අවුල් පවුලෙන් තැලෙන දරු කැකුළු

2017-08-01 10:43:00       824
feature-top
කඹුරුපිටිය බෙලිඅතුර ප්‍රදේශයේ තම දියණියන් දෙදෙනා හා සාමනේර පුතු ඔවුන්ගේ කැමැත්ත හෝ අකමැත්ත මත ඝාතනය කර තමන්ද සියදිවි නසාගත් බවට සැක කෙරෙන පියෙකු පිළිබඳව අභව්‍ය වූද අනුවේදනීය පුවතක්‌ ඉකුත් ජුනි මස 26 වෙනිදා වාර්තා වී තිබුණි.. ආසන්තම හේතුව ලෙස දක්‌වා තිබුණේ බිරිඳ වෛවාහක නිවස අතහැර දමා යාමයි. ඉදින් යම් කල් ඉක්‌ම යන්නටද පෙරාතුව එනම් ජුලි මස 03 වන දින යටියන්තොටදී පියෙකු විසින් වසර 7 ක්‌ වයසැති දියණිය හා 03 හැවිරිදි පුතු සියතින් ඝාතනය කර තිබුණි. ආසන්නතම හේතුව විදේශ ගතව සිටි බිරිඳ අනියම් සබඳතාවයක්‌ පවත්වන බවට සැකකිරීමකි. එදිනම ත්‍රිකුණාමලය උප්පුවේලි හිදී තම බිරිඳ හා වසර 8 ක්‌ හා 10 ක්‌ වයසැති දියණියන්ද නිවස තුල අගුලු ලා දරුණු ලෙස ඝාතනය කර තිබිණි. ජුනි මස 25 වනදා කොටදෙනියාව ප්‍රදේශයේදී තම පියා විසින් බිරිඳට හා දරුවන්ට කැපුම් තුවාල සිදු කර තිබූ අතර ඉන් එක්‌ දරුවෙකු ඝාතනය වී තිබිණි.

ඉහත වූ කලී දින 10 ක්‌ ඇතුලත සිදු වූ සමස්‌ත අපරාධ අතරින් තම පියා විසින් තම දරුවන් ඝාතනය වීමේ ෙ€දවාචකයයි.

ප්‍රමාණාත්මකවද ප්‍රචණ්‌ඩත්වයේ ස්‌වරූපයද ගත් කළ මෙම ප්‍රචණතාවය කිසිසේත්ම ලඝූකොට සැලකිය යුතු නොවේ. මීට පෙර වසර වලද එවැනිම අපරාධ බහුල විය. දිවියාගල විහාරස්‌ථානයේ ගල් තලාවක හිස වද්දා වයස අවුරුදු 02 ටත් අඩු දියණිය ඝාතනය කර තිබූ අතර දෙමව්පියන්ගේ විරසකය ආසන්නතම හේතුව විය. 2014 වසරේ මිද්දෙණියේදී ඝාතනය වූ 9 මස්‌ වියෑති බිළිඳිය එවැනිම ඉරණමක වින්දිතයෙකු විය. මොවුන් සියල්ලන්ගේම ජීවිත වල ඝාතකයා ආගන්තුක සාහසිකයෝ නොවූහ. තම ජීවිත කාලය පුරාවටම මුර දේවතාවුන් විය යුතු වූ පියවරුන්ය.

පුවතක්‌ ලෙස නෙත ගැටීමට හෝ යළිදු සිහි කැඳවීමට හෝ අතිශය වේදනාකාරී ෙ€දයන් ආවර්ජනය කරනුයේ කුමක්‌ අරබයාදැයි ඔබට සිතෙනු ඇත.

තමන් වෙනුවෙන් හෝ හඬක්‌ නැගීමට අවසඟව කිසිදු වරදක්‌ නොකොට ජීවිතය අත්හැර යාමට සිදු වූ ඔවුන්ගේ අහිංසක ආත්මයන්ට යම් සාධාරණයක්‌ ඉටු කිරීම වනු ඇත. තවද, අනෙකුත් අපරාධ තුල තවත් එක්‌ අපරාධයක්‌ ලෙස සැඟවී නොපෙනී යන මෙම බෙදවාචකයන් තුල අන්තර්ගත සාකච්ඡා නොවුනු හේතු ප්‍රත්‍යයන් සොයා ගවේශණාත්මක කතිකාවකට මුල පිරීම, ඉදිරි දිනකදී එලෙසම මිලින වීමට නියමිත අහිංසකයන්ගේ ජීවිත දානය පිණිස වන සමාජ මෙහෙවරක්‌ වනු ඇත.

ඉහත සිදු වූ ඝාතන බොහොමයක්‌ සමාලෝචනය කිරීමේදී ප්‍රකට වන කරුණු කිහිපයක්‌ විය.

එනම:-

01. අදාල පවුල් පසුබිම් බොහෝවිට අස්‌ථාවර හා අර්බුදකාරී තත්වයන් තුල පැවති ඒවා විය.

02. ඝාතනයේ ආසන්නතම හේතුව එවැනි අතෘප්තිකර තත්ව තුල පැවති පවුල් ඒකකය

(නිතිමය/නීතිමය නොවන) වෙන්වීමට හෝ එසේ වෙන් වීමට හේතු වන කටයුතු යෙදීමයි.

අනෙකුත් ඕනෑම සමාජ ඒකකයකට පොදු වූ සේම පවුල නැමති ඒකකය තුලද ගැටළු උත්පන්න විය හැකි අතර, බාහිර උපකාර (ආගමික, නෛතික හෝ උපදේශනය) ඇතිව හෝ නැතිව නිරාකරණය කර ගැනීමේ අවස්‌ථාව තිබියදී පවුල් පිටින් ඝාතනය වන ප්‍රවණතාවය ඇතිවන්නේ කුමක්‌ නිසාද? විශේෂයෙන්ම ගැටළුව හුදෙක්‌ම මව හා පියා අතර නම් දරුවන් ඝාතනය කරනුයේ කුමක්‌ නිසාද ?

ආසන්නතම හේතුව ලෙස පවුල් ඒකකය බිඳී යාමට්‌ යන කාරණය ඒ සම්බන්ධ නිසිදු සාධාරණ පැහැදිලි කිරීමක්‌ නොකරයි. එම නිසා එම සිද්ධීන්හි වස්‌තු බීජයන් අදාළ පසුබිමේ ආර්ථික සාමාජීය තත්වයන්, පැවති ගැටළු හා ඒවා නිරාකරණය වූ ක්‍රමවේදය මගින් අවදානම් තත්ව විශ්ලේෂණය හා පෙර පිළියම් මගින් එවැනි අපරාධ වලක්‌වා ගැනීම වඩාත් කාලීන අවශ්‍යතාවයක්‌ වනු ඇත.

පියවරුන් තම දරුවන්ගේ ඝාතකයින් වීමේ හේතු සම්බන්ධයෙන් forensic outreach නම් වෙබ් අඩවිය තුල පළ කරන ලද ලිපියක පෙන්වා දෙන්නේ විවිධ බාහිර සහ අභ්‍යන්තරික සාධක ඉතා සංකීර්ණ ආකාරයට ඒ සඳහ බලපවත්වන බවකි.

ප්‍රධාන වශයෙන්ම තම ජීවිකාව, ආර්ථික තත්වය මත පීඩාවට පත් වූ අවස්‌ථාවල කිසියම් විසඳුමකට පැමිණිය නොහැකි තත්වයකට පත් වූ විට. රෝගී තත්වයන්ට පත් වූ විට එම වේදනාවෙන් තම දරුවන් මුදවා ගැනීමේ අරමුණෙන්ද පවුල් ආරවුල් ඇති වූ අවස්‌ථා වල වෛරය පිරිමැසීමේ අත්යන්ත ක්‍රමවේදයක්‌ ලෙසද දීර්ඝ කාලීන ලෙස ගෘහස්‌ත හිංසනය උපරිමයට ලඟා වූ අවස්‌ථාවක, බාහිර හේතු මත මානසික ප්‍රකම්පනයට පත් වීම හෝ මානසික රෝග එම ඝාතනයන්ට හේතු විය හැකි බවයි.

දුෂ්කර අවස්‌ථාවලදී එයට සාර්ථකව මුහුණ දීමට අපහසු වූ විට පවුලේ වගකීම හා තීරණ ගැනීමේ පරම අයිතිය තමා සතු බව සිතීමේ වරද මෙම පියවරුන් විසින් සිදු කර තිබුණි. එමෙන්ම තමා පිළිබඳව ඇතිකරගත් පිළිකුල (Self Heart) ඔහුගේම අනුරූප වූ දරුවන් මත පතිත කිරීමද පර්යේෂකයින්ගේ නිරීක්‌ෂණය වී තිබුණි.

අපරාධ පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ Dr Elizabeth Yardley (BST -22 May -2013) 1980 සිට දීර්ඝ කාලයක්‌ මුළුල්ලේ සිදු කරන ලද සම සිද්ධීන් විශ්ලේෂණයක්‌ ඇසුරෙන් පෙන්වා දෙන්නේ දෙමවිපියන් (මව හෝ පියා) විසින් දරුවන් ඝාතනය වීමේ ප්‍රවනතාවය (filicide) ඉහළ යමින් පවතින බවයි.

ඇය පෙන්වා දෙන පරිදි

1. ඝාතනය වන සෑම දරුවන් 10 දෙනෙකුගෙන් 07 දෙනෙකුම අසාර්ථක පවුල් සංස්‌ථාවෙන් වෙන්ව යාමේදී සිදු වූ ඒවා වීමයි.

2. මව්වරුන්ද ඝාතකයන් වීමේ ප්‍රවනතාවයක්‌ ඇති නමුදු මව්පියන්ගෙන් ඝාතනය වන දරුවන්ගෙන් 59-71% ක ප්‍රතිශතයක්‌ පියවරුන් විසින් සිදු කරනු ලැබ ඇත.

3. විවිධ සමාජ, ආර්ථික තත්වයන් එම පියවරුන් නියෝජනය කර තිබූ නමුදු එක්‌ පොදු ප්‍රවනතාවයක්‌ දක්‌නට ලැබී ඇත. එනම් ඒ පියවරුන් පවුල තුළ පවත්වාගෙන ගිය යම් ස්‌වාධිපත්‍යයත් තම අභිමතය අභියෝගයකට ලක්‌ වී තිබීම යන ගැටළුවයි. පවුල් සංස්‌ථාව බිඳී යාම තුළ තමා අසම්පූර්ණ පුරුෂයෙකු වීම යන සමාජ නිරීක්‌ෂණයන් පදනම්කරගත් පීඩාකාරී හැඟීමයි.

එම අපේක්‌ෂා භංගත්වය තුල අභියෝගයට ලක්‌ වූ ස්‌වාධිපත්‍ය නැවත වක්‍රාකාරව හෝ ලබා ගැනීමේ ක්‍රමවේදයක්‌ ලෙස ඔවුන් දරුවන් ඝාතනය කර තිබිණි. දරුවන්ට රිදවීම ඔවුන්ගේ මුඛ්‍ය අරමුණ නොවූ අතර, ඔවුනගේ අරමුණ වී තිබුණේ ඇයට හිමි වටිනාම දේ අහිමි කිරීම තුලින් උපරිම වේදනාව උරුම කර දීමේ වෛරී ෙච්තනාවයි.එවැනි ඝාතනයන් කිරීමෙන් පසු ඔවුන් බොහෝවිට එම වරද ඇය නිසා තමාට කිරීමට සිදු වූ දෙයක්‌ බවට ප්‍රකාශ කිරීම මගින් එය පැහැදිලි වේ.

4. ඇය පෙන්වා දෙන්නේ ඉහත මානසිකත්වයට අනුගත පුරුෂයින් නිහඬ ඝාතකයින්ට්‌ ලෙස ඉතා නිහඬව දින, මාස ගණනින් එම ඝාතන තැත සැලසුම් කරන බවයි.

මෑතක අපරට තුල සිදු වූ සම සිද්ධීන් බොහෝ විට බිඳුනු පවුල් පසුබිම් ඇසුරෙන් හටගෙන තිබූ අතර, බොහෝ විට පියා විසින් බිරිඳ මෙන්ම දරුවන්ද තම අභිමතය පරිදි පාලනයකට හා බලයකට යටත්වද ඇතැම් විට හිංසාකාරී ක්‍රමවේදයන් තුල පවුල පවත්වාගෙන ගොස්‌ තිබීම නිරීක්‌ෂණය වූ විශේෂ කරුණකි.

Brown (2006) පෙන්වා දෙන පරිදි තම සහකාරිය හිංසනයට ලක්‌ කිරීම හා ඔහු අතින් තම දරුවන් හිංසනයට ලක්‌වීම අතිපිහිත වන බවයි.

සෘජු ලෙසම හිංසනයට ලක්‌වීමට අමතරව හිංසාකාරී පවුල් පසුබිමක ගොඩ නැගෙන දරුවන් විවිධාකාර ගැටළු රැසකට පාත්‍ර වන බව සොයා ගෙන ඇත.

අඩු කායික හා මානසික වර්ධනය, දීර්ඝ කාලීන රෝග වලට ගොදුරු වීම, අඩු අධ්‍යාපනික ප්‍රවර්ධනය, දුර්වල පෞර්ෂයන් ගොඩනැගීම, අනෙකුත් අය සමඟ සහ සම්බන්ධතා ඇති කර ගැනීමේදී දුර්වල බවක්‌ පෙන්නුම් කිරීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම හා ඔවුන්ගේ මූලික අවශ්‍යතා දෙමව්පියන් අතින් මඟ හැරී යාම නිසා ඇතිවන අපහසුතා වලට අමතරව දීර්ඝකාලීනව හිංසාකාරී ක්‍රමවේදයන් මගින් ගැටළු නිරාකරණය කිරීමට පෙළඹීම පෙන්වා දිය හැක. එවැනි අවදානම් තත්ව තුල ජීවත් වන දරුවන් සහ පවුල් සමාජය තුල හුදකලා නොකල යුතු අතර ඔවුන් හඳුනාගෙන ඔවුන් පිළිබඳ විශේෂ අවධානයකින් හා සැලකීමකින් කටයුතු කිරීම සමාජයේ මෙන්ම රජයේද වගකීම වන්නේය.

එමෙන්ම බිඳී ගිය පවුල තුල දරුවන්ට රැකවරණය සැපයීමේදී දරුවන්ගේ අභිමතයට/අවශ්‍යතාවයට/ආරක්‌ෂාවට සංවේදී වූ තීරණ ලබා දීමට ක්‍රියාත්මක කිරීම නෛතික හා ආයතනික පරිසරයක්‌ ගොඩ නැගීම ඉතා වැදගත් වන්නේ බොහෝ විට මියගිය දරුවන් ඝාතනය වී තිබුණේ කෙටි කලකට ඝාතකයා අතරට දරුවන් පත් කල අවස්‌ථාවේදීය.

පවුල් සංස්‌ථාව තුල මවකගේ බලාත්මක බව දරුවන්ගේ ආරක්‌ෂාව පිණිස වනු අතර, ආර්ථිකව හා දේශපාලනික කාන්තාව බල ගැන්වීමටත් වඩා පවුල් සංස්‌ථාව තුල කාන්තාව බලගැන්වීම යුගයේ අවශ්‍යතාවයකි.

විවාහයේ පදනම අධ්‍යාත්මික බැඳීම හා නෛතික ගිවිසුමයි. අධ්‍යාත්මය පෝෂණය වන ආකාරය මත බැඳීම් තරවීම් හෝ ලිහිල් වීම සිදු වනු ඇත. ඒ අනුව නෛතික ගිවිසුමේ පැවැත්ම තීරණය වනු ඇත. සරලවම, එක්‌වීම මෙන්ම වෙන්වීමද සදාතනික සත්‍යයකි. නමුදු අවධාරණය විය යුතු කරුණ වනුයේ නම් දරුවන් යනු මව්පිය දෙදෙනාගේම වගකීම මිස අයිතිය නොවන බවයි.ඒ අනුව ඉතා අපහසු අවස්‌ථාවල වුවද ආදරය රැකවරණය ලබා දීම හා මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලීම දරුවන්ගේ යහපත සතුට උදෙසාම තීරණ ගැනීමේ සංයමය දෙමවිපියන් සතු විය යුතු බවයි.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »