කෑම මේසයට එන මැනිං වෙළෙඳපොළේ කුණු එළවළු

2015-09-20 11:15:00       827
feature-top
කොළඹ පිටකොටුව මැනිං පොදුවෙළෙඳ සංකීර්ණය ඇතුළුව කොළඹ මහනගර සභාවේ පාලනය යටතේ ස්ථාන 18කින් කොළඹට එළවළු පලතුරු සැපයේ. මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ කුටි 1400 ප‍්‍රමාණයකින් යුක්තය. කොල්ලූපිටිය, කිරුළපන, නාරාහේන්පිට, ජාතික පොළ, ජින්තුපිටිය, තොටළඟ, දෙමටගොඩ ඇතුළු අනෙකුත් වෙළෙඳ පොළවල් දහ අටකට අයත් කඩ 3000කට ආසන්න ප‍්‍රමාණයකින් යුක්තය.

 


දඹුල්ල, සීගිරිය, හම්බන්තොට, පොළොන්නරුව, යාපනය, පුත්තලම, බදුල්ල, වැලිමඩ, බණ්ඩාරවෙල, තඹුත්තේගම, ඇතුළු රටේ විවිධ ප‍්‍රදේශවලින් ගෙන එන එළවළු හා පලතුරු වර්ග 150ක් මෙට්රික් ටොන් 250 වැඩි ප‍්‍රමාණයක් දිනපතා කොළඹට සැපයේ.


රටේ විවිධ ප‍්‍රදේශවලින් ගෙනඑනු ලබන මෙම එළවළු පලතුරු ප‍්‍රවාහනය වන්නේ ලොරි රථ මගිනි.


මැනිං පොදු වෙළෙඳ සංකීර්ණය ද නොනිදන නගරයක් වැනිය. මැස්සෙකුටවත් ගැවසිය නොහැකි තරමට අතුරු සිදුරු පිරීයන තරමින් මිනිසුන් එහා මෙහා යති. මේ කාර්යශූර බව මුළු රටටම අදාළව පවතින්නේ නම් අපේ රට මේ වන විට සංවර්ධනයේ හිණි පෙත්තට නැඟ අවසන්ය.

 



 


දහසකට වැඩි නාට්ටාමිකරුවන් හා විවිධ ප‍්‍රදේශවලින් ලොරි රථ රැුගෙන එන්නෝ සහ වෙළෙඳුන්, අතරමැදියන් ඇතුළු බොහෝ පිරිසක් ඒ අතර ගැවසේ.
දිනපතා කොළඹට එන එළවළු පලතුරු අතරින් තැලී පොඩි වී ඉවත් කළ යුතු තත්ත්වයට පත්වන එළවළු ද නැවත විකිණෙන බවත් එවායින් බොහෝමයක් කොළඹ ආපනශාලාවලට හා ආහාර පාන නිෂ්පාදකයන් අතරට පත්වන බවටත් අපට තොරතුරු ලබාගත හැකි විය.


එළවළු අසුරා එවීම සඳහා ප්ලාස්ටික් කූඩ භාවිත කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ රටම කතාබහ කරන ලදී. නමුත් ප්ලාස්ටික් කූඩ ප‍්‍රශ්නය අවසන් වූයේ හිටපු ජනාධිපතිවරයා ද ඊට මැදිහත් වීමෙන් පසුවය.


එළවළු ප‍්‍රවාහණයේ දී ඇසුරුම් භාවිතය ඉතා යහපත් දෙයක් වුවත් එහිදී ඇතිවන ගැටලූවලට ද විසඳුම් තිබිය යුතුය. හිස් ඇසුරුම් සහිත වාහනය ආපසු ගමනේ දී හිස්ව පැමිණීම පාඩුවකි. වෙළඳුන්ගෙන් ලබාගෙන කරපිටින් වෙළඳ පොළට ගෙනයන නාට්ටාමිවරුන්ට ද ඒ සම්බන්ධයෙන් ගැටලූවක් මතුවේ.
ගෝනිවල දමා පලතුරු ගෙන එද්දී ගෝනිවල තවත් ඉඩ ලබාගැනීම සඳහා එම ගෝනි පොළවේ ඝට්ටනය කර තෙරපීමට ද සමහර අය පෙළඹෙති.


කොළඹට එන එළවළු පලතුරු අතරින් තැලී පොඩිවී ඉවත යන ප‍්‍රමාණය සියයට එකක්වන බව නවතම වාර්තාවක් පසුගිය දිනෙක කොළඹ මහනගර සභා මට්ටමින් සපයන ලදී.


වසරකට රටේ විවිධ ප‍්‍රදේශවලින් නිෂ්පාදනය කෙරෙන මුළු ප‍්‍රමාණයේ සියයට හතළිහක් අපතේ යාම බව කියැවේ. නමුත් එම එළවළු සැබැවින්ම යන්නේ කුණු කූඩයට ද? නැත්නම් එළවළු කූඩයටදැයි අපි විමසා බැලූවෙමු.


එළවළු ලොරිවලින් තැලී පොඩිවී ඉවත යන එළවළු ටිකට ඇහැ ගහගෙන සිටිනා බොහෝ පිරිසක් මැනිං මාකෙට්ටුවේ ගැවසෙනු අපි දුටුවෙමු. ඔවුන් අතරින් ඇතැමුන් මත්ද්‍රව්‍ය භාවිත කරන අය යැයි අපට හඳුනාගත හැකි විය. තවත් සමහරුන් නරක් වූ එළවළු එකතු කරන්නේ තම ආහාර වේලට
ගැනීමටය.


තොග වශයෙන් එළවළු ගෙනයන අයද එළවළු ගෝනියේ යටට නරක් වූ එළවළු අසුරා පෙනුම ඇති හොඳ එළවළු ගෝනියේ උඩින් අසුරයි. මේ ක‍්‍රියාවලිය බොහෝ විට සිදුවන්නේ අතරමැදියන් අතිණි.


උදේ 9.30, 10.00 පමණ වන විට මෙම වෙළෙඳපොළ පෙදෙස නිදහස්ය. නගර සභාවේ කුණු ගොඩට එකතුකරගෙන යෑමට කරපිංචා නැට්ටක තරම්වත් එළවළු කුණු මේ වෙළෙඳ පොළවල ඉතිරි නොවේ.


මෙලෙස එකතු කරගෙන යන පරිභෝජනයට නුසුුදුසු එළවළු ඉතා අඩු මුදලක් දී ලබාගන්නා අය වන්නේ ආපනශාලා හිමිකරුවන්, කෙටි ආහාර නිෂ්පාදකයන්, වඬේ, බයිට් වැනි නිෂ්පාදනය කරන්නන්ය. මැනිං මාර්කට් එකේ විශාල ලොරි රථ අතරේ සිදුවන මෙම වංචනික ක‍්‍රියාව ගැන අසල රැුදි සිටි අයෙකු අපට අදහස් දැක්විය.



කොටුව වටේම තියෙන හෝටල්වලට වැඩිපුරම ගෙනියන්නේ මේ ජාතියේ එළවළු තමයි.


කිසි කතාවක් නැහැ, හෝදන්නේ එකපාරයි. පණුවෝ හිටිය ද කුණු තිබුණ ද? මඩ තිබුණ ද? මේ කතා එකක්වත් අදාළ නැහැ. ටක් ටක් ගාලා එළවළු ලෑල්ලේ තියලා කපනවා.


එළවළු වලින් කොටසක් එළවළු බත් (ෆ‍්‍රයිඞ්රයිස්) වලට, තව ටිකක් එළවළු රොටි, මාළුපාන්, කොත්තුවලට ගන්නවා. බත්වලට හදන ව්‍යාංජනවලටත් ගන්නවා.


ඉවත දමන එළවළු ද තුන් හතර වර්ගයකට ප‍්‍රභේද කළ හැකිය.


එදිනෙදා ආදායම් සපයා ගැනීම සඳහා බත්මුල් බැඳ පාරේ තබා විකුණන අයද ඉවත දමන එළවළු භාවිතයට ගැනීම සිදුවේ.


වඩා අඩු මුදලකට ටෙන්ඩර් කැඳවා ලබාගන්නා කොළඹ අවට ආපනශාලා, විශ්වවිද්‍යාල, රෝහල්, රජයේ කාර්යාල, හිරගෙවල්වල, ආපනශාලා සඳහා දෛනික ආහාරවේල් සැකසීමේදී ගෙන එන එළවළු තොග අතරට ද මේ වර්ගයේ එළවළු රැුගෙන ඒම සිදුවේ.


දඹුල්ල සීගිරිය පැත්තේ සිට පැමිණ ගාල්කර තිබූ ලොකු ලොරි අතරේ සැඟවී සිට නරක් වූ එළවළු තෝරාගෙන ඒවා පොහොර බෑග්වල අහුරාගෙන හෙමින් සීරුවේ වෙළෙඳ සංකීර්ණයෙන් එළියට ඇදෙන්නෝ දෙතුන් දෙනෙකු අපේ ඇස ගැටිණි.


වෙළෙඳ සංකීර්ණයේ කලබලකාරී තත්ත්වය සමනය වූ පසු මෙසේ ඉතිරිවන එළවළු රැුගෙන යෑමට එන්නේ එකා දෙන්නා බැගින් වෙළඳ සංකීර්ණය දෙසට ඇදෙන්න විය.


ඒ හැරුණුවිට කලින් ඇනවුම් බාර දී එම එළවළු වෙන්කරවා තබාගන්නා අයද සිටින බව අපට දැනගන්නට ලැබිණි.


මෙම තත්ත්වය පිළිබඳව විමසා බැලීම සඳහා කොළඹ මහනගර සභාවේ ප‍්‍රධාන නාගරික පශු වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධර්මවර්ධන පෙරේරා මහතා සමග අපි සාකච්ඡුාවක් කළෙමු.


පාරිභෝජනයට නුසුදුසු එළවළු පලතුරු සැපයීමට කටයුතු කරන වෙළඳුන් සිටිනවා නම් ඒ සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවේ පශු වෛද්‍ය දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. එබඳු වංචනික ක‍්‍රියාවන් සම්බන්ධයෙන් අපි නීතිය ක‍්‍රියාත්මක කරනවා.

 


 එළවළු වෙළෙඳපොළ ආශ‍්‍රිතව සිදුවන ක‍්‍රියාවන් ගැන මහනගර සභාව නිතර නිරීක්ෂණය කරනවාද?
මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් සහ නගර සභා මට්ටමේ නිලධාරින් ඒ පිළිබඳ නිතර නිරීක්ෂණය කරනවා.


වෙළෙඳ සංකීර්ණ ආශ‍්‍රිතව මහ නගර සභාවල නිලධාරින් කිහිප දෙනෙකු දිනපතා රාජකාරියේ නිරත වෙනවා.
ගැටලූකාරී තත්ත්වයන් පිළිබඳ ඔවුන්ට ද දැනුම්දිය හැකියැයිද ඒ මහතා අප සමග පැවසුවේය.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »