ආදරය වෙනුවෙන් දියලූමෙන් පැන්න යෝගා හා සකුන්තලා

2015-05-05 10:06:00       823
feature-top
 
සිංහල හා හින්දු අලූත් අවුරුදු අසිරිය අවසන්වෙන්නටත් පෙර  ඉකුත් 19 වනදා- කොස්ලන්ද දියලූම ඇල්ලෙන් පෙම්වතුන් යුවළක් පනින්නට සුදානම් වන බවට පොලිස්  හදිසි දුරකථන :119-  වෙත තොරතුරක් ලැබිණග

 

  එම තොරතුර ඔස්සේ ඌව දිසාව භාර නියෝජ්‍ය  පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දුල බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන හා සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්.පී. ගුණරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත වහාම ක‍්‍රියාත්මක වූ කොස්ලන්ද පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිහාල් සුගතදාස මහතා කාන්තා පොලිස් කොස්තාපල් කුමුදිනි සමග දියලූම දියඇල්ල ළගට ගියහ.  පොලිස් පරීක්ෂකවරයාට දක්නට ලැබුණේ ඇල්ලේ ජලකද කිසිදා නොවූ විරූ ලෙස වැඩිවී තිබුණු අයුරුයි.


හතළිහක පමණ දේශීය සංචාරකයන් හා විදේශීය සංචාරකයෝ පිරිසක් දියඇල්ලේ අසිරිය විදිමින් සිටියහ. පොලිස් පරීක්ෂකවරයාගේ නෙත එහි සිටි තරුණ පෙම්වතුන් කෙරෙහි යොමුවිය.


ඒ අනුව අනුමාන කළ යුවළකගෙන් පොලිසිය ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඇඹිලිපිටියේ සිට පැමිණ ඇති බවය. ප‍්‍රශ්නයට මුහුණ දී ඇත්තේ ඔවුන් දෙදෙනා නොවන බව තේරුම්ගත් පොලිස් පරීක්ෂකවරයා තවදුරටත් සෝදිසියෙන් සිටියද දැනගන්නට ලැබුණේ තරුණ යුවළක් දියලූම පාමුල පිහිටි හෝටලයකින් මෙදින උදේ ෆ‍්‍රයිඞ් රයිස් පාර්සලයක් මිලදී ගෙන ගිය බවය.


හෝටල් කළමනාකරු පැවසූ හැඩරුවට සමාන හැඩරුවක් ඇති යුවළක් එහි නොවූ බැවින් ස්ථීර වශයෙන්ම ඔවුන් දෙදෙනා දියඇල්ල මුදුනට යන්නට ඇතැයි අනුමාන කළ පොලිස් පරීක්ෂකවරයා  දියඇල්ල මුදුනට පිවිසිය හැකි පූනාගල මාර්ගයෙන් එම ස්ථානයට යාම සදහා කොස්තාපල්වරුන් වන චමින්ද හා යසරත්න ද මෙන්ම සංචාරක මග පෙන්වන්නෙකු වන චමින්ද නැමති තරුණයාද සමග ජීප්රියෙන් පිටත්විය.


පොලිසිය හා දෙමව්පියන් මේ සොයායන්නේ නව යොවුන් වියේ පෙම්වතුන් වූ  යෝගරාජ් හා සකුන්තලාය. ඔවුන් දෙදෙනා මේ වන විටත් දියලූම ක`දුමුදුනට පිවිස අවසන්ය.


ඔවුන්ගේ පේ‍්‍රම පුරාණය වරෙක අතිශයින්ම සුන්දර එකක් විය. එහෙත් කල්යත්ම ඊට එරෙහි වී නැඟුණු බාධක දෙදෙනාටම ඇති කළේ කම්පනයකි.
17 හැවිරිදි සකුන්තලා උදයාංගනි මෙන්ම 18 හැවිරිදි සරවනභවන් යෝගරාජ් ඉගෙන ගත්තේ ගමේ පාසැල වන නිකපොත මහා විද්‍යාලයේය.
පාරම්පරික කුඹල් කර්මාන්ත පවුලක ඉපදුන යෝගරාජ් එම පවුලේ බඩපිස්සා විය. අයියලා දෙන්නෙක් හා අක්කා කෙනෙක් එම පවුලේ සෙසු සාමාජිකයෝ වූහ.


දෙමව්පියන් සමග වැල්ලවාය රන්දෙණියේ පදිංචිව සිටියදී අතිශය ඛේදජනක සිදුවීමක් විය. ඒ ඔවුන්ගේ මව සහ පියා සාහසික ප‍්‍රහාරයකට ලක්වීමය.  නිවසටම කඩාවැදුණ සාහසිකයෝ අම්මාගේ බෙල්ල කපා ඝාතනය කර තාත්තාට බරපතල කැපුම් තුවාල සිදුකර පලාගොස් තිබුණි. මෙලෙස අම්මා මියයන විට යෝගරාජ්ගේ වයස අවුරුද්දකි.


කැපුම් තුවාලවලින් පසු රෝගාතුරවූ පියා ද පසුව මියගියේය. කටේ කිරි සුව`ද යන්නටත් කලින් මව් සෙනෙහස අහිමි වූ යෝගරාජ්ට ඉන්පසු මව වූයේ මිත්තණියයි. සෙල්ලසාමි අමරාවති නැමති එම මිත්තනිය දැඩි ආර්ථික ප‍්‍රශ්න හමුවේ වුවද මෙම දරුවා බාරගෙන ඇගේ නිවසේ සිට කොස්ලන්ද පාසලට යැව්වාය.


පාසලේදී හ`දුනාගත් සකුන්තලා පාසලේ වඩා ආකර්ෂණීය චරිතයක් විය.  ඇය ඉගෙනීමට මෙන්ම කීි‍්‍රඩාවට ද නැටුම් ගැයුම් වැනි බාහිර ක‍්‍රියකාරකම් වලට ද දක්ෂතාවක් දැක්වූවාය.


යෝගරාජ් නැමති අහිංසකයා කෙරෙහි සකුන්තලාගේ ද සිත ඇදී ගියේය.ළමා වියේදීම ඔවුන් දෙදෙනා ආදරවන්තයින් වූහ.

ආදරය කොතරම් සුන්දර දැයි ඔවුන් දෙදෙනා සිතූ වාර ගණන අපමණය.ඒ නිසාම මේ ආදරය ස`ගවා සිටින්නටද ඔවුහු අසමත් වූහ. සකුන්තලාගේ නිවසට මේ බව ආරංචි වූයේය. මෙම සම්බන්ධය නතර කරන ලෙස සකුන්තලාගේ දෙමව්පියෝ ඇයට අවවාද කළහ.


ගොවිතැනින් තම පවුල රකින පියා මෙන්ම දියණිය කෙරෙහි මහා බලාපොරොත්තු තබා සිටි මව සකුන්තලාගේ  මේ ක‍්‍රියා කලාපය පිළිබ`දව නිතරම කඳුළු සැලූවාය. අවසානයේ ඔවුහු ඇයට තරවටු කළහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මේ කෙල්ල ඇගේ සොයුරියකගේ රෝගයක් සඳහා ගෙනැවිත් ගෙදර තිබූ පෙති වර්ගයක් ගිල දැම්මාය.


කොස්ලන්ද රෝහලට ඇය වහාම ඇතුළත් කළ නිසා ඇගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරු සමත් වූහ.

සිත දැඩිසේ කලකිරී සිටි යෝගරාජ් පාසැල් ගමනට ආයුබෝවන් කියා කොළඹට ගොස් රසකැවිලි නිෂ්පාදන ආයතනයක සුථ රැුකියාවක් ලබා ගත්තේය.
අලූත් අවුරුද්දට අත්තම්මාට චීත්තයක් ද පෙම්වතියට ඇඳුමක්ද රැුගෙන යෝගරාජ් ගෙදර ආවේය.

දෙදෙනාට දෙදෙනා හමුවීමට ඉඩ නොතිබුණත් ගමේ අවුරුදු උත්සවයේදී දෙදෙනාට දෙදෙනා දැකගත හැකිවිය. එහෙත් අම්මාගේ ආරක්ෂාව යටතේ සකුන්තලා සිටි නිසා ඇහැ කොනකින්වත් ඇය දෙස නොබැලීමට යෝගරාජ් වග බලාගත්තේය.


අවුරුදු උත්සවයේ සංගීත සාජ්ජයේදී නැටූ අය අතරට වැදී  දෙදෙනාම සිත්සේ නර්තනයේ යෙදුන නමුත් එකිනෙකාට ලං වූයේ නැත.

19 වනදා හිමිදිරි උදෑසන යෝගරාජ්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවේය. යෝගරාජ් තකහනියේ ඇ`ද පැළ`දගෙන නිවසින් පිටව යනු මිත්තණිය බලා සිටියාය. සකුන්තලා නිවසින්  පිටවූයේ උපකාරක පන්තියකට යන බව පවසමිනි.


එහෙත් මේ දෙදෙනා පැමිණ තිබුණේ අසම්මත හා ජාතිය , ජන්මය නිසා අපමණ බාධා එල්ල වූ ඔවුන්ගේ ආදර කතාවේ අවසන් පරිච්ෙඡ්දය සටහන් කිරීමටය.


දියලූම දියඇල්ල මුදුනේදී අවසන් වරට ආදරය , උණුසුම ලැබූ  ඔවුන් දෙදෙනා අවසන් තීරණයකට එළඹුණේය.


මුළු ලෝකයම අපේ ආදරයට අකුල් හෙළනවා. කවදාවත් අපිට එක්වෙන්න ලැබෙන්නේ නැහැ.අපි දෙන්නා මේ භවයෙන් සමුගෙන මතු භවයක හමුවෙමු. ඒ ඔවුන් දෙදෙනාගේ අවසාන තීරණය විය. ඒ අනුව යෝගරාජ්ගේ ජංගම දුරකථනය අතට ගෙන සකුන්තලාගේ පන්තියේම ඉගෙනුම ලබන  නිශාන්ති කුමාරිට කතා කළාය.


අපි දෙන්නා දියලූමට පනිනවා. ඔයාලා හො`දින් ඉන්න යනුවෙන් පවසා දුරකථනය නිහ`ඩ කළාය.


නිශාන්ති වහාම දුරකථනයෙන්ම මේ බව සකුන්තලාගේ මවට කීවාය. පොලිස් හදිසි දුරකථන අංකයට :119- තොරතුරු ලැබී තිබුණේ ඉන්පසුවය. පොලිසිය  දියලූම පාමුල කළ පරීක්ෂාවෙන් පසු මොවුන් සොයා   දියලූම කඳුමුදුනට යද්දී  දියණි සොයා යන සකුන්තලාගේ පියා සිසිර බණ්ඩාර ද හමුවිය.
නෙල්ලි වගාවක් පසුකර බොර`ථ සහිත බෑවුමක් ඔස්සේ ගල්තලා පසුකර දියලූම කඳුමුදුනට යාම ස`දහා කිලෝමීටර් එකහමාරක් පමණ දුර ඉතා දුෂ්කර ගමනක් යායුතුය.


පොලිස් පරීක්ෂක සුගතදාසල පොලිස් කොස්තාපල්වරුන් වන චමින්ද හා යසරත්න මෙන්ම චමින්ද කුමාර නැමති මඟ පෙන්වන්නා ද සකුන්තලා හ`දුනාගැනීම ස`දහා ගමනට එක්වූ  චාමර ද  එක් දෙසකින්  දියලූම ක`දුමුදුනට ළංවූ අතර අනෙක් දෙසින්  සකුන්තලාගේ පියා සහ ඔහුගේ මිතුරෝ ක`දුමුදුනට ළංවෙමින් සිටියහ.


දැඩිසේ දියසෙවෙල් සහිත ගල්තලාවේ ඇවිදයාම ඉතා අසීිරු දෙයක් වුවද  සැඩ දිය පහර පවා නොතකා  මේ පිරිස පෙම්වතුන් මුදවා ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටියහ. ඒ වනවිට සකුන්තලා හා යෝගරාජ්ල ගල්තලාව දිගේ මහ දියක`ද ගලාවිත් පුුනීලයක් වැනි කාණුවකින්  දියලූම කඩාවැටෙන ස්ථානයේ  අතිනත් පටලාගෙන සිටිනු දක්නට ලැබුණි.

දියඇල්ල පාමුල සිටි පිරිස දෙස බලමින් සිටි මෙම පෙම්වතුන්  මොවුන් එම ස්ථානයට ළංවනතුරුම දුටුවේ නැතග චමින්ද කුමාර  පිටුපසින් ගොස් ඉතා අසීිරුවෙන් ඔවුන් දෙදෙනා ළ`ගට ළංවන විටම සකුන්තලාගේ පියා ඊට නුදුරින් සිට මගේ පුතා.. සකුන්තලා... යැයි මොර දුන්නේය.
එසැණින් යෝගරාජ් එදෙස බලා සකුන්තලා බදාගෙන පහළට ලිස්සා ගියේය.

චමින්ද කුමාර සකුන්තලා බේරා ගැනීමට ඇගේ කෙස්වල්ලෙන්  අල්ලාගත්තද ඔහු ද ලිස්සා ගියේයග ඔහු ජීවිතය බේරාගත්තේ ගලක් බදාගෙන ඉතා අසීරුවෙනිග


අතේ දුරින් සිදුවූ මේ ඛේදවාචකය දරාගත නොහැකිව සකුන්තලාගේ පියාද මරලතෝනි දෙමින් දියඇල්ලෙන් පහළට පැනීමට උත්සාහ කරද්දී පොලිස් නිලධාරීහු දැඩි පරිශ‍්‍රමයක් දරා එය වළක්වා ගත්හ.


දියඇල්ලේ අසිරිය විඳීම සදහා පැමිණ සිටි දේශීය හා විදේශීය සංචාරකයින් විලාප නගද්දී අඩි 570 ක් උසැති දියලූම දියඇල්ලේ මහ දියක`ද සම`ගම සකුන්තලා හා යෝගරාජ් එකට බදාගෙන රූටා දියඇල්ල පාමුලට වැටුණේ දුටුවන්ගේ නෙත් අදහාගත නොහැකි ලෙසින්ය.


පොලිසිය හා සකුන්තලාගේ පියා යළි දියඇල්ල පාමුලට යනවිට මහා ජලක`දක් කඩාවැටී ගලායමින් තිබුණි.


චමින්දල අමිල, සුදන්ත, නාමල් ඇතුලූ ප‍්‍රදේශයේ තරුණ පිරිසක් දිවි පරදුවට තබා සැඩ දියදහර සම`ග පොරබදිමින් ඉදිරියට ගොස් දියඇල්ල පාමුල තිබූ සකුන්තලාගේ මෘතදේහය ඔසවාගෙන ආහ.


සැඩ දියපහරට යෝගරාජ් ගසාගෙන යමින් තිබුණි.පුපුරමින් ඇදහැලූණ අසාමාන්‍ය ධාරානිපාත වැස්ස මෙන්ම රෑ බෝවීම නිසා   යෝගරාජ්ව එදින සොයාගත නොහැකි වූ නමුත් පසුදා යෝගරාජ්ගේ සිරුරේ උඩුකය කොටස දියලූම නැරඹුම් පාලම යට ගල් කුහරයක සිරවී තිබියදී සොයාගත හැකිවිය.
සීල් තිබූ මිනීි පෙට්ටියක තැන්පත් කර තිබූ යෝගරාජ්ගේ මෘතදේහය ඔහුගේ සොහොයුරාගේ පැල්පතේ තිබුණි. මිත්තණිය එම පෙට්ටිය බදාගෙන හ`ඩා වැටුණු අයුරු හදවත පාරන  දුක්බර දසුනක්විය.


සුදු ළමාසාරියකින් හැඩවුණු සකුන්තලාගේ දේහය සහිත මිනී පෙට්ටිය තබා තිබුණේ අඩක් වැඩ නිමකර තිබූ ඇගේ නිවසේය. ඇගේ මවගේ ළතෝනියෙන් එම නිවස පිරීගියේ දුටුවන්ගේ දෑස් තෙත් කරවමිනි.

එකට තුරුළුව අවසන් ගමන ගියද යෝගා හා සකුන්තලා  ඉකුත් 22 වන බදාදා  මිහිදන් කෙරුණේ  එකම ඉසව්වක සොහොන් බිම් දෙකකදී ය.


මෙම දුක්බර දසුන දුටුවන් මෙන්ම දියලූම දියඇල්ල ද තවමත් හ`ඩා වැටෙන්නීය.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »