මීළඟ ඡන්දයට මහින්ද එයිද?

2015-06-27 09:56:00       817
feature-top
ගෙවී යමින් තිබෙන්නේ දේශපාලනික වශයෙන් ඉතාමත් ව්‍යාකූල කාලපරිච්ෙඡ්දයකි. විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතාබහ අංක එකේ දේශපාලන මාතෘකාව බවට පත්වෙද්දී පාර්ලිමේන්තුව කඩිනමින් විසුරුවා හැර මහ මැතිවරණයකට යෑම අගමැති රනිල්ටත්, මුදල් ඇමැති රවීටත් එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනා ඉක්මනින් විවාදයට ගැනීම යන මේ කාරණා ඊට යටින් පෙළ ගැසී ඇති ආකාරයක්ද පෙනෙන්නට තිබේ. මේ කාරණාවලින් දේශපාලන පොරපිටිය ගිනියම් වෙද්දී දින සියයේ ආණ්ඩුවට ද නොදැනීම මේ වනවිට දින 150කට වැඩි කාලයක් සැපිරී තිබේ.

 


ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ශ්වයෙන් ගෙවී ගිය දින, සති කීපය පුරාවටම අසන්නට දකින්ට ලැබුණේ ආන්දෝලනාත්මක කතාය. සිදුවීම්ය. හිටපු ජනපති මහින්ද ඉකුත් ජනාධිපතිවරණයෙන් පරාජය වූ තැන සිට පක්‍ෂයේ අභ්‍යන්තර එක්සත්කම රැුකගැනීමත්, මහින්දගේ අනාගත දේශපාලන ඉරණම විසඳීමත් ශ්‍රීලනිපය හමුවේ තිබූ ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකක් විය. මේ ප‍්‍රශ්නවලට විවිධ විසඳුම් ගතවී මාස හතරක පහක කාලය ඇතුළතදී ඉදිරිපත් වූ නමුත් පක්‍ෂය තවම ඒවායෙන් ගොඩගිය ආකාරයක් පෙනෙන්නට නැත. ශ්‍රීලනිපයේ සභාපති කෝටුව අතට ගත්තත් ජනපති මෛතී‍්‍රට පක්‍ෂයේ සියලූම දෙනා එක තැනකට ගෙන ඒමට නොහැකි වී තිබෙන බවක්ද පෙනේ. මහින්ද යළි කරළියට ගෙන එන සටනට ද ඔය අල්ලපනල්ලේ ජයටම කෙරී යන  අතර පන්සල් ගානේ මේ දිනවල ඇවිදින මහින්ද තමන් ඉදිරි මහා මැතිවරණයට තරග කරන බවට වන ඉඟි බිඟි තැන් කීපයකදී පළ කරන ආකාරයක් ද මාධ්‍ය ඔස්සේ අපි දුටුවෙමු.


මහින්දගේ අනාගත දේශපාලන ඉරණම විසඳීම ශ්‍රීලනිපයේ ප‍්‍රමුඛතම කාර්යය බවට පත් කිරීමට වලිකන පාර්ශ්වවල පැසසුමට ලක්වන ආකාරයේ දේශපාලන තීන්දුවක් ගැනීමට ජනපති මෛතී‍්‍ර කටයුතු කළේ ඉකුත් 16 වැනි දින පදනම් ආයතනයේදී පැවැති ශ්‍රීලනිප පාර්ලිමේන්තු, පළාත් සභා මැති ඇමැතිවරුන් සහ ආසන සංවිධායකවරුන් මුණ ගැසුණු අවස්ථාවේදීය. මහින්ද-මෛතී‍්‍ර සමගි කර ඉදිරි මහා මැතිවරණයෙන් සන්ධානයට විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගැනීම අරමුණු කර ගනිමින් එහිදී සය පුද්ගල කමිටුවක් පත්කර ගත් අතර ඊට අනුර යාපා ද, සුසිල්, ජෝන්, ඩිලාන්, ටී.බී., වෙල්ගම යන අය පත්වූහ.


මහින්ද-මෛතී‍්‍ර දේශපාලන හාදකම ගොඩනංවා සන්ධානයේ ජයග‍්‍රහණය වෙනුවෙන් මෙවැනි කමිටුවක් පත් කර ගනු ලැබුවද දැනගන්නට ලැබෙන  ආකාරයට ශ්‍රීලනිපයේම සමහර පිරිස් මේ ගැන ඉන්නේ නොසතුටෙනි. ඇරත් මහින්දට අගමැති අපේක්‍ෂකකම නොදීමේ ජනපති මෛතී‍්‍රගේ තීරණයෙහි කිසිදු වෙනසක් සිදුව නැති බවද පෙනෙන්නට තිබේ. ඒ අතර වාරයේ මහින්ද - මෛතී‍්‍ර හමුවක් ළඟදීම පැවැත්වෙන බවටත් පුවත් පළවෙමින් තිබේ. තතු දත් ආරංචි මාර්ග කියන ආකාරයට අනුව නම් මොන කමිටු දැම්මත් මොන සාකච්ඡුා පැවැත්වුවත් මේ කපේදී මහින්ද ශ්‍රීලනිප අගමැති අපේක්‍ෂකත්වය ලැබෙන්නේ නැත. එසේ නම් සලකා බැලිය යුත්තේ මහින්ද ඇත්තටම මීළඟ මහ ඡුන්දයේදී කුමක් කරනු ඇතැයිද කියාය.මහින්ද හිටපු ජනාධිපතිවරයෙකි. ඒ වාගේම ශ්‍රීලනිපයේ චන්ද්‍රිකා හා සම තැන් ගන්නා අනුශාසකවරයෙකි. මේ තත්ත්වය උඩ මහින්දට ශී‍්‍රලනිපය ඇතුළේ ගෞරවනීය තත්ත්වයක් තිබේ.

හිටපු ජනාධිපතිවරයකු වශයෙන් මහින්දට  මේ වනවිට ආරක්‍ෂකයන්, නිල වාහන ඇතුළුව වෙනත් වරප‍්‍රසාද ද හිමි වේ. බලයෙන් පහව ගිය කිසිදු ජනාධිපතිවරයකු මීට ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කර මන්තී‍්‍රවරයකු බවට පත්වූ අවස්ථා සම්බන්ධයෙන් උදාහරණ නැති බැවින් මහින්ද මෙවර මහා ඡන්දයට තරග කර පාර්ලිමේන්තුවට ගියහොත් හිටපු ජනාධිපතිවරයකු වශයෙන් ඔහුට දැනට හිමිවන වරප‍්‍රසාද අහිමි වී මන්තී‍්‍ර වරප‍්‍රසාද පමණක් හිමිවේද කියන්න අපි නොදනිමු. එවැන්නක් සිදුවන්නේ නම් ඊට මහින්ද කැමැති වේද යන්නද ප‍්‍රශ්නයකි. අනෙක් අතට අගමැති කම තබා අගමැති අපේක්‍ෂකත්වය හෝ නොලැබෙන පාටක් පෙනෙන්නට තිබියදී ජනාධිපති තනතුර වැනි ගරු කටයුතු ධුරයක වගකීම් දරා යළිත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වශයෙන් කටයුතු කිරීමට මහින්ද හිත හදාගෙන ඉන්නේද යන්න ප‍්‍රශ්නයකි. රට වටා යන මහින්ද අගමැති කරවන ජනරැලිවලට නිවේදන නිකුත් කරමින් ඒවායේ හතරමායිම්වලට පැමිණ ජනතාවට ආචාර කිරීමත්, අභයාරාමය ඇතුළුව පන්සල්වලදී තමන් එළැඹෙන මහ ඡන්දයට තරග කරනු ඇති බවට ඉඟි පළකිරීමත් හරහා මහින්දගේ යළි දේශපාලන ආගමනය සිදුවනු ඇතැයි සිතිය හැකි නමුදු පෙළ ගැසෙමින් තිබෙන දේශපාලන තත්ත්වයන් අනුව එය එසේ සිදුවිය හැකි දැයි අනාවැකි පළ කිරීමට දුෂ්කරය. අනෙක් අතට තමන් පක්‍ෂය දෙකඩ නොකරන බවට මහින්ද ප‍්‍රතිඥා දී තිබෙන බැවින් වෙනම පක්‍ෂයකින් ඔහු තරග බිමට වදිනු ඇතැයි සිතිම ද අපහසුය. ඩිලාන් පෙරේරා මීට දින කීපයකට ඉහත දී කියා තිබුණේ මහින්ද අනිවාර්යෙන්ම එළැඹෙන මහා මැතිවරණයේදී ඡුන්දයට එන්නේ බුලත් කොළයෙන් බවය. නමුත් දැනගන්නට තිබෙන ආකාරයට අනුව නම් මහින්ද මේ වනවිටත් ශ්‍රීලනිපයෙන් තරග කිරීමට නාමයෝජනා පත‍්‍ර ලබාදීමක් ද සිදුකර නැත.

වෙන මැතිවරණයකට තරග කළා කියල වරප‍්‍රසාද අහිමිවන්නේ නෑ

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා
හිටපු ජනාධිපතිවරයෙකුට විශ‍්‍රාම වැටුපක්, ආරක්‍ෂකයන්, නිල වාහන සහ ලේකම්වරයෙක් යන මේ හැම එකම ලැබෙන බව වෙනම නීතියේ සඳහන් වෙලා තියෙනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේ දී ඒ පනත සම්මත කරගත්තා. ඒ නීතිය සම්මත කළේ ජනාධිපතිවරයාගෙ වරප‍්‍රසාද හැටියට ඒ වරප‍්‍රසාද ජනාධිපතිතුමාට සහ ඔහු ගේ භාර්යාවට හිමිවෙනවා.


වාසස්ථානයක්, නිලවාහනයක්,  ආරක්‍ෂාව හා කාර්යලයක් පවත්වාගෙන යන්න ලේකම්වරයෙක්   වශයෙන් ජනාධිපතිවරයෙකුට ලැබෙන වරප‍්‍රසාද ටික ඒ පනතෙ සඳහන් වෙනවා. ඒක නීතියෙන් හිමි වෙන දෙයක්. ඒ දේවල් පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ බිරිඳට තවම ලැබෙනවා. චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනියටත්  ලැබෙනවා. ඊට අමතවරව චන්ද්‍රිකා මැතිනිය විශාල වරප‍්‍රසාද ප‍්‍රමාණයක් ලබාගත්ත වෙලාවේ අපි උසාවියෙන් තීන්දු කළා ඒක ඇමැතිවරයකුට හිමිවන වරප‍්‍රසාදවලට සීමා විය යුතුයි කියලා. එතන යම් කිසි සීමාවක් තියෙනවා. ඒ සිමාව ඇතුළෙ රටේ පළමු පුරවැසියට මේ වරප‍්‍රසාද හිමිවෙනවා. ඒ නිසා එතුමා වෙන මැතිවරණයකට තරග කළා කියලා මේ වරප‍්‍රසාද අහිමි වෙන්නෙ නෑ. පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කරලා පාර්ලිමේන්තුවට පත්වුණා කියලවත් රාජ්‍යතාන්ති‍්‍රක ධුරයට පත්වුණා කියලවත් මේ වරප‍්‍රසාද අහිමි වෙන්නෙ නෑ.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »