සැටලයිට් විජ්ජාවට හසු නොවී වැඩිකරමු අපේ වනපෙත්

2017-09-01 11:40:00       258
feature-top
පෘථිවියෙහි ජීවත්වන මිනිසාට එල්ල වන අහිතකර සිද්ධීන් දෙස බැලූ බැල්මට පෙනෙන්නේ භූමිකම්පා, ගිනිකඳු  පිපිරීම්, ජල ගැල්ම, සුළි සුළං ආදී ස්වභාවික  ව්‍යසනයන්ය. එම සංසිද්ධීන් කිසියම් ප්‍රදේශයකට සීමාසහිතව සහ තාවකාලිකව දැනෙන ඒවාය. පෘථිවියටත්, මිනිසා ඇතුළු සියල් සතුන්ටත් අහිතකර ව්‍යසනයක් ලෙස දැන් ප්‍රමුඛ වෙමින් තිබෙන්නේ වනාන්තර විනාශයයි.

නූතනයේ ලෝක නායකයන් බරපතළ අන්දමින්  අවධානය දක්වන මිහිතලය උණුසුම්වීම, හරිතාගාර ආචරණය, වායුගෝලීය දූෂණය, අම්ලකර වායුව  හිඟවීම හා කාන්තාරීකරණය යන පාරිසරික අර්බුදයන්ට ජුවම සම්බන්ධ වන කරුණකි වන විනාශය.

යටත් විජිතවාදය උච්චස්ථානයට පත්වූ 18 වැනි සියවස මැද භාගයේ (වර්ෂ 1750 සිට) ඇති වූ කාර්මික විප්ලවය සමග ලෝකයේ බොහෝමයක් රටවල වනාන්තර මහා පරිමාණයෙන් විනාශ වූ ආකාරය වාර්තාගතව තිබේ. වර්ෂ 1700 වන විට ලෝකයේ පැවති කැලෑ ප්‍රමාණයෙන් 1/4ක් විනාශව ඇත. 1915 වන විට එනම් වසර 200 කදී එය 3/4 එනම් 75 ක් තරම් වැඩිවී ඇත්තේ යටත් විජිත තරගය, යුද්ධ, කාර්මීකරණය, ජනගහන වර්ධනය, නාගරීකරණය යන කරුණු හේතු කොටගෙනය.

1980  පමණ වන විට වාර්ෂිකව බ්‍රසීලයේ අක්කර මිලියන 3.5 ක්, ඉන්දුනීසියාවේ අක්කර මිලියන 1.5ක්,  කොලොම්බියාවේ අක්කර මිලියන 2ක්, ඉන්දියාවේ අක්කර ලක්ෂ 5ක් ආදී වශයෙන් ලෝකයේ වන විනාශය සිදුව ඇත. අදටත් එම විනාශයන්  නොකඩවා සිදුවෙමින් තිබේ.

ජීවයේ පැවැත්මට බෙහෙවින් බලපාන ජල චක්‍රය හා වර්ෂාපතන රටා විකෘතිවීම මානව සභ්‍යත්වය කෙරෙහි එල්ල කරන්නේ බරපතළ තර්ජනයකි. ඊට තුඩු දෙන ප්‍රධාන  කරුණක් වූ වන විනාශය ශ්‍රී ලංකාවෙහි සිදුවන  ආකාරය නොතකා සිටිය නොහැකි ඛිෙදවාචකයකි.

ශ්‍රී ලංකාවේ වන විනාශයට අදාළ තොරතුරු ස්වල්පයක් මෙසේ දැක්වීමට පුළුවන. 1900 දී භූමියෙන් 70ක් වූ වන ආවරණය 1948  නිදහස ලබන විට 49 මට්ටමේ පැවැතුණි.  රජරට, නැගෙනහිර සහ  රුහුණේ ඇති කළ කෘෂිකාර්මික ජනපද ව්‍යාපාර හේතුවෙන් 1956 වන විට එය 44 තෙක් අඩුවිය. 1956 සිට 1989 අතර වන විනාශයේ වේගය වාර්ෂිකව 0.7ක් විය. වාර්ෂිකව 0.2ටත් අඩු වේගයකින් සිදුවූ වන විනාශය 1980 දශකයේදී ඉහළ අගයක් ගත්තේ මහවැලි  සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කළ  කැලෑ හෙළි කිරීම් නිසාය.  මේ වකවානුවෙහි හේන් වගාව සඳහා හෙක්ටයාර් 1,20,000ක් කැලෑ ඉඩම් යොදා ගෙන ඇත.

1979 ඉඩම් අමාත්‍යාංශය මගින් කළ සමීක්ෂණයට අනුව,ලක්ෂ 5ක්  ගොවීන් විසින් හෙක්ටයාර් 3,77,000ක් යොද ගෙන ඇත්තේ ග්‍රාමීය වනාන්තර හෙළිපෙහෙළි කරමිනි. හේන් ගොවිතැන ව්‍යාප්තවීම, දිළිඳුබව, ජනගහන වර්ධනය හා වන රක්ෂණය ගැටුම්කාරීව නොකඩවා වන බව ඉන් පැහැදිලි වෙයි.

ශ්‍රී ලංකා භූමියේ විශාලත්වය හෙක්ටයාර් 65,65000 කි. ඉන් හෙ. මිලියන 2.5ක් පමණ කෘෂිකර්මය සඳහා යොදාගෙන ඇත. මින් වැඩි ප්‍රමාණය  පහතරට වියළි හා අන්තර් මධ්‍ය කලාපයන්ට අයත්  වන අතර හෙ. ලක්ෂයක් මධ්‍යම කඳුකරයට අයත් වේ. එය මුහුදු මට්ටමෙන් මීටර් 330 න් ඉහළ  ප්‍රදේශයන්ය.

අප රටේ ෙජෙව දේශගුණ කලාපයන් වූ පහත හා මැදරට තෙත් කලාපය, වියළි කලාපය, පහත හා මැදරට අතරමැදි කලාපය, කඳුකර කලාපය,  කඳුකර අතරමැදි කලාපය, ශුෂ්ක කලාපය යන සියල්ලෙහිම එකිනෙකට වෙනස් වෘක්ෂලතාවන් වැඩීම සඳහා සුදුසු පස් වර්ග ආඪ්‍යව පවතී.

පහතරට හා මැද රට තෙත් කලාපයේ පවත්නා තෙත් සදාහරිත වනාන්තර වාණිජ වැවිලි (තේ, රබර්, ‍පොල්, ඔයිල් ෆාම්, සුළු අපනයන භෝග)  සඳහාත්, ගම් හා  නගර ව්‍යාප්තිය සඳහාත් කැප කරමින් ඇත. මෙම කලාපයෙහි වන වැස්ම 6 කටත් අඩුය. ලෝක ෙජෙව උරුමයක් වූ සිංහරාජය  අයත් වන්නේ මෙම කලාපයටය.  මෙම කලාපයේ පවත්නා ශාක විශේෂ සංඛ්‍යාව 150 ක් පමණ වේ. මින් වැඩි ප්‍රමාණය ආවේණිකය.

හෝර්ටන් තැන්න,පිදුරුතලාගල, සමනල, මාත‍ලේ දුම්බර කඳුවැටි ආශ්‍රිත  සුවිශාල ප්‍රදේශ නවීන සංවර්ධන ව්‍යාපෘතිවලට ගොදුරුවෙමින් තිබේ.  වන හායනයේ වාර්ෂික වේගය 20 ඉක්මවා ඇත.

දිවයිනේ භූමියෙන් 2/3 ක් අයත් වන වියළි කලාපයෙහි මෙරට විශාලතම වනාන්තර (යාල, විල්පත්තු වස්ගමුව, මින්නේරි  ආදී අභයභූමි සහිත) පිහිටා ඇත. මේ සෑම තැනකම  දේශපාලන බලපෑම් සහිතව වන විනාශයන් සිදුවේ. (විල්පත්තුව ආශ්‍රිතව ආගමික හා දේශපාලනික බල ව්‍යාපෘතියක් මගින් සිදු කෙරෙන වන විනාශය මේවනවිට ප්‍රසිද්ධියේ සිදුවන්නකි.

වනාන්තර පැවතෙන්නේ ෙජෙව පද්ධතිවල මූලික  අංගයක් ලෙසිනි. ලෝකයේ සමබර පැවැත්මට  ඉන් සිදුවන මෙහෙය ගණන් බැලීම කිසිවකුටත් කළ හැක්කක් නොවේ. ඒ නිසාම මෙරට බලධාරීන් රටේ වන ආවරණය වැඩිකර පෙන්වීමට දක්වන අභිරුචිය පිළිකුල් සහගතය. දැන් දැන් දේශීය හා ජාත්‍යන්තර  ආයතන එක්ව මෙරට භූමියෙන් 28-30 ක් තරම් වනාන්තර ප්‍රමාණයක් තිබෙන බව හුවාදැක්වීමට ව්‍යාජ සැටලයිට් සිතියම් යොදා ගනී.  1985 වකවානුවේ 13-14 ක් තරම් පහළ වැටී තිබුණ වනාන්තර ප්‍රතිශතය ගෙවුණු වසර 30 තුළ වැඩිවී ඇත්තේ කොතැනද යන ප්‍රශ්නයට ඔවුන් පිළිතුරු දිය යුතුය.

සාවද්‍ය සිතියම් හා තොරතුරු ප්‍රසිද්ධ කර බලධාරීන් රැවටීම වෙනුවට ඇත්ත තත්ත්වය පෙන්වා දුෂ්කර සැබෑ විසඳුම් ලබාගැනීමට ජාතියක් වශයෙන් පෙරට  පැමිණීමේ තීරණාත්මක  අවස්ථාවට දැන් අපි පැමිණ සිටිමු.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වන වගාව පිළිබඳවත් මෙරට වන ප්‍රතිශතය ඉහළ දැමීම පිළිබඳවත් උනන්දුවෙන් කතා කරනු පෙනේ. සැබැවින්ම අප වන වගා ව්‍යාපෘතියකට යා යුතු බව අවිවාදිත සත්‍යයකි. එහෙත් ඒ සමගම මෙරට අදටත් සිදුවන වනාන්තර හායනය වහාම නතර කළ යුතුය. එසේ නොකොට වන වගාව ගැන කතා කිරීම වැඩකට ඇති වැඩක් නොවේ.

ලංකාවේ නැවත වන වගාව නිසි ලෙස කරන්නේ නම් මධ්‍යම කඳුකරය හා සුළං දහරා ලංකාවට ඇතුළු වන මාවත් හරිත පටි කළ යුතුය. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ අත්හැර තිබෙන තේ ඉඩම් ප්‍රමාණය අක්කර දහස් ගණනකි. එම ඉඩම්වල වන වගාව හොඳින් ආරම්භ කළ හැක. එවැනි ප්‍රායෝගික සැලසුමකට නොයා කටින් බතල කොළ සිටුවීම වැඩකට නැති වැඩකි.

කීරන්තිඩියේ අශෝක හරිස්චන්ද්‍ර
(Global 500 UNEP ජාත්‍යන්තර සම්මානලාභී)

Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks

More News »