පාන් ගෙඩියට අලූත් නීති

2015-05-14 09:29:00       813
feature-top
අපේ රටේ දුප්පතාගේ ප‍්‍රධාන ආහාරය ලෙස සාමාන්‍යයෙන් සැලකෙන්නේ පාන් රාත්තලය. මෙම පාන් විවිධ කාලසීමාවන්වලදී එහි බර මිල සහ ප‍්‍රමිතිය සම්බන්ධ ප‍්‍රශ්නවලට මුහුණුපෑ අතර වර්තමානයේදී එහි තිබිය යුතු නියමිත බර සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය පසුගිය 01 වැනිදා සිට නව නීතියක් ගෙන ඒම ගැන බේකරි හිමියන්ගේ හා පාන් අලෙවිකරන වෙළෙඳුන් අතර මේ වන විට යම් කසුකුසුවක් නිර්මාණය වී තිබේ. 2003 පාරිභෝගික අධිකාරී පනත යටතේ අච්චුපාන් රාත්තලක නියමිත බර ග‍්‍රෑම් 450ක් නියත වශයෙන්ම තිබීම අනිවාර්යසේම එම බර නොමැතිව පාන් අලෙවිකරන තනි ව්‍යාපාරයක හිමිකරුවකුට රුපියල් 1000 සිට 10000 දක්වාද සමාගමක් සඳහා රුපියල් 10000 සිට 100000 දක්වාද දඩ මුදලක් අයකිරීම එම නව නීතියයි.

 


පසුගිය 01 වැනිදා පාරිභෝගික අධිකාරිය විසින් ක‍්‍රියාත්මක කරනු ලැබීමට නියමිත මෙම නව නීතිය වෙසක් නිවාඩු සමය නිසා ක‍්‍රියාවට නැගීමට නොහැකි වූ බැවින් පසුගිය 05 වැනිදා සිට අකුරටම ක‍්‍රියාත්මක කරන බව පාරිභෝගික අධිකාරියේ නිලධාරියෙකු අප හා පැවසීය.


මෙම තත්ත්වය සම්බන්ධයෙන් වෙළෙඳ පොළේ පාtujන්අලෙවි කරන වෙළෙඳුන් හා බේකරි හිමියන් කිහිපදෙනෙකු සමග අපි කතා බහ කළෙමු.
මේ බොරැුල්ල නගරයේ සිරි මැදුර බේකර්ස් හි දමිත් මහතා ඒ ගැන දැක්වූ අදහස්ය.


පාරිභෝගික අධිකාරිය මෙවැනි නීතියක් ගෙනාවත් අපට නම් ඒක ඒ තරම් ප‍්‍රශ්නයක් නැහැ. අපි අවුරුදු 15ක් පමණ තිස්සේ පාන් නිෂ්පාදනය හා වෙළෙඳාම කරන්නේ නියමිත ප‍්‍රමිතියට අනුකූලවයි. එහි තිබිය යුතු ග‍්‍රෑම් 450ක බර ඒ විදියටම පවත්වාගෙන යෑමට අපි කටයුතු කරන නිසා අපට ඔය නීතිය එතරම් ගැටලූවක් වන්නේ නැහැ. අපි දවසකට පාන් රාත්තල් 250ක් විතර නිෂ්පදානය කර අලෙවි කරද්දි නියමිත බර ඒ විදියටම පවත්වාගෙන යාමේ වගකීම අකුරටම ඉටුකරනවා.


අද අපේ රටේ ගොඩක් දෙනෙක් නීති රීති වලට යම් කිිසි බයක් දැක්වූවත් අපි නිවැරැුදිව අපේ වගකීම ඉටුකරනවා නම් බියවිය යුතු නැහැ. පාන් රාත්තලට පමණක් නොවෙයි තවත් සමහර දේවල් වලට නීති රීති තිබිය යුත්තේ අපේ අය නීති රීති කඩකරන්න ප‍්‍රසිද්ධියක් උසුලන නිසයි. සාධාරණ වෙළෙඳාමක් රටේ තිබිය යුතුයි කියලා මම පිළිගන්නවා.


පාන් රාත්තලක නියමිත බර සම්බන්ධයෙන් වන ප‍්‍රශ්නයේදී ඇතැම් වෙළෙඳසැල් හිමියෙක් ඇඟිල්ල දිගුකරන්නේ බේකරි හිමියන්ටය. බේකරිහිමියා නියමිත බරට පාන් රාත්තල නිෂ්පාදනය කරන්නේ නම් ඔහුටත් වෙළෙන්දාටත් කිසිදු ප‍්‍රශ්නයකට මුහුණපාන්නට සිදු නොවන බව ඔහුගේ අදහසයි.


මේ රාජගිරිය ප‍්‍රදේශයේ අලෙවි සැලක් පවත්වාගෙන යන නිශාන්ත පීරිස් මහතාය.


අපි දවසකට පාන් රාත්තල් 20 - 30ක් අලෙවි කරන සුළු වෙළෙන්sgඳෝ. පාන් බේකරියේ නිෂ්පාදනය කරද්දි ග‍්‍රෑම් 450ට නිෂ්පාදනය කරලා, අපට දෙනවා නම් පාරිභෝගිකයාට කිසිම ප‍්‍රශ්නයක් මතුවෙන්නෙ නැහැ. මොකද අපි බේකරියෙන් පාන් මිලදී ගනිද්දි රාත්තලෙන් රාත්තල කිරලා බලලා නියමිත බර තියෙනවද කියලා බලන්න ප‍්‍රායෝගිකව බැහැ. ඒ හින්දා මේ ප‍්‍රශ්නයේදී වඩාම අවධානයක් යොමු කරන්න  ඕනෑ බේකරි හිමියායි. අනෙක් අතට මේ ගේන නව නීති ටික කාලයක් ක‍්‍රියාත්මක කරලා ආයෙත් ඒ ගැන සොයා නොබැලූවාම පාන් නිෂ්පාදකයෝ පරණ විදියට බර අඩුවෙන් පාන් නිෂ්පාදනය කරන්න පෙළඹෙන්න පුළුවන්.


කෙසේ වුවද මෙම ප‍්‍රශ්නයේදී වෙළෙඳ සැල් හිමියා බේකරි හිිමියාටත් බේකරි හිමියා වෙළඳ සැල් හිමියාටත් බෝලය පාස් කළද අවසානයේ පාඩුව දරන්නට සිදුවන්නේ පාරිභෝගිකයාටයි. පාන් සම්බන්ධයෙන් පමණක් නොව වෙළඳ පොළේ ඇතැම් වෙනත් භාණ්ඩ සම්බන්ධයෙන් ද නියමිත බර නොමැතිවීමේ පාඩුව නිරන්තරයෙන් ඔවුන්ට දරන්නට සිදුවී ඇති වර්තමානයක මෙම නව නීති වඩාත් සක‍්‍රීයව ක‍්‍රියාත්මක විය යුතුව ඇත. ලංකාවේ බේකරි කේෂ්ත‍්‍රයේ පැරැුණිතම නමක් වන සල්ගාදු බේකර්ස්හි රාජ්පාල් සල්ගාදු මහතා මෙම ප‍්‍රශ්නය සම්න්ධයෙන් දරන්නේ මෙවැනි අදහසකි.


පාන් රාත්තලේ නියමිත බර ග‍්‍රෑම් 450ක් තිබිය යුතුයි කියන දේට මම අනිවාර්යයෙන්ම එකඟයි. මොකද අපි වසර ගණනාවක් මේ කර්මාන්තය කරගෙන ගියේ නියමිත ප‍්‍රමිතියටයි. නමුත් මේ නීතිය අද වෙළෙඳ පොළේ පාන් අලෙවිකරන චූන් පාන් නමින් ප‍්‍රචලිත ජංගම අලෙවි වාහන වලටත් අදාළද කියන ප‍්‍රශ්නය මතු වෙනවා. ඒවායේ පාන් අලෙවි කරන්නේ නියමිත මිලටත් වඩා අඩුවෙන්. ඒවායේ ප‍්‍රමිතිය ගැනවත් බර ගැනවත් මිල ගැනවත් අදාළ බලධාරීන් හොයා බලනවාද කියන එක ප‍්‍රශ්නයක්.


අනෙක් අතට ගමේ ගොඬේ කුඩා පරිමාණයෙන් පාන් රාත්තල් 10-12 ක් විකුණන පුංචි කඩවලට විශාල මුදලක් දීලා ඉලෙක්ට්‍රොනික් තරාදියක් මිලදීගන්න අපහසුයි. අපි නම් නගර සභාවට වරිපනම් ගෙවනවා. තවත් බලපත‍්‍ර ගාස්තු ගෙවනවා. නමුත් සුළු වෙළෙන්ඳන්ට අර වගේ වියදමක් දරන එක පාඩුයි. රටක නීතියක් ක‍්‍රියාත්මක කරනවා නම් ඒක හැමෝටම පොදු නීතියක් වෙන්න  ඕනේ. ඒ වගේම පාන්වල බර කිරද්දි පාන් ගෙඩි 10ක නියැදියක් අරගන්න  ඕනේ. වායු ගෝලයේ තිබෙන වාෂ්ප අනුවත් පාන්වල බර අඩු වැඩි වෙන්න පුළුවන්. පාන් රාත්තලක බර ග‍්‍රෑම් 2ක් 3ක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඒත් ග‍්‍රෑම් 10ක් වගේ අඩුවෙනවා නම් ඒක ප‍්‍රශ්නයක්.


රාජගිරියේ සසිරි බේකර්ස්හි ගමගේ මහතා එහි පාන් නිපදවා ඊටම යාබද ඔහුගේ වෙළෙඳ සැලෙහි ඒවා අලෙවි කරයි. පාරිභෝගික අධිකාරියේ නව නීතිය සම්බන්ධයෙන් ඔහුට ඇත්තේ මෙවන් පිළිතුරකි.


පාන් රාත්තලක තිබිය යුතු නියමිත බර ගැන ප‍්‍රශ්නය මීට පෙරත් මතුවුණා. අපිට මේ ගැන කලබල වෙන්න අවශ්‍ය නැත්තේ නියමිත බරට ඒ කටයුත්ත සිදුකරන නිසයි. මේ ප‍්‍රශ්නයේදී බේකරි හිමියන් මුහුණ දෙන ප‍්‍රායෝගික ප‍්‍රශ්න ගැනත් අදාළ බලධාරීන් සොයා බලනවා නම් හොඳයි. සාමාන්‍යයෙන් පාන් රත්තලක් ග‍්‍රෑම් 450කට නිෂ්පාදනය කරන්න පෙර පිටිවල බර ග‍්‍රෑම් 510යි. පෝරණුවේ හරි අවන් එකේ හරි ග‍්‍රෑම් 510 ක් පිළිස්සුවට පස්සේ තමයි ග‍්‍රෑම් 450 නියමිත බර ලැබෙන්නේ. නමුත් පාන් පිළිස්සිලා අවසන් වෙන්න යන නියමිත වෙලාවට හරියටම නොගෙන විනාඩි 2ක් 3ක් හරි ප‍්‍රමාද පාන් බාගන්න වුණොත් පාන් රත්තලේ බර ග‍්‍රෑම් 50 කින් විතර අඩුවෙනවා.


පෝරණුව වැඩකරන සේවකයෝ එලාම් එකක් තියාගෙන තමයි වෙලාවට මේ පාන් බාන්නේ. නමුත් සමහර අවස්ථාවල කළින් කීව ආකාරයට විනාඩි 2ක් 3ක් ප‍්‍රමාද වුණොත් අර විදිහට බර ග‍්‍රෑම් 50ක් අඩුවෙන්න පුළුවන්. ඉතින් අපි සුළු පරිමාණයෙන් කරන නිසා පරිගණකයකින් වගේ ටයිම් කරලා තියන්න තාක්ෂණික පහසුකම් අපට නැහැ. මහා පරිමාණයෙන් කරන අයට ඒ පහසුකම් ඇති. ඒ නිසා මෙතනදි අපේ ප‍්‍රායෝගික පැත්තත් සාධාරණව බලන්න  ඕනෙ. රටක නීති තියෙන්න  ඕනෙ. නමුත් අපට ප‍්‍රායෝගිකව කරන්න පුළුවන් සීමාව ගැනත් අවධානය යොමු කරන්න  ඕනෙ.


පාන් නිශ්පාදනයේදී ඊස්ට්, මාගරින් පොල්තෙල් සීනි, ලූණු වගේ අමුද්‍රව්‍ය වල මිල වැඩිවුණාම නිෂ්පාදකයන් විශාල අසීරුතාවලට මුහුණ දෙනවා. නමුත් අදාළ බලධාරීන් බර විතරක් බැලූවට ඒ ප‍්‍රශ්නවලට විසඳුම් දෙන්න පෙලඹෙනවා අඩුයි. ඒ නිසා අපි ප‍්‍රායෝගික ප‍්‍රශ්න රාශියක් දරාගෙන තමයි මේ බේකරි කර්මාන්තය කරගෙන යන්නේ.


එසේ නැතිනම් පාන්වල මිල තීරණය කරද්දී ග‍්‍රෑම් 100ක ඒකකයකට ස්ථාවර මිලක් යෙදිලා පාන් රාත්තලක ග‍්‍රෑම් 400ත්, 450ත් 500ත් වගේ තිබුණොත් සුපිරි වෙළෙඳ සැල්වල ග‍්‍රෑම් ගාණට අයකරනවා වගේ ඒ ඒ බරට අදාළ වටිනාකම පාන් රාත්තලට අයකළා නම් ඒක පාරිභෝගිකයාටත් අපිටත් සාධාරණයි. කොහොමහරි මේ නව නීති ක‍්‍රියාත්මක කරද්දී අපිට ප‍්‍රායෝගික ගැටලූ රාශියකට මුහුණ දෙන්න වෙයි කියන දේ තමයි මගේ නම් අදහස.


Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »