ඇමැතිතුමාගේ අනියම් පේ‍්‍රමය

2015-08-15 09:54:00       826
feature-top
දිනයක නිමාව සටහන් වුණා. වලා ගැබ අතරින් සෙමෙන් සෙමෙන් සිසි කිරණ එබිකම් කරන්නට වුණා. පොසොන් සිරියෙන් බැබළුණ පුන්‍ය භූමියට පැමිණ සිටි ඇත්තන් අතර ඇය දෑත් දෝවනය කර චෛත්‍ය රාජයාණන් දෙසට පියමන් කළේ බැතිබර සිතින්. එහිදී ඇයගේ නෙතට සුපුරුදු රුවක් හමුවුණා.  

 


ආ අශෝකා


කෝ තාත්තා පන්සල් ආවෙ නැද්ද?


වෙහෙර අසල සිටි රන්ජන් මාමා අශෝකාගෙන් එසේ ඇසුවේ ඇයගේ පියා අහල පහල පේන්න හිටියෙ නැති නිසා.


නෑ මාමෙ තාත්තා ගෙදර. ඇඟට හරි නෑ කියලා නැවතුණා.


එසේ කියමින් අම්මාත් සමඟ චෛත්‍ය වෙත ගිය අශෝකා මේසය මත ගොඩ ගසා තිබූ මල්වට්ටවලින් එකක් තෝරාගත්තා. අනතුරුව ඇය ඉන් වට්ටියක් ගෙන මල් වට්ටිය මත ලස්සනට මල් ඇතිරුවෙ හරිම අපූරුවට.


අම්මේ මල්වට්ටි දෙක හරි. අපි දැන් වඳින්න යමු.


මේ මල්වලට පැන් ඉස්සෙ නෑනෙ නේද? පැන් ටිකක් ඉහගෙන එන්න. අම්මා අශෝකාට එසේ කියමින් බුදුන් නමදින ස්ථානයට ගියා. මල්වට්ටි ටික අතට ගත් අශෝකා පැන් කරාමය වෙතට ළං වී ඉන් මල්වට්ටිවලට පැන් ඉස්සෙ දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන.


ඔයත් අද පන්සල් ආවද?


සුපුරුදු කටහඬක් ඇසුණු බැවින් අශෝකා වහාම පිටුපස බැලූවා.


අනේ ගැමුණු ඔයා. කොයි වෙලාවෙද ආවෙ?


මේ දැන් ආවෙ අර ඉන්නෙ අම්මයි තාත්තයි.


බෝධිය අසල මල් පූජා කරමින් සිටි අම්මාවත්, තාත්තාවත් ගැමුණු අශෝකාට පෙන්නුවේ ඒ අතරතුරදී. එදායින් පසු දින කීපයකදීම ගැමුණුට අශෝකා හමුවුණා. ඒ සෑම අවස්ථාවකදීම ගැමුණු අශෝකා සමඟ සුහද ලෙස කතා බහ කළා. ඇයගේ දුක සැප විමසා බැලීමද ගැමුණුගේ පුරුද්දක් වුණා. අශෝකාද ඊට අකමැත්තක් පෙන්නුවෙ නැහැ. මෙලෙස වසර කිහිපයක්ම පැවති ඔවුන්ගේ මේ මිතුදම කාලයත් සමඟ ආදරයක් බවට පෙරලෙන්නට එතරම් කාලයක් ගතවුණේ නැහැ. අශෝකාත් ගැමැණුත් තැන් තැන්වල සිට කතා බස් කරනවා දැක කිහිපදෙනෙක්ම ඔවුන්ගේ සම්බන්ධය ගැන අශෝකාගේ මව්පියන්ට පවසා තිබුණා.


ඒ සියල්ලම එසේ නිවසට ආරංචි වෙද්දි එක් දිනක් අශෝකා අමතර පන්තියකට ගොස් නැවත නිවෙසට පැමිණියා. ඒ අතරතුර ඇයගේ පියා පුවත්පතක් බලමිනුයි හිටියෙ.


අශෝකා ඔහොම නවතිනවා.


උඹට පිස්සු හැදිලද? ඇත්තටම ලැජ්ජාවක් නැද්ද කොල්ලොත් එක්ක තැන් තැන්වල කතා කර කර ඉන්න.


තාත්තාගේ මුහුණ දෙස බැලූ අශෝකා ගොළු වී සිටියේ ඇයට කියන්න කිසිම දෙයක් තිබුණෙ නැති නිසා.


උඹ කරන වැඩවලින් මටයි අම්මටයි තමයි පාරෙ බැහැලා යන්න බැරි වෙන්නෙ. පුළුවන්නම් ඒ ටිකත් කරලා අපේ මූණෙ දැලි ගාපං. මම මේ පළමු සහ අවසාන වතාවට කියන්නෙ තමුන්ගේ එහෙම සම්බන්ධයක් තියෙනවනම් දැන්ම නවත්තන එකයි ඇත්තෙ මම නරක මිනිහා නොකර. තාත්තා එසේ පවසා සිටියදීත් අශෝකා නිහඬව සිටියේ ඇය කරන්නේ වරදක් බව දන්න නිසා.


ඇය තාත්තාගේ මුහුණ දෙස හෙමින් බලන විට ඔහුගේ මුහුණ කෝප ගින්නෙන් දැවෙනවා දුටු අශෝකාගේ සිතට ඇතිවුණේ දැඩි බියක්. පුවත්පතත් විසිකර දමා කාමරය වෙත පියනැඟූ තාත්තා සමඟ අශෝකාට වචනයක්වත් කතාකර ගත හැකි වුණේ නැහැ. එතැන් පටන් අශෝකා ගැමුණු සමඟ තිබූ සම්බන්ධකම් ටිකෙන් ටික අඩු කරන්නට වුණා. ඇයගේ මේ වැඩ නිසා ගැමුණුගේ සිත හොඳටම පෑරිලයි තිබුණෙ. ඒත් අම්මගෙ තාත්තගෙ හිත රිදවන්නත් ඇය කැමති වුණේ නැහැ. අශෝකාගේ මේ සම්බන්ධකම් නිසා ඇයගේ මව්පියන් ඒ කාලයේ ඇය විවාහ කරදීම සඳහා කෙනෙකු සොයමිනුයි හිටියෙ. ඒ සෙවු කිසිම කෙනෙකුට අශෝකා කැමැත්තක් දැක්වුවේ නැහැ. ඇය ඒ යෝජනා සියල්ලම ප‍්‍රතික්ෂේප කළේ ඇයට ගැමුණුව අමතක කළ නොහැකි නිසා. එසේ තමා ආදරය කළ පෙම්වතා අමතක කරන්න කියද්දි ලොකු වේදනාවක් දුකක් හිතට දැනෙන්නෙ දරාගත නොහැකි ලෙසින්ය. ඒ ගැන හිතන විටත් ඇයගෙ සිත ගිනිගන්නාක් මෙන් දැවෙන්නට වුණා.


දුවේ ඔයා මේ මොකද්ද කරන්නෙ? ඔයා බඳින්නේ නැතිව ඉන්නද හදන්නෙ? තාත්තත් මේ ගැන හරිම දුකෙන් ඉන්නෙ... ඇයි ඔයා අපිට මෙහෙම දුක් දෙන්නේ? අශෝකාගේ අම්මා ඇයට එසේ කියා සිටියේ දැඩි සිත් වේදනාවක් හිතේ තියාගෙන.


අනේ අම්මෙ මට පාඩුවෙ ඉන්න දෙන්න. මට දැන්ම බඳින්න බෑ... ඒ මොහොතේ පොතක් කියවමින් සිටි අශෝකා අම්මාට එසේ උත්තර දුන්නෙ  ඕනෑවට එපාවට. තම මව්පියන් කොතරම් පෙරැුත්ත කළත් ඇය විවාහ යෝජනාවකට කැමති වුණේ නැහැ. අවසානයේ ඔවුන්ගේ ආදරයට මොන බාධා පැමිණියත් ඒ සියලූ හැලහැප්පීම් මැඬගෙන අශෝකා ගැමුණු හා විවාහ වුණා. ඉන් අනතුරුව අශෝකාගේ මව්පියන්ගේ සිත් දිනාගැනීමටද ගැමුණුට හැකියාව ලැබුණා. ඒ සියල්ලත් සමඟින් අශෝකා සහ ගැමුණු ඉතා සතුටින් තමයි ජීවත් වූණේ. ඔවුන්ගේ විවාහ උත්සවයද ඉතා ජයට පැවතුණා. නගරයේ හෝටලයක පැවති මේ විවාහ උත්සවයට බොහෝ පිරිසක්ද සහභාගි වුණා. එසේ දින සති මාස ගෙවී යද්දි ඔවුන් දෙදෙනා විවාහවෙලා වසර පහකුත් ගතවෙලා ඉවරයි. ඒ වෙද්දි ඔවුන්ට අවුරුදු තුනක දරු පැටියෙකුත් ඉන්නවා. ඒ විවාහයෙන් පසුව වුණත් රැුකියාවක් කරන්න අදහසක් අශෝකාගෙ සිතේ පැලපදියම් වෙලයි තිබුණෙ. ඒත් ඒ අදහසට ගැමුණු කිසිසේත්ම කැමැත්තක් දැක්වුවේ නැහැ. ඇය දෙතුන් වතාවක්ම ඒ පිළිබඳව ගැමුණුගෙන් අසා සිටියත් ගැමුණු ඒ යෝජනාව ප‍්‍රතික්ෂේප කළා.


ඔයාට මොන රස්සාද? මම හැමදාම ඔයාට කියනවනෙ දරුවගෙ වැඩ ටික කරගෙන ගෙදරට වෙලා ඉන්න කියලා. මම හම්බ කරන ඒවා මදිද අපිට කාලා බීලා ඇඳ පැලඳගෙන ජීවත්වෙන්න. අශෝකා දෙතුන් වතාවක්ම එසේ කියු විට ගැමුණු උත්තර දුන්නෙ ඒ විදියට. ඉන් අනතුරුව අශෝකාගේ හිතේ රැුකියාවක් පිළිබඳ තිබූ බලාපොරොත්තු සියල්ලම සිතින් අයින් කරගත්තෙ නැවතත් ඒ පිළිබඳ ගැමුණුගෙන් නොඅසන ලෙස හිතට ගනිමින්.


කාලය ගෙවී ගියේ ඉතා වේගයෙන්. එදා ඉරිදා දිනයක්. අශෝකා දරුවා සමඟ කාමරයට වී සේ ඇඳුම් නමමින් සිටියා... ඒ මොහොතේ සාලය දෙසින් විශාල ශබ්දයක් ඇසෙන්නට වුණේ ඔවුන් බලාපොරොත්තු නොවුණු අන්දමට.


අශෝකා. අශෝකා.
ඊළඟට ඇයට ඇසුණේ ගැමුණුගේ කෙඳිරිලි හඬක්. එය කනවැකුණු අශෝකා ඒ මොහොතේම වහාම සාලය වෙත දිව ගියේ අඩියට දෙකට. ඇය එහි යනවිටත් ගැමුණු කෑ මොර දෙමින් පපුව අල්ලාගෙන සාලයේ ඇද වැටිලයි හිටියෙ. එය දුටු අශෝකා මහ හඬින් කෑ ගසා අසල නිවසක සිටි අයෙක් කැඳවාගෙන වහාම රෝහල වෙත ගෙන ගියේ හිත දැඩි ලෙස ශක්තිමත් කරගෙන. ඒ ගෙනයන විටත් ගැමුණුගේ අසනීප තත්ත්වය උත්සන්න වෙලයි තිබුණෙ. එයින් පසුව දවස් කීපයක්ම ගැමුණු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාරවලට යොමු කරලයි තිබුණෙ.


ගැමුණු හිටි හැටියෙම අසනීප වුණ නිසා අශෝකාට සිතේ දැඩි බියක් දැනෙන්නට වුණා. ඇය ඒ පිළිබඳව කල්පනා කළේ ඇයට දැන් කාත් කව්රුත් නොමැති නිසා. අම්මාත්, තාත්තාත් දෙදෙනාම පසුගිය කාලයේ ඇය තනිකරදා ගිහිනුයි හිටියෙ. ඒ සියලූම දේවල් මතකයට නැඟුණු ඇයගේ දෙනෙතෙහි නැඟුණු කඳුළැලි මුහුණ පුරා රූරා වැටීගෙන එමින් තිබුණෙ හරිම ශෝචනීය විදිහට. මේ ආරංචිය දැනගත් බොහෝදෙනා ගැමුණුගේ නිවෙසටත්, රෝහලටත් පැමිණියා. පසුදා රෝහල වෙත ගොස් වෛද්‍යවරයා හමු වූ අශෝකාට දැකගත හැකි වුණේ ඇය කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දෙයක්.


ගැමුණුට වැළඳී තිබුණේ පිළිකාවක්. ඇය ඒ මොහොතේ වික්ෂිප්ත වුණා. කරකියා ගන්නට කිසිම දෙයක් තිබුණෙ නැහැ. ඇය එතැනම මහා හයියෙන් හඬන්නට වුණේ දුක දරාගත නොහැකිව. මුළු ලෝකයම ඇගේ හිස මත කඩා වැටුණාක් මෙන් තමයි ඇයට දැනෙන්නට වුණේ.


අඬන්න අපා. අපි මොනවාහරි කරන්න බලමු. ඔයාගෙ මහත්තයව හොඳ කරගන්න. වෛද්‍යවරයා එසේ කියා සිටියේ ඇයව සනසවන්නට මෙන්. ඒත් පලක් නොවන බව වෛද්‍යවරයා හොඳටම දැන සිටියා. ඒ වෙද්දිත් ගැමුණුව ගොඩගන්න බැරි විදියට ඔහුගෙ ඇඟ පුරාම පිළිකාව ඔඩු දුවලයි තිබුණෙ. ගැමුණුට ජීවත් වෙන්න වරම් ලැබුණෙ නැහැ. ඔහු අශෝකාටත් නොකියාම අවසන් ගමන් ගියා. තම ස්වාමියා තමා සහ දරු පැටියා මේ ලෝකය හැරදා ගිය ප‍්‍රවෘත්තිය දරාගන්නට ඇයට හැකි වුණේ නැහැ. අශෝකාගේ හිතට දැනුණු දුක, වේදනාව මෙතකැයි කියා කියන්නට බැහැ.


ඇය දවස් ගණනක් පුරා තම දරුවාත් තුරුලූ කරගෙන හඬා වැලපුණා. හරියට කෑමක් බීමක්වත් ගත්තෙ නැහැ. එයින් පලක් නොවන බව දැනගත් ඇය හිත ශක්තිමත් කරගෙන ජීවත්වෙන්නට වෙර දැරුවා.


කාලයාගේ ඇවෑමෙන් දැන් ගැමුණු නැතිවෙලා අවුරුදු 08ක් පමණ ගතවෙලා ගිහින්. ගැමුණු සේවය කළේ බැංකු ලිපිකරුවෙක් විදියට. ඔහුගේ විශ‍්‍රාම වැටුප් සෑම මසකම අශෝකාගේ අතට ලැබුණා. වතුපිටිවලින් ලැබුණු ආදායමත්, ගැමුණුගේ විශ‍්‍රාම වැටුපත් ඇයට ජීවත්වීමට හොඳටම ප‍්‍රමාණවත්. ඒත් තනිව නිවෙසට වී සිටින්නට අශෝකා කැමති වුණේ නැහැ. එය ඇයට ලොකු පාළුවක්, තනිකමක් ගෙන දුන්නා. ඒ නිවෙසේ සිටින මොහොතක් පාසා ඇයට ගැමුණු සිහියට නැඟුණා. ඔහුගේ කතා බහ සියලූම දේ සිතුවම් පෙළක් මෙන් දිස්වන්නට වුණා.


ඒ මොහොතේ ඇය තරයේ සිතට ගත්තේ රැුකියාවක් සොයා ගැනීමේ අධිෂ්ඨානය. ගැමුණුගේ හොඳම යහළුවා වන සංජීවගෙන් ඇයට රැුකියාවක් සොයාදෙන මෙන් ඇවිටිලි කරන්නට වුණා.


ඇයි අශෝකා හදිසියේම රැකියාවක් කරන්න හදන්නෙ?


ගෙදර ඉන්න බෑ. සැරින්සැරේ ගැමුණු මතක් වෙනවා. රස්සාවකට ගියොත් ඒ සියල්ලම අකාමකාවෙලා යයි. නැත්නම් මට මෙහෙම ඉඳලා පිස්සු හැදෙයි.
හොඳයි මම බලන්නම්. මම දන්න කියන ඇමතිකෙනෙක් ඉන්නවා මගෙ යාළුවෙක්. සංජීව එසේ පවසා සිටියේ අශෝකාගේ සිතට සැනසිල්ලක් ලබාදීමට මෙන්.


පසුදා උදෑසන දරුවා ලකලැහැස්ති කරගත් අශෝකා ඇයව පාසල වෙත ගෙනයන්නට වුණා. ඒ යන අතරමඟදි අශෝකා දුටු සංජීව ඇයට කතා කළා.
අශෝකා ඔයාගෙ වැඬේ හරි යයි. මම ඇමැතිතුමා එක්ක ඔයාගෙ වැඬේ ගැන කතා කළා. හෙට උදේ 9 වෙද්දි ඇමැතිතුමාගෙ කාර්යාලයට යමු. මාත් එන්නම්. පසුවදා උදෑසනම සංජීව සමඟින් අශෝකා ඇමැතිතුමා හමුවන්නට ගියේ රැුකියාවක් බලාපොරොත්තුවෙන්. මම මොනවහරි කරන්න බලන්නම් ඇමැතිතුමා ඇය දෙස බලමින් පැවසුවා. ඒ වචනය ඇගේ සිතට මහත් අස්වැසිල්ලක් වුණා. එලෙස දින ගතවෙද්දි දවස් 03කින් අශෝකාගේ නිවෙසට ලිපියක් ආවෙ ඇගේ බලාපොරොත්තු සියල්ලක්ම මල්පල ගන්වමින්. වහාම ඒ ලිපිය අතටගෙන කඩා බැලූ අශෝකාට දැකගත හැකිවුණේ ඇමැතිතුමා එවා තිබූ ලිපියයි.


24දා කාර්යාලයට පැමිණෙන ලෙස ලිපියේ සඳහන් කර තිබුණා. ඇය එදින කාර්යාලයට ගියේ බලාපොරොත්තු රාශියක් හිතේ තියාගෙන. ෂා.... අශෝකා අද සාරියට හරි හැඩයිනෙ. ඇමැතිතුමා ඇය දෙස ගිජු ඇසකින් බලමිනුයි එසේ පවසා සිටියෙ. මම ඔයාගෙ රැකියාව ගැන ඉහළට දන්වලයි තියෙන්නෙ. හොඳ රැුකියාවක් ලැබෙන්න මාසයක් වගේ ඉවසන්න වෙයි. ඒ අතරතුර සතියකට එක්වරක් පමණ ඇය ඇමැතිතුමා හමුවන්නට කාර්යාලය වෙත ගියා. ඇමැතිතුමා අශෝකාගේ රූපශි‍්‍රයට බොහෝසෙයින් වශීවෙලයි හිටියෙ. ඔහු අශෝකා වෙනුවෙන් කළ හැකි සෑම උදව්වක්ම කළා. ඉහළ පෙළේ රැුකියාවක්ද ලබා දුන්නා. ඇය මේ උදව් උපකාර නිසා ඇමැතිතුමාට බොහෝසෙයින් ළංවෙලයි හිටියෙ. ඒ කොතරම් ළංවුණා දැයි කිව්වොත් අශෝකාව ඇමැතිතුමාට නැතිවම බැරි කෙනෙක් වුණා.


ඇමැතිතුමා විවාහක පුද්ගලයෙක් වගේම දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහුගේ බිරිඳට අශෝකාට තරම් රූප ස්වභාවයක් තිබුණෙ නැහැ. අශෝකාගේ රූපශි‍්‍රයෙන් මත් වී සිටි ඇමැතිතුමා ඇය වෙනුවෙන් කළ හැකි සෑම දේම ඉෂ්ට කළා. ගෙවල් දොරවල් පවා සුඛෝපභෝගී ලෙසට තනවා දුන්නා. ඒ හැමදේම එලෙසට ඉෂ්ට කර දුන්නේ අශෝකාට තිබුණු දැඩි ඇල්ම නිසා.


අශෝකාගේ සහ ඇමැතිතුමාගේ මේ අසම්මත පෙම් සබඳකම ඒ වෙද්දි නගරයේද ප‍්‍රසිද්ධ රහසක් බවට පත්වෙලයි තිබුණෙ. ගැමුණු නිසා ඇති වූ තනිකම, පාළුව ඇමැතිතුමා නිසා අශෝකාට දැනුණෙ නැහැ. ඇය එමඟින් මහත් සහනයක් ලැබුවා.


කාලය එසේ ගතවෙද්දි දැන් අශෝකා ඒ ප‍්‍රසිද්ධ ඇමැතිතුමාගෙ අනියම් බිරිඳ ලෙස හංවඩු ගැසී ඉවරයි. තමන් නිසා දරුවාට වන කැළල ගැනවත් සිතන්නට ඇය බුද්ධිමත් වුණේ නැහැ.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »