නිදහස සොයාගොස් අත්තටු සිඳගත් කිරිල්ලියක්

2015-12-11 10:43:00       828
feature-top
අතරමඟ නතරවුණු කතාවක මූලාරම්භය ගත යුත්තේ කෙසේ දැයි මා සිතට යම් චකිතයක් ගෙනදුන්නා. මන්ද ඇය මට මුණගැසෙන්නේ දෙනෝ දාහක් සෙනඟ ගැවසෙන කොළඹ පිටකොටුවේදී.

 කොළඹ කියන්නේ පෙනෙන තරම්ම නරකාදියක් නෙමෙයි. ඒත් මේ ජීවිතවලට එබිලා බැලූවොත් ඔබ මා නොහිතන කොතරම් නම් දේවල් මේ තුළ තිබෙනවද? ඒ ජීවිතේ මාරයි, රහයි, දුකයි, කටුකයි. ඒත් රුපියල් නම් සැපයි කියන ජීවිත අතර කාංචනා කියන්නෙත් ජීවිතේ නිදහස සොයාගෙන ඇවිල්ලා ජීවිතේ අන්ත අසරණ වුණ දැරියක්. ඇය මට මුණ ගැහෙන්නේ මීට සති කිහිපයකට ඉහතදි. ඇගේ ලස්සන හැඩරුව, විලාසිතා මවන ඇගේ ඇඳුම් දෙවරක් හැරී බලන්නට තරම් අපූරු සුන්දරත්වයක් ඇය වෙතින් දිස් වුණා. ඒත් ඇගෙන් දිස් වුණ සුන්දරත්වය තරමටම ඇගේ ජීවිතේ සුන්දරව ලියවිලා තිබුණේ නැහැ.

3
ඇගේ කථාව ඔබට කියන්න හිතුවෙ, තරුණ වයසට මුරණ්ඩු, ඔයාගේ මුරණ්ඩු ගති සමහර වෙලාවට ඔයා ජීවිතේ ළංකරගන්න සමහර දේවල් ඈත් වුණාම අයාලේ යන හිතත් එක්ක මුරණ්ඩු වෙන ඔයාගේ මනස මේ දේවල් එක්ක ජීවිතේ තනියම සොයාගෙන යන්න උත්සාහ කරනවා. ඒත් ඒ මාවතේ භයානකකම ඔයාට දැනෙන්නේ නැහැ. ඒ ජීවිතේ ඔයාට තේරුම් ගන්න තරම් සමාජ දැනුමක් නැති නිසා.


ඔයා දන්නවද ගැහැනු ළමයෙක් කියන්නේ හරියට එක්තරා විදිහක අවාසනාවන්ත චරිතයක්. ඇයි? මම එහෙම කියන්නේ.


බලන්න ගැහැනියක් කොයිතරම් දුක් වේදනාවන් විඳිනවද? කොයි තරම් අපහාස විඳිනවද? කොයි තරම් ජීවිතේ වරද්දගන්නවද, වැරදෙනවද? කොතැනද? කාගෙද වරද කියන්න කවුරුත් දන්නේ නැහැ. සමාජයේ සෑම පැතිකඩකින්ම විඳවන එකම චරිතය ගැහැනියයි. සෑම ගැහැනියක්ම ජීවිතේ එක් පැත්තකින් අසරණයි. ඒ අසරණකම බිල්ලට ගන්න තිරිසනුන් ඉන්න සමාජයක ඔයාට වරදින තැන් වැඩියි. හිතන්න එක පාරක් නෙමෙයි සිය දහස් වතාවක්.


කාංචනා කියන්නේ මිල මුදල් යහමින් තිබෙන බොහොම සැපපහසු ජීවිතයක් ගතකරපු දියණියක්. කුඩා කාලයේ සිටම ඇය බලාපොරොත්තු වූ සියල්ල ඇයට මාපියන් ලබා දුන්නේ පවුලට එකතු වුණ එකම ගැහැනු දරුවා නිසා. වැඩිමහල් පුතුන් දෙදෙනෙකුගෙන් යුතු මෙම මේඝාගෙත් බන්දුගෙත් ඊළඟ බලාපොරොත්තුව වුණේ දියණියකගේ උපතක්. ඒ හීන, බලාපොරොත්තු සඵල කරමින් කාංචනා ඉපදෙන්නේ සියලූම සැපසම්පත් උරුම කරගෙනයි.
ඒත්.... කොයිතරම් සැප සම්පත් තිබුණත්, කොයිතරම් මාපියන්ගේ ආදරය ලැබුණත් තරුණ වයසට හැඟීම් එක්ක සොයන ජීවිතේ කාංචනාගේ දෛවය ඛේදනීය විදිහට ලියවෙන්නේ කෙසේද යන්න ඔබවත් මම විතර දන්නේ නැහැ. ඇයට වැරදුණු තැනට වඩා ඇයි මෙහෙම වුණේ කියන දේ ඔබට සටහන් කරන්න හිතුවා.


මගේ කථාව මිස්ට කොයි තරම් දුරට ගැළපේවිද කියන්න මම දන්නේ නැහැ. මම ජීවිතේ ගොඩක් රිදවා ගත්ත තැන් තියෙනවා. ඒ රිදුණ තැන් නිසා මම තවමත් විඳවනවා.


මගේ අම්මයි තාත්තයි ව්‍යාපාරිකයෝ. මෙහෙමයි කියලා කියන්න තරම් කිසිම අඩුපාඩුවක් මට තිබුණේ නැහැ. මම පුංචි කාලේ ඉඳලම ගොඩක් සැප වින්දා. සැපේ උපරිමය වින්දා. අයියලා දෙන්නට වඩා අම්ම තාත්තා ආදරේ වුණේ මට. මේ නිසා ඉල්ලන හැම දේම වගේ මට දුන්නා. අපේ ගෙදර අපි හැමෝම හරි සමඟියෙන් ජීවත් වුණා. ඔය අතරතුරෙදි මගේ වැඩිමහල් අයියාට අ.පො.ස උසස් පෙළ සඳහා කොළඹ උසස් පාසලකට යන්න අවස්ථාව ලැබුණා. ගෙදර ඉතිරි වුණේ පොඩි අයියයි මමයි විතරයි. ඇත්තම කථාව අම්මටයි, තාත්තටයි අපි ගැන සොයන්න බලන්න ලොකු වෙලාවක් තිබුණේ නැහැ. අම්මයි තාත්තයි උදේට ගෙදරින් පිටත් වුනහම නැවත ගෙදර ආවේ ? වෙලා. අපි හැදුණේ වැඩුණේ ගෙදර වැඩට හිටපු නැන්දා ළඟ. ඒ කොහොම වුණත් අම්මයි තාත්තයි අපි ඉල්ලන හැම දේම දුන්නා. මිල මුදල් කිසිම දේකින් අඩුවක් කළේ නැහැ. ඒත් මගේ පොඩි අයියා ගෙදර නිදහස උපරිමයෙන්ම භුක්ති වින්දා. ඉල්ලන හැම වෙලාවකම තාත්තා මුදල් දුන්නා. නිදහස දුන්නා. මගේ පොඩි අයියා අන්තිමට කුඩුකාරයෙක් වුණා. අවසානයේ පාසලෙනුත් පොඩි අයියව අස් කළා. පස්සේ අම්මලා අයියව ජාත්‍යන්තර පාසලකට යොමු කළා. මේ දේවල් එක්ක ගෙදර පරිසරයේ පුංචි පුංචි ප‍්‍රශ්න ඇතිවුණා. ඒත් ව්‍යාපාරික කටයුතුත් එක්ක අම්මට අපි ගැන සොයලා බලන්න වෙලාවක් තිබුණේ නැහැ.


අයියගේ ප‍්‍රශ්නෙත් එක්ක අම්මයි, තාත්තයි අතර අඬ දබර ඇති වෙන්න පටන් ගත්තා. තාත්තා අම්මට ව්‍යාපාරික කටයුතුවලින් ඉවත් වෙලා ගෙදර ඉන්න කිව්වත් ඒ දේ අම්මට කරන්න පුළුවන් වුණේ නැහැ. ඒ දේවල් මේ විදිහට සිද්ධ වෙද්දි මම ගොඩක් තනි වුණා. ඔය අතරතුර නුවන් මගේ ජීවිතේට එන්නේ යහළුවෙක් විදිහට. ජීවිතේ පාළුව මඟහැර ගන්න මුහුණු පොතේ කාලය ගත කරන අතරතුර තමයි නුවන් මුලින්ම කථා කළේ. නුවන් මගේ සහෝදර පාසලේම ඉගෙන ගත්ත කෙනෙක්.


හිරිමල් වියේ දැනෙන පේ‍්‍රමණීය හැඟීම කාංචනාටත් දැනුණා. ගෙදර ඇතිවුණ ප‍්‍රශ්නත් එක්ක ජීවිතේ පාළුව කාන්සිය මඟහරවගත්තේ ඇය මුහුණු පොතෙන්. ඒ අතරතුර මුණ ගැහුණු නුවන් ඇගේ ජීවිතේට ටිකෙන් ටික ළං වුණා.


මම ඒ වෙනකොට ජීවත් වුණේ ගෙදර අයියගේ ප‍්‍රශ්නත් එක්ක ලොකු පීඩනයකින්. ඒ අතරතුර නුවන්ගේ ළංවීම මට ගොඩක් දැනුණා. මගේ හිත නිතරම එයාව සෙව්වා. ටියුෂන් පන්ති යන ගොඩක් අවස්ථාවලදි අපි මුණ ගැහුණා. කථා බහ කළා. ඒ ආදරේට, ඒ හැඟීමට මම තාමත් ආදරෙයි. ඔය විදිහට ජීවිතේ හීන පස්සේ මං දිව්වා. නුවන් එක්ක විවාහ වෙන්න මං හීන දැක්කා. ඒත් ඒ හැමදේම එක පාරටම බොඳ වෙලා ගියා. මම මගේ මුළු ආත්මයම නුවන්ට පූජා කළා. ඔය අතරතුර දවසක් අපේ සම්බන්ධය මගේ ලොකු අයියගේ අතටම අහුවුණා. මගේ ලොකු අයියා නුවන්ට කථා කරලා හොඳටම බැන්නා. එදා තාත්තා මට හොඳටම ගැහුවා. මගේ ෆෝන් එකත් අම්මා ගත්තා. ගෙදරට මම හිරකාරියක් වුණා. සතියක් විතර මට ඉස්කෝලේ යන්න දුන්නෙත් නැහැ. කාමරේට වෙලා මුළු දවසම ගෙව්වේ පිස්සුවෙන් වගේ. මට ගෙදර අය එක්ක ලොකු වෛරයක් ඇතිවුණා. ඒ සිද්ධිවලින් පස්සේ මට ඉස්කෝලේ යන්න වුණේ ගෙදර වාහනේක. නුවන්ව මුණගැහෙන්න ඉඩක් ලැබුණේම නැහැ. ඒ තරමටම මාව හැම පැත්තෙන්ම හිර කළා. ඒ වෙලාවේ ඉඳලා මම අම්මවයි තාත්තවයි දැක්කේ මගේ වෛරක්කාරයෝ විදිහට.


කාංචනාගෙත් නුවන්ගෙත් පේ‍්‍රමය ගෙදරට කනවැටීමත් සමඟම ඇයට මව්පියන්ගේ තාඩන-පීඩනවලට මුහුණ දෙන්න සිදුවුණා. මේ දේවල් එක්ක ඇය තමන්ගේ අම්මටයි, තාත්තටයි වෛර බැන්දා. මොකද ඇය ඒ වෙනකොට ජීවත් වුණේ තාවකාලික හැඟීම් එක්ක අතරමං වුණ ජීවිතයක කියලා ඇයට නොතේරුණ නිසා. මේ සිද්ධීන් එක්ක ඇය නිවසට සිරකාරියක බවට පත්වෙද්දි ඇගේ මව්පියන් වැඩි ආරක්‍ෂාව තකා රියදුරෙකු සමග පාසලටත්, ටියුෂන් පන්තිවලටත් යවන්න තීරණය කළා. ඒත් මල්වර වියේ පසුවන දියණියක් තරුණ රියදුරෙකු සමග පාසලට යවද්දි ඒ පරිසරයේ ආරක්‍ෂාව ගැන දෙමාපියෝ සිතුවෙ නැහැ. මොකද කාංචනාගේ දෙමාපියෝ ජීවත් වුණේ සල්ලි මත. එසේ නොවුනා නම් කාංචනාත්, ඇයගේ සොහොයුරාවත් මේ විදිහට ජීවිතේ වරද්දගන්නේ නැහැ.


දවසින් දවස ශරීර වර්ධනයත් එක්ක යෞවන වියට පාතබමින් සිටි ඇයට යෞවනයේ පේ‍්‍රමණීය දෑස් ඇය වෙත යොමු වීම අඩුවක් වුණේ නැහැ. ඔය අතරතුර රියැදුරු ලෙස සේවය කළ රොෂාන්ට කාංචනා පිළිබඳව පේ‍්‍රමාන්විත හැඟුමන් පහළ වීමත් සමඟ ඔහු කාංචනා පිළිබඳ වෙනදාටත් වඩා දක්වන උනන්දුව කාංචනාට ඉඟියෙන් මෙන් දැනෙන්න වුණා.


මට නුවන්ගෙන් තොර ලෝකයක් හිතාගන්නවත් බැරුව හිටියේ. මම ඒ තරමට නුවන්ට ආදරේ කළා. ඒ ආදරෙත් එක්ක මම අතරමං වෙලා ඉන්නකොට අපේ ගෙදර වාහනේ වැඩ කරපු රොෂාන් අයියා මට ආදරේ කරනවා කියලා දැනුණා. ගෙදරින් උදේට පාසලට එක්ක යන මාව ආයෙම හවසට එක්කගෙන එනවා ඇරෙන්න මාත් එක්ක වැඩිය කථා කළේ නැහැ. ටිකෙන් ටික අපි කථා බහ කළා. මම මගේ දුක තුනී කරගන්න හැමදේම රොෂාන් අයියා එක්ක කිව්වා. ටිකෙන් ටික ඔය විදිහට කථා බහ කරද්දි මම රොෂාන් අයියට ආදරේ කරනවා නේද කියලා හිතුණා. එයා මගේ දුක ඇහුවා. මාව සැනසුවා. මම හිතුවා රොෂාන් අයියා ගොඩක් හොඳ කෙනෙක් කියලා. නොදැනීම අපි දෙන්නට දෙන්නා ආදරේ කළා. අපිට මුණ ගැහෙන්න  ඕන තරම් නිදහස තිබුණා. වෙනදා කම්මැලිකමේ ඉස්කෝලේ ගිය මම රොෂාන් අයියා නිසා එක පාරක් නැතිවුණ ජීවිතේ ආයෙම ජීවත් වෙනවා වගේ දැනුණා.


ගෙදර රියදුරු වුණ රොෂාන්ව කාංචනා තමන්ගේ ජීවිතේටත් වඩා විශ්වාස කළා. රොෂාන් කවුද? රොෂාන්ගේ රැුකියාව මේ දේවල් කාංචනාට වැදගත් වුණේ නැහැ. රොෂාන් කාංචනා මේ දෙදෙනාම තම වාහනය තුළම බොහෝ අවස්ථාවන්වලදි පෙම් සුව වින්දා. හෝටල් කාමර තුළ ලැඟුම් ගත්තා. කාංචනා රොෂාන් කරන ඇරියුම් කවරදාවත් ප‍්‍රතික්ෂේප කළේ නැහැ. කාංචනා ජීවිතය කියලා හිතුවේ මේ හෝටල් කාමර ඇතුළේ කරන ආදරය විතරයි. ඇය එතැනින් එහාට ලෝකයක් දැක්කේ නැහැ.


මම අවසානයේ රොෂාන් අයියට රැුවටුණා. මම ඇයි මේ තත්ත්වෙට පත් වුණේ කියලා මටවත් හිතාගන්න බැහැ. අපේ ආදරේට ආයුෂ තිබුණේ ටික කාලයයි. මට රොෂාන් අයියගෙන් දරුවෙක් ලැබෙන්න හිටියා. රොෂාන් අයියා කිව්වා දරුවා නැති කරමු. සාමාන්‍ය පෙළ විභාගය ලිව්වට පස්සේ අපි කොළඹ ගිහින් ජීවත් වෙමු කියලා. මම දරුවා නැති කරන්න බය වුණා. ඒත් මට රොෂාන් අයියගේ වචනෙට පිටින් යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මගේ දරුවත් මට නැතිකරගන්න වුණා. මේ දේවල් එක්ක මට ගෙදරට මුහුණ දෙන්න බැරි නිසා මමම තීරණය කළා ගෙදරින් පැනලා යන්න. රොෂාන් අයියට මම කිව්වා මාව කොහේ හරි එක්ක යන්න කියලා. මේ තරම් ආදරේ කරද්දි ඇයි මම වෙනුවෙන් එන්න බැරි කියලා මම අඬා වැටුණා. පස්සේ රොෂාන් අයියා මාව කොළඹ එක්කගෙන ආවා. අම්මලට පස්සේ කිව්වා මම රොෂාන් අයියා එක්ක පැනලා ආවා කියලා.


ඔහොම ඉන්නකොට රොෂාන් අයියාගේ යාළුවෙක් හරහා මාව රූපලාවණ්‍යාගාරයක රැුකියාවට දැම්මා. ටික දවසක් වැඩ පුහුණු වුණා. පස්සේ මම පොඩි පඩියකට එතන වැඩ කළා. ඒත් ඒක රූපලාවණ්‍යාගාරයක්ම විතරක් නෙමෙයි. එතනට එන සේවාදායකයන්ට රූපලාවණ්‍ය සත්කාරවලට අමතරව තවත් සේවයක් සැපයීමට සිදුවුණා. මාව එතනට ගෙනත් දාපු රොෂාන් අයියා මාව බලන්න ආවේ සති දෙකකට වතාවක්. ඒ ආපු අවස්ථාවල මම කිව්වා මෙතන මෙහෙම දේවල් වෙනවා. මාව මෙතනින් අයින් කරගන්න කියලා. අපිට වුවමනා විදිහට එතැනින් අයින් වෙන්න බැහැ. ඔය අතරතුර දවසක් හදිසියේම දීපු ඔත්තුවකට අපේ සැලොන් එක පොලිසියෙන් වැටලූවා. ඒ වෙලාවේදි අත්අඩංගුවට පත් වුණ හැමෝම නිදහස් වුණත් මම බාලවයස්කාරයි කියලා උසාවි දැම්මා. ඒත් උසාවියේදී අම්මලා මාව භාරගන්න කැමති වුණේ නැහැ. මාව පරිවාසභාරයට දානවා කියලා ඉන්නකොට මම වැඩ කරපු සැලොන් එකේ මැඩම් රොෂාන් අයියා එක්ක ඇවිල්ලා මගේ භාරකාරයා වෙන්න කැමතියි කියලා බොරු නෑකම් දාලා මාව උසාවියෙන් ගත්තා. මට තවම අවුරුදු දහඅටක් නැහැ. මාව පොලිසියට අහුවෙද්දි තමයි දැනගත්තේ මාව මේ සැලොන් එකට දීලා රොෂාන් ලොකු මුදලක් අරගෙන කියලා. රොෂාන් විවාහකයෙක් කියලත් ඒ වෙලාවේ දැනගන්න ලැබුණා.


දීර්ඝ හුස්මක් අරගෙන ඒ වේදනාබර අතීතය ඇය අතීතයටම භාර කළා. මම එදා රොෂාන් අයියා එක්ක ගෙදරින් ආවේ අම්මයි තාත්තායි මගේ නිදහස අයුතු විදිහට හිර කරලා මට ජීවිතේ එපා කරපු නිසා. මම රොෂාන් අයියා එක්ක සම්බන්ධයක් ඇති කර ගත්තෙත් අම්මලට රිද්දවන්නමයි. අවසානයේ රිදුණේ කාටද මෙතනින් එහාට සිතන්න ඔබට භාරයි. ජීවිතේ ඔයා ගන්න තීන්දු තීරණ නිසා ඔයාගේ ලස්සන ජීවිතේ විනාශ කරගන්න එපා.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »