තව අවුරුදු 1000කින් මිනිසාගේ හැඩරුව වෙනස් වෙයි

රතු පැහැති ඇස්ද අඳුරු සමක්ද සහිතව

2015-12-15 09:36:00       828
feature-top
අප පෘථිවිය හැරෙන්නට වෙනත් ලෝකයන්හි ජීවය පැවැතිය හැකි බවට නොයෙකුත් පරීක්ෂණ මේ වනවිට ලෝකයේ නන් දෙසින් සිදු කෙරෙනවා පමණක් නොව ඒවායේ සිටිය හැකි ජීවීන් පිළිබඳ නොයෙකුත් උපකල්පන අප කොතෙකුත් දැක තිබේ. නමුත් ලෝක විනාශය පිළිබඳ විවිධ මතවාද හාත්පසින් ඇසෙන්නා වූ මෙවන් මොහොතක තව අවුරුදු 1000කින් මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන්ගේ ස්වභාවය කෙසේ වේදැයි කළ උපකල්පන විරලය. බෞද්ධ පත‍පොතෙහිද අනාගත මනුෂ්‍ය ස්වභාවය ගැන යම් කරුණු සටහන්ව ඇත. තවත් අවුරුදු 1000කින් මනුෂ්‍ය ස්වභාවය කෙසේ විය හැකි දැයි නවීනතම උපකල්පන අඩංගු වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධව ඇත.
මෙම වීඩියෝවට අනුව මානවයන් තවත් අවුරුදු දහසකින් වෙනස් ස්වරූපයක් ගනු ඇති බවට පෙරයීම් සිදු කර ඇත. දේශගුණික විපර්යාස, කෘත්‍රිම බුද්ධිය හා ජාන විකෘති වැනි සිදුවීම් අනාගත මානවයා වර්තමාන මානවයාගේ ස්වරූපයෙන් වෙනස් කරනු ඇති බව මෙහි නිර්මාපකයන්ගේ මතයයි. අනාගතයේ ඉහත කී සිදුවීම්වල ප්‍රතිඵල වශයෙන් එනම් ජාන විකෘතිවල ප්‍රතිඵල වශයෙන් රතු පැහැති ඇස්ද දේශගුණික වෙනස්වීම් නිසා වඩාත් අඳුරු පැහැති සමක්ද මිනිසාට හිමිවනු ඇත.
ඒඵචන ඉජඪඥදජඥඵ නම් වබේ අඩවියක් විසින් නිර්මාණය කළ මෙම වීඩියෝව කධභ ඊභඡඥ හරහා නැරඹිය හැකි අතර මෙම සටහන ලියන මොහොත වනවිට 3,043,835ක නැරඹුම් සංඛ්‍යාවක් හිමිකර ගන්නට සමත්ව තිබිණි. මෙම වීඩියෝව මගින් අනාගත මිනිසා අර්ධ යන්ත්‍රයක්ද, අර්ධ මනුෂ්‍ය ස්වභාවයකින්ද උපකල්පනය කොට ඇත. අනාගතයේ ඉතා කුඩා රොබෝවන් නැතහොත් නැනෝ රොබෝවන් එකවරම අපගේ සිරුර තුළට ඇතුල් වී අපගේ හැකියාවන් ඉහළ දමනු ඇත යනුවෙන් එම වීඩියෝවෙහි සඳහන්ව ඇත. එය තවදුරටත් සඳහන් කරන්නේ අනාගත මනුෂ්‍ය සිරුරු ස්වාභාවික භෞතවේදයට අනුව ක්‍රියා කරනු වෙනුවට ශරීරිය තුළ යාන්ත්‍රික හා ස්වාභාවික ක්‍රියාවලිවල සම්මිශ්‍රණයක් ලෙස ක්‍රියා කරනු ඇති බවයි. තවද අනාගත මිනිසුන් දැනට වඩා බුද්ධිමත්, උසෙන් වැඩි කෙට්ටු ශරීර සහිත වනු ඇති බවත් ඔවුහු පවසති.
නමුත් මේ සියල්ලම සිදුවන අතුරතුර අනාගත මනුෂ්‍ය ලෝකය විවිධත්වයෙන් අඩු එකක් වනු ඇති බවට මෙම වීඩියෝව සඳහන් කරයි. එහි ඇති භයානක හා අවාසි සහගත තත්ත්වය නම් නව රෝගයක් නිසාවෙන් සියලු මනුෂ්‍ය වර්ගයා වඳ වීමේ තර්ජනයකට මුහුණ පෑ හැකි වීමයි. එනම් ජීවීන්ගේ විවිධත්වය අඩුවීම හේතුකොටගෙන නව රෝගයට ප්‍රතිරෝධීත්වයක් ගොඩ නගා ගත නොහැකි වීම හේතුවෙන් සියලු මනුෂ්‍යයන් මෙම ලෝකයෙන් තුරන්ව යාමේ අවදානම අනාගතයේ ඉහළ යනු ඇත.
කාවන් නම් ආචාර්යවරයෙක් මානව සංහතිය තවත් අවුරුදු 100000කින් කෙසේ වනු ඇත්දැයි දැක්වෙන අනගි රූපරාමු පෙළක් ගොඩ නගා ඇත. එතුමාගේ විශ්වාසය වන්නේ මානව ස්වාභාවික පරිණාමය සිදුවන්නට නොදී අපගේ අවශ්‍යතාවලට අනුව එය පාලනය කිරීම මිනිසාගේ මෙම අනාගත වෙනසට හේතුව වනු ඇති බවයි. ඔහු පවසන පරිදි අනාගත මිනිසුන්ගේ මොළය වැඩි වර්ධනයක් දක්නට ලැබිය හැකි අතර එහෙයින් ඔවුන්ට පළල නළලක් හිමිවනු ඇත. ජාන තාක්ෂණයේ නවතාවන් සමග මනුෂ්‍ය මුහුණු අනාගතයේ වඩාත් ශක්තිමත් හැඟීමක් සහිත, කෙළින් නාසයක්, තියුණු ඇස් හා මුහුණේ දකුණු හා වම් ප්‍රදේශ පරිපූර්ණ සම්මිතියකින් යුක්ත වනු ඇත.
කාවන් මහතා තවදුරටත් පවසා ඇති පරිදි ඉදිරි අනාගතයේ මනුෂ්‍ය වර්ගයා වෙනත් සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයාගෙන් ඈත වෙනත් ග්‍රහලෝකවල ජීවත් වනු ඇති අතර ඔවුන් ආලෝකය අඩු පරිසරවල ජීවත් වීම නිසා විශාල මලානික පෙනුමැති ඇස්වලට හිමිකම් කියනු ඇත. ඇස්වල විකසනය මීට වඩා වෙනස් ආකාරයකටද සිදුවිය හැක. උදාහරණ ලෙස අඩු ආලෝක නිරීක්ෂණයට දිළිසීමක් සහිත ඇස් හා අන්තරීක්ෂ කිරණවලින් (Cosmic Rays) ආරක්ෂා වීමට නිමිලන පටලයක් සහිත ඇස් අනාගත මානව ප්‍රජාවට පිහිටිය හැක.
ඇතැමුන් පවසන්නේ මානවයින් ඉතා ඉක්මනින් වෙනස්වීම්වලට ලක්වන බවයි. සත්‍ය වශයෙන්ම වසර 2050 වන විට නව තාක්ෂණය, හැසිරීම් රටා හා ස්වාභාවික වරණය නිසා වෙනස්ම මාදිලියක ජීවීන් බවට පත්වනු ඇති බවට තවත් සමහරු මත පළ කරති. Global Brains ආයතනයේ පර්යේෂකයෙක් වන කාර්ඩේල් ලාස්ට්, මනුෂ්‍ය වර්ගයා මේ වන විට පරිණාමයේ සංක්‍රමණික අවස්ථාවක සිටින බව ප්‍රකාශ කරයි. තව දශක හතරකින් මිනිසුන් ඉතා දිගු ආයු කාලයක් ගත කරනු ඇති අතර වඩා පරිණත වයසකදී දරුවන් බිහි කරනු ඇත. එමෙන්ම කෘතිම බුද්ධිය භාවිතයද ඉහළ යනු ඇති බව ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය. වසර 2050දී මිනිසකුගේ ආයු කාලය අවුරුදු 120ක් පමණ විය හැකි බව ඇතැම් විද්‍යාඥයෝ මත පළ කරති.
අනාගතයේදී මිනිසුන් වඩා වැඩි වයසකදී ලිංගිකව පරිණත වනු ඇත. එමෙන්ම මොළයේ ප්‍රමාණය        සාපේක්ෂව ඉහළ යන අතර අවයවවල උපරිම ක්‍රියාකාරීත්වයට ළඟාවීමට වැඩි ශක්ති ප්‍රමාණයක් වැය වනු ඇත. එමනිසා ප්‍රජනනයෙන් නව ජනිතයන් බිහි කිරීම අනාගත මානව ප්‍රජාව තුළ අඩු වීමක් දක්නට ලැබිය හැක. ලාස්ට් මහතා පවසන්නේ මිනිස් ප්‍රජාව මේ අවස්ථාවේ ගැටලුවකට මැදිව පවතින බවයි. නමුත් මනුෂ්‍ය වර්ගයා රූපාන්තරණයකට ලක්වීම වාසි සහගත ලෙස ඔහු නිරීක්ෂණය කරයි. අධික වේගයෙන් ජීව ක්‍රියා කර මිය යනු වෙනුවට සමෛන් ක්‍රියා කර වැඩි කලක් ජීවත් වන පරිදි ඉදිරි මිනිස් සිරුරු හැඩ ගැසෙනු ඇති බව ඒ මහතාගේ විශ්වාසයයි.

More News »