කෘත්‍රිම මස් මාළු වෙළෙඳපොළ ජයගන්නා හැඩ

2017-07-25 10:28:00       818
feature-top
මුහුදු පැළෑටි නිෂ්පාදනය 2012 වසරේ දී මෙට්‍රික් ‍ටොන් දසලක්ෂ 3 ක්ව පැවති බව ලෝක බැංකු වාර්තාවක සඳහන්ය. 2050 වන එම කර්මාන්තය මෙට්‍රික් ටොන් දසලක්ෂ 500 දක්වා වර්ධනය වන බවට ලෝක බැංකු වාර්තාවක් අනාවැකි පළකරයි. එසේ වන්නේ මේ නිෂ්පාදනය සියයට 14ක වර්ධනයක් පෙන්නුම් කළහොත්ය. එහෙත් ඊට වඩා වේගයෙන් නිෂ්පාදනය වැඩිවේ.

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ 40 වන සමුළුව දැන් රෝමයේ පැවැත්වේ. ආහාර සුරක්ෂිත භාවය සහ අනාගත ලෝකයට අවශ්‍ය ආහාර නිපදවීම සහ ඒ ආශ්‍රිත ගැටලු වලට විසඳුම් සපයා ගැනීමත්, ආහාර නිෂ්පාදන කර්මාන්තයේ අනාගතය පිළිබඳ අවධානය යොමු කිරීමත් ‍ලෝක ආහාර සංවිධානයේ විෂය පථයට අයත් ය.

අද වනවිට ලෝක ජනගහනය බිලියන 7ක් වුවත්, 2050 වනවිට එම ජනගහනය බිලියන 9 දක්වා වැඩිවන බවට ගණන් බලා තිබේ. දකුණු ආසියාව සහ උප සහරා කලාපයන්හි ශීඝ්‍ර ලෙස ජනගහනය වර්ධනය වන අතර මේ ප්‍රදේශ දැනටමත් ආහාර අර්බුදයට මුහුණ දෙමින් සිටී.

දැනට පවතින නිෂ්පාදනය සියයට 50 මට්ටමට ගෙන ඒමට බො‍හෝ රටවල් සැලැසුම් කර ඇත. විද්‍යාත්මක පර්යේෂණ මඟින් ආහාර වර්ග නිෂ්පාදනය කිරීම ආහාර කර්මාන්තයේ නියුතු වූවනගේ උත්සාහයයි.

ලෝක ධාන්‍ය නිෂ්පාදනයෙන් සියයට 30 පමණ සත්ත්ව ආහාර සඳහා යොදා ගැනීම නිසා ධාන්‍ය නිෂ්පාදනය සහ මස් කර්මාන්තය අතරත් බිත්තර නිෂ්පාදනය අතරත් ඍජු සබඳතාවක් පවතී. මේ නිසා කෘත්‍රිම මස් වර්ග නිපදවා ගැනීමටත් මහ මුහුදේ ගොනුව ඇති මුහුද පැළැටි හා සත්ත්ව විශේෂ ආහාර බවට පත්කිරීමට උත්සාහ දැරීමත් අද පර්යේෂණ ක්ෂේත්‍රයක් බවට පත්ව තිබේ.

ගාඩියන් මාධ්‍ය ජාලය ආහාර පාන යන මාතෘකාව යටතේ අනාගත ආහාර නිෂ්පාදන කර්මාන්ත මැයෙන් ලිපි පෙළක් පළ කළාය. එම ලිපි පෙළින් අවධානයට ලක් කරන ලද කරුණක් නම් විද්‍යාගාරයන්හි පර්යේෂණ මට්ටමින් පවත්නා විවිධ ආහාර පාන නිෂ්පාදකයෝය.

ජෙලි ෆිස් සැලඩ්, ඇල්ගී ආහාර, කෘත්‍රිම හරක් මස් යනාදිය නිපදවා වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීම අනාගත ආහාර රටාවේ එක් පැතිකඩක් වනු ඇත. දැනටම එවැනි සාර්ථක නිෂ්පාදන රාශියකට අවශ්‍ය නීතිමය අවසරය හිමිව තිබේ.

මුහුදු ආහාර ලෙසින් ජනප්‍රිය ආහාර නිෂ්පාදන කර්මාන්තය චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, කොරියාව සහ ජපානයේ ඉතා ප්‍රචලිතව පවතී. ශ්‍රී ලංකාව ද ක්‍රමයෙන් මුහුදු ආහාර අපනයනයට පරිවර්තනය වෙමින් සිටින රටකි. මන්නාරමේ වර්ග කිලෝමීටර් 1400 ක් විශාල මුහුදු ප්‍රදේශයක් මේ සඳහා වන ශක්‍යතා සඳහා උපයෝගි කර ගැනීමට ශ්‍රී ලංකාව අදහස් කරන අතර යුරෝපා සංගමයේ රටවලින් අනාගතයේ ඇතිවන මුහුදු ආහාර ඉල්ලුමට සූදානම්වීමට ද කාලය එළඹ තිබේ.

පර්යේෂණ මට්ටම ඔබ්බට ගොස් නිෂ්පාදන මට්ටමට පැමිණ ඇති SEE WEED නිෂ්පාදනය 2012 වසරේ දී මෙට්‍රික් ‍ටොන් දසලක්ෂ 3 ක්ව පැවති බව ලෝක බැංකු වාර්තාවක සඳහන්ය. 2050 වන එම කර්මාන්තය මෙට්‍රික් ටොන් දසලක්ෂ 500 දක්වා වර්ධනය වන බවට ලෝක බැංකු වාර්තාවක් අනාවැකි පළකරයි. එසේ වන්නේ මේ නිෂ්පාදනය සියයට 14ක වර්ධනයක් පෙන්නුම් කළහොත්ය. එහෙත් ඊට වඩා වේගයෙන් නිෂ්පාදනය වැඩිවේ.

මෙ. ටොන් දසලක්ෂ 500 සීමාව කර SEEWEED නිෂ්පාදනය ළඟා වුවහොත් එය ලෝක ආහාර නිෂ්පාදනය සියයට 10 කින් වැඩි කිරීමකි. එසේම රැකියා ප්‍රශ්නය විසඳීමට ද රුකුලකි. තමතමන්ගේ පෞද්ගලික විද්‍යාගාර ප්‍රයෝජනයට ගනිමින් විවිධ මුහුදු ආහාර සහ පැළෑටි නිපදවා අලෙවි කිරීම ඇමෙරිකාව සහ ජර්මනිය තුළ දැන් ජනප්‍රිය ගෘහාශ්‍රිත කර්මාන්තයකි.

කෘත්‍රිමව හරක් මස් නිෂ්පාදනය පිළිබඳව කෘත්‍රිම ආහාර නිෂ්පාදකයන්ගේ අවධානය යොමු වූයේ 2010 දී පමණය. නෙදර්ලන්තයේ MAASTRCHT විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයකු වූ මාක් පොස්ට් පටක බද්ධ තාක්ෂණය උපයෝගි කරගනිමින් රසායනාගාරයක් තුළ කෘත්‍රිම ව මස් නිෂ්පාදන කීපයක් ඉදිරිපත් කළේය. 2013 අගෝස්තුවේ මේ සොයා ගැනීම නිල වශයෙන් ඉදිරිපත් කර ලොව හමුවේ තැබිණි. ගුගල් මාධ්‍ය ජාලයේ සම නිර්මාතෘවරයෙකුව සිටි සර්ජි බ්‍රින් කෘත්‍රිම මස් නිෂ්පාදනය සඳහා දායකත්වය සැපයීමට ඉදිරිපත් විය. රසායනාගාරයක කෘත්‍රිම මස් නිෂ්පාදනය කිරීම සාර්ථක වූ අතර එම මස් වර්ණ ගැන්වීම සඳහා බීට්රූට් සාරය උපයෝගී කරගන්නා ලදී.

කෘත්‍රිම හරක් මස්, ඌරු මස් සහ කුකල් මස් නිෂ්පාදනය දක්වා අද වනවිට එම ක්ෂේත්‍රය පුළුල්ව තිබේ. මේ විෂය සෙලියුලර් ඇග්රිකල්චර් නමින් හැඳින්වෙන අතර ජීවමාන සතෙකුගෙන් ලබා ගත් පටක විද්‍යාගාරයක් තුළ වැඩෙන්නට සැලැස්වීම මඟින් මස් නිෂ්පාදනය කෙරේ.

ඊශ්‍රායලය සිය රසායනාගරයක් තුළ කුකුල් මස් නිෂ්පාදනය කෙළේය. මේ සඳහා ඉදිරිපත් වූයේ සුපර් මීට් නම් ආයතනයයි. මේ වසරේ මාර්තුවේ ඔවුහු සිය නිෂ්පාදන හෙළිදරව් කළහ.

මේ කෘත්‍රිම මස් නිෂ්පාදනය වියදම් අධික කටයුත්තක් ලෙස මුලින්ම පෙනී ගියත් දැන් දැන් වාර්තාවන්නේ එක් ඌරුමස් පටකයක් ‍ෙටාන් 50,000 ක නිෂ්පාදනයක් දක්වා පුළුල් කළ හැකි බවයි.

රසය සහ ස්වභාවය අතින් ස්වභාවික මස් හා සම වුවද මේ මස් වෙළෙඳ ‍පොළ තුළ ගබඩා කිරීමේ දී ප්‍රශ්න කීපයක් ඇති කරයි. සීත ගබඩාවක තැබීමේ දී ද මේ මස් නොකඩවා වර්ධනය වීමේ අවදානමක් පෙන්නුම් කර ඇත. ඒ සඳහා විවිධ රසායන ගැල්විය යුතුවේ. මෙබඳු මස් සඳහා වෙළෙඳ පොළ හා පාරිභෝගිකයා තුළ කවර ප්‍රතිචාරයක් ඇතිවිය හැකිද යන සැකයක් ද නිෂ්පාදකයන් තුළ පවතී.

තවත් ප්‍රශ්නයක් නම් මේ මස්වල අඩංගු පෝෂණ ශක්තියයි. ඒ සඳහා ඔමේගා 3 රසායනය (මෙය කුඩා මසුන් තුළ බහුලව ඇත) කෘත්‍රිම මස්වලට ඇතුල් කළ යුතු යැයි පෝෂණවේදියෝ තර්ක කරති.

කෘත්‍රිම මස් සඳහා අධික මිලක් ගෙවීමට සිදුවීම ද ප්‍රශ්නයකි. ස්වභාවික මස් මෙන් දෙගුණයක මිලක් මේ මස් සඳහා ගෙවීමට සිදුවෙතැයි දැනට කරන ලද පර්යේෂණ අනුව පෙනී ගොස් තිබේ. ආරම්භක අවස්ථාවේ දී මස් ග්‍රැම් 250ක් නිපදවීම සඳහා රන්පවුම් 2,50,000 ක් වැය වූ බව ගාඩියන් මාධ්‍ය පවසයි.

රසායනාගාරයන් හි නිෂ්පාදිත ඇල්ගී භාවිතා කර නිපද වූ අයිස්ක්‍රීම් කැලිපොර්නියාව පුරා ප්‍රචලිත වීම ඇරඹුණේ 2015 දීය.

නිව් වේව් ෆුඩ්ස් නම් සමාගමය 2015 නොවැම්බරයේ මේ නිෂ්පාදනය වෙළෙඳපොළට ඉදිරිපත් කෙළේය.

මොර වරල් සුප් යනුවෙන් හැඳින්වෙන සුප් වර්ගය ඇමෙරිකාවේ ජනපද 10ක දැනට තහනම් කර තිබේ. මේ සුප් වර්ගය තැනීම සඳහා මෝර වරල් උපයෝගි කර ගැනේ. මේ නිසා අකාලයේ මිය යන මසුන් බේරා ගැනීම අරමුණු කරගත් සත්ත්ව‍වේදින් කණ්ඩායමක් කෘත්‍රිම සුප් පානයක් නිර්මාණය කිරීමේ පර්යේෂණ‍යක් ආරම්භ කර තිබේ.

ඒ සඳහා කෘත්‍රිම මෝර වරල් නිපදවීමේ පර්යේෂණ දැන් ප්‍රථම අවස්ථාවේ පවතී.

සැන් ප්‍රැන්සිස්කෝහි සමාගමක් කෘත්‍රිම ඇල්ගී ප්‍රොටීන් කුඩක් නිෂ්පාදනය කර තිබේ. එසේ ම බටර් හා ඔලිව් තෙල් වෙනුවට විකල්ප වශයෙන් භාවිතා කළ හැකි ඇල්ගී තෙලක් ද නිෂ්පාදනය කර වෙළෙඳ පොළට හඳුන්වා දී ඇතැයි සැන් ප්‍රැන්සිස්කෝ ක්‍රොනිකල් සඟරාව සඳහන් කර තිබේ.

ඉදිරි කාලයේ විවිධ ඇටවර්ග වැඩිවැඩියෙන් ආහාරයට ගැනීමට ජනයා පුරුදු වන නිසා ඇට වර්ග නිෂ්පාදනය වැඩි කළ යුතු බවට පෝෂණ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.

සෝයා, රටකජු ආදියේ තෙල් වෙනුවට වෙනත් තෙල් වර්ග ඉදිරියේ දී වෙළෙඳ පොළට පිවිසෙන බවත් ආහාරයට ගත හැකි ලෙස කෘමින් භාවිතාව වැඩිවන බවත්, එය විශාල ව්‍යාපාරයක් බවට පත්වන බවත්, පවසන ලෝක ආහාර සංවිධානය කෘමින් 1000 ක් පමණ දැනටම ආහාර ලෙස වර්ග කර ඇති බවත් කියයි.

දැනට ම තක්කාලි ඉස්ම හෝ රටකජු බටර් මිශ්‍රිතව කුඩා කෘමින් සහිත ක්ෂණික ආහාර ටින් වෙළෙඳ පොළේ ඇතැයි ද ක්‍රමයෙන් ජනතාව මේ ආහාරයනට පුරුදුවන නිසා ඒවායේ වෙළෙඳපොළ පුළුල් වන්නේ යැයිද ආහාර හිඟයට කෘමි ආහාර නම් වාර්තාවේ සඳහන් කර ඇත.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »