දෘඪ පාෂාණයට පණ පොවන ඔහු Hirotoshi

2015-10-15 09:20:00       828
feature-top
කලාවට ආවේණික වූ විවිධ කලා පැතිකඩයන් ලෝකයේ පුරාවටම දකින්නට හැකිය. මෙවැනි විවිධ පැතිකඩ ඔස්සේ බොහෝ දෙනෙක් තමන්ට ආවේණික වූ අද්විතීය නිර්මාණ බිහි කරති. ඇතැමුන්ට නිර්මාණය හැකියාව තම සහජ හැකියාවෙන් පිහිටින අතර, ඇතැමුන් එම නිර්මාණය හැකියාව තම උත්සාහයෙන් ගොඩනගා ගනු ලබයි.

ජපානය වැනි රටක කලා කටයුතු සඳහා ලොව පුරාම විවිධාකාරයෙන් ජනප්‍රියව පවතී. නමුත් මෑත කාලයේ ජපානය බොහෝ විට හඳුන්වනු ලබන්නේ තාක්ෂණය අතින් ඉහළ තලයේ රටක් ලෙසයි. එවන් වූ පරිසරයක් තුළ තම අභිමතයන් මල්ඵල ගැන්වීමට ජපාන කලාකරැවෙකු හට අවස්ථාව උදාවී තිබේ.

ජපානයේ නිවෙස් අලංකරණය යනු එම සංස්කෘතිය තුළ ඇති විශේෂ අංගයකි. එසේම එහි නිවෙස් අලංකරණය සඳහා බොහෝ සේ වෙහෙසෙනුද දක්නට ලැබේ.  මෙවන් වූ වාතාවරණයක් ඇති රටක් තුළ නිවෙස් අලංකරණය වෙනුවෙන් කුඩා දෙයක් නිර්මාණය කිරීමට අද්විතීය නිර්මාණකරුවෙකු වූ Hirotoshi Ito හට හැකියාව හිමිව තිබේ. තම දෙමාපියන් නොමැතිව උස්මහත් වූ ඔහු අධ්‍යාපනය තුළින් ඉහළ යමින් තම ස්වෝත්සාහයෙන් මෙවැනි නිවෙස් අලංකරණය වෙනුවෙන්  නිර්මාණය සිදුකරයි. ඔහු අාෙව්ණික වූ (තිරිවාන, කලු ගල්, මාබල්) ගල් යොදාගනිමින් මෙවැනි සුවිශේෂී නිර්මාණයන් සිදුකරනු ලබයි. මේ සඳහා ආවේණික වූ රසායනික ද්‍රව්‍යයක් ඔහු සොයාගෙන තිබේ.

ටෝකියෝවේ National Fine Arts විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙකු ලෙසද මෙම නිරිමාණකරුවා කටයුතු කරයි. රසායනික ද්‍රව්‍යය එකතුවක් ඇති දියරයක් තුළ නිර්මාණය කිරීමට යොදා ගන්නා ගල බහා තබා එය මෙලෙක් වූ විට ඉතාමත් ක්ෂණිකව මෙම නිර්මාණයන් සිදුකරනු ලබයි. එයට හේතුව වන්නේ එම දියරය තුළ මෙම ගල එළියට ගත් මොහොතේ සිට එය නැවත යථා තත්ත්වයට පත්වීමට වෙර දරන හෙයිනි.


More News »