රැකියාවක් කරන කාන්තාවන්ට උපදෙස් – 1 කොටස

2017-07-20 10:42:00       817
feature-top
20) හැකි සෑම විටම අතිරේක රැකියා සැලසුමක් තබා ගන්න.
21) ඔබේ අතිරේක සැලසුම සඳහා ද තවත් අතිරේක සැලසුමක් තබා ගන්න

පළමු සැලසුම අසාර්ථක වුවහොත් ඔබට දෙවන සැලසුම ක්‍රියාත්මක කළ හැක.

22) නිතර සැලසුම්සහගතව කටයුතු කරන්න.

සිදුවිය හැකි ඕනෑම දෙයකට සුදානම් වන්න.
23) කාන්තාවක් නිසා ඔබ රාජකාරීමය වශයෙන් පහල මට්ටමක සිටින්නේ යැයි කිසිදා නොසිතන්න.

තවමත් කළමනාකරණ හා නායකත්ව තනතුරු වල කාන්තාවන් තරමක්පසුගාමීව සිටින බව සැබෑවකි. එහෙත් ඔබ එයබාධාවක් නොව අවස්ථාවක් කරගෙන ඉදිරියට යන්න.
24) ඇතැම්විට ඔබට සාර්ථකවීම සඳහා පිරිමියෙකුට වඩා වැඩියෙන් වැඩ කළ යුතු යයි ඔබට දැනේවි.

එහෙත් එයින් පසුබෑමට ලක් නොවන්න. එයින් ධෛර්යයමත් වී තවත් සාර්ථකව වැඩකරන්න.
25) ඇතැම්විට ඔබට ඔබේ රැකියාවේ ඔබ බලාපොරොත්තුවන කාර්යය කිරීමට ඉඩ නොලැබිය හැකියි.

එහෙත් එයින් අධෛර්යයමත් නොවන්න. රැකියා වෙනසින් ඔබට බොහෝ දේ ඉගෙන ගත හැක. ඔබට පැවරෙන රාජකාරිය නිවැරදිව වගකීමෙන් ඉටු කරන්න.
26) ඔබගේ පෙර සේවාදායකයන් සමග ද යහපත් සබඳතා පවත්වා ගන්න.

ඔබට අවශ්‍ය විට ඒවායෙහි දොරවල් ද ඔබට විවෘතව තබා ගන්න.
27) ඔබගේ යහපත් හා ධනාත්මක හැසිරීම් ඉස්මතු කරන්න.

අතට අත දීම, ඇස් මගින් සම්බන්ධතාවය පවත්වා ගැනීම මගින් ඒවා ඉස්මතු කරන්න.
28) ඔබගේ අදහස් ඉහල නිලධාරීන්ට ඉදිරිපත් කිරීමට බිය නොවන්න.

එයින් ඔබ යමක් ලබා ගන්නට හෝ යමක් නැති කරගන්නට පිළිවන. එහෙත් ඔබ ඔබේ අදහස් නොපවසා සිටියහොත් ඔබට කිසිවක්ම හිමි නොවේවි.
29) සැම විටම සන්සුන්ව සිටින්න.

ඔබට අවශ්‍ය දේ ඔබට ලබා ගත නොහැකි වන විට ඔබ නොසන්සුන් වීම සාමාන්‍ය දෙයකි. එහෙත් නිවැරදි කාලයට සෑම හොඳ දෙයක්ම ලැබේවි. එතෙක් ඔබගේ ධනාත්මක බව වර්ධනය කර ගනිමින් ඔබගේ කාර්යයේ යෙදෙන්න.
30) නිතරම ඔබගේ අරමුණේ සිටින්න.

ශක්තිමත්ව ඔබගේ සිහිනය සැබෑ කර ගැනීමට උත්සහ දරන්න එවිට ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලබා ගත හැකි වේවි.



Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks

More News »