සැමියා රෝද පුටුවේ බිරිඳ පෙම් කෙළියේ

2015-06-30 09:24:00       823
feature-top
හැම ආදර කතාවක් වගේම චානකගෙත් පවිත‍්‍රාගෙත් ආදර කතාවටත් හුඟක් සුන්දර මතක සැමරුම් එකතුවක් තිබුණාද කියන්න අපි දන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඒ සුන්දර මතක සැමරුම් විඳින්න ඔවුන්ට අවස්ථාවක් නොතිබුණා වෙන්න පුළුවන්. මේ ඔවුන්ගේ කතාව.

 


පවිත‍්‍රා චානක සමඟ විවාහ වුණේ විවාහ යෝජනාවක් මඟින්. පවිත‍්‍රාට විවාහවීමට ඒ තරම් අවශ්‍යතාවක් සහ ආශාවක් තිබුණෙ නැහැ. එහෙත් මව්පියන්ගේ වචනවලින් බේරෙන්නට බැරිම තැන ඇය ඒ සඳහා ඉදිරිපත් වුණා. චානක වෘත්තියෙන් ඉංජිනේරු සැලසුම් ශිල්පියෙක්. තලෙළු කෙට්ටු සිරුරකට උරුමකම් කී ඔහු සැබවින්ම කාර්යශූර පුද්ගලයෙක්. ඔහු තමන්ට පැවරුණු  ඕනෑම රාජකාරියක් නොපැකිළිව ඉටු කළා.


චානකගේත් පවිත‍්‍රාගේත් විවාහයෙන් පසුව චානකටදාව පවිත‍්‍රාට දරුවකුද ලැබුණා. ඔවුන් අතර බැඳීම ශක්තිමත් වුණේ ඔවුන්ගේ දරු උපතත් සමඟින් කිව්වොත් නිවැරදියි. ඉන් අනතුරුව තමයි පවිත‍්‍රාගේ කැදැල්ලේ සතුට එන්න එන්නම වැඩිවුණේ.


චානක සහ පවිත‍්‍රා සිටියේ චානකගෙ මහගෙදර, චානකගේ පියා මියගියේ චානක තරුණ අවධියේමයි. එතැන් පටන් ඔහුව බලා ගැනුණේ ඔහුගේ මව විසින්. චානක මේවගේ ලොකු තත්ත්වයකට ගෙන එන්න සියළු කැපකිරීම් කළේ ඇයයි. රජයේ ආයතනයක ඔහු හොඳ තනතුරක් දැරූ නිසා ඔහු අලූතින් නිවසක්ද ඉදි කරන්න පටන් ගත්තා.


එසේ අවුරුදු දෙක තුනක් ගෙවී ගොස් චානක විසින් ඉදි කරනු ලැබූ නිවසෙහි වැඩකටයුතු අවසාන වුණා. නමුත් ඒ වන විට ඔහුගේ මවත් ජීවතුන් අතර හිටියෙ නැහැ.


ඒ සියල්ලත් සමඟින් ඔවුන් මහගෙදරින් ඉවත්ව අලූත් නිවහනට ගියා. අලූත් නිවස සාදා තිබුණේද පැරණි නිවසට මීටර් 200 පමණ දුරකින්. එහි තිබූ බඩු භාණ්ඩ සියල්ලක්ද ඔවුන් අලූත් නිවහනට ගෙන ගියා. එසේ දින සති මාස ගෙවී ගියා. දිනක් පවිත‍්‍රා චානකට අලූත් යෝජනාවක් ගෙනාවා.


ඔයාගෙ මහගෙදර දැන් කව්රුත් නෑනේ... ඒ නිසා ඒ ගෙදර බෝඩිමකට දුන්නොත් හොඳයි නේද? පවිත‍්‍රා දෙවරක් නොසිතාම චානක දෙස බලා පැවසුවා.
ඒවා බෝඩිම්වලට දීලා ගෙදර විනාශ කරයි... චානක පවසා සිටියේ දැඩි අකමැත්තකින්.


ගෙදර විනාශ කරන්න අපි ගන්නෙ පොඩි උන්යෑ... ලොකු කට්ටියනෙ...


හ්ම් බලමු බලමු...


රජයේ රස්සා කරන කව්රුන්හරි ගනිමු...


ඔය ගෙවල් නිකං තියෙනවට වඩා හොඳයි කව්රුහරි නතර කරන එක... නැත්තම් ඔය ගෙවල් පාළුවට යනවා... කුලියට දුන්නම කීයක් හරි හම්බකරගන්නත් පුළුවන්නේ....


පවිත‍්‍රාට ඇත්තටම උවමනා වුණේ මහගෙදරට බෝඩිම්කාරයෙක් ගෙනැත් එයින් ආදායමක් ලබා ගැනීම... ඇය ඒ ගැන කියා දිගින් දිගටම චානකට පෙරැුත්ත කරන්න වුණා.


ඔයාගෙ කතාව හරි... චානකද පවිත‍්‍රාගේ කතාවට එකඟතාව පළ කළා.


ඉන් අනතුරුව නිවසේ නැවතීම සඳහා බොහෝ දෙනෙක් පැමිණියද චානක ඒ කිසිම කෙනෙකුට කැමැත්ත ප‍්‍රකාශ කළේ නැහැ.


එලෙසට ටික කලක් ගතවෙද්දී ඔවුන්ගේ නිවසේ නවාතැන් ගැනීම සඳහා තරුණ ගුරුවරයකු පැමිණියා.. ඔහු තමයි ගාමිණි. ඔහු පාසලට අලූතින් පත්වීමක් ලබා පැමිණි අයෙක්. චානක ඔහුව නවතා ගැනීමට අකමැත්තක් දැක්වුවේ නැහැ. බැලූ බැල්මටත් ගාමිණීගේ අහිංසක ප‍්‍රියමනාප බවක් දක්නට ලැබුණා.
ඔහුට පත්වීම ලැබූ පාසල පිහිටා තිබුණේද චානකලාගේ නිවසේ සිට මීටර් 800 පමණ දුරකින්....


ඒ විදියට දින සති මාස කෙමෙන් කෙමෙන් ගතවෙද්දි චානකලාගේ බෝඩිමේ නතර වෙන්න ආව ගාමිණි ඔවුන්ගේ නිවසේම කෙනෙක් වුණා. ඔවුනොවුන්ට විවේකයක් ලැබුණු සෑම අවස්ථාවක එකට එකතු වී සුහද පිළිසඳරෙහිද යෙදුණා.


ඒ ඇතැම් දවසක ගාමිණි කෑම පවා ගත්තේ චානකලාගේ නිවසින්.


පවිත‍්‍රාත් චානකත් සතුටින් යුක්තව කල්ගත කළා. ඔවුන් දෙදෙනාගේ අවශ්‍යතා ගැන ඔවුනොවුන් සැලකිලිමත් වුණා. මුලදී පවිත‍්‍රා චානකට අකමැති වුණත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන් දෙදෙනාම දැඩි ආදර ස්නේහයකින් බැඳිලයි හිටියෙ.


දරුවාගේ වැඩත්, නිවසේ වැඩත් සියල්ල ඉටු කරමින් පවිත‍්‍රා නිවසට වී කල්ගත කළා. චානකත් ඇයට අවශ්‍ය හැමදේම සහ නිවසට අවශ්‍ය සියලූ දේ නොපැකිලිව ඉටු කළා.


චානකගේ ජීවිතයේ ඉරණම සිදුවුයේ මේ අතරවාරයේ.... තම දරුවා පාසලට ඇරලූ චානක සුපුරුදු පරිදි තම කාර්යාලය බලා පිටත් වෙමින් හිටියා. ඒ යන අතරතුර බස් රථයක් ඉස්සර කිරීමට ගිය ඔහු ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටුණා.


ඉන් ලිස්සා ඉදිරියට ගිය චානකගේ දෙපා ටිපර් රථයේ රෝදවලට හසුවුණා. අනතුර දැක එතනට රැස් වූ පිරිස් ඔහුව වහාම රෝහලට රැුගෙන ගියත් ඒ වන විටත් ඔහුගේ දෙපා සම්පූර්ණයෙන් බිඳිලයි තිබුණේ.


සිද්ධිය ආරංචි වුණු සැණින් රෝහල වෙත ගිය පවිත‍්‍රාට දැක ගත හැකිවුණේ සිහිසුන්ව ඇඳ වැටී සිටින චානක. එය දුටු පවිත‍්‍රාට අදහාගත නොහැකි වුණා. දැඩි සේ ශෝකයට පත් වූ ඇය පිස්සියක මෙන් හඬා වැළපෙන්න පටන් ගත්තා.


මරුවාගේ කටින් ගොඩ ඒමට චානකට හැකි වූ නමුත් ඔහු සදාකාලික අබ්බගාතයෙක් බවට පත්වූණා.


මාස ගණනාවක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගත් ඔහු නිවස වෙත රැගෙන ගියා. චානක රෝහලේ සිටින කාලය පුරා ගාමිණි ඔහුව බලන්න නිතරම ආවා ගියා. ඔහුට සුව වූ පසුවද නිවසට රැුගෙන ආවේ ගාමිණී....


නිවසට රැුගෙන ආ චානක රෝද පුටුවෙන් යන විට පවිත‍්‍රාට ඇතිවුණේ දැඩි සිත් වේදනාවක්. කර කියා ගත හැකි දෙයක් නොමැතිව ඇය කල්පනා කරන්න වුණා. තම දරු පැටියාත් තුරුළු කරගෙන පපුවෙ පත්තුවෙන ගින්දරත් එක්ක ඇය නොමැරී තමයි ජීවත් වුණේ. අහස උසට මාලිගා තැනුවත් ඒවා කැඞී වැටෙන්නට ගියේ තත්පර ගාණයි.


චානක සදාකාලික අබ්බගාතයකු වූ බැවින් මාස්පතා වැටුපක් ඔහුට ලැබුණා. චානකගේ වැඩත්, දරුවාගේ වැඩත් හැමදේම ඉටු කරන්න වුණේ පවිත‍්‍රාට..... ඒ සෑම කාර්යක්ම ඇය ඉතා හොඳින් ඉටු කළා. කිසිම දේකින් අඩු පාඩුවක් කළේ නැහැ.


චානකට ලැබුණු වැටුප් ප‍්‍රමාණයද ඒ සඳහා ප‍්‍රමාණවත් වුණා. චානකගෙ අනතුරත් සමඟ පවිත‍්‍රාට ජීවිතයේ තනිකමක්, අසරණකමක් දැනෙන්න වුණා. වයස අවුරුදු 26ක් වුණු පවිත‍්‍රා හිටියෙ තරුණ වයසෙ.


ඉඩක් ලැබුණු හැම වෙලාවකම චානකගෙ ලෙඩදුක් බලන්න ගාමිණි නිතරම ආව ගියා. අඩුපාඩු හැමදේම සොයා බැලූවා. දරුවාගේ වැඩකටයුතුත් හොඳින් සොයා බලා ඉෂ්ඨ කළා. හැම පැත්තකින්ම ඔවුන්ට උදව් කළා.


ගාමිණිගේ මේ හිවත්කම පවිත‍්‍රාට ගෙන දුන්නෙ ලොකු සතුටක්... තරුණ කඩවසම් පුද්ගලයෙකු වූ ගාමිණි තාම අවිවාහකයි. ඔහුට දෙවරක් හැරිලා බලන්න පුළුවන් තරමේ පි‍්‍රයමනාප සිත් ඇඳගන්නා සුළු පෙනුමක්ද තිබුණා. ගාමිණි කෙරෙහි පවිත‍්‍රාටද තිබුණෙ දැඩි කැමැත්තක්... ඒ ඔහුගෙ තිබුණු පෞරුෂත්වය නිසා.


දින සති එසේ ගතවෙද්දි ගාමිණිගේත් පවිත‍්‍රාගේත් හිතවත්කම ආදරයක් දක්වා පෙරළුණා. අවසානයේදී ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ගොඩක් දුර ගිහින් තිබුණා.


ගාමිණි සහ පවිත‍්‍රා අඹු සැමින් ලෙස ජීවත්වීමේ පුවත චානකටද ආරංචි වීමට ගතවුණේ ඉතා ටික කලක් පමණයි.


චානකටදාව පවිත‍්‍රාට උපන් පුතා ගිහාන් මේ වෙද්දි කොළඹ පාසලක නේවාසිකව අධ්‍යාපනය ලබනවා. චානක තවමත් රෝද පුටුවෙන් ඇවිදිමින් ජීවිතය හොයනාව. මේ කතාවෙ විදිහට පවිත‍්‍රා වරදකාරියක්. ඇය වරදකාරියක් වෙන්න හේතු බොහෝමයක් තියෙනවා. ඒ කොහොම වුණත් හැඟීම්වලට ඉඩදීලා ආශාවන් එක්ක ජීවිතේ ගෙවන්න උත්සාහ කරන්න එපා කියලනම් පවිත‍්‍රලාට කිව යුතුමයි.
නම් ගම් මන:කල්පිතයි.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »