමින් සිදුකරන මෙම ක්‍රීඩාවන් ඔවුනට සමාජයට මුහුණ දීමට අත්වැලක්‌ සලසයි. මුළු ලෝකයේම සිටින්නේ තමන් පමණක්‌ යයි ඔවුහු සිතති. ළමා ලෝකය වැඩිහිටියනට අයිති නැත. එය විනාශ කිරීමට ඔවුනට අයිතියක්‌ නැත. ජීවිතයේ උදෑසනට නිදහසේ හිරු පායා, මල පූදින්නට ඉඩ හරින්න.

ළමයින්ට ඇත්තේ සුන්දරවූ පරිසරයකි. මෙම පරිසරය සමාජයේ විවිධ කොටස්‌ වල දායකත්වයෙන් ගොඩනැඟුනකි. මෙම සමාජීය බලපෑම ළමා ලෝකය නිර්මාණයේදී සෘජුව සහ වක්‍රාකාරයෙන් බලපානු ලබයි. මිනිසාගේ ජීවිතයේ උදෑසන ළමා අවධියයි. මේ නිසා දවස සම්පූර්ණයෙන් තීරණය වන්නේ මෙම උදෑසන ගතවන අන්දමිනි.

ළමා ලෝකය ගොඩනැංවීම කෙරෙහි ඔහුගේ ලිංගිකත්වය, ජාන පසුබිම, කායික සෞඛ්‍ය, පරිසරය මෙන්ම වර්ධනය වන අන්දම බලපානු ලබයි. ළමයාගේ වයස සමඟ මෙම පරිසරය නිර්මාණය වන අන්දම වෙනස්‌ වන අතර, කුඩා අතදරුවකුගේ හෝ බිම දණ ගාන ළදරුවකුගේ අනාගතය කෙරෙහි නිවසේ පරිසරය සෘජු දායකත්වයක්‌ දරයි. පාසල් යන වයසේ දරුවකුගේ අනාගතය කෙරෙහි පාසල් පරිසරය බලපාන අතර, තවදුරටත් වයසින් වැඩෙත්ම තමා අවට තමන් ආශ්‍රය කරන සම වයසේ මිතුරන් හා පාරිසරික සාධක වල සෘජු දායකත්වයක්‌ ඇත.

මේ කෙරෙහි ජාතික හා ජාත්‍යන්තර වශයෙන්ද බලපාන සාධක පවතින අතර සංගීත නාද රටා, ක්‍රීඩා, විලාසිතා සහ දේශපාලන කටයුතු වලද ආධාර උපකාර මෙම ළමා ලෝකය ගොඩ නැංවීමට හේතු වෙයි.

දරුවාගේ ලෝකය ගොඩනැංවීමේ දී දෙමාපියන්ගෙන් ලැබෙන පරිසරය ඉතා වැදගත් පිටිවහලක්‌ වන අතර, ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවලදී මව මෙන්ම පියාද සමඟ ජීවත් වන පරිසරය හමුවේ දරුවාගේ අනාගතය ඉතා ප්‍රවේශමෙන් ගොඩනැඟිය යුතුය.

එහෙත් යුරෝපා රටවලදී මේ තත්ත්වය වෙනස්‌ වන අතර බොහෝ විට මව හෝ පියා හෝ පමණක්‌ සමඟ දරුවන්ට ජීවත් වීමට සිදුවෙයි. මෙහිදී වෙනම පරිසරයක්‌ ඔවුන්ගේ මනස තුළ නිර්මාණය කරයි. දෙමාපියන් දරුවන් හැර යැමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඔවුන් තුළ නිර්මාණය වන්නේ දෙමාපියන්ගේ ආදරය හා රැකවරණය ලද දරුවන්ට වඩා වෙනස්‌ම පරිසරයකි.

නිවස තුළ සාමකාමී පරිසරයක්‌ නොමැති වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස දරුවා තුළ සංකීර්ණ මනෝභාවයක්‌ ජනිත වෙයි. මෙය අනාගතයේදී බරපතළ සමාජ ආර්ථික දේශපාලන ගැටලු රැසක්‌ ඇති කර සිටියි. පවුල් ඒකකය කුඩා වන විට දරුවාට ලැබෙන ආදරය හා ආරක්‍ෂාව වැඩි වෙයි. නූතන නාගරීකරණයේ සහ දෙමාපිය දෙදෙනාම රැකියාවල නිරත වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස දරුවාට දෙමාපියන්ගේ ආදරය ලැබෙන කාලය අඩු වී ඇත. ඔවුන්ගේ දිවා කාලය දිවා සුරැකුම් මධ්‍යස්‌ථානවලට සිරවී ඇත.

පසුගිය කාල සීමාවේදී උතුර - නැගෙනහිර ඇතිවූ යුධ වාතාවරණයත්, සුනාමි ව්‍යසනයෙත් ප්‍රතිඵලයක්‌ ලෙස මෙම කලාපයේ ජීවත්වන දරුවන් දැඩි මානසික කම්පනයට පත්වීම නොවැලැක්‌විය හැකි විය. දිළිඳුකම, පවුලේ සාමාජිකයන් තමන් හැර යැම, පවුලේ සාමාජිකයන් ඝාතනයට ලක්‌ වීම, පාසල් අධ්‍යාපනය අහිමි වීම, දරුවන්ගේ මනස තුළ නැවත නිවරදි කළ නොහැකි අඳුරු යුගයක්‌ නිර්මාණය කරයි.

දැඩි ආත්ම විශ්වාසයකින් හෙබි අනාගතයක්‌ නිර්මාණය කිරීම කෙරෙහි දරුවන්ට වැදගත් වන්නේ දෙමාපියන්ගේ සබඳතාවයකින්ය. මෙය මනස තුළ ප්‍රබල බැඳීමක්‌ ජනිත කරයි.

තම පවුලට අලුතින් සාමාජිකයකු එකතු වීමද දරුවන් තුළ වෙනමම ආකල්පමය සහ සංකල්පමය වෙනසක්‌ ඇති කරයි. තමන්ට මෙතෙක්‌ දක්‌වන ලද ආදරය තවත් සාමාජිකයකුට හිමිවීමද දරුවන්ගේ මනස තුළ දැවැන්ත වෙනසක්‌ ඇති කරයි. සහෝදරයන් එකිනෙකා අතර දක්‌වන අෙන්‍යාන්‍ය සබඳතාව මේ අතරින් වැදගත් සාධකයකි.

දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි පවුලේ සංස්‌කෘතික පසුබිමද වැදගත් වන අතර, ආච්චි සහ සීයාටද මේ අතර සැලකිය යුතු ස්‌ථානයක්‌ හිමි වෙයි.

කුඩා දරුවකුගේ වර්ධනය කෙරෙහි ඔහු ජීවත් වන සංස්‌කෘතික පරිසරය ද සැළකිය යුතු බලපෑමක්‌ එල්ල කරයි. දඩුවම් කිරීම සඳහා දරුවනට තරවටු කිරීම හෝ වේවැලකින් තැලීම සිංහල සංස්‌කෘතිය අනුමත කළ ද, වෙනත් සමාජ වල එය බරපතල විෂය පථයක්‌ වෙයි.

සම වයසේ අනෙක්‌ දරුවන් සමඟ මුහුවීමට අවස්‌ථාව සලසා දිය යුතුය. මෙමගින් නව අත්දැකීම් ලබා ගැනීමට දරුවනට අවස්‌ථාව සැලසෙයි. මෙහි අවාසි සහගත අවස්‌ථාද පවතියි.

කුඩා ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්ව ප්‍රවර්ධනයට බලපාන අනෙක්‌ වැදගත්ම සාධකය වන්නේ දිළිඳුභාවයයි. සෞඛ්‍ය අංශ ප්‍රවර්ධනයට සෘජු හා වක්‍ර අන්දමින් බලපාන හේතු සාධක අතරින් දිළිඳුකමට වැදගත් ස්‌ථානයක්‌ හිමිය. දිළිඳුකම සමඟ තවත් කරුණු කිහිපයක්‌ අත්වැල් බැඳගෙන ඇත. ආර්ථික අපහසුතාව අඩු උපත් බර සහිත දරුවන්, තුවාල සිදුවීම, රිය අනතුරු ආදිය වහා අවධානය යොමු විය යුතු ය.

දිගුකල් පවතින හතිය, ඇදුම, හැසිරීමේ ගැටලු මෙන්ම ළමා අපයෝජනයද හිතකර නැත. කුඩා ළමුන්ගේ අනාගතය හැඩ ගැස්‌වීමේදී නිවසේ මූල්‍යමය පරිසරයද වැදගත් වන අතර, දිළිඳුබවේ ප්‍රතිඵලයක්‌ ලෙස නිසි පරිදි ආහාර නොලැබීම, නිවාස පහසුකම නොලැබීම, අධ්‍යාපනය ලැබීමට පවතින සම අයිතිය නොලැබීම, ක්‍රීඩා කිරීමට පවතින අවස්‌ථා අඩු වීම වැනි ගැටලු රැසකට මුහුණ දීමටත්, පාසලේදී විවිධ අංශ වලින් කොන් කිරීම්වලට ලක්‌ වීමටත් සිදුව ඇත. මේ අනුව හෙට ශක්‌තිමත්, බුද්ධිමත් තරුණයකු බවට පත්වන අද දවසේ කුඩා දරුවාගේ අනාගතය මුවහත් කිරීම, ඔපවත් කිරීම තනි සිද්ධිමය ප්‍රතිඵලයක්‌ නොව බොහෝ පසුබිම් සාධක මත රඳා පවතින බව වැඩිහිටියන් විසින් කල්පනා කළ යුතුය.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව
දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ
හම්බන්තොට

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »