කිරි මුහුද බිලිගත්තෝ

2015-10-10 10:08:00       830
feature-top
මෙරට රාජවංශ වංශයේ අවසන් රජු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ (ක‍්‍රි.ව 1798 - 1815) මහරජතුමා බව අප කවුරුත් දන්නා කරුණකි. උඩරට වාස්තු විද්‍යාවේ අග‍්‍රගණ්‍ය නිර්මාණයක් වූ සෙංකඩගලපුර දළදා මාළිගාවේ පත්තිරිප්පුව ද, එහි ඉදිරිපසින් වූ දර්ශනීය වලාකුළු (වාරැලි බැම්ම) බැම්ම මෙන්ම, ක‍්‍රි.ව 1807 දී දළදා මාලිගාව ඉදිරියෙන් ඇති වැව, කිරි සයුර හෙවත් කිරිමුහුද ද, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු විසින් කරවන ලද්දේ රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ මූලාචාරියාගේ උපදෙස් මතය. ඒ  බවත් බොහෝදෙනෙක් දනිති. එහෙත් කිරි මුහුද යට කතා බොහොමයක්ම ශෝකයෙන් පිරී පවතී. ඒ බව නම් බොහෝදෙනෙකු දන්නේ නැත. මෙවර කන්ද උඩරට අප‍්‍රකට කතාවට තේමාව සොයා ගන්නේ කිරි මුහුදෙනි. 

03-Rasa-P1-01
මහනුවර නගරයේ අලංකාරය වැඩි කිරීමට මෙන්ම, ශ‍්‍රී දළදා මාළිගාවට චමත්කාර දර්ශනයක් ඇති කරදෙන කිරි මුහුදෙන් ලැබෙන්නේ අපමණ වූ මෙහෙයකි. එපමණක් ද නොව අද, මහනුවර නගරයේ උෂ්ණත්වය  පාලනයට ද එය උපකාරී වේ. මෙහි ජල පැතිරුම හෙක්ටයාර දහනවයකට වඩා වැඩිය. ගැඹුර මීටර් 18.24 කි. උඩවත්ත කැලේ, බහිරවකන්ද, හන්තාන කන්ද, දුනුමඩලාව රක්ෂිතය (වාකර් වත්ත) යන කඳු බෑවුම්වල සිට ගලා එන ජල ධාරා මගින් වැව පෝෂණය වේ.  එහෙත් එදා කිරි මුහුද නිර්මාණය කිරීමට සෙංකඩගල පුරවරයේ ඇහැලේපොළ මහා අදිකාරම් ඇතුළු ජනතාව කැමති වූයේ නැත. එදා එයට සාධාරණ හේතු තිබුණි. පසු කාලයේ රජු විරසක වූයෙත්, ඇහැලේපොළ පවුලට අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණදීමට සිදු වූයේත් කිරි මුහුද නිසා බව උඩරැුටියන්ගේ අදහසය. 

 


කිරි මුහුද
වසර දෙසීයකට වඩා පැරණි කිරිමුහුද මහනුවර නගරය අලංකාර කරනා සුවිශේෂී නිර්මාණයක් බව දැන් ඔබ දනී. ජල රැුලි මාලා නංවමින් මහනුවර ජලජ පක්ෂීන්ට වාසස්ථානයක් වූ මෙම වැවෙහි සුන්දරත්වය යට ඇත්තේ දුක්ඛාන්තයකි. එම කතාවට ප‍්‍රථමව කිරි මුහුද යන නම ලැබුණේ කෙසේද යන්න පළමුව විමසා බලමු. ඒ සම්බන්ධයෙන් වූ ජනප‍්‍රවාදයේ පවතින්නේ මෙසේය. හුලංගමුවේ ආචාරියා නම් දෛවඥයාගේ අනාවැකිය සනාථ කරමින් කිරි ඉබ්බෙකු හමුවී ඇත. මෙම වැවෙහි නැගෙනහිර කෙළවරට වන්නට කුඩා පොකුණක් සාදා මෙම ඉබ්බාගේ වාසයට වෙන් කරන ලදී. ඉන්පසු එය කිරි මුහුද යන නමින් හඳුන්වන ලද අතර, එම පොකුණට සම්බන්ධවන ආකාරයෙන් සෑදු වැවට ද ඒ නම යොදා ඇත. රජතුමා කිරි මුහුද යන නමට කැමැත්තක් දක්වා ඇත්තේ රට වටේ මුහුද ඉංග‍්‍රීසීන්ට අයත්ව තිබූ නිසා රට තුළ මුහුදක් තැනවීමට තමන්ට හැකියාවක් ඇති බව පෙන්වීමට විය හැකිය.  

03-Rasa-P1-03

 කිරි මුහුද වෙන්කතරංගම්මාල් බිසවගේ අදහසකි. 

මෙරට පාලනය කළ අවසන් රජවරුන් හතරදෙනාම නායක්කාර වංශිකයන්ය.  ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා ද ඊට ප‍්‍රථම සිටි නායක්කාර රජවරුන් ආදර්ශයට ගනිමින් ඉන්දියාවේ වෙල්ලෝර් රාජ්‍යයෙන් බිසවක් ගෙන්වා ගන්නා ලදී. ඇයගේ නම වෙන්කතරංගම්මාල්ය. ඇය ජීවත් වූ ඉන්දියාවේ මාළිගාව අසළ වැවක් තිබූ අතර, එහි චමත්කාරය අත්විඳි නිසා, ඒ හා සමාන වැවක් අලංකාරය පිණිස මහනුවර රජ වාසල අසල සාදා දෙනමෙන් රජතුමාගෙන් ඉල්ලා සිටියි. රජතුමා ඒ ගැන සිතන්න පටන් ගත්තේ තම බිසවගේ සිත රිදවීමට අකමැති නිසා ය. පළමුව මේ බව තම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ඔවුන්ගේ අනුමැතිය ලබා ගතහොත් ප‍්‍රශ්නයක් ඇති නොවන බව දන්නා නිසාය. මෙහිදී පිළිමතලව්ව, ඇහැලේපොළ අදිකාරම්වරු පවසා සිටියේ. බෝගම්බර වැවක් තිබෙන බවත්. නගරයට වැව් දෙකක් අවශ්‍ය නැති බවත්ය. අනෙක් කරුණ වූයේ වැව සෑදීම සඳහා තෝරා ගනු ලැබුවේ මාළිගාව ඉදිරියෙන් ඇති ටිගොල්වෙල වෙල්යායය. එයින් එවකට හොඳ වී අස්වැන්නක් ලබාදුන් අතර, එම අස්වැන්න නැතිව යාමෙන් පාඩුවක් සිදු වන බවත් ඔවුහු පවසා සිටියහ. 


එවකට මහනුවර නගරය පැවති ආකාරය පිළිබඳව ද කිසියම් අවබෝධයක් ලබා ගත යුතුව තිබේ. එයට හේතුව වනුයේ මහනුවර නගරය වෙනස්වීම ආරම්භ වූයේ කිරි මුහුද සෑදීම ආරම්භ කිරීමත් සමඟ වීම නිසා ය. ක‍්‍රි.ව 1800 වසරේදී මහනුවරට ඉංග‍්‍රීසීන් පැමිණෙන විට දෙදහස් පන්සීයක පමණ ජනතාවක් වාසය කළ බව සඳහන් වේ. ක‍්‍රි.ව 1821 වසරේදී ජෝන් ඬේව් මහනුවරට පැමිණෙන විට එහි වීදි දෙපස වූ නිවාස මැටියෙන් සාදා තිබූ බවත්, එම නිවාස පස් සහිත මිටි බිම් කණ්ඩි මත සාදා තිබූ බවත් සඳහන් කර ඇත. තවද උළු සෙවිලි කරන ලද නිවාස නිලමේවරුන්ගේ වූ අතර, අනිත් සියලූ නිවාස පිදුරු වහල සහිත සාමාන්‍ය පුද්ගලයන්ගේ නිවාස විය. 

03-Rasa-P1-04


කෙසේ වුවත්, ක‍්‍රි.ව 1815 වන විට සෙංකඩගල පුරවරයේ ජනතාව තුන් දහස් හයසියක පමණ සංඛ්‍යාවක් දක්වා වැඩිවී තිබේ. දළදා මාළිගාව අසළ රජ මාළිගාව පිහිටා තිබූ අතර අදට ද රජ වාසලෙහි ඉදිරි කොටස එහි දක්නට ලැබේ. කන්දක් මුදුනේ පිහිටි මාළිගාව පහළින් කුඩා කඳු පල්ලම් සහිත ප‍්‍රදේශයෙහි සිට මාළිගාව දෙසට මාර්ගය වැටී තිබුණි. මහා රූස්ස ගස් කොළන්වලින් පිරී පැවති වනයකි. පල්ලම් සහිත භූමියේ තැනින් තැන උස් බිම් දක්නට ඇත. මාළිගාව ඉදිරියෙන් වූ ප‍්‍රදේශය සාරවත් වෙල් යායකි. එම කුඹුරු යාය මැදින් ඇළක් ගලා බසී. මාළිගාවට උඩින් පිහිටි බූවැලිකඩ, ගුරුදෙණිය වැනි ප‍්‍රදේශ පමණක් නොව කටුකැලේ, පේරාදෙණිය දක්වා ප‍්‍රදේශයන්ද රජු විසින් බලෙන් පවරාගෙන ඉන්දියාවේ සිට පැමිණි නායක්කාර වංශික තම නෑදෑයන් පදිංචි කළේ ඔවුන්ට සියලූ පහසුකම් ලැබෙන ආකාරයටය. ටිගොල්වෙළ කුඹුරුයායට උඩින් මීගොන්අරඹ පිහිටා තිබුණි. මීගොන්අරඹේ ගාල්කර සිටියේ ටිගොල්වෙල කුඹුරේ සීසෑම, ගොයම් පෑගීම සඳහා ගෙන එන ලද මී හරකුන්ය.  වර්තමානයේ ස්විස් හෝටලය සාදා තිබෙන්නේ මීගොන් අරඹේය. 


වෙන්කතරංගම්මාල් බිසවගේ කැමැත්තට ඉඩ දෙමින්, පුරෝහිතයන් ලෙස කටයුතු කළ බිසවගේ පාර්ශවයේ යන්ත‍්‍ර, මන්ත‍්‍ර, ගුරුකම් දන්නා මන්ත‍්‍රාචාරීන්ගේ සහාය පමණක් නොව මොල්ලිගොඩ අදිකාරම්ගේ සහායද වැව සෑදීම සඳහා රජු ලබා ගන්නවා. එයට හේතුව ඇහැලේපොළ සමඟ මොල්ලිගොඩ අමනාපයෙන් සිටින බව රජතුමා දන්නා බැවිනි.  දළදා මැදුර සහ මල්්වතු විහාරය අතර තිබූ ටිගොල්වෙල කුඹුරුයාය දිගු ලියැදි පේළි සහිතව පිහිටා තිබුණේ ඉතාමත් අලංකාර අයුරිනි. කුඹුරු යායේ අයිතිකරුවන්ගෙන් එය බලෙන් පවරා ගනී. ඉන්පසු කොටුගොඩැල්ල කන්ද කපා පස්ගෙන කුඹුර හරහා බැම්මක් බැඳ නුවර වැව ඉදි කෙරිණි. 


ආරම්භයේදී නුවර අසල කෝරලවල සිටි ගැමියන් සියලූදෙනාම පැමිණ මෙහි වැඩ කළ යුතු යැයි රාජ ආඥාවක් නිකුත් කෙළේ ය. එහෙත් එම මිනිසුන්ට වැටුපක් හෝ ආහාර සැපයීමක් සිදු වූයේ නැත. බොහෝදෙනෙක් තම නිවෙස්වලින් බත්මුල් බැඳගෙන වැඩට පැමිණියහ. ආහාර රැගෙන ඒමට බැරි ඉතා දුප්පත් මිනිසුන් ආහාරයට ගත්තේ මඤ්ඤොක්කා කොළ සහ තෝර කොළය. මෙම තෝර කොළ පිස ගැනීමටවත් හැකියාවක් නොතිබූ ජනතාවක් එවකට සිටි අතර, ඔවුහු එම තෝර කොළ බඩෙහි බැඳගෙන පැමිණ වැඩ කළ අතර, මහන්සි වී වැඩ කිරීමේදී සිරුරින් පිටවෙන උෂ්ණත්වයට ඒවා තැම්බුණි.

අවසානයේ ඒ ආකාරයෙන් තැම්බුණු තෝර කොළ, මඤ්ඤොක්කා කොළ ආහාරයට ගත්හ. ටිගොල්වෙල කුඹුර වැවක් බවට පත් කිරීමේදී අඩි කිහිපයක් යටට හාරන ලදී. එකතැන පල් වූ ජලයෙහි බොහෝ වේලා බැස සිටීම නිසා ශරීරගත වූ විෂබීජයෙන් හටගත් රෝග වලින් බොහෝදෙනෙක් මිය ගියහ. කපා ඉවත් කරන ලද පස් මහනුවර වීදි සමතලා කිරීම සඳහා ප‍්‍රයෝජනයට ගත්හ. ජෝන් ඩොයිලි මේ බව සනාථ කර තිබේ. ඔහු ක‍්‍රි.ව 1812 පෙබරවාරි මස 13 වෙනි දින තබන සටහනට අනුව කන්දේ නුවර වේල්ලක් බැඳීම සඳහා මිනිසුන් දෙදහසත් තුන් දහසත් අතර සංඛ්‍යාවක් යොදවා ඇති බව සටහන් කර තිබේ. 

03-Rasa-P1-05

උඩවත්ත කැලේ සිට ගත් කිරිමුහුදේ ඡායාරූපයක්

මල්වතු මහා විහාරයේ ළිඳ නිසා වැවෙහි වැඩ නතර විය

ඒ ආකාරයෙන් ටිගොල්වෙල කුඹුර හාරාගෙන යන විට කුඹුර කෙළවරෙහි පිහිටි මල්වතු මහා විහාරයට අයත් ළිඳ ද, එතැනින් ඉවත් කිරීමට යන බව මල්වතු මහා විහාරයේ නායක භික්ෂූන් වහන්සේට දැන ගැනීමට ලැබුණි. භික්ෂූන් වහන්සේලාට ස්නානය සඳහා වෙනත් ළිඳක් ඒ අසල නොවීය. රූස්ස ගස් කොළන් මධ්‍යයෙහි පිහිටා තිබුණු එම ළිඳෙහි ජලය ඉතාමත්ම සිසිල්ය. පිරිසිදුය. වහාම තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සමඟ රජවාසලට උන්වහන්සේ වැඩිය සේක..            

                                                                   
රජතුමනී, මල්වතු විහාරයට අයත් එකම ළිඳ වැව නිසා නැතිකර ගන්න අපට බැහැ. වැව තිබුණත් භික්ෂූන් වහන්සේ නමකට ස්නානය කිරීමට සුදුසු නැහැ. එමනිසා ළිඳ එතැනින් ඉවත් කරන්න එපා. ඒ අවස්ථාවේදී රජතුමා එයට විරුද්ධත්වය ප‍්‍රකාශ නොකර සලකා බලන්නම් යනුවෙන් ප‍්‍රකාශ කළේ භික්ෂූන් වහන්සේ තරහ කර ගැනීමෙන් යහපතක් සිදු නොවන බව දන්නා නිසාය. දින කිහිපයක් ගත වුවත්, රජතුමා ඊට යහපත් ප‍්‍රතිචාරයක් ලබා නොදුන් හෙයින්, මල්වතු මහානායක ස්වාමීන් වහන්සේ ඇතුඵ සියලූම භික්ෂූන් වහන්සේද, ඇහැලේපොළ, පිලිමතලව්වේ අදිකාරම්වරු ඇතුඵ නුවර වැසියන් ද ඊට විරුද්ධත්වය ප‍්‍රකාශ කළා පමණක් නොව වැවෙහි වැඩ කරන ලද ජනතාව ද ඉන් ඉවත් කෙළේය. වර්තමානයේ මෙන් නොව එදා ජන සමාජයේ රජතුමාටත් වඩා වැඩි බලයක් සංඝයා වහන්සේ සතුවිය. රජවරුන් පත් කිරීමට මූලිකත්වය ගත්තේ සංඝයාවහන්සේය. මේනිසා එදා ජනතාව රජතුමාට වඩා මහානායක හිමියන්ගේ හඬට සවන් දුනි. 

සත් කෝරලේ මිනිසුන් 190 ක් උල තැබීම

මෙයින් රජතුමා හොඳටම කිපුණි. රාජ අණ කඩකරන්නන්ට මරණීය දණ්ඩණය නියම කරනවා යැයි උස් හඬින් ප‍්‍රකාශ කළේ රාජ සභාවම දෝංකාර දෙන අයුරිනි.  මේ වන විට රජතුමාට උපදෙස් ලබා දෙමින් රජතුමා මෙහෙයවමින් සිටියේ වෙන්කතරංගම්මල් බිසවගේ ඥාතීන්ය. ඔවුහු දේවාලවල කපුවන්, මන්ත‍්‍රාචාරීවරුන් ලෙස විවිධ තනතුරුද හෙබවූහ.  මමයි මේ රටේ රජු... හොඳයි බලමු... මහානායක හිමියනි...                                                                                              
මල්වතු මහානායක හිමියන්ගෙන් හෝ භික්්ෂූන්වහන්සේලාගෙන් ප‍්‍රසිද්ධියේ පළිගැනීමට බැරිය... ජනතාව කුපිත වේයැයි රජතුමා බිය විය.. එමනිසා දඬුවම් ලබාදිය යුතු වෙනත් ක‍්‍රමයක් ගැන රජුගේ අවධානය යොමු විය. ඒ වන විටත් රජතුමා තම අභිමතය පරිදි, නඩු අසා හෝ නඩු විභාගයකින් තොරව රහසිගතව සහ ප‍්‍රසිද්ධියේ කස පහර ලබාදීම, උල තැබීම, අලි ඇතුන් ලවා පාගා මැරීම, පුවක්ගස් දෙකක කකුල් බැඳ ඉරා මරණයට පත්කිරීම ආදී දඬුවම් බොහොමයක් ක‍්‍රියාත්මක කළ කාලයකි.  


ඒ වන විට ඉංග‍්‍රීසීන්, කන්ද උඩරටට පැමිණෙමින් සිටි කාලය ද විය. ඇහැලේපොළ ඇතුළු ප‍්‍රභූන් එක් පැත්තක් ද, මොල්ලිගොඩ, ඇතුඵ පිරිසක් තවත් පැත්තක් ද ගෙන කටයුතු කළ අවධියකි. මොල්ලිගොඩ අදිකාරම් රජතුමාට පක්ෂ අය ඔහු කරන්නේ කුමක්ද එය නිවැරදි යැයි පවසමින් ඊට උපකාර කරති. වැවෙහි ඉතිරි වැඩ කොටස අවසන් කිරීම සඳහා සත් කෝරලයෙන් මිනිසුන් ගෙන්වා දෙන මෙන් රජු ඉල්්ලීමක් කළේය. ඒ අනුව මිනිසුන් එකසිය අනූ දෙනෙක් පැමිණ වැඩ කිරීම ආරම්භ කළ ද, මල්වතු මහනායක හිමියන්ගේ විරුද්ධත්වය නිසා ඔවුන්ද වැඩ කිරීම නතර කළේ උන්වහන්සේගේ අණ පිළිපදිමිනි. අවසානයේදී. රජතුමාට ළිඳ අතහැර දැමීමට සිදුවිය. එහෙත් බිසවගේ ඥාතීන් කියා සිටියේ වැඩට නොපැමිණෙන මිනිසුන්ට ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු බවය. 


ළිඳට හානියක් සිදු නොකළ බැවින් මහානායක හිමියන්ගේ විරුද්ධත්වය පහව ගියේය. මහජන උද්ඝෝෂණය නතර විය. සත්කෝරලේ මිනිස්සු ඇතුඵ නුවර වැසියෝ වැවෙහි යළි වැඩ කිරීමට පටන් ගත්හ.  තවත් සති කිහිපයකින් පසුව වැවෙහි වැඩ අවසන් වී, ජලය පිරවීම සඳහා දිනයක් නියම විණි. එදිනට ඇත්තේ තවත් එක දවසකි. රජතුමාගේ පළිගැනීමේ අදහස ක‍්‍රියාත්මක විය. පෙරදින රහසින් උල් කරන ලද කිතුල් කණු එකසිය අනූවක් වැව මැද සිටවූහ. මේ සියල්ල සිදු වූයේ මොල්ලිගොඩ දිසාවගේ උපදෙස් මත ය. අවසානයේදී රජතුමා පළිගත්තේ සත්කෝරළෙන් ගෙන්වා ගත් එකසිය අනූදෙනා ගෙනි. ඔවුන් එහි උල තබා, වැවට ජලය පුරවන ලදී. මිය ගිය ඔවුන්ගේ සිරුරු මතින් ජලය පිරී යන අයුරු ජනතාව බලා සිටියේ ශෝකයෙනි. 


නුවර වැව රවුමේ මල්වතු මහා විහාරයට පහළින්, සහ මල්වතු විහාරයේ වාහල්කඩ අසල වැව රවුමේ පිහිටා ඇත්තේ, එදා මල්වතු මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් කිරි මුහුදට යට වීමට නොදී ආරක්ෂා කර ගත් එම ළිඳය. වර්තමානයේ එය අලූත්වැඩියා කර ඇත. වසර දෙසීයකටත් වඩා පැරණි මෙම ළිඳ, ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ යුගයටත් පෙර සිට පැවත එන්නකි.  

03-Rasa-P1-06

එදා මල්වතු මහා විහාරයේ මහා සංඝරත්නය විසින් කිරි මුහුදට යට විමට නොදී, ආරක්ෂා කරගත් (වසර දෙසීයකට වඩා පැරණි) ළිඳ  

අවසානයේ මූලාචාරියා ද කිරි මුහුදට ම බිලි වෙයි

කිරි මුහුද රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා වූ මුලාචාරියාගේ උපදෙස් මත නිර්මාණය කළ එකක් බව ඉහතදී පැවසුවෙමි. මූලාචාරියා මිය යන්නේ ඔහු විසින් නිර්මාණය කළ වැවෙහි ගිලීමෙන්ම, වීම දෛවෝපගත සිදුවීමකි. කිරිමුහුද සෑදීමෙන් පසු නිහඬවම දවස් කිහිපයක් ගෙවී ගියේය. එදා මාසේ පෝය දිනයකි. ඝන අන්ධකාරය සෙංකඩගල පුරවරය පුරාම පැතිරී තිබුණි. මූලාචාරියාගේ නිවෙස පිහිටා තිබුණේ රජවාසලට තරමක් ඈතින් වු අම්පිටිය ප‍්‍රදේශයෙහිය. ඔහු හදිසියේම නින්දෙන් අවදි වූයේ කිසිවෙක් දොරට තට්ටු කරන හඬ ඇසීමෙනි.   කවුද.. කවුද...මේ මහ ?...            

                                                                                                 
අපි රජ වාසලෙන්.. හදිසියේ රජතුමාගෙන් පණිවුඩයක් රැුගෙනයි පැමිණියේ.  ඔහු දොර විවෘත කරගෙන එළියට පැමිණියේය. හුළුඅතු එළි කිහිපයකි. කිහිපදෙනෙකු දක්නට ලැබේ. එහෙත් කිසිවෙක් අඳුනන්නේ නැත. හරි යමු...                                                                                                                         
රජවාසලට යන මාවත කිරි මුහුද වැව් බැම්ම මතින් වැටී තිබුණි.  මූලාචාරියාට ඉදිරියෙන් දෙද#

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »