අම්මා රට දුවට බබෙක්..

2015-09-19 09:54:00       827
feature-top
මේ ගෙනියන ජීවිතය ඇතුළේ හරිම පුදුම කඩඉම් අපට මුණගැහෙනවා. ඔයා හිරිමල් වියට පාතබනකොට අම්මා අප්පච්චිගෙ වගකීම, හිතේ බර වැඩිවෙනවා. ඒ ජීවිතවලට සැහැල්ලූවක් නැහැ. දරුවෝ ලොකු වෙන්න, ලොකු වෙන්න මව්පියන්ගේ හිත්වලට සැනසීමක් නැහැ. ඔයාව ලොකුමහත් කරලා ලොකු මනුෂ්‍යයෙක් කරලා විවාහ දිවියට යනකම්ම දවසින් දවස හීන ගොඩගහනවා.


ඔයා ගෙදරින් පිටත් වෙලා නැවත ගෙදර එනකම් එහෙම නැත්නම්, බෝඩිං කාමරේට යනකම් අම්මා අප්පච්චිගේ හිතේ පත්තුවෙන ගින්දර උඹලට දැනෙන්නෙ නැහැ. කර දණ්ඩ උස්මහත් වුණාට, දැලි රැවුළ ආවට, සැලූන් ගාණේ ගිහින් කොණ්ඩ හදාගත්තට, ඇපල් ෆෝන් එකක් පාවිච්චි කළාම හිතාගෙන ඉන්නේ උඹලා අම්මා අප්පච්චිටත් වඩා මහ මිනිස්සු කියලා.


මාපියන්ට පොතපතේ දැනුම නොතිබෙන්න පුළුවන්. ඒත් එයාලගේ සමාජ දැනුම මිලකරන්න බැහැ දෙමාපියො දුක් විඳින්නේ අනේ මගේ දරුවට ලස්සන අනාගතයක් හදලා දෙන්න  ඕන කියන පරමාර්ථයෙන් මිසක සල්ලි පොදි ගහගෙන රජ වෙන්න නෙමෙයි.


ඒත් අද තමන්ගෙ පේ‍්‍රමවන්තයා අම්මා තාත්තාටත් වඩා වටින සමාජයක් වෙලා. පේ‍්‍රමවන්තයා එන්නේ ඔයාගේ ගෞරවය උදුරගන්න මිසක් මව්පියෝ වගේ රැකවරණයක් දෙන්න නෙමෙයි. අද කොල්ලෙක් එක්ක යාළුවෙලා දවස් දෙකෙන් හෝටල් කාමර ගානේ රිංගන තත්ත්වයට සමාජය පත්වෙලා ඉවරයි.


ඔයාගේ ජීවිතේ සමහර දේවල් වරදින තැන්වලදි අම්මා අප්පච්චි හැමදේම දරාගෙන ඔයාට දුකක් නොදෙන්න මොන තරම් පීඩනයක් දරාගෙන ඉන්නවද?


මේ ජරා ජීර්ණ වෙච්ච සමාජය ඇතුළෙ කෙල්ලො කොල්ලො කියලා නැහැ. ජීවිත බිලි ගන්න බලාගෙන ඉන්න රාක්‍ෂ ඇස්වලින් පිරිලා. පාසල් වියේදි නොවටිනා දේවල් තමන්ගේ ජීවිතේ වටිනාම දේ කරගන්න ගිහින් ජීවිතේම කඳුළු කතාවක් කරගත්ත තවත් අනුවේදනීය පුවතක් මෙසේ සටහන් තබන්න සිතුවා.

 

අමායා කියන්නේ කොළඹ ප‍්‍රදේශයේ මධ්‍යම පාන්තික පවුලක ජීවත් වුණු පවුලේ එකම දරුවා. බැලූ බැල්මට ඇගේ බටහිර පෙනුම දෙවරක් හැරී බලන්නට තරම් ආකර්ෂණීය රූසපුවක් වුණා. අමායගෙ මව්පියෝ වසර ගණනාවක්ම රැුකියාව කළේ විදේශ ගතවෙලා.


අතුලගෙත්, මානෙල්ගෙත් හිතේ පැලපදියම් වෙච්ච දරු සිහිනය සැබෑ වුණේ මීට වසර පහළොවකට ඉහතදී. ඒ තමයි අමායා. ඒ වන විටත් ඔවුන් හිටියේ විදේශගත වෙලා. පුංචි පැටියවත් කුස දරාගෙන ඒ නැවුම් බලාපොරොත්තුත් සමග මානෙල් ලංකාවට ආවේ තම කුළුඳුල් දරුවගේ උපත සිදු කරන්න. වසර දෙකක පමණ කාලයක් ලංකාවේ සිටි මානෙල් පුංචි අමායව ඇගේ මිත්තණියගේ උණුහුමට ළංකරලා නැවත මාස හයකට විදේශගත වෙලා නැවත ලංකාවට ආවේ වසර තුනක දීර්ඝ  නිවාඩුවකුත් අරගෙන. ඒ අතුලගේ බලවත් පෙරැුත්ත කිරීම පිට.


පුංචි අමායා පොඞ්ඩක් දුව පැන ඇවිදිනකම් කියලා මානෙල්ට අතුල රැකියාවෙන් ඉවත් වෙන්න කිව්වාත් ඇය ඉවත් නොවී නිවාඩු අරගෙන ආවේ නැවත විදේශගත වීමේ බලාපොරොත්තුවකින්.


නැවත වසර තුනකට පසු ඇය ඩුබායි තම ස්වාමියා සේවයේ නියුතු සමාගමේම රැකියාවට යන්න තීරණය කළේ තම එකම දියණිය වුණ අමායට සැපවත් ජීවිතයක් ලබා දෙන්න  ඕන කියන හීන බලාපොරොත්තු පොදි බැඳගෙන. එහෙත් මානෙල් නැවත විදේශගත වීම පිළිබඳව මානෙල්ගේ මව තදින්ම විරෝධය දැක්වුවත් දුව වෙනුවෙන් පුංචි මිනිපිරි (අමායා)ගේ වගකීම භාරගන්න ඇයට සිදුවුණා.


ඇයි බං දැන් අවුරුදු ගාණක්ම ඔය මුහුදෙන් එහා හිටියා නේද?


දැන් මේ කෙල්ලවත් හදාගෙන ගෙදර හිටපං අතුල එවන පඩිය මදැයි බං අපට ජීවත් වෙන්න


එහෙත් අම්මගේ විරෝධය මැද්දේ ඇය නැවත අතුල ළඟට යන්න තීරණය කළා.


අපිට හැමදාම රට රාජ්‍යවල ඉන්න බෑනේ අම්මේ... කෙල්ලට හොඳට උගන්නන්න  ඕන. අපේ කාලේ වගේ නෙමෙයි අම්මෙ දැන්... හැම දේටම සල්ලි  ඕන


අතුලට එන්න බැරි වුණත්, මට මාස හයෙන් හයට ඇවිත් යන්න පුළුවන්නේ...


මානෙල්ගෙත් අම්මගෙත් වාද මද්දේ පුංචි අමායව මිත්තණියට ළංකරලා ඇය විදේශගත වුණා.


කාලය ඉක්මණින් ගෙවී ගියේ ඔවුන්ටත් නොදැනීමයි. ගෙදර සුරතලය ලබන දඟකාරී ඇය ශිෂ්‍යත්ව විභාගය වන තෙක් රජයේ පාසලේ අධ්‍යාපනය ලැබුවද පසුව කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබීමට වරම් හිමිවූවාය. ඒ අතරතුර ඇය මල්වරවියට පාතැබුවාය. අවුරුදු එකොළහක් තරම් පුංචි වයසකදී ඇය මල්වර වියට පත්වුවත් ඒ පිළිබඳ දැනුම් තේරුමක් ඇයට තිබුණේ නැත. එහෙත් නොතේරුම් අවධියේ මල්වර වියට පත්වූ අමායාගේ වැඩිවියට පත්වීමේ උත්සවය උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට අතුලත්, මානෙලූත් කටයුතු කළේ ඉහළ පෙළේ හෝටලයකය.


අමායා මේ හැමදේම කරන්නේ ඔයා වෙනුවෙන්. තාත්තයි මමයි එහෙට වෙලා රස්සාව කරන්නේ ඔයාට ලස්සන අනාගතයක් හදන්න


දැන් ඔයා පොඩි ළමයෙක් නෙමෙයි


මම ඔයාගේ වැඩිවියට පත්වීමේ උත්සවයට ගෙන්නුවේ රටේ ජනප‍්‍රිය සංගීත කණ්ඩායමක්, උත්සවය ගත්තේ කොළඹ ලොකු හෝටලයක. ඔයා අපිට කීකරුව හිටියොත් ඔයාගේ වෙඩින් එක ගන්නේ මම ලංකාවේ කවුරුත් නොගත්ත විදිහට. ඒක තාත්තගෙයි මගෙයි ලොකු හීනයක්.


වැඩිවියට පත්වෙච්ච දියණියට මවකගෙන් ලැබුණු උපදෙස් තමයි ඒ. මල්වර විය කියන්නේ ගැහැණු දරුවෙකුගේ හෝමෝන වර්ධනයේ එක් ක‍්‍රියාවලියක් විතරයි. ඒ දේට අපේ සංස්කෘතිය ඇතුළේ බැඳිච්ච චාරිත‍්‍ර වාරිත‍්‍ර තියෙනවා. ඒ දේවල් මුළු ලෝකෙටම අණබෙර ගහලා කරන්න  ඕන දේවල් නෙමෙයි. ඒක විශේෂයෙන්ම අම්මෙකුගෙ වගකීමක්. මානෙල්ගෙ මේ ක‍්‍රියාකලාප ගැන හිතන්න ඔබට භාර කරනවා ඇරෙන්න වෙන කළයුත්තක් නැහැ.


ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය හැදෑරූ ඇය අධ්‍යාපනයට සාමාන්‍ය දක්‍ෂතාවක් දැක්වුවද පාසලේ බාහිර විෂයන්ගෙන් අති විශිෂ්ට ලෙස දස්කම් පෑවාය.

සුරූපිණියක් බඳුවූ ඇයගේ රූපය පාසලේ ඉතා ජනප‍්‍රිය රුවක් වූයේ බටහිර තූර්යවාදක කණ්ඩායමේ නායිකාව ලෙස පත්වූ රූමතිය ලෙසය. කොළඹ
නගරයෙත්, ඉංග‍්‍රීසි පාසලත්, මේ විශ්මජනක ආයිත්තම්වලින් පිරි පරිසරයත් සමග ඇය බටහිරකරණය වූ ජීවිතයට වැඩි නැඹුරුවක් දැක්වූවාය. දවසින් දවස නව යෞවනියක ලෙස පාතබන ඇයට පාසලේ, පාරේ තොටේ තරුණයන්ගෙන් ආදර ඇරියුම්ද නොඅඩුව ලැබුණි. එහෙත් පේ‍්‍රමය නැමැති රාගය ඇගෙ ජීවිතය අකාරුණික ලෙස අඳුරු සේයා පටලයකින් වැසී ගිය ඒ අඳුරු කථාවට අමායා හඬ අවදි කළේ මේ විදිහට.


මම ගොඩක් සැප විඳපු කෙනෙක්. මම පුංචි කාලේ ඉඳලම අම්මයි තාත්තයි විදේශගත වෙලා හිටියත්, අම්මා මාස හයෙන් හයට මාව බලන්න ආවා. මම ඉල්ලපු හැමදේම අම්මයි, තාත්තයි අරන් දුන්නා. කිසිම දේකින් අඩුවක් කළේ නැහැ. මම ලොකු ළමයෙක් වුණ වෙලාවේ වෙඩින් එකක් ගන්න තරම් ලොකුවට උත්සවය ගත්තා. ඒ මම පවුලේ එකම දරුවා නිසා. මම ආච්චිගෙ ළඟ හැදුනත් (තාත්තගෙ මල්ලි) බාප්පා තමයි මාව ඉස්කෝලේ උපකාරක පන්ති එක්කගෙන ගියේ. බාප්පා හරිම සැරයි. බාප්පා සැර වුණත් මම පුංචිකාලේ ඉඳලා හරිම හිතුවක්කාරයි. එකට එක කියනවා. මට සැර කළාට කවරදාවත් බාප්පවත්, ආච්චිවත් ගහලා නැහැ. මට  ඕන දේ තමයි මම නිතරම කළේ.


ඔය අතරතුර පාසලේ මට ඉහළ පන්තියේ පිරිමි ළමයෙක් එක්ක මගේ පේ‍්‍රම සම්බන්ධයක් තිබුණා. එයා ලසිත්.. අපේ පේ‍්‍රම සම්බන්ධෙ මාස හයක් විතර කිසිම ප‍්‍රශ්නයක් නැතුව පවත්වාගෙන ගියා. දවසක් පාසල් ඇරිලා ලසිත් අයියා එක්ක බස් එකේ ගෙදර එද්දි බාප්පට අපි දෙන්නව අතටම අහුවුණා. එදා ලසිත් අයියට බාප්පා ඒ වෙලාවෙම කනට ගහලා මාවත් ඇදගෙන ගෙදර ගියා. එදා බාප්පා මට හොඳටම ගැහුවා. මම කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වා අම්මාට නම් කියන්න එපා. මම ඒ සම්බන්ධෙ නතර කරන්නම් කියලා. එදා එහෙම පොරොන්දු වෙලා ගියත් ලසිත් අයියා ඉදිරියේ මාව අමතක කරන්න කියන්න තරම් මට ශක්තියක් තිබුණෙ නැහැ.


ඒ සිදුවීම්ත් එක්ක ගෙදර මාව හිරකාරියක් වුණා. ඒත් පාසලේ යාළුවන්ගෙ උදව්වෙන් අපි දෙන්නා කථාබහ කළත්, මුණගැහෙන්න තරම් පරිසරයක් තිබුණෙ නැහැ.


ඒත් මාස තුනක් විතර ගියාට පස්සෙ බාප්පා මගේ පස්සෙන් පන්නන එක ටිකක් මඟඇරුණා. පාසල නිම වුණාට පස්සේ අපිට හැමදාම වගේ පාසලේ හවස අමතර පන්ති තිබුණා. ඒ දවස්වලට තමයි අපි ගොඩක් මුණ ගැහුණේ.


ලසිත් සහ අමායාගේ පේ‍්‍රම සම්බන්ධයට වැට කඩුළු බැඳුණේ මාස කිහිපයක් විතරයි. නැවතත් සුපුරුදු විදිහට ලසිත්ගෙත් අමායගෙත් පේ‍්‍රමය ලැගුම්හල් තුළ වැඩෙන්නට පටන්ගත්තේ පෙර ලෙසටමය. කාලයත් සමග බොහෝ දේ සිදුවිය. දිනක් අමායාගේ ශරීරයට දැඩිසේ වෙනස්කම් රාශියක් දැනෙන්නට විය.
අනේ ටීචර් අමායා ක්ලාන්තය වෙලා ඇද වැටුණා


සිහිසුන්ව සිටි අමායා මඳ වෙලාවකින් පියවි සිහියට පැමිණියත් ඇය කුමක් හෝ ශරීර අපහසුතාවකින් පෙළෙන වග ඇයගේ ගුරුවරියට වැටහිණි.
අමායා අපි ඩොක්ටර් කෙනෙක් ළඟට යමු. මම ආච්චිට කෝල් එකක් දීලා කියන්නම්.


ඕනේ නැහැ, ටීචර් මට දැන් හොඳයි. උදේ රැස්වීමට ගොඩක් වෙලා අව්වේ හිටිය නිසා වෙන්න ඇති ක්ලාන්ත වෙන්න ඇත්තේ.


බැහැ බැහැ එහෙම කියලා බැහැ. ඔයාට වමනෙත් ගියානෙ දරුවො. අපි කෝකටත් ඩොක්ටර් ළඟට යමු.


අමායාට කිසිවක් සිතාගත නොහැකි විය.


ගිනිගත් මනසින් ඇයට මැවී පෙනුනේ නිවසේ සිටින බාප්පාය.


දෙවියනේ මොනවහරි වෙලා තිබුණොත් බාප්පා මාව මරයි


වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව පරීක්‍ෂණ කිහිපයකට ලක් කෙරුණු අමායාගේ වාර්තා දින දෙකකින් වෛද්‍යවරයා අමායාගේ මිත්තණියට ඉදිරිපත් කළේය.


මේ වාර්තා අනුව ප්‍රෙග්නන්ට් බවක් තමයි පෙනී යන්නේ


වෛද්‍යවරයාගේ වදන් හමුවේ මිත්තණියගේ ඉහ මොළ ගිනිගත්තේය. මරුවා වේසයෙන් ගෙදර ඉගිල්ලූණු මිත්තණිය ගෙදර පැමිණියේ අතුලටත් මානෙල්ටත් ෆැක්ස් පණිවිඩයක් යවමිනි. මව්පියන් ලංකාවට පැමිණෙන විට තම එකම දියණිය ළමා ගැබිණියක් ලෙස පරිවාසගතවී හමාරය. තම දියණිය වෙනුවෙන් කන්දක් තරම් හිතේ පොදිගැසී තිබුණු බලාපොරොත්තු බොඳවී යන්නට ගියේ නිමේශයකි.


තරුණ දියණියන්ට, මව්වරුන්ට සිතන්නට බොහෝ දේ අමායාගේ කඳුළු තුළ සලකුණු වී ඇත. ආදරයේ සහ රාගයේ අනවබෝධය අද ඇයගේ මුළු ජීවිතයම බිලිගෙන හමාරය.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »