වන සතුන්ගේ ආහාර රටාව

2015-06-08 10:32:00       817
feature-top
වසර 1980 ජූලි නියං සමයේ දිනක වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධක්‍ෂවරයාව සිටි ලීන්ද අල්විස් මහතා (මියගොස්) රුහුණු (යාල) වනෝද්‍යානයේ පරීක්‍ෂණ නිල සංචාරයක් සඳහා පැමිණ මහසීලව සංචාරක නිවාසයේ නතරව සිටි දිනක එතුමන් හමුවීමට ගියෙමි.

 


අල්විස් මහතා සමඟ එදින සවස්වරුවේ නිල චාරිකාවට ගොස් සිටි උද්‍යාන භාරකරු ඩිල්වර්ස් ජයවර්ධන මහතාද එහි සිටියේය. ඒ වනවිට මා උද්‍යානයේ නියෝජ්‍ය උද්‍යාන භාරකරුය.


මා දුටු අල්විල් මහතා විල්සන් ඔය තිබෙන ජීප් රථයකින් ඉක්මනට මේනට් (Meynert) වැව ඉහැත්තාවට ගිහින් හොඳින් පරීක්‍ෂා කර බලලා එන්න........ ඔයා කවරදාවත් දැකල නැති අපූරු දෙයක් දැකගන්න පුළුවන් වෙයි..... වන සතුන් පිළිබඳව හසල දැනුමක් ඇති අල්විස් මහතා ඒ වනවිට දෙහිවල සත්වෝද්‍යානයේ අධක්‍ෂ ධූරයද හෙබවීය.


වේලාව රාත‍්‍රී අට පසුවී විනාඩි 15 ක් පමණ විය. මම පෙරළා කිසි විමසීමකින් තොරව රියැදුරකු සමඟ රථයකින් නික්ම මේනට් වැව ඉහත්තෑවට ළඟාවීමි. 1944 සමයේ යාල වනෝද්‍යානයේ භාරකරු හැටියට සේවය කළ බර්ගර් ජාතික ට‍්‍රැපිස් මේනට් නමින් නම් කළ එකී වැව බූතව පිටිය සමීපයේ පිහිටා තිබේ. බූතව පිටිය අලි රංචුවලට තෝතැන්නකි.




මා එහි ළඟාවත්ම අපගේ කණ වැටුණු කොටි දෙතුන් දෙනෙකුගේ (Leopard) ගෙරවිලි හඬ නිසා දසුන පහසුවෙන් සොයාගැනීමට හැකිවිය.
ලා හිරින් (මියගොස්)....... අල්විස් මහත්තයා කියන්න ඇත්තේ..... ඔය කොටින්ගෙ මොනවා හරි දැකලා වෙන්න ඇති..... වාහනය සෙමින් ඒ පැත්තට පදවන්න.....


මම රියැදුරුට උපදෙස් දු30-Rasa-P3--(6)නිමි. ඉදිරියට ධාවනය වන ජීප් රථයේ ආලෝකයෙන් ඉදිරිය මට මනාව දර්ශනය වෙයි. සර්.... අප්පේ උහුලන්න බැරි කුණුගඳක් එනවා.... ලාහිරින් ඉතින් කෑගහන්නේ නැතිව යමුකෝ.... මා කියන විට රථයේ ආලෝකයෙන් අපට දකින්නට ලැබුණේ දැවැන්ත අලි මළ සිරුරකි. මළ සිරුර ඉදිමී තැන තැන පැලී ශ‍්‍රාවය ගලා කොටි හතර (4) දෙනෙක් දුගඳ හමන මළ සිරුර බුදිති. උන් එකිනෙකාට ගොරවති.


ලාහිරීන් එන්ජිම නතර නොකොට ලයිට් එළිය හොඳහැටි කොටින්ට අල්ලන්න..... දැන් පෙරටත් වඩා මනාව උන් දර්ශණය වෙයි. රථයේ එන්ජිමේ ශබ්දය ගැන කොටින් තැකීමක් නොකළත් මොහොතකින් දර්ශණය වූයේ අලි මළ සිරුරේ බඩ පැත්තේ විවරයකින් එළියට පැනගත් වල් ඌරු රංචුවක් (Wildboar) බියවී ඉවතට දිවයන ආකාරයයි. අලි ශරීර කූඩුව තුළින් වෑස්සුණු  ඕජසයෙන් ඌරන් නැහැවී ඇතිබව මට පෙනේ. මා දෙස බැලූ රියැදුරු ලාහිරීන් - සර්.... මගේ අවුරුදු (16) දහසයක සේවා කාලයේදී මෙවැනි දෙයක් දැක්කෙ අද තමයි... කීය. එතැනින් නික්ම ආපසු මහසීලව බංගලාවට ළඟාවන විට රාත‍්‍රී (10) දහය පමණ විය.


සර්ට බොහොම ස්තූතියි..... මම සිද්ධිය හොඳට දැකගත්තා..... ලීන්ද අල්විස් මහතාට මම කෘතගුණ දැක්වූයෙමි. විල්සන්..... හරී.... දැන් කෑම කන්න....


වනාන්තරයේ වෙසෙන දිවියන් සාමාන්‍යයෙන් තම කුසගින්න නිවාගැනීමට කුණුවූ දුගඳ හමන සත්ව මළ සිරුරු සොයා නොයති. එහෙත් වෙහෙසවී මරා ගන්නා දැවැන්ත ගෝනකු හෝ මුවකු (Deer) ගේ් හෝ මස්වලින් තම පෙම්වතිය සහ පැටවුන් සමඟ බඩ පුරවා ගත් පසු වනාන්තරයේ ඔබ-මොබ සැරිසරන හිවලූන් (නරියන්) ගෙන් (Ceylon black backed Jackal) ඉතිරි කොටස ආරක්‍ෂා කරගැනීම සඳහා එය කටින් ඩැහැගෙන සහ උර තබාගෙන ගසක් උඩට නැග ගස් දෙබලක රඳවා තබයි. දින කිහිපයකට පසුව ගස උඩට නගින කොටියා හෝ දිවිදෙන හෝ දුඟද හමන ඉතිරි මස් කොටස ගිල දමන්නේය.
වනයේ දුවපැන යන, තිත්මුව රංචුවලින් එකෙකු ආහාරයට ගැනීමට පිඹුරෝ ඉතා උපක‍්‍රමශීලීව ක‍්‍රියා කරති. වන සතුන් වනාන්තරයේ ඇවිද යන මාර්ග මන්නිල යනුවෙන් හඳුන්වනු ලැබේ. සතුන් කටු අකුල් බිඳගෙන යන්නේ බියවී පලා යන විටදීය. කුළු හරකුන්, අලින් තණබිම් කරා යන්නේ උන් පුරුදුව සිටින මන්නිල අඩි පාරවල් දිගේ ඇවිද යමිනි.


මේ බව දන්නා පිඹුරෝ මන්නිල වෙත පැමිණ තම වලිගය අසල ගසක වෙලා පටලවා ගෙන මුඛය මන්නිල හරහා තබාගෙන සිටිත්. පිඹුරාගේ වර්ණය සහ හමේ පුල්ලි හේතුවෙන් වනයේ සැරිසරන සතුනට උන් මනාව නොපෙනේ. (Camouflaged) මෙසේ සිටින පිඹුරා එම මන්නිලයේ නිසොල්මනේ ඇවිද යන මුවන් සහ ගෝන පැටවුන්ගේ පාදයන් (කකුල්) තම කටින් හපා වැරෙන් අල්ලා ගනී. පිඹුරාගේ මුඛයේ පවතින තියුණු උල් සහිතවූ දත් මුඛයේ උගුර දෙසට නැමී ඇති බැවින්, අල්ලා ගනු ලබන ගොදුරට ගැලවිල්ලක් නම් නැත. මුවා හෝ ගෝනා හෝ පලායන්නට තැත් කළත් පිඹුරාගේ වලිගය ගසක වෙලාගෙන සිටින බැවින් මරණයේ සේයාව ඌ කරා පැමිණේ. ගැලවී යාමට දඟලන මුවා හෝ ගෝනා දැඩි වෙහෙසට පත්වූ පසු බිම ඇද වැටෙයි. ඒ සැනින් පිඹුරා වලිගය ලිහා බිම ඇද වැටී සිටින ගොදුර වෙළාගෙන උගේ ශක්තිමත් මාංශ පේශීන් මගින් තම ගොදුර (මුවා හෝ ගෝනාගේ) ඉල ඇට කුඩු පට්ටම් කරමින් වෙලාගනී. ඉක්බිතිව එය ගිල දමයි. පිඹුරන්ගේ මුඛයේ උඩ සහ යට හකු (Jawa)  දෙක, වෙනත් සතුන්ගේ මෙන් එකට සම්බන්ධ වී නොමැති අතර ශරීරයේ ඉල ඇටද (ribs) පපු ප‍්‍රදේශයේදී සම්බන්ධ වී නැත. එනම් ගොදුර ගිලීමට සුදුසුසේ සැකසී (adaptation) තිබේ. ඒ අනුව අපහසුවකින් තොරව ගිලින ගොදුර මාංශපේශී ක‍්‍රියාකාරිත්වයෙන් ආහාර මාර්ගය දිගේ පහළට යන්නේය.


මා පොළොන්නරුව වනජීවි සහකාර අධ්‍යක්‍ෂ හැටියට ස්ථාන මාරුවී පැමිණ දින කිහිපයකින්, මින්නේරිය ජාතික උද්‍යානයට යාබද ස්ථානයක හබරණ මහා මාර්ගය පසෙක දෙනෝ දහසක් දෙනාට පෙනි පෙනී නීතිවිරෝධී ලෙස වන සතුන් විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන යන බව මට පෙනී ගියෙන් ඊට හරස් වීමට පියවර ගතිමි. වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන යමින් පැවති එම ස්ථානයට ගොස් නිවස සහ සතුන් පරීක්‍ෂා කර බැලීමට අවශ්‍ය බව නිවැසියන්ට දැන්වූයෙමි. ඒ වනවිට මාර්ගය පසෙක උකුස්සන් දෙදෙනෙකු දම්වැල් දමා බැඳ තිබුණි. මහ මගයන දේශීය සහ විදේශීය සංචාරකයන් උකුස්සන් නැරඹීමෙන් පසු නිවැසියන්ට මුදලක් දීමට අමතක කළේ නැත. ඒ අවස්ථාවේදී සංචාරකයන් ඔවුන්ගේ නිවසට කැඳවා ගොස් කූඩු කොට සිටින පිඹුරන් පක්‍ෂීන් පෙන්වා අවශ්‍ය අයට විකිණීම සිදුකළේ ඇතැම් වනජීවි නිලධාරීන්ගේ අනුදැනුමද ඇතිවය.


මේ අතර මා සමඟ සිටි වනජීවි සේවකයන් ඔවුන්ගේ නිවස දෙසට ගමන් කරනා විට එම කාන්තාවන් අපට පරුෂ වචනයෙන් බැණ වැදුණේ ඔවුන්ගේ අයිතිවාසිකමකට අප හරස්වූ බව කියමිනි. මේ වනවිට 100 පමණ සෙනඟ එතැනට රොක්වී සිටියහ. අප අත තිබූ ගිනි අවි එල්ලකොට නීතිය ක‍්‍රියාත්මක කිරීමට හැකියාව තිබුණත් මා අවස්ථානුකූලව ක‍්‍රියා කළයුතුවූ බැවින්, එදින අප එතැනින් ඉවත්ව ගියෙමු.


එහෙත් පසුදිනම සිද්ධිය පිළිබඳව පොළොන්නරුව මහෙස්ත‍්‍රාත් තුමාට වාර්තා කොට පොලීසිය සමඟ ගොස් ඔවුන් සන්තකයේ සිටි සියලූම සතුන් අපගේ භාරයට ගතිමු. ඒ  අතර උකුස්සන් - 05 ක් පිඹුරෝ - 03 විවිධ කොකුන් වර්ග - 05, ගිරව් සහ මයිනෝ  - 03 ක් වූහ. සැකරුවන් අත්අඩංගුවට ගැනීම පසුවට කල් තැබුවේ විශාල කලබගෑනියක් සිදුවීමට ඉඩ තිබූ බැවිනි. විවෘත උසාවියේ නඩුව කැදවන තුරු සතුන් මගේ භාරයේ තැබීමට මගේ එකඟත්වය ඇතිව මහේස්ත‍්‍රාත් තුමා පියවර ගති. සතුන් සියලූ දෙනා ආහාර දෙමින් රැුකබලා ගැනීමට නිලධාරියකු වෙත පැවරිණි. එදින සවස ඔහු මට කතාකරමින් සර්... මයිනො ගිරව් හැරෙන්න අනික් සතුන් වතුර පොදක් බොන්නෙත් නැහැ..... කිසිම දෙයක් කන්නෙක් නැහැ..... මොකද කරන්නෙ.... මගෙන් උපදෙස් පැතීය.


හා.... ඒකත් එහෙමද.... මගේ යාළුවෙක් ඉන්නවා මනම්පිටියේ ටායා කියලා.... එයා හම්බවෙලා එන්නම්... මා අපේක්‍ෂා කළ පරිදි අවශ්‍ය උපදෙස ඔහුගෙන් ලැබුණි.


නැවත මගේ කාර්යාලයට පැමිණ සේවකයන් අමතමින් ඔයාලා එක්කෙනෙක් ගිහින් දිග ලීයක් කපාගෙන එන්න... අනික් අය ඔය ගෙනැත් තිබෙන මස් මාළු සිහින් කෑලිවලට කපන්න....




ලීය ගෙනා පසු මම එක් කෙළවරක් පිහියකින් කපා ගෝලාකාර කළෙමි.


හරි.... දන් පිඹුරෙක් ගෙනැවිත් උගේ කට ඇරලා වහගන්න බැරි වෙන්න හරහට පොඩි ලී කෑල්ලක් තියලා ඌ ඇඟට හිර කරලා අල්ල ගන්න.... මම සේවකයකුට උපදෙස් දුනිමි. ඉන් පසු සිහිනියට කැපූ මස් කැබලි පිඹුරාගේ මුඛය තුළට රිංගවා සකස් කරගත් ලීයේ ගෝලාකාර කෙළවර උගුර හරහා ආමාශය දෙසට තල්ලූ කළෙමි. මස් කිලෝවක් පමණ එසේ කවා ප්ලාස්ටික් බෝතලයක් මගින් ජලයද කටතුළට දමා පහළට යැවීමි. උකුස්සන්ටද ඒ අයුරින්ම ආමාශයට මාළු මස් ඇතුළුකොට ජලයද රිංගවූයෙමි. උසාවි නියෝගයෙන් සතුන් සියල්ල දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාරදුන් දිනය දක්වාම මා භාරයේ සිටි සතුන් රැුකබලා ගත්තේ ඒ අයුරිනි.


මෙය ලියමින් සිටින විට මා පොළොන්නරුව වනජීවි සහකාර අධ්‍යක්‍ෂ හැටියට රාජකාරි කළ සමයේ වූ සිද්ධියක් සිහියට නැගේ. හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ නිවසක නීති විරෝධි ලෙස සුදු මුවකු ඇති දැඩිකරන බවට පුවතක් මගේ කණ වැටිණ. මම වහා කාර්ය මණ්ඩලය කැඳවා එම නිවසට ගොස් මුවා භාරයට ගෙන මුවා අයිතිකරු අත්අඩංගුවට ගෙන මාවෙත ඉදිරිපත් කරන ලෙසට උපදෙස් දුනිමි. ඒ අනුව ජීප් රථයකින් එම නිවසට ගිය මගේ සේවක පිරිස ආපසු පැමිණියේ හිස් අතිනි.


සර් ඒ මනුස්සයා දේශපාලන බල පුළුවන්කාරකම් කියමින් අපට අවනත වුණේ නැහැ. එහෙමද? එහෙනම් මම නීතියෙන්ම වැඬේ කරන්නම්.... ඔයාලා ටිකක් ඉවසාගෙන ඉන්න.... වහාම මම සිද්ධිය පිළිබඳව වාර්තාවක් සකසා පොළොන්නරුව මහේස්ත‍්‍රාත්තුමා වෙත ඉදිරිපත් කරමින් පොලීසියේ සහය ඉල්ලා සිටියෙමි. ඉක්බිතිව පොලිස් නිලධාරින් දෙදෙනකු සමග මගේ සේවකයන් අදාළ සැකකරුගේ නිවසට යැවුවෙමි. එවර ඔවුන් ආපසු පැමිණියේ සුදු මුවා සහ සැකකරු සමගය. වේලාව සවස 3.00 පමණ විය. බැලූ බැල්මට සැකකරු වැදගත් පෙනුමකින් යුත් අයකු විය.


ඔයාට කොහෙන්ද මේ සුදුමුවා ලැබුණෙ..... මම විමසුවෙමි. සර් අපේ කැලෑ ඉඩම්වල ඉඳලා මම අල්ලගත්තා.... ආදරෙන් ඇති දැඩි කළා.... සැකකරුගේ පිළිතුර විය.


මහත්මයා කරලා තිබෙන්නෙ නීති විරෝධි වැඩක්... ? බෝවෙන්න එන නිසා... දැන් ඔයා ගෙදර ඇරලනවා... හෙට හෝ අනිද්දා හෝ මේ කාර්යාලයට එන්න කියා ඔයාට අවවාද කරනවා.... මුවා අපේ භාරයට ගත්තා.... ඔහු මගේ නිල රථයෙන් පිටත්කොට හැරියෙමි. මගේ භාරයේ සිටින සුදු මුවා දිගින් දිගටම වතුර බීම සහ ආහාර ගැනීම නොකළ බැවින් මම අනපේක්ෂිත ගැටලූවක පැටලූනෙමි. යම් හෙයකින් අප භාරයේ සිටියදී ඌ මිය ගියහොත් එය මට ප‍්‍රශ්නයක් වනු ඇත. පසුදින දහවල් වනතුරුත් සුදුමුවා වතුර පොදක් වත් නොබී නිරාහාරව සිටි බැවින් නොපමාව ජීප් රථයක්, මුවා ඇතිදැඩි කළ අයගේ නිවසට යවා ඔහුව ගෙන්වා ගති.


මහත්මයා වාඩිවෙන්න.... මේ මුවා වතුර බොන්නෙත් නැහැ..... ආහාරයක් ගන්නෙත් නැහැ...... මොනවද මෙයාට කන්න දුන්නෙ.....? මම විවසුවෙමි. මේ අතරවාරයේදී සුදුමුවා ඉව අල්ලාගෙන වුත් වාඩිවී සිටි උගේ හාම් පුතාගේ ඔඩොක්කුවට පැන ඔහුගේ මුහුණ ඇඟපත සිඹින්නටත් ලෙව කන්නටත් විය. ඔහු මට කතා කරමින් මට ගෙන්නලා දෙන්න දුම්කොළ දෙකක් (02) සහ යහමින් බුලත්කොළ බෑගයක් ක්‍ෂණිකව මම එය ඉටුකළෙමි. ඔහු දුම්කොළයක් මුවාගේ මුඛය දෙසට ඇල්ලීය. එකෙනෙහිම මුවා දුම්කොළය සපා කෑමට පටන් ගත්පසු ඉන් බාගයක් අවසන් කළ වහාම බෑගයේ තිබූ බුලත්කොළ බිම හැලීය. වැඩිවේලාවක් ගතවීමට මත්තෙන් මුවා බුලත් කොළ සියල්ල ගිල දැමීය. දැන් යහමින් වතුරත් කෝප්පයකට දාලා.... බිමින් තියන්න. ඌ වතුර බීගෙන බීගෙන යනවිට, මගේ මිත‍්‍රයා කෝප්පය ඉවතට ගනිමින් මේ ඔක්කොම වතුර එකපාරටම බොන්න දෙන්න හොඳ නැහැ... කියමින් මා දැනුම්වත් කළත් හේතුව විස්තරය ඊට පෙර මම දැන සිටියෙමි. එතැන් පටන් සුදු මුවා උසාවි නියෝගයක් මත දෙහිවල සත්වෝද්‍යානයට භාරදෙන තුරුම, ආහාරය හැටියට දුන්නේ බුලත් සහ දුම්කොළ පමණකි.


මාස (2) දෙකකට පසුව වනජීවි අධ්‍යක්‍ෂ ලීන්ද අල්විස් මහතා හමුවීම සඳහා සත්වෝද්‍යානයට ගියදිනක සුදු මුවාගේ සුවදුක් විමසීමට එහි සේවය කරන මගේ මිත‍්‍ර අංශභාර මොල්ලිගොඩ (මියගොසිනි) මහතා හමුවීමට ගියෙමි. එහිදී මට දකින්නට ලැබුණේ සුදු මුවා ඉතාමත් හීලෑ ලෙසින් කාර්යාලයේ මේස පුටු අතරින් ඇවිද යන ආකාරයයි. මේ අතර මගේ මිත‍්‍රයාගේ උපදෙස් පරිදි සේවක මහතකු බීම බෝතලයක් සහ සිගරට් දෙකක් ගෙනැවිත් මා අසල තිබූ මේසයක් මත තැබීය. ක්‍ෂණයකින් සුදු මුවා ඉව අල්ලමින් මේසය මතට පැන සිගරට් දෙක ගිල දැමීය.


වනයේ වෙසෙන වලසුන්ගේ ආහාර රටාව වසරේ කාලගුණ තත්ත්වය අනුව වෙනස් වෙයි. ස්වභාවික විල් 25 කින් සමන්විත විල්පත්තු ජාතික වනෝද්‍යානය (වපසරිය හෙක්ටයාර් 131693) වලසුන් ගහන ප‍්‍රදේශයකි. වැසිසමයේ මහ පොළව තෙත බරිත දිනවලදී වලසුන් තම ඉදිරිපාද වල නියපොතුවලින් පොළොව බිඳ අල වර්ග ආහාරයට ගන්නා අතර වේ හුඹස් බිද හුඹස් පත්ලේ වේයන්ගේ කූඩු බිඳ වේ පිළවු (Larvae) උරා බොති.


දිනක් විල්පත්තු මූලස්ථානයේ ගොඩගසා තිබූ පැරණි බුරුත කොට තොගයක් අසල වලසුන් දෙදෙනෙකු සිටිනවා දැක ඔවුන් කුමක් කරන්නේදැයි විමසිල්ලෙන් බලා සිටියෙමි. බුරුත කොටවල දිරාපත්වූ උඩපොත්ත ගලවා කුරුමිණි (Beetle යන් සහ පිළවු (Larvae) බුදින ආකාර මට දැකගත හැකිවිය.
නියං සමයේ ඒ අන්දමින් ආහාර ලබාගත නොහැකි බැවින් වනමල්, ගෙඩි වර්ග ආහාරයට ගනී. වසරේ ජූනි මාසය එළඹෙත්ම පලූගස්වල ගෙඩි පැසෙයි. බොහෝ ගස්වැල්වල මල් හටගන්නා බැවින්, මී මැස්සන්ටද කාර්ය බහුල වකවානුවකි. වලසුන් දැවැන්ත පලූගස් උඩට නැග සිහින් අතු අග ඇති පලූ ගෙඩි වලින් කුසගින්න නිවා ගනිති.


ඌහු ඇතැම් විට පලූ ගස්වලින් බිමට ඇඳ වැටී බරපතළ ලෙස තුවාල වෙති. යාල උද්‍යානයේ ඒ අන්දමින් පලූගසකට නැගගත් වලසකුට අන්තරාදායක තත්ත්වයකට මුහුණ දුන් පුවතක් මට අසන්නට ලැබුණි. වලසා ගස් උඩට නැග ගත් පසු දකින්නට ලැබුණේ, විවේක සුවයෙන් සිටින දැවැන්ත කොටියෙකි. (Leopard) ගස උඩදී දෙදෙනා ද්වන්ද සටනකට එළැඹ, ගසින් බිමට වැටීමෙන් පසුවද පොරකන්නට විය. තවද ගස් බෙණවල බැඳ ඇති මීවද කඩා මීපැණි උරා බීමටද වලසා සමතෙකි. පලූ ගෙඩිවලට අමතරව, නියං සමයේදී මොර, කෝන්, වීර, තිඹිරි, දඹ ගෙඩිද ආහාරයට ගනී. මීගස්වල මල් හටගන්නා විට ඒ සමඟ සුළඟට එක්වන මීමල්වල සුවඳ අනුව එම මල් සොයා ගොස් ආහාරයට ගන්නා බව ගැමියන් මා සමඟ පවසා තිබේ. මේ හැරෙන්නට මියගිය සතුන්ගේ කොටස් ගිල දමනාකාරය වනජීවි නිලධාරීන් දැක තිබේ.


වියළි සමයේදී වනාන්තරයේ ගහකොළ වියළී ගියපසු ශාක භක්‍ෂ මුවන් ගෝනුන් ආදී සතුන් උග‍්‍ර ආහාර අහේනියකට ලක්වෙති. ඒ වනවිට ඔවුන් ගංගාධාරවල වැවෙන ගස් වැල් ආහාරයට ගනිති. වන සතුන් අතර පවතින සංහිඳියාව මා දැක ඇත්තේ විල්පත්තු සහ යාල වනෝද්‍යාන තුළදීය. දැවැන්ත පලූගස් මත වෙසෙන වඳුරන් (Grey Langur) කුඩා පලූ අතු කඩා බි

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »