කුකුළකු මෙන් හඬලා මියගිය කුකුළු වෙළෙන්දා

2015-10-23 10:49:00       828
feature-top
ජීවිතය නිසි මගට ගැන්මට නිවැරදි මග පෙන්වීමක් අවශ්‍යයි. මේ විශේෂාංගය ඒ වෙනුවෙන්.
බිංගිරිය, කොස්වත්තේ කේ.ඞී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.

 

කුකුළු වෙළඳාමෙන් දියුණුවන ඔහු යළිත් දුගියෙකු වී නිර්වස්ත‍්‍රව කුකුළෙක් මෙන් හැඬලූහැටි


ඔහු අපි මෙරිල් යනුවෙන් හඳුන්වමු. දැනට වසර ගණනාවකට පෙර වයඹ පළාතේ පදිංචි වූ මොහු එවකට තනිකඩයෙකු වූ අතර මුලින්ම කළේ කුකුළු වෙළඳාමය. පරණ පා පැදියක පිටුපස විශාල බටපතුරු කූඩයක් බැඳගත් මොහු විසින් මුළු ප‍්‍රදේශයේම සැරිසරා කුකුළන් නිවෙස්වලින් අඩුමිලට ගෙන ලොරිවලින් ජා ඇළ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කරනු ලැබුවේ අධික ලාභයක් තබාගෙනය. ඒ එම ප‍්‍රදේශයේ ආපන ශාලාවලට මස් පිණිසය.


dtu
කාලයක් යද්දී තවත් දෙතුන් දෙනෙකුට පා පැදි හා බට පතුරු කූඩ සපයා දී ඔහු මෙම ජවාරම ජයටම කරගෙන ගියේය. ඒ අතරතුර අනෙකුත් අයද සහභාගිකරවාගෙන තම නිවස පිටුපස දිනකට කුකුළන් සිය ගණනක් මරා මස්කර අවට ගෙවල්වලට හා ආපන ශාලාවලට කුකුළු මස් අලෙවි කිරීමද පවත්වාගෙන ගිය අතර ඔහුගේ මෙම ව්‍යාපාරය දිනෙන් දින දියුණුවිය. ඉතා දුගී දුප්පත් පවුලක ඉපදී ජා ඇළ ප‍්‍රදේශයේ ජීවත් වු මොහු බිංගිරිය ප‍්‍රදේශයට පැමිණ මේ ආකාරයෙන් කුකුල් වෙළඳාමෙන් පසුකාලීනව දියුණු වූ අතර බෝවත්ත ප‍්‍රදේශයෙන් ඉඩමක් ද මිලදීගෙන නිවාසයක්ද තනාගෙන විවාහ වී ජීවත් වූ අතර මොහුගේ දරුවෝද ලොකු මහත් වී සමාජයට එතරම් හිතකර නොවන පරිදි ජීවත් වූහ.


අධර්මයෙන්, අකුසලයෙන් ඉක්මන් දියුණුවක් ළඟාකරගත් මොහු ලෝක ස්වභාව දහම අනුව වයසට පත්ව ණය තුරුස් වී තම ඉඩකඩම් ගේ දොර විකුණා තම ජීවිතයේ අවසාන කාල පරිච්ෙඡ්දයේදී කඩිගමුව ප‍්‍රදේශයේ දුගී දුප්පත් පැල්පතකට යළිත් වැටුණු අතර ජීවිතය අවසානයේදී සුව නොකළ හැකි අසාධ්‍ය රෝගයකින් පෙළුණේය. ඔහු දරුමල්ලන්ගෙන්ද කිසිදු හව් හරණක් නොලැබ මග තොටේ ඇවිද ගියේ ඉණට කිසිදු වස්ත‍්‍රයක්වත් නොමැතිව කුකුළෙක් මෙන් හඬලමින් නිර්වස්ත‍්‍රවය. අවසානයේ ඉතාමත් ශෝචනීය ලෙස ජීවත්වූ ඔහු මිය පරලොව ගියේ මේ ජීවිතයේදීම කළකම් පලදෙන හැටි අන්‍යයන්ටද පසක් කරමිනි.

 

අංගොඩ, කුඩා බුත්ගමුව, එම්.ඒ. ජයසිරි මහතා ලියා එවූ කතාවකි.

ඇගේ වෛරය අකාලයේ දිවියට සමුදෙයි!


සිව් දෙනෙකුගෙන් සමන්විතවූ මධ්‍යමපාන්තික පවුලක් මෙයට දශකයකට පමණ ඉහතදී වාසය කළහ. මව් පිය යුවළක් හා දරුවන් දෙදෙනෙකු ද ඊට අයත් වූ අතර අලූත ඉදි කරන ලද තම සුවිසල් නිවසෙහි ඔවුහු පදිංචිව සිටියහ. තරුණ මවගේ ජීවනෝපාය වූයේ දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කීම හා ගුරුකම් ආදිය සිදු කිරීමය.


ඒ අනුව නොයෙක් දෙනා දිනපතා එහි ඇදී ඒම සුලබ දසුනක්ව පැවති අතර, සුඛෝපභෝගී වාහනද එලෙස දැකගත හැකිවිය. එනමුදු අවට වාසි කිසිවෙකු සමග හෝ කතාබහ කිරීමට පවා එම කාන්තාව මැළි කමක් දැක්වූවාය. මෙලෙස කාලය ගෙවී යාමත් සමගම ඇයගේ නිවසට මඳක් නුදුරින් අලූත් නිවෙස් කිහිපයක්ම ඉදිවන්නට වූ අතර, ඒවායෙහි පදිංචියට පැමිණි පිරිස් අසල්වාසී කා සමඟත් හිතවත් කම් ඇති කර ගැනීමට උනන්දු වූහ.

17-P-13-BB
මෙය එම තැනැත්තියට ඉවසුම් නොදෙන කරුණක් විය. එයටද වඩා ඇය නොසතුටින් පසු වූයේ ඔවුන්ගේ දරුවන් පිළිබඳවය. ඒ ඔවුන් තම නිවෙස ආසන්නයෙහි ක‍්‍රීඩාකිරීමට පුරුදුව සිටීම හේතුවෙනි. ඒ සඳහා ඉඩ ඇති ස්ථානයක් එම ළමුන්හට නොවීය. එබැවින් එලෙස එහි ක‍්‍රීඩා කිරීම සිරිතක් කොටගෙන තිබිණ. මේ පිළිබඳව ඇය කෝපයෙන් පසු වූ අතර, නොයෙක් විට ඔවුනට සැඩපරුෂ අයුරින් බැණ වැදීමට ද පසු බට නොවූවාය.


ඉන් නොනැවතුණු එම කාන්තාව ළමුන් හට එරෙහිව පොලිසිය වෙත පැමිණිලි කිරීමටද උත්සුක වූවාය. ඒ තම නිවසෙහි වීදුරු ජනේල ආදියට හානි සිදුවී ඇති බවට චෝදනා නඟමිනි. එහෙත් එහි අසත්‍යතාව කාහටත් පෙනීගිය අතර අසල්වැසියන් සමග ප‍්‍රශ්න ඇතිකරනොගෙන සහයෝගයෙන් කටයුතු කරන ලෙසද පොලිසියෙන් ඇයට උපදෙස් ලැබිණ.


ඊට එකඟවීම කෙසේ වෙතත් සුළු කරුණකදී පවා එකිනෙකා සමඟ අනවශ්‍ය ආරවුල් ඇතිකරගැනීමට සුපුරුදු ලෙස ඇය උත්සාහ දැරුවාය. දිනක් මැදියම් රැුය උදාවෙමින් තිබියදී යාබද ගෙවත්තකට රහසේම ඇතුළු වූ ඇය කිසියම් ගුරුකම් කටයුත්තක් සඳහා සූදානම් වූ අතර. ගෙහිමියා හදිසියේ අවදිවීම හේතුවෙන් එය අසාර්ථක වී පැන දිවීමටද සිදුවිය. මෙම පුවත සෙසු අය අතරෙහිද පැතිරගියෙන් ඔවුහු එම කාන්තාව කෙරෙහි මහත් භීතියෙන් කල් ගෙවූහ.
මෙලෙස සති කිහිපයක් ගෙවී ගියා පමණි. ඉන් පසු කිසිවෙකුහට ඇය නෙත නොගැටුණු අතර, නිවසෙහි ඇති බවට සේයාවකුදු දක්නට නොලැබිණ. එමෙන්ම වෙනදා එහි පැමිණෙන වාහන පවා දැකගත නොහැකිවිය. අනතුරුව හෙළිවූයේ උදරයේ හටගත් දරුණු පිළිකාවක් හේතුවෙන් ඇය රෝහල් ගතකොට ඇති බවය.


ඒ අවස්ථාව වන විට එම කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ අතර ඉන් දෙදිනකට පසුව මෙලොව හැර ගියාය. වියෝවීමට පෙර ඒ ළඟ රැුඳුණු තම ඥාතිවරියකට ඇය මහත් ආයාසයෙන් කතාකළාය. මං ඒ අයට හතුරුකම් කළා. වෛර කළා. අන්තිමේදී මට උරුම වුණේ මේ පිළිකාව විතරයි. පව්කාර මගේ මළකඳවත් ඒ අයට පෙන්වන්න එපා. ගමේ ඉඩමේ වළදාන්න යනුවෙන් කඳුළු පිරි දෙනෙතින් යුතුව පවසා සිටියාය.


ද්වේෂයෙන් හා වෛර සිතින් අනුනට දුක් පීඩා ගෙන දෙන සේ අදැහැමි දිවි පෙවතක් ගතකළ ඇයට එහි විපාක වශයෙන් ධනයද පිරිහී අන් අයගේ අප‍්‍රසාදයට ලක් වී මෙලෙස අකාලයේ දිවියෙන් සමුගැනීමට සිදුවූ බව සක් සුදක් සේ පැහැදිලිය.


නිකදළුපොත කරුණාදාස සපුතන්ත‍්‍රි මහතා ලියා එවූ කතාවකි.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »