රත්තරන් වලට වඩා වටින මුහුදු කූඩැල්ලෝ (සී කියූකම්බර්)

2015-09-10 10:16:00       832
feature-top
මුහුදු කූඩැල්ලන් (සී කියූකම්බර්) යනු ලොව මිලාධිකම ආහාරයකි. නමුත් චීන විද්‍යාඥයින් විසින් මෑතකදී සිදුකරනු ලැබූ සුවිශේෂී අධ්‍යයනයකට ස්තුතිවන්ත වෙන්න, තවත් නොබෝ දිනකින් එය ලොව මිලාධිකම ආහාරයක් වෙන එකක් නැහැ.

මුහුදු කූඩැල්ලන් අතරින් සුදු මුහුදු කූඩැල්ලන්ට තමයි සුවිශේෂී තැනක් හිමිවන්නේ. ඉතාමත් දුර්ලභ රසවත් චීන ආහාරයක් වන සුදු මුහුදු කූඩැල්ලන්ගෙන් ග්‍රෑම් එකක් රත්තරන් වලට වඩා වැඩි වටිනාකාකින් යුතු බව පැවසුවොත් ඔබ පුදුමයට පත්වේවි. ප්‍රථම වරට මෙම සත්වයින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා අලුත් මාවතක් පර්යේෂකයින්ට විවර වී ඇතිබව නොදුටු ලෝකයට වාර්තා වෙනවා.

මුහුදු පතුලේ වෙසෙන මෙම ජීවියාගේ ශරීරය ඉතාමත්ම මෘදු බවකින් යුක්තයි. සෑම මුහුදු කූඩැල්ලන් 200,000 ක් අතරින් එක් මුහුදු කූඩැල්ලේක් දුර්ලභ ලෙස විකුර්ති වෙනවා. එලෙස විකුර්තිවීමට භාජනය වෙන මුහුදු කූඩැල්ලන් අසාමාන්‍ය ලෙස සුදු පැහැයක් ගන්නවා. අන්න ඒ විදියට තමයි ඉහල වටිනාකමකින් යුතු සුදු මුහුදු කූඩැල්ලන් නිර්මාණය වෙන්නේ.ල දෙදාි

එම සුදු මුහුදු කූඩැල්ලන් ගෙන් පැවත එන පැටවුන්ට මව් පියන්ගේ ගති ලක්ෂණය හිමිවන්නේ නැහැ. සුදු මුහුදු කූඩැල්ලන්ගේ අසාමාන්‍ය වර්ණය නිසා විලෝපිතයින්ගෙන් ආරක්ෂාවී සිටීමට අපහසුයි, එම නිසා තරුණ වියේදීම ඔවුන් මරණයට පත්වෙනවා.ල පැ්ක චක්බ

එම හේතූන් නිසාවෙන් මෙම සත්වයින් සොයාගැනීම ඉතාමත්ම අපහසුයි. එම දුර්ලභත්වය නිසාම ඔවුන් ඇදහිය නොහැකි වටිනාකමකින් යුතු වෙනවා. හොඳින් වැඩුණු සුදු මුහුදු කූඩැල්ලේක් ග්‍රෑම් 200ක් තරම් බරකින් යුතු අතර, එවැනි සත්වයෙක් ඇමරිකානු ඩොලර් 16,000 (රුපියල් ලක්ෂ 21) මුදලකට අලෙවි කරන්නට පුළුවන්. ග්‍රෑම් එකක මිල රත්තරන් වල වටිනාකම මෙන් දෙගුණයකටත් වඩා වැඩියි.

ඇතැමුන් විශ්වාස කරන පරිදි, පිළිකාවන් පවා සුවකරන සුවිශේෂී ගුණාංගයන් ගණනාවක්ම එම මුහුදු ජීවීන් සතුව තිඛෙනවා.

නමුත් සොයාගැනීමට ඇති අපහසුව නිසා එහි ඇති සෞඛ්‍යයම වටිනාකමින් වැඩි ප්‍රයෝජනයක් ලබාගැනීමට නොහැකිවී තිඛෙන බව යැන් හොන්ෂෙන් මහතා පවසනවා. ඉහත සඳහන් කරනු ලැබූ පර්යේෂණ කටයුතු සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරන විද්‍යාඥයා ඔහුයි.ල ජදදනසබට ජදමරිැ

ඊට අමතරව මෙම ජීවියාගේ මාර්ගයෙන් මුහුදු ජීව විද්‍යාවේ අභිරහස් ගණනාවක්ම විසඳා ගැනීමට හැකියාව තිඛෙනවා. ග්‍රීෂ්ම සමයේදී තමා විසින්ම සිසිල් වීම, බඩවැල් පිටකිරීම සහ නැවත වර්ධනය කරගැනීම සහ මරණයට පත්වන විට කිසිඳු සලකුණක් නොතබා ශරීරය දියකරන රසායනිකයක් නිකුත්කිරීම වැනි විශ්මිත හැකියාවන්ද මෙම ජීවියා සතුව ඇති බව නොදුටු ලෝකයට වාර්තා වෙනවා.

මෙවැනි සුවිශේෂී වටිනාකමකින් යුතු සත්වයින් දුර්ලභ වීම තමයි මුහුණ දීමට සිදුවී තිඛෙන විශාලම ගැටලුව වන්නේ. නමුත් චීන විද්‍යාඥයින් විසින් සිදුකරනු ලැබූ සාර්ථක පර්යේෂණ වලින්, තවත් නොබෝ දිනකින් ජාන වෙනස් කොට නිර්මාණය කරනු ලැබූ සුදු මුහුදු කූඩැලි පැටව් මිලියන 150ක් පමණ නිෂ්පාදනය කරන්නට හැකියාව ලැබේවි.ල ක‍යසබැිැ ්දෙදාි

එම නිසා ඉදිරියේදී සුදු මුහුදු කූඩැල්ලන්ගේ වෙළඳ පොළ වටිනාකම සාමාන්‍ය මිලගනනක් දක්වා පහත වැටෙනු ඇති බව විද්‍යාඥයින් පවසනවා.

නුතන නවීන විද්‍යාව ලැබූ නවතම ජයග්‍රහණයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. එම නිසාම තමයි නොදුටු ලෝකයෙන් ඔබව දැනුවත් කරන්නට අප තීරණය කලේ.

wishmaya.com


More News »