වීරයෙක් වෙන්න කුඩු ගැහුවා අද සමාජයෙන්ම කොන්වෙලා

2015-08-10 10:04:00       827
feature-top
සමාජයේ විවිධ තරාතිරම්වල ජන ජීවිත සමඟ කටයුතු කරන්නට සිදුවෙන මෙම මාධ්‍ය ජීවිතයේදී අඬන්නට හිතුණ නමුත් දරාගත යුතු අවස්ථා අපට කොතෙකුත් උදාවෙලා තියෙනවා. ඒ ගැඹුරු වේදනාවට මගේය මටය කියන කිසිම කෙනෙක් හේතු නොවුණත් අපේය අපිය කියන මනුස්ස හැඟීම නිසා කාටත් හොරා අඬපු වරා ගාණ වැඩියි. මෙහෙම කිව්වට අමුතු ඇහැකින් වපර විදිහට මං දිහා බලන්න එපා. කරන වෘත්තිය මොකක් වුණත් මුලින්ම අපි මනුෂ්‍යයෝ. පසුගිය දවසක ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේදී මම එක්තරා කාන්තාවක් දුටුවා. වෙලාවකට ඇය ඇඬුවා. වෙලාවකට තමන්ගේ කිරිකැටි දරුවා තමං ඉස්සරහා ඉන්නවා වගේ හිනා වුණා. තවත් වෙලාවකට හිස් අවකාශෙට ඇය කතා කළා.

 


ඒ මගේ රත්තරං පුතා. එයා අපරාධකාරයෙක් නෙවෙයි. මගේ රත්තරං පුතා. මට ඉන්නේ එයා විතරයි. ඇය මුමුණනවා මට ඇහුණා. යුක්තිය වෙනුවෙන් අයුක්තියටත් ලංසු තියන්න කෑ මොර දෙන සියල්ල සාක්ෂි සාධකයන්ගෙන් පමණක් විසඳාලන්න හේතු හොයන කළු කබාකාරයන් ගැවසී ගත්තු අධිකරණ භූමියේ එහෙමෙහෙ ගිය පිරිස බොහොමයි. ඒත් මේ අම්මා කියන දෙයක් අහන්න සංවේදී හිතක් තියෙන කවුරුවත් හිටියෙ නෑ. අහන්න කෙනෙක් නැතත් ඇය එක දිගට විස්තර කිව්වා.


ඔබ දන්නවද ඇය ඇවිත් තිබුණේ කුඩු ගහන්න පුරුදු වුණ මංකොල්ල කෑම් රැුසකට සැකකරුවෙක් වුණ පුතා බේරගන්න. ඔබට මට අපි හැමෝටම කුඩුකාරයෙක්, අපරාධකාරයෙක් මංකොල්ලකාරයෙක් එහෙම නැත්නම් සැකකරුවෙක් මේ මොන නමකින් ඒ තරුණයාව හඳුන්වන්න පුළුවන් වුණත් ඒ අම්මාට තමන්ගේ පුතාව හඳුන්වන්න, ඔහුට කතා කරන්න තිබුණේ එක නමයි. ඒ මගේ රත්තරං පුතා කියන නම විතරයි. මෙය කියවන ඔබ අම්මා කෙනෙක් නම් මොහොතක් හිතන්න. මේ වගේ අම්මා කෙනෙකුගේ හිතට දැනෙන වේදනාව මනසින්වත් ස්පර්ශ කරන්න ශක්තියක් තියෙනවද ඔබට.


මෙය කියවන ඔබ තරුණ පුතෙක් නම් වීරයෙක් වෙන්න හිතාගෙන කුඩු ගහන්න අසාවෙන් ඉන්නවා නම් එහෙම නැත්නම් කුඩු ගැහුවෙ දැන් ටිකකට කලින්නම් මෙහෙව් වධ වේදනාවක් තමන්ගේ අම්මාට විඳින්න හේතුවක් දෙන වීරකමක් මොකටද ඔබට. යුතුකම් වගකීම් ආදරය අතර මැදින් ගෙවෙන ජීවිතයේ නන්නත්තාර නොවී ඉන්න තියෙන වගකීම තරුණ ඔබට වගේම මතින් මිදුණ තරුණයන් සමාජගත වීමේදී ඔවුන් දිනා අපරාධකාරයා කියන හැඟීමෙන් තවදුරටත් බැලීම එලෙස හැඳින්වීමත් අපරාධයක් එහෙව් අපරාධයක් නොකර සිටීමේ වගකීම අපට තියෙනවා. ඒ නිසා හෙට මැරෙයිද කියලා දන්නේ නැති ජීවිතයේ හුස්ම ගැනීම පමණක් කරනවා වෙනුවට ජීවත්වෙන්න උත්සහ කරන්න.


අද ඔබ හමුවට එන තරුණයන් වීරයෙක් වෙන්න හිතාගෙන කුඩු ගහපු කෙනෙක්. රටේ පිළිගත්තු වෘත්තින්වල නියැළුණු අම්මා තාත්තා අපහසුතාවට පත්කරමින් අපරාධ රැල්ලට පණ පොවපු කෙනෙක්. අපි ඔහුට අශේන් යයි කියමු.


මම උපන්නේ දකුණු පළාතේ ගාල්ල තමයි මගේ ගම. මගේ පවුලේ අක්කයි මමයි විතරයි. මම ඉගෙන ගන්නේ මාතර තිබුණ සුපිරි පාසලක. පංතියේ හිටපු බ‍්‍රයිට් කේස් අතර මම කැපී පෙනෙන චරිතයක්. අම්මා තාත්තා දෙන්නම කළේ රජයේ රැුකියා. මටයි අක්කටයි කිසිම අඩුපාඩුවක් තිබුණේ නෑ. ගෙදර යානවාහන, අතට පයට වැඩකාරයෝ හිටියා. පුංචි කාලේ ඉඳලා මම හේතුවක් නැතුවත් හේතුවක් ඇතුවත් මුරණ්ඩුකම්, හිතුවක්කාරකම් කරපු ළමයෙක්. සමහර දේවල් මට  ඕනෙයි කියන පරක්කුවට නොලැබුණත් මම ඒවා උදුරගන්නේ ගේ දෙකවෙන්න කෑ ගහලා.




තාත්තා නම් හුඟක් දේවල් මට දුන්නේ තෝරලා බේරලා. ඒත් අම්මා නම් මම ඉල්ලන  ඕනම දෙයක් මම ඉල්ලන පරක්කුවට මට දුන්නා. ඇත්තටම  ඕනම දෙයක් කරන්න මට නිදහස තිබුණා. මොන දේ මොන විදියට වුණත් මම හොඳට ඉගෙන ගන්න නිසා වැඩි හෙවිල්ලක් බැලිල්ලක් මං ගැන තිබුණේ නෑ. මම ශිෂ්‍යත්වෙ පාස්. අධ්‍යාපනය පැත්තෙන් කැපී පෙනෙන චරිතයක් බවට මම පත්වෙනකොට හැම කෙනාම මට ප‍්‍රසංශා කළා. දවසින් දවස මම පට්ට වීරයෙක් කියන හැඟීමෙන් මම ඉස්සරහට ගියා. අක්කා මම දෙන්නම හොඳට ඉගෙන ගත්තා. ඔය කාලෙදි අපේ ගෙදර බයික් එකක් තිබුණා. දවසක් අක්කයි මමයි ඔය බයික් එකෙන් යනකොට බයික් එක වාහනේක හැප්පුණා. ඒ වෙලාවේ මමයි අක්කයි දෙන්නම වැටුණා.


මට නම් තිබුණේ සුළු තුවාල ඒත් අක්කට නම් ඔළුවේ ලොකු තුවාලයක් ඇති වුණා. මතුපිටින් හොඳ වුණත් ඇතුලෙන් ලොකු තුවාලයක් ඇති වුණා. ඒකේ හරි තත්වය හරියටම කිව්වොත් අක්කගේ මුහුණේ අසාමාන්‍ය විදිහට නහරවැල් මතු වෙන්න ගත්තා. අන්තිමට එයාට අධිකව කේත්ති ගියා. ඒ කේන්තිය කොච්චරද කිව්වොත් අම්මා තාත්තාට ගහන්න පවා එයා දෙපාරක් හිතුවේ නෑ. එයා හිටියේ රෝගී තත්වයක. අද ලංකා හොස්පිටල් විදිහට හඳුන්වන රෝහලට එදා කිව්වේ ඇපලෝ හොස්පිටල් කියලා. අක්කගේ ප‍්‍රතිකාර සිදු කළේ ඇපලෝ හොස්පිටල් එකේ. ඒ වෙනුවෙන් අම්මා තාත්තා සෑහෙන්න මුදල් වියදම් කළා. සමහරදාට අක්කා කේන්ති ගියාම අම්මාට අල්ලගෙන ගහනවා. එහෙම වෙලාවට මම පපුව අල්ලගෙන අඬනවා. වටපිට මිනිස්සු ගෙයි පිරෙනවා. ඒත් අක්කගේ අසනීපෙ නිසා එයාට පාරක්වත් ගහන්නේ කොහොමද?


අක්කගේ අසනීපෙ දරුණු අතට දවසින් දවස හැරෙද්දි අම්මා අක්කවත් අරගෙන කොළඹ ගියා. කොළඹ පොඩි කාමරයක් අරගෙන අක්කව තියාගෙන එහෙදි බෙහෙත් කළා.


අම්මායි තාත්තායි අක්කාගේ අසනීපෙ වෙනුවෙන් කැප වෙනකොට මං ගැන හොයලා බලන වගකීම බාර වුණේ මගේ මාමලාට, ආච්චිට. අම්මා තාත්තා නැතිගෙදර මට තවත් නිදහස ලැබුණා. මම මාමගේ පුතාලා එක්ක කි‍්‍රකට් ගැහුවා. එයාලගේ යාළුවෝ එක්ක හිතවත් වුණා. ගමන් බිමන් ගියා. ඒ අතරේ ආමි, නේවි, ගුවන් හමුදාවල සේවය කරන නිවාඩුවට ගමේ ආව යාළුවොත් හිටියා. මගේ වයස පොඩි වුණාට මගේ යාළුවෝ මට වඩා අවුරුදු ගාණක් ඉස්සරහින් හිටියා. සමහර යාළුවන්ගේ වයස අවුරුදු විසි දෙකක් විසිපහක් වෙනකොට මගේ වයස අවුරුදු දාහතරක් විතර වුණා. ඇත්තටම ඒක මාර හැඟීමක් මට හිතුණේ මම පොරක් කියලා.


කි‍්‍රකට් ගහන, ජිම් යන, පංතියෙ බ‍්‍රයිට් කේස් එකක් වුණ මට සමාජයේ බ‍්‍රයිට් කේස් එකක් වෙන්නත් වුවමනා වුණා. අපේ භාෂාවෙන් කිව්වොත් සිරා පොරක් එළ කොල්ලෙක් වෙන්න මට  ඕන වුණා. ඒත් මම තෝරගත්තු පාර වැරදියි.


වයස පුංචි වුණාට සිගරට් එකක් බොනවා වගේ ලොකු වැඩ මංගාව තිබුණා. එදා මට සිගරට් බීම පෙනුණේ මහ ලොකු කෙරුවාවක් විදිහට. ලොකු මිනිස්සු සිගරට් බොනවා වගේ සිගරට් බොන්න මට තිබුණේ පොඩි ආසාවක්.


අක්කගේ අසනීපෙට බෙහෙත් කළා මිස්. අම්මා තාත්තාට එක්තරා විදිහකට මාව අතැරිලා ගියා වගේ වුණා. ඔය කාලෙදි ගම් පළාතේ හැම මළ ගෙදරකම රෑට කැරම් ගහන්න, දාං අදින්න විතරක් නෙවේ තව තව දේවල් කරන්න මම නැතුව බැරි කෙනෙක් වුණා.


මගේ යාළුවෝ ගැන්සියක් හිටියා. විශ්වාස කරනවද, මගේ ජීවිතේ අයාලේ යන්න පටන් ගත්තේ ඉස්කෝලේ අට වසරේ ඉඳලා. සල්ලිවලින් මට අඩුපාඩුවක් තිබුණේ නෑ. නිදහසයි සල්ලීයි තියෙන කොල්ලෙකුට නොමඟ යන්න තව මොනවද අඩු. අඩියක් ගහන්න ගැන්සියට මුලින්ම සෙට්වෙන කොට මගේ වයස අවුරුදු පහළොවයි. සිගරට් එකක් නිවෙනකොට එකක් පත්තු කරන තත්වෙට මම පත්වුණේ ඒ වයසෙදිම තමයි. කාලය ගෙවිලා ගියේ කිසිඳු වග විභාගයක් නැතුව. කොහොමින් කොහොම හරි ඒ වෙනකොට අක්කගේ අසනීපේ සම්පූර්ණයෙන් හොඳවෙලා තිබුණා.


අසනීපය මොනතරම් හොඳ අතට හැරුණත් අක්කා හිටියෙ හෝන්දු මාන්දු වෙලා වගේ. සමහර විට අසනීපෙන් ඉද්දි ගමටම ඇහෙන්න කෑ ගහපුවා. අම්මා තාත්තාට ගහපුවා. එයාගේ එයාගේ හීතේ හීනයක් වගේ තියෙන්න ඇති. ගෙදර ඒ වෙනකොට ඇතිවෙලා තිබුණේ නිස්කලංක පරිසරයක්. අක්කගේ අසනීපය නිසා අවුල් සහගත වෙලා තිබුණ ගෙදරදොර කටයුතු සාමාන්‍ය අතට හැරුණා. ඒත් ඒ සාමාන්‍ය තත්වයත් එක්ක ජීවිතේ ආපස්සට හරවගන්න මට පුළුවන්කමක් තිබුණේ නෑ.


ඒ වෙනකොට යාළුවොත් එක්ක සෙට් වෙන්න මම පටන් අරගෙන ඉවරයි. සමහරදාට දවාලට ඉස්කෝලෙන් පැනලා ඇවිත් යාළුවෝ එක්ක මම සෙට්වෙලා අරක්කු බිව්වා. ඒ විතරක් නොවේ ගංජා පවා මම ගැහුවා.  ඕ ලෙවල්වලට පාඩම් කරන්න කියලා යාළුවන්ගේ ගෙවල්වල යන මම පාඩම කෙසේ වෙතත් ගංජා අරක්කු ගහන එක උපරිමයෙන් කළා.


ඔය කාලෙදි මට කෙල්ලෙක් සෙට් වුණා. කෙල්ලෙක් කිව්වට එයා මට වඩා වැඩිමල් අක්කා කෙනෙක්. එයා මට මුණ ගැහුණේ මාමගේ දුවව එක්ක එන්න එයාගේ ක්ලාස් එකට ගිය දවසක. ඇත්තටම සතුටක් කියලා හිතුණා  ඕනෑම දෙයක් අත්හදා බලන්න ඒවා මගේ කරගන්න මට තිබුණේ පුදුම ආසාවක්. අක්කා කෙනෙක් වුණත් මාමාගේ දුවගේ යාළුවට මගේ හිත ගියේ එයාව දැක්ක වෙලාවෙමයි. එයාගේ ටෙලිෆෝන් නොම්මරේ මම ඉල්ල ගන්නේ දුර ගමනක් යන්න නොවුණත් වචනයක් හරි කතා කරන්න හිතාගෙන.


එදා රෑ ගෙදර ඇවිත් මම ඒ අක්කට කතා කළා. එයාගේ නම සමදරා දන්නේ නෑ මොනවා වුණාද කියලා. සමදරා අක්ක එක්ක මම කතා කරනකොට මොකක්දෝ අමුතු හැඟීමක් මගේ හිතට ගලාගෙන එන්න ගත්තා. මගේ කෝල් එකට ආන්සර් කළ සමරදා අක්කට වුණත් කාලය යන බව දැනුණේ නෑ. අපි ගොඩක් දේවල් කතා කළා. මට මතක හැටියට එදා රෑ ජාමයක් වෙනකන් අපි ආගිය තොරතුරු කතා කළා. දවස් ගෙවුණ බව දැනුණේ නෑ. හැමදේම ලස්සන හීනයක් වගේ කියලා මට හිතුණා. සමදරා අක්කා මට වඩා වයසින් අවුරුදු හතරක් පහක් වැඩිමල් කියලා හිතන්න මම අකමැති වුණා.


එයා මගේ පළමුවෙනි ආදරවන්තිය කියලා හිතෙන තරමටම මම ඇයට ළං වුණා. කිසිම විදිහකින් වාරණයක් බාධාවක් අපට තිබුණේ නෑ. රෑ වුණා එළි වුණා. ඒත් අපට දැනුණේ නෑ. කොයිතරම් කතා කළත් අපට ඇති වුණෙත් නෑ. ඒක මෙහෙමයි කියලා පැහැදිලි කරන්න බැරි හැඟීමක්. කොහොම වුණත් අන්තිමේදී මම සමදරාට ආදරේ කළා. සමදරාගේ ගෙදර තිබුණේ අපේ ගෙදර ඉඳලා මීටර් පන්සියක විතර දුරක. එයාගේ ගෙදර හිටියේ අක්කයි එයයි අම්මයි. මල්ලි කෙනෙක් විදිහට සමදරාගේ අය මාව හඳුනා ගත්තා. ඒක මට ලොකු වාසියක් වුණා. දවසක් සමදරා එයාගේ ගෙදර එන්න කිව්වා. ඒත් එහෙම එන්න කිව්වේ මහ රෑක.


මහරෑක කෙල්ලෙකුගේ කාමරේට එන්න කිව්වම මොන කොල්ලද අකමැති වෙන්නේ. මමත් එදා දෙපාරක් හිතුවේ නෑ. එදා සමදරාගේ පරණ සොල්දර ගෙදරට යනකොට හොඳටම කළුවර වෙලා තිබුණා. කිසිම හැලහොල්මනක් නැති ඒ සොල්දර ගෙදර ඇහැරිලා හිටියෙ සමරදයි මමයි විතරයි. අම්මයි අක්කයි හිටියෙ එයාලගේ කාමරවල. එදා සමදරාගේ කාමරේ දොර මං වෙනුවෙන් ඇරලා තිබුණා. ඇත්තටම කොල්ලෙක් විදිහට මට දැනුණ හැඟීම කියන්න වචන නෑ. අපිට කතා කරන්න කිසිම දෙයක් තිබුණේ නෑ. බාධා කරන්න කවුරුවත් හිටියෙත් නෑ. එදා සමදරා මං අතින් ගෑනියෙක් වුණාද කියන්න මම දන්නේ නෑ. ඒත් එදා මම සමදරා එක්ක අඹුසැමියෝ විදිහට හිටියා.


ඒ විදිහට පටන් ගත්තු අලූත් ජීවිතේ දවසින් දවස අමුතු අත්දැකීමක් විදිහට දැනෙන්න ගත්තා. සමහර දවස්වලට මුළු රෑම මම ගෙවලා දැම්මෙ සමදරා එක්ක.
ඇත්තටම මට  ඕන වුණේ එයාව මගේ කර ගන්න. ඒ කාලේ මම තවම අපොස සාමාන්‍ය පෙළට ලැහැස්ති වෙන ළමයෙක් කියලා මට හිතුණේ නෑ. මොන දේ මොන විදිහට වුණත් මම විභාගේ ගොඩ දාගත්තා. පංතියෙ බ‍්‍රයිට් කේස් එකක් වුණ මට ඉගෙනීමේ කටයුතු නම් අමාරු වුණේ නෑ. ඔය කාලය වෙනකොට සමදරාට රස්සාවක් ලැබුණා. ඒ රස්සාවත් එක්ක එයා මං එක්ක ටික ටික කතා නොකර අරින ගතියක් දැනුණා. ඒ වෙනස තේරුම් ගන්න එක බාර ගන්න මට හයියක් තිබුණේ නෑ.


කොටින්ම කියතොත් සමදරා වැඩකරන්නේ කොහෙද කියලාවත් මම දැනගෙන හිටියෙ නෑ. දවසක් මම හොයාගෙන ගියා ඒකට සමදරා මට දොස් කිව්වා. එයා වැඩකරන තැනට ආවා කියලා. ඒත් එක්කම එයා අතාරින්න කිව්වා. එයාගේ බෝයි ෆ්‍රෙන්ඞ් පිටරට ඉඳලා ලංකාවට ඇවිත් ඉන්නවා කියලත් කිව්වා.
ඇත්තටම ඒ වෙලාවේ මට දැනුණ හැඟීම මට කියන්න තේරෙන්නේ නෑ. මම එයාට කිව්වා මාව දාලා යන්න එපා කියලා. මට එයා නැතිව ඉන්න බෑ කිව්වා. ඒත් එයා ෆෝන්  ඕෆ් කරගත්තා. දවසක් මම එයා හොයාගෙන ගියා ඒත් එයා වැඩපලේ හිටියේ නෑ. හිටියේ ඒ කිට්ටුව තිබුණ බීච් එකේ. තනියම නෙවෙයි අර එයා මට කිව්ව බෝයි ෆ්‍රෙන්ඞ් එක්ක මම ආදරේ කරපු කෙල්ල තව එකෙක් එක්ක ඉන්නවා දැක්කම මට ඉවසුම් නැතුව ගියා. මම උන් දෙන්නා වාඩිවෙලා හිටපු තැනට ගියා.


ඒ වෙලාවේ සමදරා හිටියේ එයාගේ බෝයිට තුරුළු වෙලා. මාව දැකලා එයා කලබල වුණා. මම හිතාගෙන ගියේ මගේ කතාව අර කොල්ලට කියලා එයාව මගේ කරගන්න. ඒත් මම කතා කරන්න කලින් සමදරා කතා කළා. ඇයි මල්ලි මේ ඇයි ඔයා මාව හොයාගෙන ආවේ. බලන්න මල්ලි ඔයා මාව වැරදියට තේරුම් ගත්තම මම ඔයාට මල්ලි කෙනෙකුට වගේ මල්ලි සැලකුවේ. කියලා එක දිගට කියාගෙන ගියා.


සමදරා එහෙම කතා කරද්දි මට හිතුණේ මාව උස්සලා පොළොවෙ ගැහැව්වා වගේ හැඟීමක්. කියන්න ගිය දේවල් ඔක්කොම මගේ හිතේම තද කරගත්තු මම ආයෙත් ගෙදර ආවා. එත් කොහොමද මුළු හිතෙන්ම ආදරේ කළ කෙල්ලව අමතක කරන්නේ. වෙන එකෙකුට අයිති වෙන්න දීලා බලාගෙන ඉන්නේ. ඒත් මට ඒ බෑ කියන හැමදේම කරන්න සිද්ධවෙලා තිබුණා.


මගේ තත්වෙට පත්වුන කෙනෙකුට කරන්නේ මොනවද කියන්නේ මොනවද කියලා හිතාගන්න පුළුවන්ද. හරි හමන් යාළුවෙක්වත් නැති මම කාටද මගේ දුක කියන්නේ. සමදරා අක්කා කෙනෙක් කියලා මට කොහොමටවත් හිතුණේ නෑ. ඒ වගේම එයා මාව දාලා යයි කියලා මම බලාපොරොත්තු වුණෙත් නෑ. එදා මම ගෙදර ඇවිත් ඇතිවෙනකන් ඇඬුවා. මොන තරම් ඇඬුවා වුණත් ආයෙත් සමදරා හොයාගෙන යන්න මට බෑ කියලා හිතුණා. ඒ නිසා මම වෙනදෙයක් හොයාගෙන ගියා.


ආයෙමත් ගංජා අරක්කු හරි හරියට ගහන්න මම පටන් ගත්තා. ඇත්තටම මිස් මට නොමඟ යන්න හේතුවක් තිබුණේ නෑ. මට කවුරු නැතත් හොඳ අම්මා කෙනෙක් හිටියා. කොයි තරම් මහන්සිවෙලා ගෙදර ආවා වුණත් බත් කවන්න කිව්වොත් ඔක්කොම වැඩ නවත්තලා මට බත්ටික කවන්න මගේ අම්මා බෑ කිව්වේ නෑ. දවසක් සමදරාගේ වෙන්වීම දරාගන්න බැරිව මට බත් කවන්න කියලා අම්මාට කිව්වා. මම බත් කන ගමන් සමදරා ගැන කිව්වා. මට හිතුණා එතකොට මගේ දුක නැති වේවි කියලා.


අපි දෙන්නා ගෙවපු ජීවිතේ ඇරෙන්න මම එයාට කළ ආදරේ ගැන මම එයාට කිව්වා. කාලය ගෙවිලා ගියේ මගේ දුක වැඩිකරගෙන. දවසක් සමදරා අක්කගේ ගෙදරින් මට පණිවිඩයක් ලැබුණා. එයාගේ අක්කා කතා කරලා ඇහුවා සමදරා ගැන. අන්තිමේදී මමත් සමදරාව හෙව්වා. ඒත් සමදරා එයා යන එන කිසිම තැනක හිටියෙ නෑ. ඒත් එක අවස්ථාවකදී එයාගේ ෆෝන් එක රිංස් ගියා. එතකොට මට දැනගන්න ලැබුණා සමදරා එයාගේ අලූත් බෝයි එක්ක පැනලා ගිහින් කියලා.


දවසින් දවස මම නරක සමාජෙට වැටුණා. හේතුවක් නැතුවත් ඇතුවත් වලි හොයාගෙන ගියා. සංගීත සංදර්ශනවලදී පිහි ඇනුම් කළා. මිනී මරණ වුන් අතරේ මමත් රජෙක් වුණා. මගේ ළමා වයසට අතŢ

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »